Watch Trailer

Vehicle 19 (2013) | යුක්තිය වෙනුවෙන් පොලීසියට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔබ මෝටර් රථයක් පරිහරණය කරනවා ද? මම ඒ ඇයි කියල ඇහුවොත් ඔබ කියාවි, මගේ වැඩ පහසු කරගන්න, කාලය ඉතිරි කරගන්න වගේ උත්තර. නමුත් වෙනත් නොදන්නා රටක සංචාරය කරන අවස්ථාවල අපෙගේ මොටර් රථය රැගෙන යාමට හැක්කේ අප කීයෙන් කී දෙනාටද? එමනිසා අපි අදාල රටේ ගුවන් තොටුපොළෙන්ම වාහන කුලියට දෙන ආයතනයක් වෙත ගොස් වාහනයක් ක…

Vehicle 19 (2013)ඔබ මෝටර් රථයක් පරිහරණය කරනවා ද? මම ඒ ඇයි කියල ඇහුවොත් ඔබ කියාවි, මගේ වැඩ පහසු කරගන්න, කාලය ඉතිරි කරගන්න වගේ උත්තර. නමුත් වෙනත් නොදන්නා රටක සංචාරය කරන අවස්ථාවල අපෙගේ මොටර් රථය රැගෙන යාමට හැක්කේ අප කීයෙන් කී දෙනාටද? එමනිසා අපි අදාල රටේ ගුවන් තොටුපොළෙන්ම වාහන කුලියට දෙන ආයතනයක් වෙත ගොස් වාහනයක් කුලියට ගන්නෙ අපේ අවශ්‍යතාව අනුවය. රථගාලට පැමිණ බලන කල ඔබ ඇණවුම් කල මෝටර් රථය වෙනුවට වෙනත් රථයක් ලබාදී තිබුනොත්, ඔබගේ ඉලක්කයට ඔබ ඒ වන විටත් ප්‍රමාද නම් ඔබ කුමක් කරාවිද? ලැබුන වාහනය රැගෙන යනු හැරෙන්න. මගක් යන විට එහි තිබී ගිනි අවියක් ඔබ සොයා ගතහොත්? නොදන්නා රටක තනිව සිටින ඔබට කුමක් සිතෙනු ඇද්ද? තවත් ඉදිරියට ඇදෙනා විට රථයේ ඩිකිය තුලින් අත් පා බැද්දමා ඇති ස්වදේශීය කාන්තාවක් දක්නට ලැබුන හොත්? රථයේ තිබූ දුරකතනයකට පොලිස් නිළධාරීන් කතා කර ඔබට විදාන නිකුත් කරනවා නම්? පිටුපස සිටි කාන්තාව නීති විරෝධී ලිංගික වෙළෙදාමක් ගැන තොරතුරු පවසා එහි මහ මොළකරු පොලිස් ප්‍රධානියා බව ඔබට පැවසුවහොත්? රටක් ඔබට විරුද්ධවන විට ඔබ කුමක් කරණු ඇද්ද? නමුත් කිසි දිනක ඔබට එවැන්නකට මුහුණ දීමට නොලැබේවා….! නමුත් එයට මුහුණදුන් මයිකල් වුඩ්ස් නම් ඇමරිකානු ජාතිකයා දකුණු නොදන්න රටක කුමක් කරණු ඇද්ද යන්න ඔබගේ රස වින්දනයට 19 වැනි රිය ලෙසින් විවෘතයි.

2013 ඇමරිකාවේදී නිකුත්වුන මෙනෙ චිත්‍රපටය Mukunda Michael Dewil තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩ වූවක් වූ අතර මෝටර් රථ සමග ඇදෙන සිනමාව තුල අමතක නොවන නළුවෙක් ලෙස වැජබෙන Paul Walker (The Fast and the Furious චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළු) ගේ රංගනයෙන් හැඩවන මෙහි NFS පරිගණක ක්‍රීඩාවේ පොලිස් රථ පසුපසින් පැමිණෙන විට ධාවකයා දක්වන සුපිරි දස්කම් කිහිපයක්ම අති විශිෂ්ට ආකාරයට කැමරා කාචය තුල සටහන් කොට ඔබගේ අතට ලබාදීමට මිනිත්තු 85ක් තුල 19 වැනි රථය සමත්කම් පාවි…. මෙම චිත්‍රපටයට තවමත් ගැලපෙන ඉංග්‍රිසි උපසිරැසක් අන්තර්ජාලයේ නොමැති කමෙන් කාලය නිවැරදිව සකස් කල අරාබි උපසිරැසක පරිවර්තනය යොදාගෙන පේලියෙන් පේලිය ශ්‍රවනය කර සිංහල උපසිරැස ගන්වා ඇත. මෙම චිත්‍රපටය ඔබගේ අතට සිංහල උපසිරැස සමග පත් කිරීමට මා උනන්දු කල විකියා සහෝදරයාට ස්තුතියිවන්ත වෙමින්, මම ඔබෙන් සමුගන්න අතර ඔබගේ අදහස් දක්වා මා දිරි ගන්වාවි යැයි සිතනවා. හැමෝටම ආයුබෝවන්….!

