ඔන්න යාළුවනේ අළුත් අවුරුද්දේම මගේ දෙවෙනි උපසිරසියත් බයිස්කෝප් අඩවියට ගෙනෙවා. මේ තමයි The Mist. මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ කලින් ලිපියක් පල වෙලා තිබුණත් උපසිරසි දාලා තිබුණේ නෑ. ඉතින් මට හිතුණා මේ ලස්සන කතාවට උපසිරසි දාලා ගේන්න. මේක මෑතකාලීන සුප්‍රකට විද්‍යා ප්‍රබන්ධ නවකථා කරුවෙක් වන Stephen K…

ඔන්න යාළුවනේ අළුත් අවුරුද්දේම මගේ දෙවෙනි උපසිරසියත් බයිස්කෝප් අඩවියට ගෙනෙවා. මේ තමයි The Mist. මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ කලින් ලිපියක් පල වෙලා තිබුණත් උපසිරසි දාලා තිබුණේ නෑ. ඉතින් මට හිතුණා මේ ලස්සන කතාවට උපසිරසි දාලා ගේන්න. මේක මෑතකාලීන සුප්‍රකට විද්‍යා ප්‍රබන්ධ නවකථා කරුවෙක් වන Stephen King ගේ සම්මානනීය නවකතාවක් පාදක කරගෙන හදපු චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Frank Darabont විසින්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා Thomas Jane, Marcia Gay Harden, Samuel Witwer, Toby Jones, කියන අය.
විශේෂයෙන්ම කියන්න ඔනෙ මේ චිත්‍රපටය නරඹන කෙනාගේ හදවත කම්පා කරවන සුළු එකක්. නරඹන්නා කිසිසේත්ම බලාපොරොත්තු නොවන විදිහේ අවසානයක් තමයි මේකෙ තියෙන්න. ඒ වගේම මේ චිත්‍රපටයෙන් අපට ගන්න දේවල් ගොඩක් තියනවා. හැම මනුස්සයෙකුගෙම ගතිගුණ එකවගේ නෑනෙ. එයාලගෙ උගත්කම, සමාජ වටපිටාව පවුල් පසුබිම අනුව ගතිගුණ වෙනස් වෙනවනෙ. ඉතින් මේ මිනිස්සු යම් තීරණාත්මක අවස්ථාවකට එකම තැනකදි මුහුණ දුන්නොත් ඒ එකිනෙකාගේ වෙනස් ගතිගුණ එළියට එනවා. එතකොට මොනවගේ දෙයක් වේවිද ? බලලම ඉම්මුකෝ. මම මීට වැඩිය විස්තරයක් කරන්නෙ නෑ. මොකද රොයිලි සහෝදරයාගේ යට තියන ලිපියත් හොඳටම ප්‍රමාණවත්. එහෙනම් ආයුබෝවන් කිව්වා..!
තවත් උපසිරසියක් අරන් එන්නම්. ජය…!
මීට කලින් පළකළ ලිපිය.
මේ කියන්න යන්නෙ ප්‍රේක්ශකයා නිතරම කුතුහලයෙන් තබන චිත්‍රපටයක් ගැනයි..සෑහෙන දරුණු කුනාටුවකට පසු දින චිත්‍ර ශිල්පී ඩේවිඩ් හට දකින්න ලැබෙනවා තම නිවසට ගසක් කඩා වැටී ඇති බව. ඒ සමඟම ඈතින් ඝන මීදුමක් මේ ප්‍රදේශයට පැතිරී එන බවත්. මේ අතර ඔහුගේ අසල්වැසියා පවසනවා ඔහුගේ වාහනය අබලන් වී ඇති නිසා ඔහුත් සමඟ සුපිරිවෙළඳ සැල වෙත යාමට පැමිණෙන ලෙසට. ඔහු තම 8 හැවිරිදි පුතාත් සමඟ එහි පිටත් වෙනවා. එහි සෑහෙන පිරිසක් රැඳි සිටිනවා බඩු ගැනීම සඳහා. මේ අතර නොසිතූලෙස මුලු ප්‍රදේශයම මීදුමෙන් වැසී යනවා. මේ අතර ඇතුලේ සිරවී සිටින්නන් දැන ගන්නවා මේ මිදුම තුල දරුණු සතුන් කොටසක් සිටින බව. ඒ සමඟම එම සතුන් ලඟ පිහිටා තිබෙන හමුදා කඳවුරේ පරීක්ෂනයක ප්‍රතිඵල බවත් කුණාටුව නිසා උන් එලියට පැමින ඇති බවත්..
මෙතැන් සිට ඇතුලේ කොටු වී සිටින්නන් හැසිරෙන්නේ අමුතුම විධිවලින්. ඇත්තටම එම හැසිරීම් වලින් මනුෂ්‍යාගේ චරිත ස්භාවයන් නියමාකාරයෙන් නිරූපනය වි ඇතයි කියන්න පුලුවන්. මේ ෆිල්ම් එක සම්මාන 4කට නිර්දේශ වී ඉන් 2ක් දිනා තිබෙනවා. ඒ සමඟම 7.4/10 රේටින් අරගෙන තිබෙනවා..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
20,547 downloadsDownload The-Mist-2007.zip151 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු ලක්ෂාන් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු ලක්ෂාන්
Subtitles
67 comments
chamila
බුධාජීව
ගුරාගෙ වැරදිවලට අපේ රවුටර් පලිද ? අනේ බාමි ! බාමි !!
