ඔන්න යාළුවනේ දවස් ගානකට පස්සෙ තවත් සිංහල උපසිරැසියක් අරගෙන මම මේ පැත්තට ආවා. මගේ අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලත්වය නිසා ආයෙත් ස්කෝපියන් එනකම් මුකුත් කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේක ආපු දවසෙම මට කීප දෙනෙක්ගෙන්ම මූණු පොතේ පණිවිඩ ලැබිලා තිබුණා සබ් එක කරනවද කියලා. මොනවා උනත් මගේ සිංහල උපසිරැසි ක…

ඔන්න යාළුවනේ දවස් ගානකට පස්සෙ තවත් සිංහල උපසිරැසියක් අරගෙන මම මේ පැත්තට ආවා. මගේ අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලත්වය නිසා ආයෙත් ස්කෝපියන් එනකම් මුකුත් කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේක ආපු දවසෙම මට කීප දෙනෙක්ගෙන්ම මූණු පොතේ පණිවිඩ ලැබිලා තිබුණා සබ් එක කරනවද කියලා. මොනවා උනත් මගේ සිංහල උපසිරැසි කෙරුවාව ආරම්භ උනේ මේ කතාවෙන් නිසා කොච්චර කාර්යබහුල උනත් ඔන්න 3 වෙනි අදියරයටත් අත ගැහුවා. අදියර දෙකක කොටස් 26 ක් පුරාවට අපි ඇමෙරිකාවෙ චෙස්ටර්ස් මිල් කියන කුඩා නගරයට කඩා වැටුණු විනිවිද පෙනෙන බාධකයක් ගැන 2013 වසරේ සිට නැරඹුවා. ආරම්භයේ සිට මේ කතාවට උපසිරැසි ගෙනාවෙ පුබුදු සහෝ. ඔහුවත් මතක් කරගෙනම දෙවන අදියරය අවසාන උනේ කොහොමද කියලා මතක නැති අයට මම බොහොම කෙටියෙන් කතාව මතක් කරන්නම්.
දෙවන අදියරය වෙනකොට අළුත් චරිත කිහිපයක් එකතු වෙලා පරණ චරිත කිහිපයක් නැති වෙලා කතාව වෙනස්ම මාර්ගයකට යොමු උනා. නගරයේ පාසල තුලින් සොයා ගත් උමං මාර්ගයක් නිසාවෙන් බාධකයෙන් එළියට යන්න පුළුවන් ක්‍රමයක් බාර්බි ඇතුළු පිරිස හොයා ගත්තා. ඒ අතරේ මෙච්චර කාලයක් නැති වෙලා කියලා හිටපු ජූනියර්ගේ අම්මා නැත්නම් බිග් ජිම්ගේ බිරිඳ ජීවත්ව සිටින බවත් දැන ගන්නට ලැබුණා. පාසල් කාලයේ සෑම්ගේ පෙම්වතිය උන මෙලනි මිය ගියාට නැවත වර්තමානයේ උපන්නෙ බාධකය එක්ක ඇයගේ ලොකු සබඳතාවයක් ඇති බව පෙන්වමින්. කොහොමින් කොහොම හරි නගරයේ සියළු දෙනා එකතු කරගෙන බාර්බිගේ මූලිකත්වයෙන් උමඟ දිගේ ගිහින් බාධකයෙන් එළියට යන්නයි සූදානම. ඒත් ඉතින් හැම කතාවකම මොන හොඳ දේ කරන්න ගියත් දුෂ්ටයා කඩා පාත් වෙනවා වගේ බිග් ජිම් බොහොම දරුණු කෙනෙක් වෙනවා පෝලීන් මිය ගියාට පස්සෙ. හැමෝම එළියට යන්න සූදානමින් යන අතරේ ජූලියා, ජූනියර් සහ බිග් ජිම් හැර අනෙක් අයට උමගේ කෙළවරකට ළඟා වෙන්න හැකියාව ලැබෙනවා. බිග් ජිම්ට වෙඩි වැදී පොළවෙන් මතුපිට සිටින අතර, පස් කඩා වැටීමක් නිසා ජූනියර් සහ ජූලියා උමඟ තුල ඉදිරියට යා නොහැකිව සිර වෙනවා. බාර්බි ඇතුළු සියළු දෙනාම උමඟ කෙළවරදි මෙලනිව මුණ ගැහෙනවා. ඇය පවසන්නෙ ඇය පසුපස පැමිණෙන්න කියලා. ඒත් මෙලනි පසුපස කොහේට යනවාද මොකද වෙන්නෙ කියලා හිතලා බලන්න කුතුහලය වැඩි කරමින් ඔන්න ඔහොම දෙවන අදියරය අවසාන උනා.
