Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S01 : E06] Sinhala Subtitles | උඩුන් නොහොත් අනාගත මෝඩෝරය! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හයවෙනි සතියත් උදා වුණා. අද නම් සුපිරි එපිසෝඩ් එකක්. ඉක්මනට බලන්න. හැබැයි ඉතිං ඉක්මනට බලන්න, ඉක්මනට උපසිරසි අරගෙන එනකොට කමෙන්ට් බොක්ස් එක පැත්ත පලාතක බලන්නේ නැති සෙට් එකක් දවස් දෙක තුනක් පරක්කු වෙනකොට කමෙන්ට් බොක්ස් එකේ පදිංචි වෙනවා දකිනවා. මම මේක පටන…

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හයවෙනි සතියත් උදා වුණා. අද නම් සුපිරි එපිසෝඩ් එකක්. ඉක්මනට බලන්න. හැබැයි ඉතිං ඉක්මනට බලන්න, ඉක්මනට උපසිරසි අරගෙන එනකොට කමෙන්ට් බොක්ස් එක පැත්ත පලාතක බලන්නේ නැති සෙට් එකක් දවස් දෙක තුනක් පරක්කු වෙනකොට කමෙන්ට් බොක්ස් එකේ පදිංචි වෙනවා දකිනවා.

මම මේක පටන් ගන්නකොට මුලදිම කිව්වා මේක මම දෙන්නේ මට නිවාඩුවක් විවේකයක් ලැබෙන විධියට කියල. මට එහෙම විවේකයක් ලැබුනේ සඳුඳා රෑ සහ අඟහරුවාදා රෑ ඉතිං ඒ දෙවස් දෙකේ තමයි සබ් එක කරලා මම දුන්නේ. ඕනම තැනක වගේ, මෙතනත් ඒ ටොක්සික් ෆෑන් බේස් එක තමා සාපයක් වෙන්නේ. එහෙනම් කතාවේ සාරාංශය දිහාවට යොමු වෙමු. 

පසුගිය කොටස් තුළින්,
පලවෙනි කොටසින්ම සිරිස් එකේ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම පාහේ පෙන්නුවා. මුලිකවම ගලාද්‍රියල් සහ සෞරෝන් වටා තමයි කතාව දිවගියේ පලවෙනි කොටසින්. ඒ වගේම මට නම් ආස හිතුනේ නෝරි සහ පොපී කියන හාර්-ෆූට් හොබිට්වරියන් දෙන්නට. ඒ දෙන්නගේ චරිත දෙක නම් නියමයි. බ්‍රොන්වින් සහ අරොන්දිර් දෙන්නගේ ආදර කතාව ගෙතුණ විධියත් ඔවුන්ට වෙන් වෙන්නට සිද්දවෙන විධියත් අපිට දකින්න ලැබුනා මුල් කොටසින්ම. ඒ වගේම මුල්ම එපියෙ අන්තිමටම අහසින් පොලවට කඩන් වැටෙන අමුත්තා වටේට කුතුහලයෙන් යුතුව ගොඩ නැගෙන කතාව ගැන බලාපොරොත්තුවක් දෙවැනි එපියෙ අපිට දකින්න ලැබුනා. මොකද දෙවැනි එපියේ වැඩි කාලයක් එයාට වෙන් කරලා තිබ්බ. මුල් කොටසේදී හයි-කිං විසින් එල්රොන්ඩ් වෙත ශ්‍රේෂ්ඨ එල්ව්ස් කම්මල්කරුවෙකු වෙන වංශවතෙකුව මුනගස්වාලා දුනා. ඒ දෙන්නා යනවා තමන්ගේ විශාල ව්‍යාපෘතියට අවශ්‍යය කරන ශ්‍රමය හොයාගන්න. අපිට හුරු පුරුදු කෙනෙක්ව දකින්න පුළුවන් වුණා ඒ කොටසෙදි, ඒ තමයි ඩුරින් කුමාරයා, එයාලගේ විධි ක්‍රම ගැන, හොබිට් එකේදී විනාශ වෙලා තිබ්බ එයාලගේ රාජධානියේ සශ්‍රිකත්වය දකින්න ඇතිනේ ඒකෙන්. ඒ වගේම අහසින් කඩන් වැටුණු අමුත්තා එයාගේ කතාව කියන්න උත්සහ කරනවා.

