Watch Trailer

Underwater (2020) Sinhala Subtitle | සාගර ගැඹුරේ සිටින අත්භූත සත්වයා… [සිංහල උපසිරැසි සමඟ]

පෘථිවිය කෙතරම් විශ්‍මයජනකද? එය සමහර අවස්ථාවදී වචන වලට පෙරලන්න බැහැ. පෘථිවිය කියන්නෙ ගුප්ත ස්ථානයක්. අදටත් මනුෂ්‍යයින් වෙන අපි හොයාගෙන නැති දේවල් බොහෝමයි. පෘථිවි පෘෂ්ඨයෙද වගේම සාගරයෙ. පෘථිවියෙ විවිධ භූ විෂමතා අනුව කඳු සහ ආගාධ වැනි දේවල් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ලොව උසම කන්ද ලෙස හඳුන්වන්නෙ එවරස්ට්…

පෘථිවිය කෙතරම් විශ්‍මයජනකද? එය සමහර අවස්ථාවදී වචන වලට පෙරලන්න බැහැ. පෘථිවිය කියන්නෙ ගුප්ත ස්ථානයක්. අදටත් මනුෂ්‍යයින් වෙන අපි හොයාගෙන නැති දේවල් බොහෝමයි. පෘථිවි පෘෂ්ඨයෙද වගේම සාගරයෙ.

පෘථිවියෙ විවිධ භූ විෂමතා අනුව කඳු සහ ආගාධ වැනි දේවල් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ලොව උසම කන්ද ලෙස හඳුන්වන්නෙ එවරස්ට් කන්දයි. මෙහි උස ප්‍රමාණය දළ වශයෙන් අරගත්තොත් මීටර් 8848 ක ප්‍රමාණයක් අරගන්නවා. ඒවගේම ලොව ගැඹුරුම ස්ථානය ලෙස හඳුන්වන්නෙ මරියානා ආගාධයයි. සාගරයෙ ඇති ගැඹුරුම ස්ථානය. එහි ගැඹුර මීටර් 10,994 ක ප්‍රමාණයක්. ඉතිං එය ලොව උසම කන්ද වෙන එවරස්ට් කන්දත් පරාජය කරනවා. එවරස්ට් කන්ද මරියානා ආගාධයෙ ගිල්ලුවත් ඒ කඳු මුදුන මුහුදු මට්ටමේ මීටර් 2146 ක් පහළින් තමයි පවතින්නෙ. ඉතිං ඔයාලටම තේරෙනවා ඇතිනෙ එය කොච්චර ගැඹුරු ස්ථානයක්ද කියලා.

~ මරියානා ආගාධයෙ පිහිටුම ~

මරියානා ආගාධය ප්‍රථම වර හොයාගෙන වගේම එහි ගැඹුර හොයාගෙන ඇත්තෙ 1875 වර්ෂයෙදීය. ඒ ශබ්ද තරංග උපයෝගී කරගනිමින්. ඉන්පසුව 1899 වර්ෂයෙදී නැවත වරායක් මෙය ශබ්ද තරංග උපයෝගී කරගෙන සිදු කරනවා. ඉන්පසුව නැවතත් සිදු කරන්නෙ 1957 වර්ෂයෙ සෝවියට් පර්යේෂණ නැවක් පාවිච්චි කරමින්. මොවුන් කලින් සිදු කරනු ලැබූ ගැඹුරකට වඩා ගැඹුරක් ඇති බව සනාථ කළා. ඒ මීටර් 10,990 ක්. පසුව නව තාක්‍ෂණයෙ ඇති දියුණුවත් සමඟ ඔවුන් වැරදි බවටත් ඔප්පු කිරීමට පුළුවන් වුණා. ඉතිං මේ මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තෙ පෘථිවි පෘෂ්ඨ දෙකක් එකිනෙක ඝට්ටනය වීමෙන්. මේවා හඳුන්වන්නෙ භූ තැටි ලෙසයි. ඒ ඝට්ටනය නිසා එක් පෘෂ්ඨයක් අනිකෙන් ඈත් වී මුහුදට කිදාබැස ඇත. මෙලෙස පෘෂ්ඨය පෘතුවියේ බාහිර ස්ථරයෙන් යටට කිඳා බැසීමක් සිදු වී තිබෙනවා. මෙලෙස ගැටුණු පෘෂ්ඨ හේතුවෙන් විශාල ආගාධයක් නිර්මාණය වුණා. එය තමයි ”මරියානා ආගාධය” ලෙස හඳුන්වන්නෙ.

~ මරියානා ආගාධයෙ භූ පිහිටුම ~

ඉතිං මේ මරියානා ආගාධයෙ පහළට ගමන් කරන්න කරන්න කළුවර වැඩිවෙනවා. මොකද මුහුදට හිරු එළිය වැටෙන්නෙ කිලෝමීටර් ගාණක් වෙනකම් පමණයි. ඉතිං සූර්ය රෂ්මිය ක්‍රමයෙන් අඩු වෙනවාත් එක්කම එහි තිබෙන උෂ්ණත්වයද අඩු වෙනවා. ඒවගේම තමයි එහි තිබෙන පීඩනයත් ගොඩක් වැඩිවෙනවා. මරියානා ආගාධයෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1-4 ප්‍රමාණයක් තමයි තිබෙන්නෙ. ඉතිං මේ මරියානා ආගාධය 1960 වර්ෂයෙදී ගවේෂණය කිරීමක් සිදු කර තිබෙනවා. ඒ ”Jacques Piccard” හා ”Don Walsh” පුද්ගලයින් විසින්. නමුත් මොවුන්ට ගැඹුරුම ස්ථාන වල ජයාරූප අරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ.