3 වන අදියරය ගැන කතා කළොත්, මෙවර පළමු සහ දෙවන කොටස් දෙකම එකතු කරලා මිනිත්තු 83 ක ධාවන කාලයක් සහිතව නිකුත් වෙලා තියෙන්නෙ. අද මොකද වෙන්නෙ කියන එක ගැන මං මුකුත්ම කියන්නෙ නැත්තෙ ලිපිය දිග වැඩි වෙන නිසා නෙවෙයි, ඒක කුතුහලය එක්ක බලන්න ඕනෙ නිසා. ඒත් මං එක දෙයක් කියන්නම්. මං මේක බලලා ඉවර උනාට පස්සෙ මගේ ඔළුවත් පිස්සු වැටුණා වගේ. එකදිගට, එක හුස්මට බලාගෙන යන්න නම් පුළුවන්. හිතා ගන්න බැරි කිසි විටෙක බලාපොරොත්තු නොවූ දේවල් කිහිපයක් අද කතාව ආරම්භයත් එක්කම පෙන්වනවා. අළුත් චරිත කිහිපයකුත් 3 වෙනි අදියරයට එකතු වෙනවා. මේක විකාශය උනේ 25 වෙනිද රෑ උනාට අපිට මේක ලැබෙන්නෙ 26 උදේ. ඒක ඔයාලා දන්නවනේ. ඒත් ඔයාලා බලන් ඉන්න ඇති ඇයි මේක පරක්කු කියලා. මගේ කාර්යබහුලත්වය සහ කොටස් 2ක් එකතු කරලා එකක් හදලා තිබුණු නිසා වැඩි ලයින් ගානක් තිබුණා. ඉතින් මේක කරන්න වෙනදට වඩා වැඩි වෙලාවක් යනවනේ. අපේ විමා සහෝගෙනුත් මේ උපසිරැසිය කරගන්න සහයෝගය ලැබුණා. ඔහුටත් අපේ අනිත් ඇඩ්මින්ලා සෙට් එකටත් ස්තුති කරන ගමන් මං යනවා. එහෙනම්, ලබන සතියේ සිට චෙස්ටර්ස් මිල් නගරයේ ඉඳන් මේ කතාව සමඟ එක්වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
බයිස්කෝප් අඩවියට ජය !!!
678 MB කොපිය මෙතනින් බාගන්න 8EF37BF6E619CA693EF7C6D2B4D80F559A063E4C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,602 downloadsDownload Under_the_Dome_S03E01-02_baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
115 comments
Sampath
R.D
" The Last Ship " Tv series ekatath kauru hari sub dendako...................
thisal
The Last Ship ”s2 ekt sub oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Tharindu
Thankuuuuuuuu Akkiyoooooooo enakn balan Hitiye Godak thanks
සුපුන් බුද්ධික
සබ් එක දෙනකම් බලාගෙන හිටියේ..
එහෙනම් බලමුකො මොකො වෙන්නෙ කියලා..
ගොඩක් ස්තූතියි සිස් සබ් එකට..
ඒ වගේම Tyrant සීසන් 2 එකටත් සබ් දෙන්න..
ඊයේ ආවා Falling Skies සීසන් 5 එකත් ටිකක් බලන්න..ජය වේවා !!!
Tharindu
ekath awada Ade pattaaaaaaaaaaaaa
Asanka
පට්ට...........
Ishan gihantha
thanka machan
malinda
amme meka denakan agili gana gana hitite athakotama menna dila .
subata thanx wenna oni.ekmanatama dunnata.ahenam next week hamu wemu.ediriyatath mehemama sub aka denna suba pathanawa.nawodi thathsarani
thanzzzz for sub..
tiron
ammo athi yaanthan. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Thanu
Thanku sis, meka mechchara ikmanata dei kyala hithuwe na
sameera
මේක එනකල් බලන් හිටියේ .... බොහොම ස්තුති සහෝදරි සබ් එකට .......ජයවේව.....
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
chenuka
“ෂෙරින් සමාධි ගිනිගේ” ඔබට බොහොම ස්තුති
ns
බොහොම ස්තුති
නිර්මාණී
මෙන්න පටන් අරන්. නියමයි.
බොහොම ස්තූතියි ෂෙරින් උපසිරසියට. එනකන් බලන් හිටියෙ. :DAchintha Sameera
ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට
ඔයානම් ෂෝක්,දැන් පරණ ඒවාට සබ් එක දෙන්න පෙළක් අය හොර වෙලා වගේ
එකට දැන් ඔයා ඉන්න නිසා හොදයි,
අපි වෙනුවෙන් කරන වැඩේ නම් සුප්පTharindu
Thank you very much sherin :-)
Harsha
Meka mechchara ikmanata ei kiyala mama Nam hithagenawath hitiye ne. Thank you soooooooo much sahodaree Meka ikmntm dunnata
Sureni Athurugiri
හම්මේ මේ බලන්න හැදුවා විතරයි. සතුතියි සබට.
“චූටී මල්ලි”
tnx
Kasun Widusha
Tnx akki sub ekata
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝදරි :D තවම කොපිය ගන්නත් බැරි උනා :) මෙන්න සබ ගත්තා තව ටිකකින් බලනවා එහෙනං ජය වේවා !!
Kasun
Tx කෙල්ලෙ. මේක එනකම් හිටියේ.
