Watch Trailer

Transcendence (2014) | පුදුම හිතෙන කෘත්‍රීම බුද්ධිය [සිංහල උපසිරැසි සමඟ] (50)

ඔන්න මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. ෆිල්ම් එක ගැන කියන්න කලින් කියන්නම ඕනි දෙයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි බයිස්කෝප් සයිට් එකත් එක්ක Lagaan ෆිල්ම් එකේ සබ් දීලා පටන් ගත්ත මට අද මට මේ 50 වෙනි උපසිරස වෙනකන් එන්න මට උදව් උන අපේම සහෝලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ වෙන ක…

Transcendence (2014)ඔන්න මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. ෆිල්ම් එක ගැන කියන්න කලින් කියන්නම ඕනි දෙයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි බයිස්කෝප් සයිට් එකත් එක්ක Lagaan ෆිල්ම් එකේ සබ් දීලා පටන් ගත්ත මට අද මට මේ 50 වෙනි උපසිරස වෙනකන් එන්න මට උදව් උන අපේම සහෝලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපි හැමෝම දන්න අදුනන හසන්ත අයියයි, වාසල අයියයි, විකී අයියයි. ඒ තුන්දෙනාට මම කොච්චර නම් කරදර කරලා තියෙනවද? ඒ වුනත් ඒ හැමවෙලේම මේ අයියලා තුන්දෙනා බෑ කියන්නේ නැතිව හැමදාම උදව් කලා. ඇත්තම කිවොත් මගේ මේ උපසිරැසි 50 ඇතුලේ වැඩිපුරම තියෙන්නේ Arrow ටිවි සිරියස් එකයි. ඉතින් අලුතෙන් කොටසක් ආපු ගමන් ඉක්මනින්ම මට සබ් ෆයිල් එකයි විඩියෝ ලින්ක් එකයි එවලා මේ අයියලා මට ලොකු පහසුවක් කලා. ඒ වගේම ඉක්මනින්ම සබ් පලකරලත් දුන්නා. ඒ හැමදේටම ඔයාලට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතාගන්න බෑ. මොනවා වුනත් ගොඩාරියක් ස්තූතියි ඔයාලා තුන්දෙනාටම… 

 ඒ වගේම අමතක කරන්න බැරි තවත් කට්ටියක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි මම දාපු සබ් බාගන්න, ඒවා බලන වගේම, මට දිරිගන්වලා කමෙන්ට් දාන ඔයාලා හැමෝම. ඔයාලා නැත්නම් මම අද මෙතන නෑ. ඉතින් බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝමටමත් මම ගොඩාරියක් ස්තුතිවන්ත වෙනවා. තව මගේ මේ වැඩවලට පොඩි හරි උදව්වක් කරපු හැමෝටම මම ගොඩක් ස්තුති කරනවා.

50

 ඉතින් ඊයේ මම ගෙනාපු Sherlock 02×03 කොටසේ දී අන්තිමේට කිවා වගේම මේ අවුරුද්දේ රිලිස් වුන සුපිරිම ෆිල්ම් එකක් වුන Transcendence ෆිල්ම් එකයි මේ. මේක නම් ලංකාවේ වගේම පිටරට ගොඩක් අයත් රිලිස් වෙනකන් බලාගෙනම හිටපු ෆිල්ම් එකක්. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මේ ෆිල්ම් එකේ අපි කවුරුත් දන්න අදුනන Johnny Depp (විල්), Rebecca Hall (එවලින්), වගේම Morgan Freeman (ජෝශප්) වගේ ගොඩක් ප්‍රසිද්ධ නලු නිලියෝ රගපානවා. ඒ වගේම මේ ෆිල්ම් එක imdb දර්ශකයේ දැනට 6.4ක අගයකුත් අරගෙන තියෙනවා. ඒකෙන්ම ෆිල්ම් එක කොච්චර නම් සුපිරිද කියලා හිතාගන්න පුලුවන්නේ.

