Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E13] Sinhala Subtitles | අපි සටන් කරන්නෙ මේ වෙනුවෙන් ❤ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. ඉතිං මතක ඇතිනෙ පසුගිය කොටසෙ අවසානෙට අපිට ආයෙමත් ෆිට්ස්ව දකින්න පුළුවන් වුනා. ඒත් ෆිට්ස් එනවත් එක්කම තවත් ප්‍රශ්න රාශියක් අපිට අරන් ආවෙ. ඒ තමා එයා මෙච්චර කල් කොහෙද හිටියෙ. මොනවද කලේ වගේම ඇයි සිමන්ස්ගෙ මතකයන් බ්ලොක් කලේ…

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. ඉතිං මතක ඇතිනෙ පසුගිය කොටසෙ අවසානෙට අපිට ආයෙමත් ෆිට්ස්ව දකින්න පුළුවන් වුනා. ඒත් ෆිට්ස් එනවත් එක්කම තවත් ප්‍රශ්න රාශියක් අපිට අරන් ආවෙ. ඒ තමා එයා මෙච්චර කල් කොහෙද හිටියෙ. මොනවද කලේ වගේම ඇයි සිමන්ස්ගෙ මතකයන් බ්ලොක් කලේ වගේ දේවල්. ඉතිං ඔය හැමදේකට උත්තර අවසාන කොටසින් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමා අපිට මුලින්ම Ant Man ෆිල්ම් එකෙන් අහන්න ලැබුන End Game එකෙන් අත්විදින්න ලැබුන ක්වොන්ටම් රියලම් එක සහා කාල තරණය ඒ අයුරින්ම අවසාන කොටස තුලින් අත්විදින්න ලැබෙනවා. ඒ වගේම ඒන්ෂන්ට් වන් කාල තරණය සම්බන්ධව කියපු කාරණා ටික ෆිට්ස් එහෙම්ම කියනවා ඔයාලට බලාගන්න පුළුවන්.

ඉතිං මේ තමයි පුරා කතා සමයන් හතක් පුරාවට මාවල් විශ්වයෙන් නිර්මාණය වුන ප්‍රථම රූපවාහිනි කතා මාලාවෙ අවසානය. අපිට කතා මාලාව තුලින් මාවල් සිනමා විශ්වය තුලින් දැකගන්නට නොහැකි වුන වීරයින්, දුෂ්ටයින්, බොහෝ ප්‍රමාණයක් හදුන්වලා දුන්නා. ඒක තමා ඇත්ත කතාව. ශීල්ඩ් කියන්නෙ මාවල් විශ්වයට සම්බන්ධ ප්‍රධානම ආයතනයක්. ඉතිං ඒ හා බැදුනු වීරයින්ගෙ සුරු විරුකම් වගෙම ශීල්ඩ් කියන්නෙ මොකක්ද එතකොට ඇයි මෙහෙම ආයතයක් පිහිටවන්නෙ, ශීල්ඩ් වල හතුරො කවුද, හයිඩ්‍රා කියන්නෙ කවුද වගේ විශාල තොරතුරු සම්භාරයක් අපිට මේ කතා මාලාව තුලින් දැනගන්න ලැබුනා. ඒ වගේම තමා ඇතැම් අවස්ථාවලදි කෙලින්ම මාවල් සිනමා විශ්වයට සම්බන්ධ වුන අවස්ථා පවා තියනවා. හැබැයි මම හරියටම දන්නෙ නැහැ මේක MCU එකට අයිතිද නැද්ද කියලා. කොහොම වුනත් MCU එකේ ප්‍රධාන චරිත වෙන නික් ෆියුරි, ලේඩි සිෆ් වගේ අයත් අපිට කතාව තුලින් විටෙක දැකගන්න ලැබුනා. 2012 ඇවෙන්ජර් ෆිල්ම් එකේදි ලොකී අතින් මිය යන ඒජන්ට් ෆිල් කෝල්සන් චරිතය ප්‍රධාන කරගෙන තමයි කතාව ගොඩ නැගුනෙ. ඉතිං එහෙම ගොඩ නැගුන කතාව කතා සමයන් 7 ඇවිත් ලස්සන එන්ඩින් එකක් අපිට දුන්නා කියන්න පුළුවන්.

