Watch Trailer

And Then There Were None [E01] with Sinhala Subtitles | පුංචි සෙබල කොලුවො දස දෙනා. [සිංහල උපසිරසි සමඟ]

මේක ඇවිල්ලා වෙනස් කතාවක්, වෙනස් කිව්වෙ විශේෂ අභිරහස් කතාවක්. බ්‍රිතාන්‍ය රහස් පරීක්ශක කතා සම්ප්‍රධාය ස්වර්නමය යුගයකට අරන් ගිය ලොකේ විශිඨතම නවකතාකරිනී අගතා ක්‍රිස්ටි ගෙ කතාවත් මේක. පොත්ම සියයකට වැඩියෙන් ලියලා තියෙන එයාගෙ පොත් වල අලෙවිය දෙවෙනි වෙලා තියෙන්නෙ බයිබලේටයි, ශේක්ස්පියර් ගේ පොත් වලටයි විතරයි…

And Then There Were None MiTV-2015

මේක ඇවිල්ලා වෙනස් කතාවක්, වෙනස් කිව්වෙ විශේෂ අභිරහස් කතාවක්. බ්‍රිතාන්‍ය රහස් පරීක්ශක කතා සම්ප්‍රධාය ස්වර්නමය යුගයකට අරන් ගිය ලොකේ විශිඨතම නවකතාකරිනී අගතා ක්‍රිස්ටි ගෙ කතාවත් මේක. පොත්ම සියයකට වැඩියෙන් ලියලා තියෙන එයාගෙ පොත් වල අලෙවිය දෙවෙනි වෙලා තියෙන්නෙ බයිබලේටයි, ශේක්ස්පියර් ගේ පොත් වලටයි විතරයි. මේ “ඇන්ඩ් දෙන් දෙයාර් වර් නන්” කතාව මේ වෙනකොට වැඩිම අලෙවියක් තිබුණ කතාව වගෙම, ලෝකෙ මේ තාක් වැඩියම අලෙවියක් තිබුණ එකම අභිරස් කතාවක් මේක.

කතාව ගැන කියනවා නම් මේකෙ තියෙන්නෙ, එකිනෙක කවදාවත් දැකලා වත් අඳුනනෙත් නැති දහ දෙනෙකුට දූපතක නිවාඩුවක් ගත කරන්න ලැබෙනවා. ඒ දහ දෙනාට ආරධනා ලැබෙන්නෙත් එක එක විදියට. අහඹු විදියට.

“නෝනාවරුනි, මහත්වරුනි, කරුණාකර නිහඬ වන්න!”
“කවුද ඒ ? “
“නුඹලා පහත සඳහන් කරුණු වලට වැරදි කරුවෝ වන්නාහ”

“එඩ්වඩ් ජොර්ජ් ආම්ස්ට්‍රොංග්, ලුසියා මාරි ක්ලින්ග් ගේ මරණයට වැරදිකරුය”
– කවුද මේ කතා කරන්නෙ?
-මං දන්නෙ නැහැ මහත්මයා

“එමිලි කැරොලයින් බ්‍රෙන්ට්, බියට්‍රිස් ටේලර් ගේ මරණයට වග කිව යුතුයි”
-කවුද මේ?
-මොකක්ද මේ විකාරෙ තේරුම?

“විලියම් හෙන්‍රි බ්ලොර්, ජේමිස් ස්ටීවන් ලැන්ඩොර් ගේ මරනයට වග කිව යුතුයි”
-සර්ව බලධාරි දෙවියනෙ!

“වේරා එළිසබෙත් ක්ලේත්‍රොන්, නුඹ සිරිල් ඔලිව් හැමිල්ටන් මරා දැම්මේය”

“ෆිලිප් ලොම්බාඩ්, නැගෙනහිර අප්‍රිකානු ගෝත්‍රිකයන් 21ක් මරා දැමීමට වරදකරුය”

“ජෝන් ගෝඩන් මැකාතර්, හෙන්‍රි රිච්මන්ඩ් මරා දැම්මේ ඔබය”

“ඇන්තනී ජේමිස් මාස්ටන්, නුඹ ජෝන් හා ලුසී කූම්බ්ස් මරා දැම්මේය”
-අපි යමු රොජර්ස්
-කවදාවත් අහල වත් නැති කතා

“ලොර්න්ස් ජෝන් වර්ග්‍රෙව්, නුඹ එඩ්වඩ් සෙටන් මරා දැම්මේය”
-මගේ පාරෙන් අයින් වෙයන්

“තෝමස් සහ එතිල් රොජර්ස්, ජෙනිෆර් බ්‍රේඩි ගේ මරනයට වග කිව යුතුයි”

“සිරකරුවනි, නුබලාට නිදහසට කරුණු තිබේද?”

කතාවෙ ඔක්කොම පිළිවෙලකට බලන්න, මොකද ඔයාලටම තමා අන්තිමට අභිරහස විසඳන්න තියෙන්නෙත්. මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නේ Maeve Dermody, Charles Dance, Toby Stephens ඇතුලු නළු නිලියන් පිරිසක්.මුළු කතා මාලාවටම කොටස් තුනයි තියෙන්නේ. මේක විකාශය උනේ පහු ගිය දෙසැම්බර් මාසේ විශේෂ නත්තල් විකාශයක් විදියට බි.බි.සි නාලිකාවේ. Crime, Drama, Mystery ඝනයට තමයි මේක අයිති වෙන්නේ. 8.2 IMdb අගයකුත් තියෙනවා. මේ Mini TV series ඒක වැරදිලා හරි මට භාර දීපු හසන්ත සහෝට ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ වගේම ඒ වෙනකොටත් series එක සබ් කරන්න භාර ගෙන ලයින් 180 ගානකට වඩා කොටල තිබුනත් ඉතාම කැමැත්තෙන්, “ඔයා මේක කරන්න සහෝ” කියලා මට මේක භාර දුන්නු අපේ සමීර කරුනාරත්න සහෝදරයටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ වගේම තමයි මට මේ ලිපිය ලියලා දුන්න මගේ හොඳම යාළුවෙක් වෙන විෂ්මි හෙට්ටිආරච්චි සහෝදරියටත් විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕන. තව දෙයක් මේක තමයි මගේ පලවෙනි ටිවි සීරිස් එක. ලිපිය දිග වැඩිද මන්දා.