350 MB කොපිය මෙතනින් බාගන්න DDDE8EF41DB923F7F7ADA3A83C027016D20C22BC 450 MB කොපිය මෙතනින් බාගන්න 8AAEEE3C59D5EDE364F0AB0CE1EB64E7C03F2267 600 MB කොපිය මෙතනින් බාගන්න 704FD977C98C0738F57D348EFC4344A962252550 1.4 GB කොපිය මෙතනින් බාගන්න B377BA71AEE1AC9CCBB63B99A8EC23BE055302B2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,756 downloadsDownload Vehicle.19.2013.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,756 downloadsDownload Subtitles83 KB

126 comments

  1. devinda

    pattama thama supiri naluwekne :D

  2. chami

    thnxxxxxxxxxxxxxx

  3. ositha

    pattama macho meyka supiri

  4. elakiri

    එලම තම මචං ඔහොම් යන් සබ් දෙනවා ඔය වෙඩි වගේ

  5. h[A]s

    සුපිරි ෆිල්ම් එකක් වගේ.අක්ස්හං එකක් බැලුවෙත් නෑ කාලෙකින් :)

  6. Dilan-

    maxxa :D

  7. geeth

    elakiri film ekakne bohoma thx

  8. mihin ලංකා

    මාත් ගන්නවා මගෙත් ආසම නළුවෙක් මෙයා.. ෆාස්ට් ෆිල්ම් ටිකේ ඉන්න

  9. f_live

    මැක්සා මචං

  10. quik

    thanks

  11. lasanatha!!!!!!

    banna damma digatama subs denna shakthiya labeywa!

  12. wow

    wow.. maru :D

  13. උදාර

    ජය වේවා සමීර පට්ට හොදේ ඔයා සබ් දෙනවා නියම ෆිල්ම් වලට

  14. shann

    elaz download wenna damma macho. niyamai :D

  15. eraNga

    mamath banwa meyka niyama film akaka saho thxxxxxx

  16. kapila

    elakiri :)

  17. chamath cafe

    කාලෙකින් බලන්න උනේ නෑ නේ මෙ වගේ පහරක් ජය වේවා!

  18. ccnp

    Thanks

  19. was

    සුපිරි මච සබ් දාන්න කට්ටක්නෙ කාල තියෙන්නේ.මගෙන් උපහාර ඔබට

  20. zumo man

    elazz thnzzzz

  21. ganidu

    තෑන්ක්ස් වේවා!

  22. Gayan

    jaya wewa!!!!!!

  23. akila

    බානවෝ මරු

  24. Kasun

    godak mahansi wela thiyenawa..suba pathum

  25. wall e

    බොහොම පින් මචං මෙ වගේ ෆිල්ම් එකක් සබ් දාලා අපිට දීපු එක ගැන

  26. Kasun

    sub eka wada karanne nane

  27. HarshA

    ලොවෙත් නෑ සුපිරි මචෝ,

  28. නලියා

    විකියා සොයා ගත්ත තවත් අගනා මැණිකක් තමයි සහෝ ඔයා.

    මේ වගේ මහාන්සි වේලා අපිට සුපිරි මුවිස් ගෙන එකට නම්

    කියන්න වචන නෑ

    ස්තුතියි සමිර සහෝ

    ජය වේවා

  29. Uraj Deemantha

    අපේ යාළුවෙක්නේ මේක් ඈක්ටර්..... :) අනිවා දැන්ම බාමි..... :D

  30. uda

    අහ් හහ්හා; සමීර මලයා, ඔය තියෙන්නේ! විකියා/ වාසල/ රොයිලි/ හසන්ත මම කිව්වෙ බොරු නෙමෙයි නේද? මම කිව්වා නේද සමීර දැන් එන්ඩ එන්ඩම විශිෂ්ට විදිහට ලිපි ලියන බව. ඇත්තටම මේකා මට වඩා දක්ෂයි කියන එක බැලූ බැල්මටම පෙනෙනවා. කතා දෙකක් නෑ....

    සමීර; මරු ලිපිය! උඹ නියමෙට වැඩේ අල්ලගෙන යනවා, කොල්ලො. අලුත් විදිහකට වෙනස් විදිහකට අලුතෙන් හිතලා ලිපි ලියනවා කියන්නෙ උඹ අලුත් වෙනසක් සයිට් එකට එක්කරයි ඉස්සරහදී. සුබ පතනවා. හැකි වුණ ගමන් අරගෙන බලනවා මේ වගේ අමුතු ඒවාට මම කැමති නිසා. තේමාවම අමුතුයි. ඊටම හරියන ලිපියක්!

    ජය වේවා!

  31. කැලුම් ගුණසේකර

    මේ පාර නම් පට්ට එකක් ගෙනත් තියෙන්නේ. ස්තුතියි සහෝ.