 කෘත්‍රීම බුද්ධිය ගැන ඔයාලා මොකද හිතන්නේ? තනියම තිරණ ගන්න, සිහිකල්පනාව තියෙන, හැගීම් දැනීම් තියෙන මිනිස්සුන්ගේ උදව් නැතිව වැඩකරන කෘත්‍රීම බුද්ධියක්?  ඇත්තටම ඒ වගේ ඒකක් හදන්න පුලුවන්ද? ඔයාලා නොදන්නවා වුනාට ඩොක්ටර් විල් ඒ වගේ pinn කියලා කෘත්‍රිම බුද්ධයක් හැදුවා. ඒත් ඩොක්ටර් විල්ට ඒක තව දුරටත් දියුණු කරන්න වෙන්නේ නැ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි එයාට ජිවිතයෙන් සමුගෙන යන්න වෙනවා. එවලින් නැත්නම් විල්ගේ බිරිද ලෑස්ති නෑ විල්ට මැරෙන්න දෙන්න. එයා විල්ගේ පරීක්ෂණ තවත් දියුණු කරලා pinnටති වඩා දියුණු කෘත්‍රිම බුද්ධියක් හදනවා. ඒ කාගේ බුද්ධියද දන්නවද? වෙන කාගෙවත් නෙවෙයි. විල්ගේ බුද්ධියේ පිටපතක්… . .

 තවත් පොඩි විස්තර ටිකක් කියන්නම්කෝ නෑනෝ තාක්ෂණය, ලෙඩ ඉක්මනටම ‍හොදකරන්න පුලුවන් හැකියාව, පිළිකා කලින්ම හොයාගෙන හොදකරන්න පුලුවන් එක, මැරුණු සෛල වලට ආපහු පණ දෙන එක, කොච්චර ජරාව දැම්මත් පිරිසිදු වතුර වගේම වාතය, සුපිරි ශක්තිය මේ හැම දෙයක්ම කෘත්‍රිම බුද්ධිය නිසා කිවොත් ඔයාලට පුදුම හිතේවි නේද?

 ඊට වඩා විස්තර කිවොත් මේ කතාවේ රසයක් නැතිවෙනවනේ නේද? මේ කෘත්‍රිම බුද්ධිය මොකද කරන්නේ? එතකොට ඇත්තටම මෙයා විල්මද? නැත්නම් වෙන කවුරුහරිද? එයාගේ ප්ලෑන් එක මොකක්ද? ඒ වගේම ‍මේ වගේ ලොකු දෙයක් කරනකන් රජය බලාගෙන ඉදිවිද? අන්තිමේට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ පිලුම බාගෙනම බලන්නකෝ… . . ^_^‍‍

 එහෙනම් ළගදිම තවත් සබ් එකක් අරගෙන මම ඔයාලව හම්බවෙන්න එන්නම්කෝ… . . 😀

Transcendence (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න e00c3735a66e4089496c57a0f7b5954c21c3397b 870 MB (BR) කොපිය මෙතනින් බාගන්න afa5199c340b45a2b1601f1e9301487e57920001 1.9 GB (BR) කොපිය මෙතනින් බාගන්න 65babe2f3fe49434deb9216ccd30994b507645b7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,181 downloadsDownload Transcendence-2014-BR.zip200 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,181 downloadsDownload Subtitles200 KB

129 comments

  1. shani

    උණුසුම් සුභ පැතුම්

  2. Nuraj

    Thanx bro hoda copyak release wenakam balan hitiyae mama mulinma bavaaaaaaaaaaaaaa.carry ur good work.

  3. LAHIRU SAMPATH

    wow...පට්ටයි.මේ ෆිල්ම් එක බාගෙන sub එනකම් බලන් හිටියේ..නියමයි thanks සහෝ...ඒවගේම ඔයාගේ 50 වෙනි sub එකටත් හදවතින්ම සුභ පතනවා.මට මේ film එක ගෙන මුලින්ම කිව්වේ සමීර අයියා එයාටත් thanks .ඔන්න මම මුලින්ම බාගන්නවා

  4. ns

    thanx....

  5. නලින්

    නියමයි! නියමයි!! කවිදු සහෝ! ඔයා ආපු මේ ගමන් මිිට වඩා තව තවත් ඉදිරියට කරගෙන යන්න, අඩවිය වෙනුවෙන් කරපු සේවයට, කියන්න වචන මදි.. අද වගේම හෙටත්... ඉදිරියටත් අපි වෙනුවෙන් කරන්නා වු‍ මේ උතුම් වැයමට.. මගෙන් උණුසුම් සුභ පැකුම්...

    ජය ‍වේවා!!!!

  6. Tharindu Perera

    elazzz machann ahhh.....
    subapathum machan 50 veni upasirasiyataa...
    thava karamu machan...
    ikamnatama 100 th gahamu machann...
    mekath balannama hitapu ekak machann...
    thanks machan sub ekaathhh....
    ayeth subapathanava machan 50 veni sub ekatahhh.....