පුංචි සෙබල කොලුවො
දහ දෙනෙක්
කෑම සොයා පිටත් වුණා
එක්කෙනෙකුගෙ හුස්ම හිරවුණා
එවිට ඉතුරු වුණේ කොලුවො නම දෙනයි

පමාවෙලා අවදිවුණා සෙබල කොලුවො
නමදෙනා
එක්කෙනෙක් දැන් මහ නින්දේ
ඉතිරි වුණේ අට දෙනයි

ඩෙවෝන් පෙදෙසෙ ඇවිද ගියා
පුංචි සෙබල කොලුවො අට දෙනා
එක කොලුවෙක් එහි රැඳුනා
දැන් ඉන්නේ හත් දෙනයි
දර කඩන්ට කැලේ ගියා – පුංචි සෙබල කොලුවො හත් දෙනා
පොරෝ පහර වද්දාගෙනේ නැහුණු නිසා එකෙක්
දැන් ඉන්නේ හය දෙනයි

බඹර කඩන්නට ගියා පුංචි සෙබල කොලුවො හයදෙනා
දළ වැදුනා එක කෙනෙකුට- දැන් ඉන්නේ පස් දෙනයි

නීති මගට ඇතුළු වුණා පුංචි සෙබල කොලුවො පස් දෙනා
සමත් උනා එක කොලුවෙක් දැන් ඉන්නේ හතර දෙනයි

මුහුදෙ ගියා පුංචි සෙබල කොලුවො හතර දෙනා
රතු හුරුල්ලෙක් ගිල ගත්තා එක කොලුවෙක්
දැන් ඉන්නේ තුන්දෙනයි

සතුන් වත්තෙ ඇවිද ගියා පුංචි සෙබල කොලුවො තුන් දෙනා
ලොකු වලහෙක් ගිලගත්තා එක කොලුවෙක්
දැන් ඉන්නේ දෙන්නයි

හිරු රැස් දැව්වා පුංචි සෙබල කොලුවො දෙන්නා
වාශ්ප වුණා එක් දරුවෙක්
දැන් ඉන්නේ එක්කෙනෙක්යි

තනිපංගලමේ හිඳිනා එක් පුංචි සෙබල කොලුවෙක්
ඒ කොලුවට කවුරුත් නොමැතිව දණුනා පාළුවක්
ඉතිං එයත් එල්ලිලා මැරුණා
අන්තිමේදි සියල්ලන්ම නැති වුණා.

And Then There Were None (TV Mini-Series 2015) on IMDb

 

 

198 MB (720p.HDTV.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

378FC454937457F7887D096B7C4105971BDD002C

281 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

C53A472EC2D6661CDA4964589AA972794876DA06 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

818 downloadsDownload And-Then-There-Were-None-S01-E01.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                             All Episodes                      Next Episode >>

Subtitles

818 downloadsDownload Subtitles46 KB

22 comments

  1. Shehan

    හොද කතාවක් වගෙයි
    උපසිරසට තුති

  2. Dhanushka

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Sajeevi

    Thanks.
    Meka lassana kathawak.
    Kammali nathuwa kiyawanna puluwan phothak.

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...පට්ට කතාවක් වගේ...

  5. Kalum

    elama bro

  6. Udeesha bandara

    ela bro....digatama sub eka demu

  7. Kulanjana Maduranga

    niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. හර්ෂණ

    ඔන්න බානෝ.. ඉවර වෙනකන් දිගටම දෙන්න හොදේ

  9. sanath

    bohoma sthuthiyi mekata sub eka dunnata...
    patta kathawak wage...
    ikaga kotasath awama ikanata sub eka denna...

  10. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    එලම කතාවක් වගේ
    අනිවා බලනවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා !!!!

  11. Bhashith Udawatte

    Thankz brow... ;)
    Mn meka kiywla tiyenwa :smile: ela :D

  12. Mayura

    යකෝ, මේ කතාව කියවලා පිස්සු හැදුනේ නැති ටික විතරයි මට. හිතුවෙම නෑ ටීවී සීරිස් එකක් ඒවි කියලා. අගතා ක්‍රිස්ටිගේ නම් කවුරුත් අහ අහ බල බල ඉන්න එපා. අනිවා බලමු සෙට් වෙලා. මං නම් ප්‍රතිපත්තියක් විදිහට ඔක්කොම එපි ආවම තමා සීසන් එකක් බලන්නේ. ඒත් දැන් නම් ප්‍රතිපත්ති කඩන්න හිතෙනවා

  13. Sajith Anthony

    සුපිරි කතාවක් වගේ බලන්නම ඕනෙ
    උපසිරැසියට බොහෝම ස්තූතියි,
    ජයවේවා...!!!

  14. me

    Thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. kamal

    අඩේ සුපිරි බන් .
    මේවා තමා අනිවා sub දෙන්න ඕන tv-series .
    සුපිරිම වැඩක් මචන්.

  17. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  18. nilanka_baiscop

    thanks

  19. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  20. Rusiru

    Thank you

  21. Anonymous

    Thanks

  22. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.