Watch Trailer

Siren [S02 : E01] Sinhala Subtitles | කිඳුරු කතාවේ දෙවැනි දිගහැරුම..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අපෙන් ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු වගෙම ගොඩක් දෙනෙක් ආසාවෙන් රසවිඳපු කතා මාලාවක දෙවෙනි දිගහැරුම ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. Siren කිව්වම මුල් කතා සමය බලපු කෙනෙක්ට නම් ආයෙ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැතිවෙයි. 2018 වසරේ මාර්තු 29 වැනිදා පටන් Freeform නාළිකාව ඔස්සේ විකාශය වීම ආරම්භ කරපු මේ අපූර…

ඔන්න අද අපෙන් ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු වගෙම ගොඩක් දෙනෙක් ආසාවෙන් රසවිඳපු කතා මාලාවක දෙවෙනි දිගහැරුම ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. Siren කිව්වම මුල් කතා සමය බලපු කෙනෙක්ට නම් ආයෙ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැතිවෙයි. 2018 වසරේ මාර්තු 29 වැනිදා පටන් Freeform නාළිකාව ඔස්සේ විකාශය වීම ආරම්භ කරපු මේ අපූරු කතා මාලාව කොටස් දහයක පළමු කතා සමය අවසන් කළේ දෙවැනි කතා සමයක් නිකුත් කරන බවට Freeform නාළිකාව විසින් නිළ වශයෙන් දැනුම් දීමෙන් පසුවයි.

මේ විදියට Siren කතාමාලාවේ දෙවැනි සමය 2019 ජනවාරි 24 පටන් Freeform නාළිකාවෙන් විකාශය වීම ආරම්භ කරල කොටස් 16ක කතාංගයකින් පසුව දෙවැනි සමය අවසන් කරනවා. දෙවැනි කතා සමය ආරම්භ වුණ දා පටන් ගොඩක් අය දෙවැනි සමයට උපසිරසි නොදෙන්නෙ ඇයිද කියන ප්‍රශ්නෙ අපෙන් අහල තිබුණා. මම ඒකටත් දැන් පිළිතුරක් දෙන්නම්. විකාශයට සමගාමීව උපසිරසි ලබාදෙන්න බැරි වුණේ පෞද්ගලිකව මමයි කලින් සීසන් එකේදි සහභාගී වුණු යුශාන් අයියයි දෙන්නම ගොඩක් කාර්‍යබහුල වුණ නිසාවෙනුයි. කාලයත් එක්ක දෙවැනි සමය අවසන් වුණත් මේ වෙනකන් උපසිරසි ලබාදෙන්න නොහැකි වෙන්න ඒ හේතුව බොහෝ දුරට බලපෑවා. කොහොමින් කොහොම හරි ඔන්න අද ඉඳන් ඔයාලට එක දිගට සම්පූර්ණ දෙවැනි කතා සමය බලන්න පුළුවන්. ඇත්තටම මට මේ සීසන් එක තනියම ඇදගන්න බැරිවෙලා උන්නු වෙලාවෙ බෑ නොකියා මේකට සහභාගී වුණු සහෝදර උපසිරසිකරුවන් පිරිසත් මතක් කරන්නම ඕන. තවත් එක දෙයක් මතක් කරලම යන්නම්. මේ වෙද්දි මේ කතා මාලාවෙ තෙවැනි සමයත් විකාශය වෙමින් පවතිනව. ඒත් තෙවැනි සමයට බොහෝ දුරට ලහි ලහියෙ නම් උපසිරසි ලබාදෙන්න බැරිවෙයි. මොකද උපසිකරණයට යොදවන්න ලැබෙන කාලය දැන් ගොඩක්ම හිඟවෙලයි තියෙන්නෙ. ඒත් නොවරදවාම උපසිරසි ලබා දෙන්නම් කියන පොරොන්දුව ඔයාලට දෙන්නම්. ඒ නිසා ටිකක් කලබල නොවී ඉවසීමෙන් ඉන්න ඕන හොඳද…

