Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E01] with Sinhala Subtitles | දිදුලන සන්නාහයක් සමගින් එන නයිට්වරයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න බයිස්කෝප් සිංහලෙන් අඩවියත් එක්ක එකතු වෙලා තවත් සුපිරි ටී.වී සීරීස් එකක් අරගෙන ආවා. මේක ගැනනම් ගොඩක් අයට අමුතුවෙන්ම හැඳින්වීම් ඕන කරන්නේ නෑ. අනූ ගනන් වල ඉපදුන අයනම් අනිවාර්‍යයෙන් මේ සීරීස් එකේ මුල් කතා මාලාව නරඹලා ඇති… “නයිට් රයිඩර්” කිව්වම කවුද නොදන්නේ ඉතින් නේද. කතා කරන කෘතිම…

Knight Rider (TV Series 2008)-1

කොහොමද යාළුවනේ, ඔන්න බයිස්කෝප් සිංහලෙන් අඩවියත් එක්ක එකතු වෙලා තවත් සුපිරි ටී.වී සීරීස් එකක් අරගෙන ආවා. මේක ගැනනම් ගොඩක් අයට අමුතුවෙන්ම හැඳින්වීම් ඕන කරන්නේ නෑ. අනූ ගනන් වල ඉපදුන අයනම් අනිවාර්‍යයෙන් මේ සීරීස් එකේ මුල් කතා මාලාව නරඹලා ඇති…

“නයිට් රයිඩර්” කිව්වම කවුද නොදන්නේ ඉතින් නේද. කතා කරන කෘතිම බුද්ධියක් තියන සුපිරි කාර් එකකින් වැඩ පෙන්නන මයිකල් නයිට්. ඔන්න ආයෙමත් 1980 න් පස්සෙ ආයෙමත් අපිට කිට්ගේ සහ මයිකල් නයිට්ගේ වැඩ ආයෙමත් බලා ගන්න පුළුවන් වේවි මේ නයිට් රයිඩර් අලුත් සීරීස් එකෙන්. 2008 දී  NBC නාලිකාවෙන් විකාශනය වෙච්ච මේ සීරීස් එක ගැන කෙටියෙන් කියනව නම් මෙහෙමයි…

අපි 1980 දී බලපු නයිට් රයිඩර් සීරීස් එකේම දිගුවක් කියලා මේක හැඳින්වුවාට කිසිම වරද්ක් නෑ. පරන සීරීස් එකේ අපි දන්නා කියන මයිකල් නයිට්ගේ පුතා වන මයික් ට්‍රේසර් සහ, 1980 දී knight industries 2000 කිට්ගේ අලුත් සංස්කරණයක් වන knight industries 3000 කිට්ව අපිට මේකෙදී බලා ගන්න පුලුවන්. knight industries 3000 කිට් විදිහට මේ පාර ford shelby Gt 500 mustang කාර් එකක් තමයි සකස් කරලා තියෙන්නේ. අළුත් වැඩ නම් බොහෝමයි. ඒ අතර නැනෝ තාක්ශණය යොදාගෙන කිට්ට වාහන තුනක් බවට පරිවර්ථනය වීමේ හැකියාවත් තියනවා. මේ සීරීස් එක බලන්න කලියෙන් ඔයා 2008දී ආව නයිට් රයිඩර් ෆිල්ම් එක බලලා හිටියනම් හොඳයි කියලා මම යෝජනා කරනවා. මොකද කිට්ව නිර්මාණයේ ඉඳලා කිට්ව මයික්ට හම්බවෙන එක දක්වා ගොඩක් තොරතුරු ඒකෙන් ගන්න පුළුවන්.

මේ මයික් ට්‍රේසර් ගැන කියනවනම් මයික් කාලයක් හමුදා විශේශ බලකායේ ඉඳලා සේවයෙන් අයින් කරපු සෙබලෙක්. මයික් ඉරාකයේ අවුරුදු තුනක් සේවය කරපු කෙනෙක්. ඒ කාලය මයික්ගේ ජීවිතයේ අභිරහස් කාලයක් කිව්වොත් හරි. මොකද මයික්ට ඒ කාලේ තමන් කරපු දේවල් පවා අමතකයි. වෙලා තියෙන්නෙත් පැහැදිලි කරන්න අමාරු සිදුවීම්. හරියට කවදාවත් හිටියා කියලා නොදන්න තැන් වල හිටිය බවට වීඩියෝ තියනවා වගේ. ඉතින් මයික් නයිට් ආයතනයේ මෙහෙයුම් වලට සහභාගී වෙන ගමන් තමන්ගේ මේ ජීවිතේ අපැහැදිලි තැන් පැහැදිලි කරගන්න බලනවා.

