Watch Trailer

Siren [S01 : E01] Sinhala Subtitles | කැළඹුණු සයුරෙන් මතු වූ අමුත්තිය..!! [සිංහල උපසිරැසි සමඟ]

වෙනස් අන්දමේ කතා තේමාවලින් යුත් කතාමාලාවන් කීපයකටම උපසිරසි ලබාදෙන්න දායක වෙන්න ලැබුණු නිසාවෙන් තවත් වෙනස්ම ආකාරයේ කතාමාලාවකට උපසිරසි අරගෙන එන්න ඇතිවුණු ආසාවක ප්‍රතිඵලයක් විදිහට තමයි අද ඉඳන් ඔයාලට මේ අපූරු කතාමාලාව රසවිඳින්න ලැබෙන්නෙ. තනියම කරන්න බාරගත්තට පෞද්ගලික වැඩත් එක්කලා ඉක්මනින් මේ කතාමාලාවට…

වෙනස් අන්දමේ කතා තේමාවලින් යුත් කතාමාලාවන් කීපයකටම උපසිරසි ලබාදෙන්න දායක වෙන්න ලැබුණු නිසාවෙන් තවත් වෙනස්ම ආකාරයේ කතාමාලාවකට උපසිරසි අරගෙන එන්න ඇතිවුණු ආසාවක ප්‍රතිඵලයක් විදිහට තමයි අද ඉඳන් ඔයාලට මේ අපූරු කතාමාලාව රසවිඳින්න ලැබෙන්නෙ. තනියම කරන්න බාරගත්තට පෞද්ගලික වැඩත් එක්කලා ඉක්මනින් මේ කතාමාලාවට උපසිරසි ගන්වන්න අපහසු වුණු වෙලාවෙ මගේ සහයට බොහොම කැමැත්තෙන් වැඩේට අත ගහපු යුශාන් පියුමාල් අයියව මුලින්ම මතක් කරන්න ඕනි. ඒ වගෙම තමයි නිතරම වගේ මට උදව් කරපු සමීර කරුණාරත්න සහෝටයි, සිසිල ප්‍රසාද් අයියටයි ස්තුතියක් ලැබෙන්නම ඕනි. මේකට ලිපියක් ලියල දෙන්න කිව්වම ඔන්න බෑ නොකියා සමීර සහෝ ඒ කාරියත් අකුරටම කරල දුන්නා. එහෙනම් සමීර සහෝගෙ වචන වලින්ම කතාමාලාවට ඇරඹුමක් ලබාගන්නයි මේ සූදානම…

අපේ මේ පුංචි ලෝකය අඩකටත් වැඩියෙන් වටකරගෙන තියන ඒ නීලමහා සාගරය ඇත්තටම පුදුමාකාරයි. කොයි තරම් ලස්සන, නිසසල වුණත් තිබහට පැන් පොදක් නොදෙන මේ සාගරයට විටෙක අපේ බලාපොරොත්තු සියල්ල සුන් කරමින් ගොඩබිම ආක්‍රමණය කරන්නට වුවද හැකියාවක් පවතිනවා… දුපත් වාසීන් වන අපිට මෙවැනි දෙයක් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙව. නමුත් සැබවින්ම බිහිසුණු මේ සාගරය තුළ මොනතරම් නම් සුන්දරත්වයක් ගැබ්ව ඇති ද? මොනතරම් නම් අදෝනා ගැබ්ව ඇති ද? ඉතින් මේ සුදානම නිල්මහ සයුරේ තවත් ගුප්ත කතාවක් ඇසුරෙන් නිර්මිත කතා මාලාවක් ඔබ වෙත ගෙන එන්නයි….

Freeform නාලිකාව සෙවණේ වැඩෙන මේ කතා මාලාව පළමු කතා සාමය සඳහා කොටස් 10 ක් අන්තර්ගත කොටගෙන තිබෙනවා. කොටසක් මිනිත්තු 45 ක් වගේ කාල පරාසයක් පුරා දිවයන මේ කතාව Drama, Fantasy කාණ්ඩ නියෝජනය කරන IMDB 7.2 ක අගයක් ලබාගත්තා. මුල් කතා සාමය වෙනුවෙන් රෝටන් ටෝමාටෝ විචාරක පැසසුම 93%ක් වගේ ඉතා ඉහළ අගයක් ලබාගත්ත කතා මාලාවක්.