~ මරියානා ආගාධයට යැවු ප්‍රථම යාත්‍රාව ~

 

කොහොමහරි මෙලෙස ගවේෂණ කිහිප වතාවක් සිදු වි තිබෙනවා. ඉතිං මෙලෙස ගවේෂණ කටයුතු සිදු කිරීමට හැකියාවක් ලැබුණේ මීටර් 10,902 සිට මීටර් 10,916 ක් දක්වා ඇති ගැඹුරක්. ඉන්පසුව 2012 වර්ෂයෙදී තාක්‍ෂණය අතින් දියුණුවක් ඇති වකවානුවේ කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන ”James Cameron” එහෙම නැත්තම් ”Avatar” සහ ”Titanic” චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් ඩොකියුමන්ටරි චිත්‍රපටයක් නිර්මාණය කරනවා ”The Deepsea Challenger” නමින්. ඔහු එහිදී මරියානා ආගාධයෙ මීටර් 10,908 ක ගැඹුරකට ගොස් තිබෙනවා.

~ චිත්‍රපටය සඳහා නිකුත් වුණු පෝස්ටරය ~

ඉතිං මෙලෙස පහළට ගමන් කරන්න එක්තරා විශේෂ ආකරායෙ මත්සයින් දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඇත්තටම එවැනි පිඩනයකට සහ එවැනි අඩු උෂ්ණත්වයත තුළ ජීවින් හැඩගැසී තිබෙනවා කියන එක ඇත්තටම විශ්මයජනකයි. හැබැයි දැනට හොයාගෙන ඇත්තෙ අල්ප ප්‍රමාණයක මත්සයින්.

~ සාගර ගැඹුරේ ජිවත් වෙන ජීවින් ~

ඒවගේම කියන්න ඕනෙ උඩ ඉන්නෙ සාගර ගැඹුරේ ජිවත් වෙන ජීවින් කිහිප දෙනෙක් විතරයි. තවත් ජීවින් ඉන්නවා. ඒවගේම තමයි මේ වෙනකොටත් සොයාගෙන නැති ජිවිනුත්. හැමදාටමත් මිත්‍යාවක් ලෙස ජිවත් වෙන ජීවින්. මනුෂ්‍ය වර්ගයට තර්ජනයක් වෙන ජීවින්. එහෙනම් මේ අරගෙන එන්නෙ එවැනි ආකාරයෙ මනුෂ්‍ය වර්ගයට තර්ජනයක් වෙන බයානක ජිවිතෙක් මනුෂ්‍යයින් වන අපෙ වැරදි වලින් මතුපිටට අරගන්නා චිත්‍රපටයක් සමඟයි.

”Unterwater” මේ වෙනකොට හැමෝම වගේ චිත්‍රපටය ගැන දැනුවත්වත් ඇති. කොහොමහරි චිත්‍රපටය එන්න තිබුණේ 2019 වර්ෂයෙ දෙසැම්බර් මස. නමුත් ”ඩිස්නි” සහ ”ෆොක්ස්” ගණුදෙනුවක් නිසා තිබිච්ච හැම චිත්‍රපටයක්ම වගේ නිකුත් වීමට තිබුණු දින වෙනස් වුණා. මේ වෙනකොට ”IMDb දර්ශකයෙ 6.1” වැනි අගයකුත්,”Rotten Tomatoes දර්ශකයෙ අගය 46%” වැනි අගයකුත් ලබාගැනීමට සමත් වී තිබෙනවා. පැයයි විනාඩි 35 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Action l Drama l Sci-Fi l Horror l Mystery l Thriller යන කාණ්ඩ වලටයි. අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ ”William Eubank” විසින්. ඒවගේම තමයි රංගනයෙන් Kristen Stewart l T.J. Miller l Jessica Henwick l Vincent Cassel l John Gallagher Jr. l Mamoudou Athie l Mamoudou Athie දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