බ්‍රොන්වින් සහ අරොන්දිර්ගේ ඉරණම ගැන කොහොමත් අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතභාවය එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. කොහොම නමුත් ඔන්න ඔර්ක් කෙනෙක්ව බෙල්ල කපලම පෙන්නුවා. හරියටම කියන්න බැහැ. ඒත් බ්‍රොන්වින්ගේ පුතා වෙන තියෝ සහ එයා ළඟ තියෙන සෞරෝන්ගේ සලකුණ සහිත අසිපත් කැබැල්ල එක්ක තියෝ රුධිරයෙන් සම්බන්ධ වුණා මතකයිනේ? ඒ Gurthang අසිපත කියලත් කියනවා මම දැක්ක සමහරු. සමහරු කියනවා ඒ මෝර්ගුල් අසිපතක කොටසක්, ඒක අයිති Angmarට කියල. ඉතිං අහසින් වැටුණු අමුත්තා කවුද කියල අපි තවම දන්නේ නැහැ. ඔය අතරේ හාර්-ෆුට්ලා ටික තමන්ගේ ගමන පටන් ගන්නවා. ඒ වගේම පිටස්තරයෙකුව තමන්ගේ ගොඩට දාගෙන තියෙන බව හෙළිදරව් වෙලා නෝරි ඇතුළු පවුල පිරිසේ අවසානයේ ගමන් කලයුතු බවට නියෝග කෙරෙනවා. ඒ වගේම අපිට ඉසිල්දුර්ව දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකම් තමන් හොයමින් ගිය සලකුණ ඇත්තටම සලකුණක් නෙමෙයි සිතියමක් බව ගලාඩ්‍රීයල්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම නියුමෙනොර්වල තවම එල්ව්ස්ල වෙනුවෙන් සහ ඔවුන්ට කැමති අය ඉන්න බව ඇය දැනගන්නව.

සිව්වැනි කොටස පටන් ගන්නේ වැඩබලන රැජින දකින සිහිනයකින්. ඒ තමයි නියුමෙනොර්වලට අනාගතයේදී අත්වෙන්න නියමිත ඉරණම ගැන දකින සිහිනයක්. මහා ජලකඳක් ඇවිල්ල නියුමෙනොර් ගිල ගන්නවා. ඒ හීනයට හේතුව හතරවෙනි එපිසෝඩ් එක අවසාන හරියේදී අපි දැකගන්නව. ඉතිං ඒ එක්කම වගේ ගලාද්‍රියල් රැජිනගෙන් මුලින් බොහොම සන්සුන්ව ඉල්ලීමක් කරනවා ආයේ එල්ව්ස්වරු සහ මිනිසුන් අතර සම්බන්ධතාවය ආරම්භ කරන්න ඉඩ දෙන්න කියල. රැජින තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සෙ ගලද්‍රියල් වැඩ බලන රැජිනට අභියෝගාත්මක විධියට කතා කරනවා. ඇය නිත්‍යානුකුල රජතුමාව මුණගැහෙන්න යන බව කියල. ඒකට තරහ යන වැඩ බලන රැජින ගලද්‍රියල්ව හිර කරනවා. මිනිස්සු එල්ව්ස්ලට විරුද්ධ ඇයි කියල අපිට දකින්න ලැබෙනවා සහ රජතුමාට තමන්ගේ දුවව වැඩබලන රැජින විධියට පත්කරන්න වෙච්ච හේතුවත් අපි දැනගන්නවා. ඒ වගේම එඩාර් කියන්නේ නපුරට හැරුණු එල්ව්ස් කෙනෙක් බව අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔර්ක්ස්ලා ප්‍රදේශ පුරාම හොයන කඩුව තියෙන්නේ කා ලඟද කියලත් දැනගන්නවා. ඒ කඩුව ඒ වෙනකම් ළඟ තියාගෙන හිටිය කෙනා නපුරට නතුවෙලා සෞරොන්ගේ පැත්ත අරගෙන ඔහුගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් කියලත් අපි දැනගන්නවා.

කොහොමින්හරි නියුමිනොර් දේශයෙන් මිඩ්ල් අර්ත් වෙත යුධ ආධාර අරගෙන නෞකා තුනක් එනවා. නෞකා පහක් එන්න තිබ්බත් දෙකක් ගින්නෙක් විනාශ වෙච්ච නිසා අඩුපාඩු සහිතවයි ගමන පිටත් වෙන්නේ. ඒ විනාශයෙන් වාසි වුනේ ඉසිල්දුර්ට හැබැයි. මිනිහා ඔන්න මිඩ්ල් අර්ත් වෙත පිටත් වෙනවා. ඒකෙන් පස්සෙ වෙන දේ ඉතිං කට්ටිය දන්නවනේ. ඒ වගේම අනාගත මොඩෝර් දේශය නිර්මාණය වීම ආරම්භ වෙලා ඉවරයි. දක්ෂිණ දේශය මුලික කරගෙන තමයි මොඩෝර් ගොඩනැගෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ගෙන් කොටසක් මේ වෙනකොට අඳුරට අධිපතියගේ පැත්ත අරගෙන ගිහින් ඉන්නෙ. කතාවේ නිර්මාපකයෝ ගානට තැටිය රත්කලා, රොටිය පුච්චගන්න ගිහින් ගානට පදමට කරගනිවිද, නැත්නම් රොටිය කරකරගනිවිද කියල දැන්ම කියන්න විධියක් නැහැ. එහෙනම් අද එතන ඉඳල කතාව බලමු.