කතාවට පෙර අදහසක්..

බ්‍රිස්ටල් බොක්ක කවදවත් සාගරයත් එහි අරුම පුදුම ජීවින් එක්ක බැඳුන තැනක්… කොටින්ම කියනවා නම් ජනප්‍රවාදයේ හැටියට බ්‍රිස්ටල් බොක්ක අතීතයේ දිය කිදුරන්ගේ නිවහනක්. ඉතින් මේ නගරයක මහා අවුල් ජාලාවක පටලවමින් මතුවෙන අභිරහස් තරුණියක් එක්කයි අපේ කතාව දිව යන්නෙ…. ඔවුනට අරුම පුදුම වුන මේ ජීවින් එක්ක ඔවුන්ගෙ ඉතිහාසය අලංකාර ලෙස ඔවුන් සැමරුවා වුණත් හැම ඉතිහාසයකම වගේ මේ ඉතිහාසයත් ලේ තැවරුණ ඉතිහාසයක්, නමුත් සැබෑම ප්‍රශ්නය වන්නෙ එහි වර්තමානයත් ලේ තැවරුණ වර්තමානයක් ද ? කියන එකයි… මුහුටද ඉහ ඉද්දර මත්ස්‍ය සම්පත නිසාවෙන් ජීවිකාව රැකගන්නා මේ පුංචි නගරයට පොඩ්ඩක් එහායින් තියන හමුදා කදවුර තමයි ඉතින් මේ අනාගතය ගැන බලනකොට කතා කරන්න වෙන ස්ථානය… හුදෙක්ම හමුදා කදවුරක් නෙමෙයි එය පරීක්ෂණාගාරයක්… ඉතින් එහි අන්තරගතය මොකද්ද ? මොවුන්ගෙ අවසාන අරමුණ මොකද්ද ? ඒ සියල්ල ඔබට දැකගත හැකි වේවි….

නැවතත් අපි අභිරහස් තරුණිය වෙත හැරෙනවා නම් ඇයගේ අරමුණ සපුරාම වෙනස්, ඇයට නිවහන වුන සාගරය වෙත යන්න ඕන කම තිබ්බත් ඇයට ඒ නිදහස උරුම නොවන්නෙ ඇයගේ පවුල නිසාවෙන්…. එහෙම බලනකොට ඇය නගරයේ බොහොම දෙනෙකුට වඩා හොඳ මනුස්සයෙක්… මම ඇයි එහෙම කිව්වෙ කියන දෙය ඔබට බලාගන්න භාරයි…? ඉතින් ඇයගේ අරමුණ තමුන්ගෙ සොහොයුරිය නැවතත් මුහුදට අරගෙන යෑම… නිදහසේ රාත්‍රිය ගත කරන මේ දෙපලට මාළු දැලක එක අයෙක් හිරා කාරයෙක් වෙන හැටි බලා ඉන්න සිද්ධ වුණත් ඒ වැඩි වෙලාවක් වෙනකම් නෙවෙයි…. ධීවරයින් පවා මවිතයට පත් කරමින් පැමිණි හමුදා විශේෂ කාර්යය බලකා හෙලිකොප්ටර් යානයකින් ඔවුන් අල්ලාගත් ඒ අභිරහස රැගෙන යන්නෙ අභිරහස් තරුණියට ගොඩබිමට එන්නට පාර කපමින්…. නගරය පුරා කට කතාවක් පතුරවමින්….

මේ ඔක්කොම එක්ක තමුන්ගෙ පවුලේ අතීතය ගැන අදහසක් ලබා ගන්න උත්සහ දරණ තරුණයෙක් වන බෙන් සියල්ලටම වඩා අවුල් ජාලාවක…. ඔහුගෙ හිතේ වෙනසක් කරන්නට හැකි වුන් තරුණිය ඔහුව මරන්නට වෙර දරණ ලොවක අහිංසක ඔහුට ගැලවිය හැකි වේවි ද? නමුත් කතාවට අනුව නම් ඔහුත් හිතන තරම් අහිංසක නැති පාටයි….

