ආයුබෝවන්..! නොදැනීම ඔන්න අද තුන්වෙනි කතාංගයත් නිකුත් වුණා. ඉතිං කොහොමද ලොකු වැඩ ගොඩක් නොතිබුණු නිසාත්, හවස දෙක වගේ වෙනකොට උපසිරැසියක් නිකුත් වෙලා තිබුණු නිසාත් පුළුවන් වුණා ආපු දවසෙම සබ් එක ඉවරයක් කර ගන්න. එහෙනම් මොකටද ඉතිං වැල්වටාරම් නේද? බලමු පහුගිය සතියෙ වුණේ මොනවද කියල? ඉතිං පහුගිය කතාංගයේ දි අ…

ආයුබෝවන්..!
නොදැනීම ඔන්න අද තුන්වෙනි කතාංගයත් නිකුත් වුණා. ඉතිං කොහොමද ලොකු වැඩ ගොඩක් නොතිබුණු නිසාත්, හවස දෙක වගේ වෙනකොට උපසිරැසියක් නිකුත් වෙලා තිබුණු නිසාත් පුළුවන් වුණා ආපු දවසෙම සබ් එක ඉවරයක් කර ගන්න. එහෙනම් මොකටද ඉතිං වැල්වටාරම් නේද? බලමු පහුගිය සතියෙ වුණේ මොනවද කියල?
ඉතිං පහුගිය කතාංගයේ දි අපි දැක්ක බ්‍රේන්වේව්, කෝර්ට්නිව හොයනව. තව පොඩ්ඩෙන් ඊට කලින් බ්‍රේන්වේව්ට අහු වෙලා මැරුම් කන්න හැදුවත් කොහොමහරි මුල් වතාවෙ බේරෙන්න ස්ටාර්ගර්ල් සමත් වෙනව. ඊට පස්සෙ ඉස්කෝලේ සුහද හමුවෙදි කෝර්ට්නි, බ්‍රේන්වේව්ට අහු වෙනව. එතනදි බ්‍රේන්වේව් තර්ජනය කරනව යෂ්ටිය ගෙනත් දුන්නෙ නැත්තං බාබරා නැත්තං කෝර්ට්නිගෙ අම්ම මරල දානව කියල. මේ සිද්ධියෙන් පස්සෙ පැට් තනියම බ්‍රේන්වේව් එක්ක සටනට යනව. හැබැයි කෝර්ට්නි නිකං බලන් ඉන්නෙ නෑ. ගිහින් හොඳ සටනක් දෙනව බ්‍රේන්වේව්ට. ඒ සටනෙන් බ්‍රේන්වේව්ගෙ ස්නායු වලට හානි වෙලා ඔහු කෝමා තත්වයට පත් වෙනව.
ඔන්න අද තමයි ලොකුම ගේම්කාරය පොර පිටියට එන්නෙ. අයිසිකල්. අයිසිකල් තමයි ස්ටාර්මෑන් මරල දැම්මෙ. ඉතිං අයිසිකල් ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නෙ ස්ටාර්ගර්ල් මරල දාන එක මහ කජ්ජක් නෙවෙයි කියල. එහෙම හිතාගෙන ඇමක් අටවල ස්ටාර්ගර්ල් එළියට ගන්න අයිසිකල් සමත් වෙනව. හැබැයි මෙත්නදි ස්ටාර්ගර්ල්ට වඩා ලොකු හානියක් අයිසිකල් විසින් කරන්නෙ වෙන පිරිසකට. ඒ වගේම අද පැට්, යුක්තියේ සමාජය ගැන වඩා හොඳ විස්තරයක් කෝර්ට්නිට කියනව. ඔන්න ඊට පස්සෙ කෝර්ට්නි පැහුණු වැඩක් කරන්න යන්නෙ. ඊලඟ සතියෙ අලුත් චරිතයක් අඳුනා ගන්න ලැබෙයි. ඒ වගේම අද චරිත දෙකක් කතා මාලාවෙන් සමු ගන්නව. එහෙනම් ඊලඟ සතියෙදි ආයෙත් මුණගැහෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,638 downloadsDownload Stargirl-2020-S01-E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
24 comments
Uvindu
Bhathiya
4 වෙනි එක දෙන්නඩෝ
rihanakash521
Thn z sub ekata
Sandarunimsara
සබ් එකට බොහොම ස්තූතියි සහෝ❤
Kavindu
Thanaks
Vanuja Dinsara
දිගටම කරම් යන්න බ්‍රෝ මේ සීරියස් එකටත්....රිලීස් වෙන දවසෙම තුන් වෙනි එපියට සබ් එක දුන්න වගේ ඊලග ඒවටත් දෙන්නෝ....ගුඩ් ලක් බයිස්කෝප්...❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
ක්‍ෂණිකව දාලා නොවෑ..
තැන්ක්ස් ඈ..Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
tq sub ekt bn puluwm super girlt sub denn. magadi nawathannn ep bn. jaya wewa bn
Anonymous
Thanks bro
Nuwandika Dilshan
Thanks kollo
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Udara Damith Dissanayaka
ela
චමා
Episode 4 ඉක්මනට දෙන්නකො
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
4 වෙනි එපියටත් ඕන ඉක්කන්ට
YasasPerera
thanks mchn...
Anonymous
Subata thanks
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
chinthaka.max4
thanx machan
lakshan
thanks ..................
Advertisement



බොහෝම ස්තුතියි උපසිරසට