~~අද කොටසින්~~

සහෝදරියගේ වියෝව නිසා රින් මේ වෙද්දි බොහොම හිත් වේදනාවෙනුයි ඉන්නෙ. කලබලේට තමුන් කරපු දේ නිසා පසුතැවීමෙන් ඉන්න සැන්ඩර්ට ඕනවෙලා තියෙන්නෙ තමන් කරපු දේට හැමෝගෙන්ම සමාව අරගන්නයි. බෙනුයි මැඩීගෙයි අතරෙ බිඳුනු හිත නම් තාම සුවවෙලා නැති පාටයි. මාස දහයකට පස්සෙ හිටි ගමන් මැඩීගෙ අම්මටත් ආයෙ ගෙදර මතක් වෙනවා. මේ අතරවාරෙ මහ මුහුදෙත් අමුතුම දෙයක් සිද්දවෙන්න පටන් අරන් බව රින්ට තේරෙනවා. ඕල්ඩන් ඩෙකර්ගෙ මරණය ගැනත් කවුරුත් නොහිතන විදිහෙ හෝඩුවාවක් බිශොප් හොයාගන්නවා. මේ අතරවාරෙ නගර කවුන්සිලයෙන් කරන ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ බිශෝප්ගෙ රස්සාවත් නැතිවෙලා යනවා. සැන්ඩර්ට හිතවත්කම් පෙන්නගෙන අලුත් කාන්තා චරිතයකුත් නගරයට එනවා. මේ කෙනා කවුරු වුණත් හමුදාවෙන් කරන යටිකූට්ටු වැඩ වලට සම්බන්ද කෙනෙක්. කවුරුත් නොදන්න විදිහෙ ලොකු අකරතැබ්බයක් ළඟදීම බ්‍රිස්ටල් කොව් නගරයට සිද්දවෙන්න යන විත්තිය බිශොප්ට ඉව වැටෙනවා. මහ මුහුදෙ සිද්දවෙන මොකක් හරි දෙයක් නිසා මුහුදු ජීවීන් වගෙම කිඳුරු ජනයාටත් මහ මුහුදෙ ඉන්න බැරි තත්වයක් උදාවෙනවා. මේ අතරෙ රින් හෙලෙන්ට කවුරුවත් නොදන්න රහසකුත් හෙළි කරනවා. එහෙනම් අද කොටස බලලම ඉන්නකෝ…

#StaySafe

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

4,069 downloadsDownload Siren-S02-E01.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,069 downloadsDownload Subtitles26 KB

18 comments

  1. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අයියේ.............

  2. Samitha

    Ela bn....thanks

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට :) :) මේකෙ දැන් 3වෙනි සීසන් එකත් ඇවිල්ලා නිසා දිගටම සබ් දෙන්න දෙවනි සීසන් එකට සබ් දීලා නවත්තන්න එහෙම එපා ඈ :)
    ජය වේවා.!

  4. malindu Lakshan

    enakan balan hitiye. Thanks saho.

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්‍රෝ :)

  7. Anonymous

    sthuthi saho.lassana kathavak

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  10. Dilshan

    හම්මො ඇති යන්තම්... ගොඩක් කල් බලන් හිටියෙ..season 03 කොටස් ගානක් ඇවිත්

  11. Lakshan

    Thanks Bro.

  12. Dimuthu Kulathunga

    ආවා ආවා ඇතියන්තම්
    මග බල බල හිටියේ
    බොහොම ස්තූති සහෝ
    අනිත් Episode ටිකත් ඉක්මනින් දෙන්න

  13. kasun V Jay

    ස්තූති මචං බලාගෙන ඉදියේ

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. chinthaka.max4

    thankx machan

  17. Dumida

    Good luck season 3 eketh sub eka karamu

  18. shevin

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.