මේ විදිහට තමයි සීරීස් එක ගලාගෙන යන්නේ. ඉස්සරහට ගොඩක් ප්‍රශ්න වලට මයික්ට උත්තර ලැබෙයි, තමන්ගේ ජීවිතේ රහස් මොනවද,නයිට් ආයතනයත් එක්ක ඒවට තියන සම්බන්දතාව මොනවගේ එකක්ද වගේ ඒවා. සීරීස් එකට රංගනයෙන් දායකත්වය මේ අයගෙන්…

  • Justin bruening – මයික් ට්‍රේසර් (මයිකල් නයිට්)
  • Denna russo – සේරා ග්‍රේමන්
  • Sydney tamlia – කේරි
  • Paul campbell – බිලී
  • Vancey arias – ඇලෙක්ස් ට්‍රෝරස්
  • Bruce davison – චාල්ස් ග්‍රේමන්
  • Smith cho – සූ චේයි
  • Val kilmer – කිට් (හඬ දායකත්වය)

හරි විස්තරේ ප්‍රමාණවත් කියලා හිතනවා.

සබ් එක ගැන කියනවනම් මේක මගේ දෙවන නිර්මාණය. පලවෙනි එකනම් අහම්බෙන් උනා කිව්වොත් හරි. කාලෙක ඉඳන් තිබ්බ ආසාවට ෆෝන් එකෙන්ම කට්ට කාලා ඇන්ග්‍රි බර්ඩ්ස් ෆිල්ම් එකට සබ් එකක් ලිව්වා. මගේ යාලුවෙක් වන නිලූශ කුමාර සහෝදරයා ෆේස්බුක් එකෙන් දැකලා බලෙන්ම වගේ මගෙන් අහලා අහලා ඒක බයිස්කෝප් එකේ සහෝලට මේල් කරලා තිබුණා. අහම්බෙන් වගේ ඒක අඩවියේ පලවෙලා තියනවා දැක්කම තමයි මෙහෙම වැඩක් කරන්න අදහස ආවේ. මේක තමයි පිළිවලට කරන පලවෙනි වැඩේ.  ඉතින් නිලූශ සහෝව මේ වෙලාවේ මතක් කරන්නම ඕන. ඒ වගේම බයිස්කෝප් අඩවියත් එක්ක සම්බන්ද වෙලා වැඩේ බාරදීපු විමුක්ති (විමා) සහෝවත් මතක් නොකරම බෑ. ඉතින් යාළුවනේ ඉතිරි හරිය ඔයාලට බාරයි. දෙවන උපසිරැසිය නිසා වැරදි ගොඩක් ඇති හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට සරලවම නිර්මාණය කලේ. වැරදි අඩුපාඩු තියේනම් පෙන්නලා දීලා අදහසකුත් කියාගෙනම යන්න.

හැමෝටම ජයෙන් ජය……!!!!

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E01.720p.HDTV.DIMENSION

Knight.Rider.2008.S01E01.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E01.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,413 downloadsDownload Knight.Rider_.2008.S01E01new.Baiscopelk.com_.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles

1,413 downloadsDownload Subtitles69 KB

13 comments

  1. Rasindu Perera

    නියමයි...මේකනම් බැලුව...අයෙත් සිංහල සබ් එක්ක බලමු..තැන්ක්ස් සබ් එකට..

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  4. Rakitha Ranathunga

    Ela

    Subata thanks...

  5. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...

  6. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Gihan

    බෙහොම ස්තුතියි .
    උපසිරස ලබා දුන්නට:)

  9. Sayuru Tharanga Lakmal

    Oyata godak sthuthi saho........
    ෴෴Oyata jaya෴෴

  10. Razor ­­

    info hash eka ewanko kollo

  11. Nisal

    thx saho puluwannam seeds thiyena link ekak hoyala deepanko dawas ganak thisse hoyanawa

  12. කවින්ද බුද්ධික

    තෑන්කූ සහෝ....දිගටම උපසිරැසි දෙමු..

  13. Udara Damith B/K

    thankssssssssssssss

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.