ඉතින් මෙහෙම අවුල් ජාලයක් තුල තමයි අපි ඔබ දාමා යන්නෙ…. ඒ පුරා කොටස් 10 ක් පුරාවට ඔබට උත්තර ලබා දෙන පොරොන්දුවත් ඔබ ඉරිදියේ තබමින්… හැමදාම වගේ බයිස්කෝප් ඔබ වෙත අරගෙන එන්න කම්මැලි කමක් නැතුව බලන්න ඇහැකි මේ විශිෂ්ඨ කතාවටත් දෙන්න පොඩි අවස්තාවක් සැකයක් නැහැ ඔබ අපිත් එක්ක දෙවැනි කතා සමය වෙනුවෙන් ඇගිලි ගනීවි තව කිහිප දවසකින්….

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

52 comments

  1. ANJA14641

  2. Subhash13

    සුපිරිම මචන්.. දෙනකන් බලන් හිටපු series එකක්

  3. samanr23

    තෑන්ක්ස් බ්‍රෝ.......ජය.....

  4. neo513

    thnq brother

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Hiran Eranda

    ජය වේවා ඉසුරු අයියේ...බොහොම ස්තුතියි

  7. Navod Dilusha ND

    sub denakn bln idapu series ekak..thanq brother..

  8. Udara Damith Dissanayaka

    නියමයි මේ දවස්වල බලන්ඩ එකක් නැතුව හිටියේ

  9. Ayesh Prashan

    Thank You

  10. losaka

    Thank u BRO..

  11. nirodha uthpala

    Maxxa bn balanna harihaman tv series eakak natuwa hiya kalayak bn.thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya...

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.. මේ ටිකේ බලන්න සීරීස් එකක් නැතුව හිටියේ. මේ සීරිස් එක ගැනනම් කිසිම දෙයක් දන්නේ නෑ. අරගෙනම බලමුකෝ කෝමද කියලා! ජය වේවා!

    1. Susantha

      Siren season 2 සිංහල sub එකත් ඉක්මනින්ම ඕන.. මාරම ලස්සන කතාවක් ...

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Nadeesha rox alahakoon

    Tnx bro. Mekath sub denawata. Meka denakan balan hitiye aran balanna

  15. achala.ch

    සුපිරී ස්තූතිය උත්සහායට

  16. Jana

    Maxxa! :D

  17. Salith Jayangana

    මම කතාව නිකුත්වූ ගමන්ම බැලුවා බ්‍රෝ. ලස්සනයි ස්ටෝරි එක. තෑන්ක්ස් සබ් දුන්නට...ඒකෙන් කතාව තවත් පට්ට වේවි.

  18. ranga11112

    Mekanam balannama ona...thanks sahooo

  19. gihan123

    Subata patta thankz mcn,,,meka download karana widiyak kiyannako kauruhari danna kenek plz...

  20. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි.............ජය වේවා.................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. ishantharanga

    thanks bro

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Gathsara Umesh

    Ptta lipiy ayye..
    Bhoom sthuthiyi...
    Ayuge sub nm ithn kiynn dyk ne..
    Jywewaa...!!

  24. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඊයේ Freeform දවසක්ද කොහේදෝ...
    freeform series දෙකක්ම දීලා...

  25. Asanka Gayan RZ

    tnx isuru ayye

  26. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  27. thanula D

    තැනක්ස් සහෝදරයා සබ් එකට.ජයවේවා.......

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. SAjith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජ්යම වේවා...!!

  30. darshana100

    niyamsi saho

  31. suranuwan

    thank you...

  32. Lakshan

    Thanks Bro.

  33. sasala

    thanks sub ekata

  34. Supun shanika

    Tnz wasthu

  35. SanjulaJeter

    Thanks

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  38. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  39. arum zoysa

    Thank you bro..sub. ekata jaya wewa..!

  40. Kanchaka

    thanks

  41. Nimesh welgama

    thada thada

  42. madawaththa

    Elm tnx bro..

  43. Rumesh Asanka

    thank you

  44. Bandarata

    thanks machan...ubala naththan ithim mewa balanna wenne nane...

  45. Kasunbaba

    Aiye meke season 2 awith dan godak kal ..sub eka dennko

  46. Asiri Ushan

    මචං මේකේ season 02 එකත් ඇවිල්ල එකේ sub එකත් දෙන්න පුළුවන් ද? ඉක්මනින්

  47. tharushisajeewani

    Anee mata films download karanna bane

  48. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  49. [email protected]

    Season 02 එකෙත් සිංහල උපසිරැසි ඔනේ ඉක්මනට ,

  50. Sajithlakshan

    thanks .............................

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.