නෝරා කියන්නෙ යාන්ත්‍රික ඉංජිනේරුවරියක්. ඒවගේම තමයි ඇය තමන්ගෙ කසාඳය ගැන ගොඩක් ලතැවුලෙන් ඉන්නෙ. මොකද ඔහු වෙන් වෙච්ච කෙනෙක්. කොහොමහරි මැය මුහුදෙ පතුලෙ ඇති විදුම් මධ්‍යස්ථානයක තමයි වැඩ කරන්නෙ. ඔන්න දවසක් ඒ හැමදේම කණපිට පෙරෙලෙනවා. කිසිම කෙනෙක් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. මුළු විදුම්යතයෙම ජල කාන්දුවක් ඇති වෙනවා. කොහොමහරි නෝරා ඉන්න තට්ටුවෙන් බේරෙන්න වෙන්නෙ ඇයටයි තව කෙනෙක්ටයි විතරයි. පස්සෙ මෙයාලා මතුපිටට ගමන් කරන්න මාර්ගයක් හොයන අතරේ අනතුරේ වැටිච්ච කට්ටියට උදව් කරනවා. කොහොමහරි මේකෙන් ඉතුරු වෙන්නෙ කිහිප දෙනෙක් විතරයි. ඒවගේම තමයි මතුපිටට යන්න තිබුණු සෑම කුටිරයක්ම වගේ ඉවර වෙනවා. පස්සෙ මෙයාලා කරන්නෙ මුහුදු පතුලටම ගිහිං අනිත් ස්ටේෂන් එකට යන්න. ඒක හැතැප්ම ගාණක් එහායින් තියෙන එකක්. ඒවගේම මොහුන්ට කිසිම යාත්‍රාවක් නැහැ එහාට යන්න. ඇවිදගෙන තමයි යන්නෙ. මෙහෙම ටික වෙලාවක් යද්දී මෙයාලට අමුතු දෙයක් දකිනවා. ඒ මොවුන් කෙදිනකවත් දැකල නැති ජීවියෙක්. ඒවගේම තමයි අමුතුම ස්වරුපයක් අරගන්න සත්වයෙක්. ගොඩක්ම බයානක දේ වෙන්නෙ මොවුන් මාංශ භක්ෂකයින් වීම. ඉතිං මෙවැනි වාතාවරණයකදී මෙයාලාට දුවල බේරෙන්න පුළුවන් වෙයිද? ඇත්තම කවුද මේ අමුතු ගුප්ත සත්වයා? කියන හැමදේම පිළිතුරු ලැබෙයි අවසානය වෙනකම් නැරඹුවොත්.

තවත් උපසිරැසකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

36,781 downloadsDownload Underwater-2020-Blu-Ray.zip141 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

36,781 downloadsDownload Subtitles141 KB

91 comments

  1. oshanda

    ස්තූතියි සහෝ

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The Gentlemen (2019)

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

  4. Ayesh Prashan

    Thank You

  5. dineshrandika1990

    me film eka download karanna link ekak dennako danna kenek

  6. Shaggie

    Thnks mchn

  7. Black Hwlk

    Thank you මචෝ

  8. LB Roshan

    ela thanks bro

  9. Anonymous

    supiri bro

  10. Hemantha De Silva

    ස්තුතියි රවිඳු..
    අවශ්‍යම කාලයක තමයි මේක නම් දුන්නේ...
    ජයවේවා...

  11. silentnight

    Bohoma sthuthi sahoo obata..jaya wewa..

  12. MADUSHA NADEESHAN

    මේ වගේ අවස්තාවකත් සබ් දෙන එකට ගොඩාක් ස්තූතී

  13. gayan215

    bohoma sthuthi saho..

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Rumesh dhanushka

    Thanks ravidu

  16. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ...

  17. Suranjan

    Thanks jayawewa......!

  18. Anonymous

    thanks............

  19. sathyajith

    thanks for the sub

  20. nuwanlankapriya

    උපසිරැසියට ගොඩක්ම ස්තුතියි...

  21. ruchiralakmal

    Thanks for the sub!!!!!!

  22. Anonymous

    Thank you bro

  23. isuru srinath sjs

    ස්තුතියි මචන්..

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. YasasPerera

    thanks bro..

  26. rockz2020

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ..♥

  27. nish47

    ස්තූතියි සහෝ

  28. thanks

    thanks

  29. Dilu

    ️️️

  30. Hemal

    Thank you

  31. Eraaa

    Patta oya hodata explain karala tynwa thanks

    1. Rasika

      ගොඩක් වැදගත් ලිපියක්..උපසිරට ගොඩක් ස්තුතියි

  32. හෂාන්

    හොඳ ලිපියක්. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  33. indika75

    thanks..

  34. Anonymous

    Thanks bro...

  35. Anonymous

    Thanks bro

  36. tv malli

    niyama lipiyak...sub ekata tnx bro

  37. Amila Mudalige

    Sub ekata Thanks

  38. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA - BUDU SARANAI

  39. Pramukmili

    Thanx bro............

  40. Anonymous

    BluRay ekata sub danno

    1. Madhu@7

      Bluray එකට update ඕන.

  41. Madhu@7

    Bluray එකට Update එක දෙන්නෝ...

  42. RavinduMax

    thnx for the sub.bluray update eka dnna...

  43. Ushan

    Thz mcn

  44. D.Chamara

    bohoma sthuthi

  45. srgtd321

    Thanks malli..

  46. reshan-hasanga

    Thanx

  47. Shivantha Silva

    උපසිරැසියට ස්තුතියි. ඔබට ජය.

  48. NImesh

    Bluray ekt set wena subtitle eka daannko Bluray eka awithneh Download karan blan innawa Sub eka update krankm

  49. Sumi

    Thank for sub

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.