  7. Ashan ravihansa

    Elakiri macn mama sub eka denakam hitiye godak thankz

  8. හශාන්

    ජොනී අයිය ඉන්නවනං ඕන එක :3

  9. හශාන්

    අමතක උනා 50ට සුභ පැතුම්....කීප් ඉට් අප් බේයිබෙ :* ( ජොනියව දැක්ක ගමං සේරම අමතක උනා)

  10. Sam

    thankss sahooo...50 sub ekata unusum suba pathum.........

  11. Keshan Wasala

    එල සහෝ ..මගෙන් උණුසුම් සුබ පැතුම් !! :D ඔන්න සබ ගත්තා :)

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි :) මුළු හදවතින්ම 50 වෙනි සබට සුබ පැතුම්. :) තමන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් මේ කරන සේවයට බොහෝම ස්තූතියි.
    මම ඔය දුන්නු සබ් 50න් 49ක්ම බැලුවා. අනිවා මේකත් අදම බලනවා. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉමු.... ඉක්මනටම 100, 150...සබ දෙන්න...

    ජයවේවා...!!
    ඊළඟ උපසිරසියෙන් ඉක්මනටම හමුවෙමු..!!!

  13. piyumals

    congratz... bro..
    Jayawewa....

  14. Kasun

    Nice.

  15. mudiya / මුදියා

    ඔන්න 50ට මගෙන් සුභ පැතුම් කවිඳුවා.
    නියම ෆිලුමක් තමයි 50ට දීල තියෙන්නෙ.
    එහෙනම් 100ත් ඉක්මනටම ගහමු නේද.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  16. අයේෂ්

    50 Subha Pathum.. Jaya Wewaa!! Thank You..

  17. LAKSHAN

    නියමයි :) මුළු හදවතින්ම 50 වෙනි සබට සුබ පැතුම්. :)

  18. chandima

    niyamai subapatum.... ekmanata 100 damu... thaz..

  19. #ChalinduDeshan (කිනා)

    එල එල.
    නියමයි එහෙනම් ඈ...
    පනහට අරං ඇවිත් තියෙන්නේ සුපිරියක්නේ. මාත් ඕකේ ට්‍රේලර් එක බැලුවා. ඊටපස්සේ web rip එක ආපු ගමන් බාගත්තා..
    ජයවේවා එහෙනම්. සීයත් ඉක්මනින්ම ගහමු.
    !

  20. Darshana

    Cool...

  21. වරුණ රංගජිත් (වරූ)

    හදවතින්ම 50 වෙනි සබට උණුසුම් සුභ පැතුම් කවිදු සහෝ!
    100 ටත් ඉක්මනට යමු
    ජය වේවා...!!

  22. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    බොහොම ස්තූතියි! 50ට සුබපැතුම්!!!

  23. ලක්ෂාන් නිලංක

    පනස්වෙණි නිර්මාණයට හදවතින්ම සුබපැතුම් සහෝ......සුපිරි ෆිල්මක් ද‍ීලාතියෙන්නෙ....දිගටම ඔහොම යමු....ජය වේවා....!

  24. ගයාන් රූකාන්ත (ජෝනා)

    මෙන්න බොලේ අපේ ඇරෝ අයියත් 50 ගහලා. :) :)මට හිතුනා මේ ෆිලුම ගෙනෙයි කියලා
    බුකියේ සද්ද දදා ඉන්නකොට.50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම්.තව තවත් ඉදිරියට යන්න
    ශක්තිය ධෛර්‍ය පතනවා :) :) ජය.

  25. Roshan

    thanx….

  26. lakshan

    මන් හැමදාම කලේ මේකට ඇවිත් සිංහල සබ් එක අරගෙන යන එක. නමුත් මටම හිතුනා මන් හරි අථ්මාර්ථකාමී කියලා. කෙනෙක් මහන්සි වෙලා කරන දෙයක් තමන්ගේ වගේ අරන් යන එක ස්තුතියක්වත් නැතිව. ඉතින් මන් හිතුවා මගේ අදහස් අකුරු කරන්න. බොහොම ස්තුතියි රුපියලක්වත් ගන්නේ නැතුව අන් අය වෙනුවෙන් සබ් හදන්න මහන්සි වෙන හැමෝටම. සුබ පැතුම් හැමෝටම. තව ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.

  27. නිෂූ

    ජයවේවා ! නියමයි !
    අපි වෙනුවෙන් කරන කැපකිරීමට ගොඩක් ස්තුතියි !

    තවත් 50 ක් !
    තව 50 ක්
    100 ක්

    ජයවේවා !