තව දෙයක් මේ කතාවට සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්තෙ ශාන් විමුක්ති නැත්නම් අපෙ විමා, ඊට පස්සෙ විමාගෙන් ගැලවිලා යශෝධ ශ්‍රීමාල් අතටත් එතනින් ප්‍රණීත් චින්තක අතටත් ඔය අතරින් පතරින් නිර්මාණි අක්කා අතටත් ගිහින් අවසානයෙ මගෙ අතට එනවා. එහෙම ආව කතා මාලාව මං අවසානය වෙනකල් කිසිදු පමාවක් නැතිව ඇදගෙන ආවත් අන්තිම කතා සමයෙ අන්තිම කොටස් පහ වගේ හම්බානක පමා වුනා. ඒකට බොහොම කණගාටුයි. ඔහොම මට බැරිවෙනකොට රවිදු මලයා, අචින්ත උදයං, විමා වගේම චාමරත් සප් එක දුන්න අවස්ථා බොහෝයි. ඉතිං ඔවුන්ටත් ස්තූතියි කරනවා දුන්න සප් එකට. ඒ වගේම මේ තමා මම උපසිරැසි කරන අවසාන රූපවාහිනි කතා මලාව. ආයෙ ටිවි සීරිස් කරන්න නම් කිසිම අදහසක් නැහැ. එහෙනම් හැමෝම පරිස්සමෙන් මීටරෙන් ඉන්න.

#Hail Marvel!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,828 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E13.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,828 downloadsDownload Subtitles27 KB

34 comments

  1. Anonymous

    12 sub eka watila tiyenne bro

  2. Anonymous

    thanks

  3. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    බලපු සුපිරිම කතා මාලාවක්...
    Season 7ක් මේකට සබ් කරපු හැමෝටම තැන්ක්ස්...
    TV Series වලට සබ් කරන එක නවත්තන්න එපා.. දිගටම කරගෙන යමු....

  4. Anonymous

    12 ekani thiyenne

  5. Anonymous

    13 nadda

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. sachintha

      12 වෙනි කොටසේ උපසිරැසියමයි ඩවුන්ලෝඩ් වෙන්නේ...

    2. Anonymous

      ow

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. Dewadithya

    Thanks for sub!

  9. Anonymous

    Sub ekanam waradi machn. waradi ekak upload karala thiyenne. E12 sub eka thiyenne. E13 newe.

  10. nimeshdesilva

    brother, sub eka waradi ekak upload wela thiyenne, episode 13 wenuwata e12.

  11. Chämàrá Sâmpáth

    උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.

  12. tinush

    cool

  13. chinthaka.max4

    thankx machan

  14. Sahan Sulakkhana Subasinghe

    sub ekata bohomath sthuthiyi, digatama apita me katha malawa aragena aapu hamotma behwin sthuthiyi.

  15. kosala Ruwanpura

    season 5 idan ganna puluwan widiyak denna puluwan da? torrent link ekak gannama amaru wuna piliwelata.

  16. එල්.සී. දමැල්

    කතාව නොබැලුවට මොකද ලහිරු සහෝ මේක අවලාද, ගල්මුල් මැද ඉවරයක් කරන්න දීපු ගේම අගය කරන්නම ඕණ. එහෙනම් ඔන්න මගේ ආචාරය :)
    දිගටම සබ් කරමු… :)
    ජය… :D

  17. Udeshi

    අවුරැදු පහක් ද මංදා කතාවට .. කතාවට කොච්චර ආස උනාද කිව්වොත් සමහර දවස් වලට සබ් ඉල්ලලා කරදර කරපු දවසුත් තිබ්බා sorry .. එදා මෙදා තුර සබ් දිපු හැමොටම ස්තුතියි ❤ ..

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. Anonymous

    එල එල ස්තූතියි මෙච්චරකල් සබ් එක දුන්නට කට්ටියටම

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  21. Anonymous

    සබට ග‌ොඩාක් ස්තුුුුුුතියි සහෝ ජය වේවා

  22. Sandarusiru

    බොහොම ස්තුතියි

  23. Anonymous

    t

  24. Anonymous

    thanks.............................
    sehena kalekat passe okoma demma ehenm

  25. Dushan

    ela

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. UDARA DAMITH

    ayiyoooooo

  28. Dilan

    මෙච්චර කල් අපිට මේ කතාවට උපසිරසි දුන්න හැමෝටම බොහොම ස්තූතිය , ඔයාලා නැති වෙන්න අපිට මෙච්චර ලස්සනට මේක බලන්න බැරි වෙන්න තිබුනා ❤️❤️❤️❤️❤️

  29. lakshan

    thanks .............................

  30. Amila

    Thanks so much everyone !!

  31. Anonymous

    සුපිරි කතාවක අවසානය

  32. Sandaru Nimsara

    උපසිරැසි ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.