තමීර
හරිම සංවේදී චිත්‍රපටියක්. අවසන් ජවනිකාව ලොකු කම්පනයක් ඇති කරනවා.
පොතේ ගුරා
@chamila! හික්z..ඌරගෙ මාලු ඌරගෙම ඇගේ තියල කපනව කියන්නෙ ඕකට තමයි..ලොල්!
@බුධාජීව! හික්z..උබට ෆිල්ම් එක අල්ලල යයි කියල හිතනව මචො..
@තමීර !ඒක ඇත්ත මචන්..මම නම් කැමති නෑ ඒ දර්ශන පෙළ මතක් වෙනකොටත්..වෙනස්ම අවසානයකින් ෆිල්ම් එක නිම කරළ තියෙනව!
meth
බලන්න බලන්න.
රෑථ හොදාට ජනෙල් වහලා නිදියගන්නDareDevil
මං බලපු film වලින් හොදම එකක් මේ. සිරාම ending එකක් තියෙන්නේ. මාස ගණනක් අඩන්න හිතෙනවා...
ගැNඩොLෆ්
Machan Gura... ice age 3 honda copiyak awilla... meka balanna..
http://btjunkie.org/torrent/Ice-Age-3-Dawn-Of-The-Dinosaurs…
Lahiru Randika
මම මේ film 1ක බලලා තියනවා ඒ නිසා මේක බාන්‍න ඕන වෙන්නේ නෑ..
මමත් ආසාවෙන් බලපු film 1ක්.. ending 1ක අනිත් film වලට වඩා සංවේදී විදියට හදලා තොයනවා.. ගෝඩාක් හොද film 1ක්...ගුරෝ තව film 2-3 ක්‍ම දවසකට දාන්‍න මට බාන්‍න... :)
kathu
කාලෙකින් ලියන්නත් බැරිවුනා.. මෙක නම් බලන්න ඔන... තැන්කූ වෙවා....
ගැNඩොLෆ්
ah... sorry... adai eka dakke...!!!!
anyway, thank you wewa...!!සමන්
මොනවා කියන්නත් බලලා ඉන්න ඔනෙ මචෝ.........
Uraj Deemantha
යන්තම් ඇති..... :P අද, බාලා, බලපු එකක්ම දාලා..... :D ඒ නිසා රවුටරේට නිවාඩු දෙනවා..... :P
kolla
tnx tnx
AL1717
Ela Film Eka Mama Beluwa.
මලේකා
මෙක නම් මම බලලා තියේනවා. එක නිසා බාන්න ඔනා වෙන්නේ නැහැ. අන්තිමේ හරි දුකයි වෙන විදිහකට ඉවර උනා නම් හොදයි කියලත් හිතේනවා නමුත් ෆිල්ම් එක නම් මරු. :D
Isuru
හ්ම්...ඒකනම් ඇත්ත. කතාව අවසානය ඉතාමත් ශෝචනීයයි. ඒ අවසානයට මම කැමති නෑ. නමුත් වෙනදා බලන චිත්‍රපටි වලට වඩා වෙනස්ම කතාවක්. මේක මගේනම් ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නැති ෆිල්ම් එකක්. කොහොම වුනත් හදවතටම කාවදින හොඳ සිනමා නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. මේ කතාව සම්පූර්ණයෙන් බලපු ඕනම කෙනෙකුගේ දෙනෙතට කඳුලක් වැටෙනවා නියතයි.
උපසිරැසියට බොහෝම ස්තූතියි!
ජය වේවා සහෝ!
shiwantha
thanx machan
Samitha
A movie to watch... But you get a shock at the end.
බුධාජීව
ඔන්න අද තමයි බලන්න ලැබුනේ.
කට්ටියම කියන්න වගේ මාරම මාර අවසානයක්. ඕකෙ ඩිරෙක්ටර් මම නම් - සමහරවිට - කතාව ලියපු එකාට ඕන බම්බුවක් ගහගන්නෙයි කියල වෙන අවසානයක් දානවා.
එක්කෝ, ඒ අවසානෙත් අමුතු රහක් තියනවා. දුක + තරහ + මෝඩකම ඔක්කොම මික්ස් වුනු.
රොයිලි
ඇත්තටම මමත් මේකේ අවසානයට වැඩියේ කැමති උනේ නැහැ.
ඒත් එක් එක් පුද්ගලයන් විවිධ අවස්ථාවලදි හැසිරෙන ආකාරය නියමෙට බලා ගන්න පුලුවන්.
Hiroshi
the end is unbelievable.....I was shocked...Everybody should watch this.....