  28. AppLe SpiDee

    50ට සුබපැතුම්!!! me Denma Downkaranawa

  29. Thanu

    Thanx bro sub 1ta... Ela wedak...

  30. යශෝධ

    සුභ පතනවා කවිඳු සහෝ 50 වෙනි සිංහල උපසිරසට.. මේකත් අනිවා බෑමක් තමයි.. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳිලා ඉමු එහෙනම්.. සූභ පතනවා ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා.. ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්.....

  31. දිනිඳු සම්පත්

    මමත් ඔන්න කවිඳු සහෝගේ 50 වෙනි උපසිරැසියට මුළු හිතෙන්ම සුභ පතනවා. ‍
    50 වෙනි උපසිරැසියට ගෙනල්ලා තියෙන්නේ සුපිරි චිත්‍රපටයක්නේ.
    මමත් ඔන්න බාගන්නවා.
    බොහොම ස්තූතියි..
    ජයවේවා!!!

  32. Saketha Pulasthi

    මම ඔයා දීලා තියෙන සබ් වලින් 48ක් විතරම බලලා තියෙනවා.මමත් මේක එනකන් තමා බලන් හිටියේ.උපසිරසියිට බොහොම ස්තූතියි. :)

    5 :D වෙනි උපසිරසියට සුබපැතුම් !!!!!!

  33. සමීර කරුණාරත්න

    මේ තියෙන්නේ මම ඒත් මේකට මොනවා වෙලාද බැලුවා, අගේ ඇති තේරීමක් 50 ට, ලේසි නැහැ... හැබැයි සහෝ ඔන්න දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ, මේ දුන්නා වගේම වේගෙන් ඉතුරු 50 ත් ගිහින් ඉක්මනින්ම අපිට ඔයාගේ 100 වන උපසිරැස බලන්න ලැබෙන්න කියලා පතනවා. ඒ වගේම ඔයාගේ පුද්ගලික ජිවිතයේ සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා පතනවා. ඔබට ජය...!!!

  34. Jack

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ....
    ඔයාලා ම් කරන වැඩේ ඇත්තටම අගය කරනවා....
    බොහෝමත්ම ස්තුතියි යාලුවා.
    ඉක්මනින්ම 100 ට යමු.

  35. අසෙල්

    Arrow S03
    Flash S01
    +++++++++++unama
    Nikama100 enawa sahoo :)
    digatama sub demu
    50 Subapatum

  36. lahiru dilshan

    50 ta suba pathum..
    Thanks Bro...!!!

  37. mihan

    50 ta usba pahthum sahoo !!

  38. dev

    50 වෙනි සින්හල උපසිරසට උනුසුම් සුබ පැතුම් සහො.....
    පට්ට කතාවක්නෙ දිලා තියෙන්නෙ ..... .
    බොහොම ස්තුති සහො.....
    වැඩි වැඩියෙන් සබ් දන්න දිරිය සවිය ලැබේවා........ .

  39. කේ.යූ.ජී. උදාර

    නියමයි කවිඳු............
    දිගට ම මේ සත් කාර්යය කරගෙන යමු.
    50 වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්!!!

  40. Era

    Thanks machan grate job, keep going.......

  41. දමිත්

    ස්තුතිි සහෝ. මාත් බලන් ඉඳපු ෆිල්ම් එකක්...ජයෙන් ජය.

  42. Lakshyan

    නියමයි සහෝ!! සුභපැතුම්! :)

  43. danushka

    thanks machan,,,

  44. සචිත උදාර

    එළ, සුභ පැතුම්...! උපසිරැසියටත් ස්තූතියි.

  45. Aditha Praween

    හද පිරි සුභ පැතුම් !
    50 වෙනි නිර්මාණය ඉක්මනටම දුන්නට ස්තුතියි !
    තව තවත් ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා !
    ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධර්‍යය ලැබේවා !
    :D

  46. HimEshCrEeD

    මරු මරු
    තවත් අර්ද ශතක ලාබියෙක්
    සෙල්ලම් නෑ හොදේ..
    සුබ පැතුම් පැතුමෝ

  47. sujan wasala

    50 weni upasirasata ape suba pethum...!!! idiriyata thawa thawath upasiresi demeemata shakthiya , dhairyaya lebewa..!!

  48. Indika

    Denakam hitiyae joniyage aluth film eka thanks bro ..

  49. ANJANA

    thanks..

  50. Shanaka Madusanka

    නියමයි.තව තවත් රසික සිත් පිනවීමට ධෛර්ය්‍ය ලැබේවා!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.