එල්.සි. දමැල්
නියමයි අළුත් වැඩකට අත ගහලා තියෙන්නෙ...
සමාවෙන්න ඕණ හැමදාම කමෙන්ට් කරන්න බැරි වෙයි සීරීස් එක අවසන් වෙනකං ඉන්නවා බාගත කරගන්න...
උපසිරස සැමටම ස්තූතියි ෂෙරීන් සහෝදරී...
ජය...SJ
සබ් එකට තෑන්ක්ස් සහොදරී .......
අදිත ප්‍රවීන්
කලින්ම බාලා තියාගත්තා . දැන් සබ එක්කම බලනවා .
බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ සබට .
දිගටම දෙමු.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Buddhika
මේක එනකල් බලන් හිටියේ …. තෑන්ක්ස්
Dhanushka
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නලින්
අම්මෝ, ෂෙරින් මේක දෙනකල් නිකං කලන්තේ හැදිලා වගේ හිටියේ. සබ එක්කම බලන්න ඕනේ නිසා...
ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
ජය වේවා! උම්මා !
ශාන් විමුක්ති [විමා]
නලියෝ.... o.O
ශාන් විමුක්ති [විමා]
ඒක ඉතින් ඒ හැටි උදව්වක් නෙවේ නොවැ
මටත් මරාලයක් කඩා පහත් උනානෙ ඉතින්
සබට බොහොම තුති අක්කෙ
එහෙමනම් පමා වෙලා උනත් කමක් නෑ ඉතිරි ටිකටත් උපසිරසි අරන් එන්න
බලන්න ටීවී සීරියස් මොකවත්ම නැහැ දැන් :(
R.D
බොහෝම ස්තුතියි සහෝදරී.............මේක දෙයි කියලා බලාගෙන හිටියේ........ඊළඟ කොටසින් හමුවෙමු.
Chathura Kaushalya
patt mcn thanx a lot
Chathura Kaushalya
patt mcn thanx a lot
Chandimal
Thanks man....
VisH
බොහොම ස්තුතියි..... :)
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. බලමු බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. ජය෴෴ :P :P
DDT
බොහෝම ස්තූතියි සබ් එකට. කතාව බාගෙන බලාගෙන හිටියෙ සිංහල සබ් එක දෙයි කියල බයිස්කෝප් එකෙන්.
chicago pd season 02 ඉතුරු එපිසෝඩ් පහක - හයක සබ් දැන් ගොඩක් කල් වෙනව නැවතිලා. ඒ ගැන පොඩ්ඩක් බලන්න කියලත් ඇඩ්මින්ලා සෙට් එකෙන් පොඩි ඉල්ලීමක් කරනවා.
Nimal
” The Last Ship ” Tv series ekatath kauru hari SUB dendako………
Dharshamal
amme ati yantham
Rasidu
Niyamayi. Mekata Sub denakan hitiye. Sub ekata Thanx.
Manoj
බොහොම ස්තූතියි සහෝ
ඉස්සරහටත් ඔහොමම කරගෙන යමුHiran
ආපු ගමන් සබ් එක දුන්න එකට ස්තුතියි සහෝදරී ....!! :-)
පුළුවන් නම් last ship s02 එකටත් සබ් දෙන්න
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි..
මේ කතාව අමතක වෙලාම ගිහිං තිබ්බේ..
විමා මේක බලනවා කියල fb එකේ දැම්මම තමයි ආයේ මතක් වුනේ..
කතා කිහිපයක්ම ඉවර වුනු එකේ දැන් ඉතින් මේකේ පිහිට තමා..
බොහොම ස්තුතියි උපසිරසියට..
ජය වේවා!!thisal
ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට
Dulitha
Thank You...
harsha
බොහෝම බොහෝම බොහෝම ස්තූතියි නගෝ. මම කතාව බාගත්තා නමුත් බලන්නේ නැතුව හිටියා සබ් එක දෙයි කියන විශ්වාසයෙන්. ඔන්න දැන් එ පැතුම ඉටුවෙලා. ඉතින් පමා නොවී වැඩේට බහිමු නේද ජයවේවා
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
නියමයි සහෝදරී.
කතාව නම් ඊයේ රෑම නිදි වරාගෙන ගොඩ දැම්මා. :)
උපසිරැසියට ස්තුතියි.
කාලෙකට පස්සේ අඩවිය පැත්තේ දැක්කේ.
ඔහොම යං. :) :)ආයු -බෝ -වේවා !!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් ෂෙරින් සහෝදරී!
සලෝ
සබ් එකට බොහොම ස්තූති අක්කියො.....එනකන් බලන් හිටපු කතාවක්....
thush
thanx shho
pasindu
me torrent eka down karanna bene
Chandima
thankzz bro patta kathawak kalayak balan hitiya season 3 balanna elakiri
Chandima
sorry wenda oneee bro nemei sis ok
sameera lakshan
thanks sis..api hithuwa oyama mekatath sub dei kiyala...digatama sub denna...
Advertisement

Thankzzzzzzzzzzzzzzzzzzzzzzz