දිනූෂ
ඇත්තටම මේ හැමෝම කියනවා වගේ අමුතුම ආකර්ශනයක් තියෙන චිත්‍රපටියක්. මමත් ටික කාලෙකට කලින් බැලුවා.
චිත්‍රපටියේ අවසානය වේදනාත්මක වුණත්, ඒක එහෙම නොවී වෙන විදියකට අවසන් වුණානම්, සමහර විට මේ තරම්ම මේ චිත්‍රපටිය ගැන කතා කරන එකකුත් නැහැ.
කොහොම වුණත් නියම නිර්මාණයක්.
niranjala
අයියේ මේ ටොරන්ට් එක වෑඩ කරන්නේ නෑනෙ....
Ramraj
අවසානය නම් දුකක්. ඒත් කතාව හොදයි.
ධනුෂ්ක ලක්මාල් (ධනා)
සිරා මේකේ අවසානෙ නම් ගොඩක් දුක හිතෙනවා. මතක් වෙනකොටත් දුකයි. ඇයි තව ටිකක් ඉවසන්න බැරි උනේ.. අනේ අහෝ දුකකි
ashen malinda
මොනව උනත් කට්ටිය දන්නෙ නෑ මේකේ director The Shawshank Redemption සහ The Green Mile හදපු කෙනා බව.
කේ. යූ. ජී. උදාර
අසාර්ථක අවසානයක්......
කේ. යූ. ජී. උදාර
අවසානය අවුල්......
ss
thnxz
aruni
thnx for 2nd sub
යශෝධ
සබට ස්තූතියි සහෝ... මගේ කැමතිම ෆිල්ම් එකක්...
තව තව සබ් දාන්න ලැබේවා... ජයම වේවා...!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...sajith wijesooriya
සුපිරි හොදෙ. ජය....
ම්ලිත් n ප්‍ර්සාන්
නියමයි සහෝ..
George
අවසානය ඉතාමත්ම සංවේදියි මම මේක කලින් බලල තියෙනව සබ් එක්ක නැවත බලනව පුලුවන්නම් මේකටත් සබ් දෙන්න පුලුවන්ද ? කලින් මේක දාල තිබුන නමුත් සිංහල සබ් තිබුනෙ නෑ. Children Of Men (2006)
දිමුතු ලක්ෂාන්
try කරන්නම් සහෝ. එල. thanks..!
“චූටී මල්ලි”
එල මචන්
පට්ට 1ක් වගෙ බලලා නෑ කලින්
සබට තුති
ඔබට ජය...............නලින්
ස්තුතියි දිමුත් සහෝ
ජය වේවා
හර්ෂ ලහිරු
ජයවේවා දිමුතුවා මේක මං බලපු තවත් පට්ටම ෆිල්ම් එකක් :D
tharindu
Niyamai sahooo..patta kathavak vagee...onna ehenamm bagaththaa ehenamm...
dinidu madushanka
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන සංවේදී අවසානයක් තියෙන කතාවක්. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
ඒ උනත් දැන් වෙන්නේ නම් කාගේවත් වැරදි වලට තව කෙනක්ට වග කියන්න වෙන එක බන්
හෙහ් හේ
බලමු ඒක මේකෙදි වෙන්නේ කොහොමද කියලා
බොහොම ස්තුතියි සහෝ උපසිරසටSanjaya
Thanks Saho....
mudiya / මුදියා
හොඳ කතාවක් වගේ.
අනිව බලන්න ඕනි.
නියමයි දිමුතු.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Dimuthu
මම මේක කලින් බලල තියෙනව සබ් එක්ක නැවත බලනව
අවසන් ජවනිකාව ඉතාමත්ම සංවේදියිThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Naween
අන්තිම මොහොතෙ පිස්සු වට්ටන ෆිල්ම් වලට තමා මගේ වැඩිම කැමැත්ත.
තෑන්ක්ස්....තෑන්ක්ස්.....Naween
හයියෝ.මේකේ අවසානේ නම් එපා වෙනවා.දුක හිතෙනවට වඩා කේන්ති යන එකයි වෙන්නේ.කතාවේ මුල ඉදලම බුද්ධිමත් විදියට හැසිරිච්ච අය අන්තිමට නම් මෝඩම වැඩක් නෙව කරේ.කොහොම වුනත් එන්ඩින් එක මීට වඩා හොදට කරන්න තිබුනා .
හැබැයි අනික් අතට බැලුවහම මේ විදියට ඉවර වුන එකෙන් චිත්‍රපටියට ගොඩක් තාත්විකත්වයක් ලැබෙනවා වගේ.මිනිස්සුන්ගේ හැසිරීම එහෙමනෙව.
කමක් නෑ.මොනා වුනත් කතාවනම් නියමයි.උපසිරැසිත් එලටම තිබ්බා.
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
Viraj
The mist eka Tv Series dan episode 3 awa ekmanta puluwanam sub ekak denawada..thanks
Advertisement

මම නම් මේවට පලි නැහැ... :( මේවට වග කියන්න ඕනේ ගුරායි අර රොයිලියයි තමයි. කාගෙවත් වැරදි වලට කවුරුත් පලි! :)