  32. SHENAL

    thanks sameera

  33. ishara

    pattaiiiiiii

  34. Rumesh

    Mahansiyata Stuti......

  35. thusitha

    jaya wewa sameerata pattama naluwa mu

  36. LAKCHAN

    elaaaaaaaaaaaaa මැක්සා මචං ...................

  37. MADHAWA

    සුපිරි ෆිල්ම් එකක් පට්ට පට්ට ජය වේවා!

  38. නවීන් ලක්ෂිත

    විස්තරේ කියවපුවහම අරගෙන බලන්නම හිතුනා. ස්තුතියි සහෝ සබ් එකට

  39. sura

    maxxxxxxxxxa machan

  40. හසන්ත වික්‍රමරත්න

    සමීර මල්ලි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරනවා දක්නට ලැබෙනවා. ලඟදි වාර්තා එහෙම අලුත් කරන්න ලැබේවි එහනම්. මල්ලි ඔයා ඔය උදා දාන ගුණ්ඩු වලට රැවටෙන්න එහෙම එපා හොඳේ. ගැලවිජ්ජාවේ පළමු තියරිය තමා ඔය ආදේශ කරගෙන යන්නේ.උදා එහෙම යන්න බැහැ හොඳේ.දෙන්නම් දක්ෂයි අපිට මෙතන තරඟයක් නැහැ. ඒක නිසා දක්ෂයෝ මෙතන රොද බැඳ ගන්නවා නිතැතින්ම. දක්ෂයෝ වැඩි වෙන තරමට තමයි අපේ සාර්ථකත්වය. ඒ නිසා හැමෝම එකට යමු මේ ගමන. හැමෝගෙම තියෙන්නේ එකින් එකාට සුවිශේෂී හැකියාවන් ඒක නිසා උදාට සමීර ආදේශකයක් නෙමේ. එතන තියෙන්නේ අමුතුම ආරක්. හැම ආරක් එක්කම මේ ගමන යන කොට බලන අපේ යාලුවන්ට ඒකාකාරිත්වය නැති වෙනවා. එහෙනම් සමීර මල්ලි අලුත් නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා

  41. indika

    Ela...Ela.. Thnq.. :)

  42. දිෂාන්

    අළුත්ම එකක්.. මේවා බලන්නෙ නැති ඇස් කුමට...
    සමීර මලයගේ පූර්විකා නම් සුපිරි අළුත් විදියකින් ජයවේවා
    ඔන්න අදට දෙවෙනි එකත් ගත්තා
    අපට තියෙන්නෙ ගන්න විතරයි.. ඔබ තුමා කොච්චර මහන්සි වෙන්න ඇතිද අපි වෙනුවෙන්

    බෝම තුති .......

  43. වා.මු.නිලන්ත පියසිරි

    සමීර ඔබගේ මේ වෙහෙසට මම පිං දෙමි. මෙවන්නක් කිරීමට හැක්කේ ඉතාමත් දක්ෂයෙකුට පමණි.

  44. Shan ගමගේ

    බොහෝ ස්තුතියි සමීර සහෝ...දැන් තමයි මේක බාන්න දැම්මේ....සුපිරි නලුවෙක් ඉන්න නිසා අනිවාරයෙන්ම බලනවා... :D

    ඒවගේම​ සහෝට තව තවත් අපි වෙනුවෙන් සබ් දෙන්න හැකියාව ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා!
    :) :) :)

  45. delmar

    Pattai saho
    thanks weewa sub walata

  46. රෙහාන් චානක

    නියමයි සහෝ තවතවත් සබ් දාන්න ශක්තිය ලැබෙන්න ඕනා

  47. සමීර කරුණාරත්න

    @උදා හා හසන්ත වික්‍රමරත්න
    සහෝ මම මෙහෙම නෙමෙයි කොහොම ලිව්වත් ඔයා තමයි බයිස්කෝප් අඩවියෙ අපිට ඉන්න හොඳම හා ප්‍රවීණම රචකය ගැලවෙන්න හිතනව නම් මට කියන්න තියෙන්නෙ "තව අවුරුදු 50කින් වගේ බලමු" කියල තමයි... :P මේ ආත්මෙ ඔයා මේකෙන් ගැලැවෙන්නෙත් නෑ, ගැලවෙන්න දෙනෙත් නෑ... ඔයාගෙ ලිපියක් රැදෙන කුතුහලය, ඒ ලස්සන අපි තවම ඉගෙන ගන්නව ඒක ඉගෙන ගන්න ගුරා ඉන්න ඕනෙ අපි එක්ක.... හසන්ත අයියේ මට ඔය පොත පෙරලුව මම අහුවෙන්නෙ නැහැ බය වෙන්න එපා.... :D

  48. Vidush

    elama thami machooooooooooooo.thanx aniwa balanawa.

  49. sameera nissanke

    thanxmachoooo

    onna mamath banna demma
    ela ela,patta naluwek muu,anyway

    thanx for your work..............

  50. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.