Watch Trailer

DCs Legends of Tomorrow [S05 : E09] Sinhala Subtitles | ඇය නොවන ඇය!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දීර්ඝ පමාවකට හසුවෙච්ච ලෙජන්ඩ්ස් කතාමාලාවේ පස්වැනි කතාසමයේ නවවැනි කතාංගය ඔබ වෙත රැගෙන ඒමේ වගකීම පැවරුනේ මට. ඉතින් අපේ රවිදු මළයාගෙන් බේරෙන්නම බැරි තැන මේ උපසිරැසිය කළා මිසක් කරන්න හිටි එකක්නම් නෙවේ මේ. හොදයි එහෙනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. අද කොටස ගැන කිව්වොත් දෛවයේ ගෙත්තම්කාර දෙවගණ…

ඔන්න එහෙනම් දීර්ඝ පමාවකට හසුවෙච්ච ලෙජන්ඩ්ස් කතාමාලාවේ පස්වැනි කතාසමයේ නවවැනි කතාංගය ඔබ වෙත රැගෙන ඒමේ වගකීම පැවරුනේ මට. ඉතින් අපේ රවිදු මළයාගෙන් බේරෙන්නම බැරි තැන මේ උපසිරැසිය කළා මිසක් කරන්න හිටි එකක්නම් නෙවේ මේ. හොදයි එහෙනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

අද කොටස ගැන කිව්වොත් දෛවයේ ගෙත්තම්කාර දෙවගණන් තිදෙනාගෙන් ක්ලොතෝ, ඒ කියන්නෙ ලෙජන්ඩ්ලාගෙ චාලිව හොයාගන්න චාලිගෙ අක්කා, ඒ කියන්නෙ ඇට්‍රොපොස් හොදටම ලං වෙලා ඉන්නෙ. ඉතින් මේ නිසාම චාලි කලින් හිටිය සංගීත කණ්ඩායම පවා ඇට්‍රොපොස් මරා දමනවා. ඉතින් මේ ආරංචිය සැළ වීමත් සමග සාරා කියන්නෙ දෛවයෙ ගෙතුම් යන්ත්‍රයේ කොටස, ඒ කියන්නෙ කතාවේ හැටියටනම් ලූම් එක හොයන වැඩේ ටික දවසකට නවත්තන්න ඕන කියලා. මොකද තාම රේ පාමර් නැතිවෙලාත් වැඩි දවසක් නෑනේ. හැබැයි ජෝන් කොන්ස්ටන්ටයින් මේ කිසිවක් කණකට ගන්නේ නෑ.

ඉතින් ඇස්ට්‍රාගෙ අම්මාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ජෝන් තනිවම යනවා ලූම් කොටස සොයන්න. ඉතින් මේ අතරේ යානය තුළ ඉන්න සාරි දැඩි දෙගිඩියාවකින් ඉන්නෙ තමන්ට මේ සිද්ධ වෙන දේවල් ගැන. මොකද ඇය නිතරම කරන්නෙ ඇය අකමැති දේවල්. ඉතින් මේ නිසාම බෙහාර්ඩ් යෝජනා කරනවා ටෝටම් එක ඇතුළට ගිහින් මුතුන්මිත්තන්ගෙන් ඊට අවශ්‍ය පිළිතුරු ලබාගන්න කියලා. ඉතින් ඔය අතරෙම මික් සෑහෙන්න වෙහෙස මහන්සියක් දරනවා තමන්ගෙ දියණිය එක්ක මිත්‍ර වෙන්න. අපරාදෙ කියන්න බෑ ඉතින් ඒවා සෑහෙන්න උදව් කරනවා මේ වැඩේට.

කොහොමින් හෝ අද කොටසින් ඔන්න ජෝන්ගෙ වැඩේ නිසා, ඇට්‍රොපොස්ට කණ්ඩායම අහු වෙනවා. ඉතින් ඒ වගේම තමා කෙනෙක්ට ජිවිතයෙන් වන්දි ගෙවන්නටත් සිද්ධ වෙනවා. එහෙමනම් ඉතින් ඇට්‍රොපොස් මරන්නෙ කාවද වගේම අද ඇය ලූම් එක යළි ලබාගනීවිද නැද්ද යන්න ඔබම බලලා දැනගන්න. එහෙනම් ඉතුරු කොටස් සියල්ලම රවිදු මළයා රැගෙන ඒවි. යළි උපසිරසියකි හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,068 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E09.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,068 downloadsDownload Subtitles28 KB

20 comments

  1. Gihan

    Sub ekata Thanks Saho

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Pubudu shankanath

    ස්තූති සහෝ...ජය ! ✌

  4. Suranjan

    Thanks jayawewa......!

  5. Anonymous

    Thank you

  6. Bimsara

    Thanks

  7. Devinda

    මධුකප්‍රිය සහෝ දෙනවනම් ඒ සබ් එකේ කොලිටිය ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ.. එලම තමා..
    බොහොම ස්තූතියි සහෝ සබ් එකට..

    ඒ එක්කම මතක් කරන්න ඕනෙ මේවගේ එක්කෙනෙක් පිටම සබ් ටික පටවන්නෙ නැතුව කට්ටිය බෙදාගෙන කරන් එක බොහොම අගේ කරනව, මොකද එතකොට සබ් පරක්කු වෙන්නෙත් නෑ කතාමාලා මග නවතින්නෙත් නෑ කට්ටිය බෙදාගෙන කරන නිසා..
    ජය වේවා!!

  8. Namal Balasooriya

    Godaak watinawa Saho.Balan hitiye sub eka enakal

  9. පැතුම් වින්චෙස්ටර්

    උපසිරසට ස්තූතියි.. ඇරෝවර්ස් සෙට් එකේ ෆ්ලෑෂ්ගෙන් පස්සේ මේක තමා ඉතිං.

  10. Anonymous

    නියමයි

  11. MAALNATH

    Thanks ..............good luck ............

  12. Sahan Sulakkhana Subasinghe

    සබට ස්තුතියි. ඒත් 10 වෙනි එක කලින් දුන්නා නේද, වැරදිලාද ඒ?

  13. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  14. indika75

    thanks..

  15. Nuwandika Dilshan

    Elo elooo

  16. Anonymous

    Thanks

  17. Rumesh Asanka

    thank you

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. chinthaka.max4

    thankx machan

  20. Udara Damith

    2451641

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.