ඔන්න එහෙනම් මේ පාර ගේන්නෙ සුපිරි ටීවී සීරිස් එකක්. ඇත්තටම කිව්වොත් මං මේකෙ පලවෙනි එපිසෝඩ් 3 කරල අවුරුද්දකටත් වැඩී දැං. ඒත් එක එක හේතු නිසා මේක කරගන්න බැරි වුනා. ඒත් කොහොමහරි පරක්කු වෙලා හරි මේක ගෙනාව. ඊට අමතරව මේක මට කරගන්න උදව් කරපු රවිඳු රුක්ෂාන් සහෝට සහ යුරාන් ධනුක සහෝට ස්තූතිවන්ත වෙනව. තවද කවිශ…

ඔන්න එහෙනම් මේ පාර ගේන්නෙ සුපිරි ටීවී සීරිස් එකක්. ඇත්තටම කිව්වොත් මං මේකෙ පලවෙනි එපිසෝඩ් 3 කරල අවුරුද්දකටත් වැඩී දැං. ඒත් එක එක හේතු නිසා මේක කරගන්න බැරි වුනා. ඒත් කොහොමහරි පරක්කු වෙලා හරි මේක ගෙනාව. ඊට අමතරව මේක මට කරගන්න උදව් කරපු රවිඳු රුක්ෂාන් සහෝට සහ යුරාන් ධනුක සහෝට ස්තූතිවන්ත වෙනව. තවද කවිශල් රසින්ත සහෝටත් විශේශයෙන් ස්තූති කරනව මොකද එයත් මේකට ගොඩක් උදව් කළා. ඔය මදෑ ඕව ගැන කියෙව්ව අපි යමුකො කතාව පැත්තට.
මේ කතාව ගොඩක් ප්‍රසිද්ද උන එකක් වගේම ජීවිතේටත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් සීරිස් එකක්. IMDb දර්ශකේ 8.4 ඉහල අගයක් වගේම Rotten Tomatoes අගයත් 90% ගන්න සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවේ මේක විවිද සම්මාන රැසකට නිර්දේශ වීල දිනාගන්නත් හැකි වෙලා තියෙනවා. ඒව ගැන කෙටියෙන් කිව්වොත් Primetime Emmy සම්මාන 3ක් දිනාගන්න හැකිවෙනවා ඊට අමතරව සම්මාන 8කුත්, නිර්දේශ වීම් 46කුත් මේ සීරිස් එකට හිමිකරගන්න හැකි වෙනවා.
ඉතින් තවත් විශේශයෙන් සදහන් කරන්න ඕනෙ මේකෙ Cinematography ගැන කිව්වොත් මුළු සීරිස් එකටම වෙනම රසයක් බවට පත් කරල තියෙනවා. Cinematography වෙනුවෙනුත් සම්මානෙකට නිර්දේශ වෙනවා. තවද මේකෙ සවුන්ඩ් ට්‍රැක් ගැනත් නොකියම බෑ මොකද ඒ තරන් කතාවට ඇබ්බැහි කරවන්න පුළුවන් තරමේ සවුන්ඩ් ට්‍රැක් ටිකක් තමා තියෙන්නෙ… ඉතින් මේකෙ Original music and lyrics වලට Primetime Emmy සම්මානයක් දිනා ගන්න පුළුවන් වෙනවා තවද මේකෙ ප්‍රධාන චරිතය රඟපෑ Zendaya හටත් Primetime Emmy සම්මානයක් දිනාගන්න පුළුවන් වෙනවා. ඔයාල Sex Education වගේ සීරිස් වලට කැමතී නම් අනිවාරෙන් මේකත් බලන්න කියල මං ආරාදනා කරනවා.
අද එපිසෝඩ් එක ගැන කිව්වොත් IMDb 8.3ක අගයක් මේකට ගන්නවා. කතාව ගැන මතක් කරනවානම්, රූ කියන්නේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් උන කෙනෙක්. ඉතින් ඒක නිසාම ගොඩක් දේවල් නැති වෙනවා, පවුලෙ විශ්වාසය වගේ දේවල්. ඉතින් මෙයාගෙ අම්මල තීරනේ කරනවා පුනරුත්ථාපන මධ්‍යස්තානෙකට දාන්න. ඉතින් මේ එපිසෝඩ් එකේ තියෙන්නෙ ඒකෙන් නිදහස් වෙලා ආපු තැන ඉදන්. ඒත් මෙයා තාමත් ඩ්‍රග්ස් අත්තැරල නම් නෑ.
හරි එහෙනම් එතනින් එහා ඔයාලම බලල තීරනේ කරන්නකෝ මම කිව්වාම ගතියක් නෑනෙ. එහෙනන් ඊලග එපියෙන් හමුවෙමු. ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,320 downloadsDownload Euphoria-2019-S01-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
21 comments
Anonymous
Das
Supiri bn. Balagenama hitapu ekak
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Lisuka
Season 1 e00 episodes 2තියෙනවා sub දෙනවනේ
Bimsara Yashan(ඔලිව)
ඔව්. ඒ දෙකටත් සබ් කරල තියෙන්නෙ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Shan
බලාගෙන හිටියේ මේකට සබ් දෙනකන් ❤️
Anonymous
සුපිරි බොක්ක මේ වගේ ඒවට තමා සබ්දෙන්න ඕනේ බලන්නත් ආසයි එල
Amila Konara
සබ් එකට තෑන්ක්ස් සහෝ
ඉතුරු ටිකටත් ඉක්මනට සබ් ගේන්න
poorna
goood
poorna
goood i like this
Anonymous
Bro thanks sub ekata.puluwan future man black mirror wge ewwath sub dennako kwuruth deela na
Saranga Kevin
thanks for the sub bro puluwan nm netflix lage................... locke and key............... series ekatath sinhala sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anuk
gammac bossa sub hoya hoya hitiye meke
anuk
gammc sago sub hoya hoya hitiye
MAALNATH
Thanks. ........good luck.........
Mano
Godak sthuthi..Jaya wewa!
Vishwa sasanka
Thank you
Anonymous
meka blne kohomada
Advertisement


Thanks for sub