හත්වැනි කොටසින් අපි ලබන සිකුරාද රෑ වෙලා හමුවෙමු, ජය! 🙂

“Udûn“ Season 01 Episode 06 අධ්‍යක්ෂණය : Charlotte Brändström තිර රචකයින් : John D. Payne & Patrick McKay කතාංගය විකාශය වූ දිනය : September 30, 2022. IMDB අගය: 8.4 කතා මාලාව නැරඹීමට අනුමත වයස් කාණ්ඩය (USA) : TV-14

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

17,158 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Rings_.of_.Power_.S01E06.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

17,158 downloadsDownload Subtitles19 KB

60 comments

  1. Anonymous

    Tnxs සබ් එකට. ජය වේව...

  2. Anuththara

    Thank you ikmanata dunnata

    1. Thilinda Randeera

      ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  3. Prabuddha Hendawitharana

    Thanks Machan...Ikamanata Sub dunnata...❤️❤️❤️

  4. Anonymous

    Thank brother sub ek puluwn tharm ikmnin dunnat...❤❤❤❤

  5. DMT SANJEEWA

    Thanks vima aiya ///Aiyata pluwan vidiyata denna sub akkak hadanna akkenna thamai danne amaruwa

  6. Thoros

    Deyyek aa. adarei

  7. Ravindu

    කියන්න වචන නෑ අයියේ, බොහොම ස්තුතියි

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  10. Sumith Kumara

    Thank you

  11. Danushka

    ජය වේවා. එල එල ඇ

  12. Anonymous

    තෑන්ක්ස් මචන්. මේකනම් ඉක්මනින්ම සබ් එක බලබලාපොරොත්තු උණ එපියක්. ස්පොයිල් වෙන්න කලින් බලන්න ඕන නිසා සබ් නැතුව හරි බලන්න හදද්දි අද ආපු එපියට අදම සබ් එක දීලා❤

  13. Anonymous

    thank you..

  14. MAALNATH

    Thanks.......good luck

  15. Lahiru Madushan

    Thank you so much bro....

  16. RV DINUDAYA

    Thanks machan eda mama kiyapu deta sorry

  17. Anonymous

    Elakiri bosa

  18. Anonymous

    ❤

  19. Anonymous

    thank u saho

  20. malith madhushan

    බොහොම ස්තුතියි විමා අයියේ උපසිරසට, අතල් ඒකෙ බලන්න පුළුවන්

  21. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  22. Pavith Wijesooriya

    නියමයි අශාන් අයියේ, අද නම් සබ ඉක්මනින්ම බස්සලා, පට්ට, මේක නම් දැන් සුපිරියක් වේගෙන එන්නේ, බලමු ඉතින් නාගන්නේ නැතුව මේක ලෙසටම දෙයිද කියලා, සබට තුති වේවා!❤️
    තව පොඩි ඉල්ලීමක්. the lord of the rings trilogy එක වගේ hobbit trilogy එකත් extended වලට update කරලා දෙන්න පුලුවන්ද?

  23. prabhasoft

    බොහොම ස්තූතියි. දිගටම සබ් ඕනි. ජය වේවා....!!!

  24. Asela

    Thanks Sago ...!

    1. Anonymous

      මාර ආසාවෙන් බලන කතාවක් සුපිරියක් තමයි පිල්ම් පිස්සන්ට❤️

  25. Nimesha

    සුපිරියක් මචන්...eagerly waiting for these subs..thanks bro..

  26. Anonymous

    thanks brother

  27. Tharindu

    Wow.. super fast.. .. Thank you brother... ජයෙන් ජය

  28. Anonymous

    Thanks Bro..

  29. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  30. Dsp

    ikmanatama sub eka dunnata godak sthuthi bro jaya wewa

  31. Anonymous

    Thanks

  32. Anonymous

    Thankyou

  33. Anonymous

    ගොඩක් ස්තූතියි යාලුව

  34. Buddika

    Thanks brother❤❤❤

  35. Sahan Gayantha

    thanks a lot saho suub ekata

  36. Roylie

    විමා අපේ වීරයා

  37. Otis

    Thanks boza

  38. Dewadithya

    Thanks for Sub!

  39. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියී...❤

  40. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  41. Anonymous

    thanx bro...

  42. sumith

    thanks wima

  43. Poorna

    Ads walata yanne download karanna ba

  44. viraj

    thanks..........

  45. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  46. anuradha

    jeffrey dahmer series ekatath sub dennako

    1. Anonymous

  47. රෝමන්

    High බජට් series එකක් වුනාට හෙන බෝරින් නෙහ්
    CGI කොලිටි වුනාට වැඩක් නැනෙ හොද story යක් නැත්නම්
    Sub එකනම් නියමෙට තියෙනවා,මාරම පැහැදිලියි
    Anyway බලපු නිසා season 1 ඉවරවෙනකන් බලමුකො

    1. Anonymous

      story eke awulak na neda. mata nam awul acting ehema tama.

  48. Amila

    Thanx for da sub bro..!

  49. prabhasoft

    Thank you...!!!

  50. Bruce

    Thanx sub eekata,. Jayawewa,.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.