Watch Trailer

Akele Hum Akele Tum (1995) | මමත් හුදෙකලාවෙන් ඔබත් හුදෙකලාවෙන් [සිංහල උපසිරැසි සමඟ]

රාජා කෝ රානී සේ ප්‍යාර් හෝ ගයා.. රජෙකු ආදරයෙන් වෙලුනා රැජිනක් සමගින්.. පෙහෙලි නසර් මේන් පහලා ප්‍යාර් හෝ ගයා.. පළමු බැල්මෙන්ම ආදරයක් ඇතිවුණා.. දිල් ජිගර් දෝනෝන් ගායල් හුවේ.. දෙදෙනාගේම හදවත් චංචල වෙලා ගියා.. තිර් ඒ නසර් දිල්කේ ප්‍යාර් හෝ […]

Akele Hum Akele Tum (1995)

රාජා කෝ රානී සේ ප්‍යාර් හෝ ගයා..               රජෙකු ආදරයෙන් වෙලුනා රැජිනක් සමගින්..

පෙහෙලි නසර් මේන් පහලා ප්‍යාර් හෝ ගයා..   පළමු බැල්මෙන්ම ආදරයක් ඇතිවුණා..

දිල් ජිගර් දෝනෝන් ගායල් හුවේ..                  දෙදෙනාගේම හදවත් චංචල වෙලා ගියා..

තිර් ඒ නසර් දිල්කේ ප්‍යාර් හෝ ගයා..            හීසර බැල්මකින් හදවත් වල පවුරු වළලු බිදී ගියා..

 එහෙනම් ඔන්න ආයෙත් හින්දි සිනමාව හදවතට සමීප කරන්නයි මේ වෑයම. ගොඩාක් ලස්සනම ලස්සන සිංදු 5ක් තියෙන ලස්සනම සලරුවක් තමයි මේක.  මෙය නරඹන විට හදවතට දැනුන දෙයක් ඒක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා.

අපේ මේ ජීවිතය ජීවත් කරවනකොට ආදරය කියන දේ නැතිවම බැරි දෙයක් වෙලා. ආදරයක් නැතිනම් ජීවිතේ ජීවත් කරවන්න බොහෝ වෙලාවට අමාරුයි. ආදරය මිනිසා ජීවත් කරවනවද නැතිනම් මිනිසා ආදරය ජීවත් කරනවාද කියන දේ තීරණය වෙන්නෙ ආදරය කරන අයගේ ස්වාභාවය මතයි. ඒ දේ වැදගත්කමක් තියෙන්නෙ ආදරය කරන්නෙ කාටද කියන එක මත නෙවෙයි, ආදරය කරන්නෙ කොහොමද කියන එක මතයි. මම මෙතන ආදරය කියලා අදහස් කරේ පෙම්වතුන් කරනා ආදරය පමණක් නෙවෙයි. පවුල් සංස්ථාව, අපි බැදීම් ඇතිකරගන්නා සමාජය ගැනයි. අපේ ජීවිතයේ යම් යම් අරමුණු තකා අපි කෙනෙකුට ආදරෙ කරන්න පුලුවන්. එය ගොඩාක් දුරකට ආත්මාර්ථකාමි ස්වාභාවයක්. අපේ මේ කෙටි ජීවිතයේදී අපිට ඒවා පිළිබඳව යතාර්තය තේරුම් යනකොට ගොඩාක් ප්‍රමාද වෙන්න පුලුවන්. අපේ සමීපතමයන් අතර ඇති බැදීම් තේරුම් ඇරන් ඒවාත් සමඟම ජීවිතයේ අරමුණු සාක්ශාත් කරගන්නවානම් ඒක තමයි ගොඩාක් වටින්නේ. 

 ඒ වගේම ඔයාලා දන්නවනේ මේ පරණ ෆිල්ම් වල ඉංග්‍රීසි උපසිරැසි වල ගීත වලට ඒවා ලියැවිලා නැති වග. ඉතින් මම විශේෂ ස්තූතියක් පුද කරන්න ඕනේ අපේ “ගයාන් රූකාන්ත”සහෝදරයාට. මොකද එයා තමයි මේ සිංදු 5ටම ඒ අදාලා ටයිම් ලයින් සකස් කරලා දුන්නේ. මම ඒ සහෝදරයාට මේක ස්තූතිය කරන්න අවස්ථාවක් කරගන්නවා. කිසිම ලාබ ප්‍රයෝජනක් නොබලා මේ කරන වැඩේට එයා මේ මට ලබාදුන් සහයෝහය කියා නිමකරන්න බැරිතරම් වටිනවා. 

 මම ඔයාලට කලින් ගෙනාපු Qayamat Se Qayamat Tak (1988) සලරුව අධ්‍යක්ෂණය කරලා තිබෙන Mansoor Khan ම තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. ඒ වගේම එහි රචක Nasir Hussainම තමයි මෙම කතාවේත් රචකයා. ඉතින් කතාව ගැන එහෙනම් හිතාගන්න පුලුවන් නේද?? 7.1ක් වගේ ඉහල අගයක් ලබා ඇති මේ සලරුවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්නා Aamir Khan සමගින් Manisha Koirala.එයාගේ ඇක්ටින් දන්නවනේ නේ? Dil se එහෙම බලලා ඇති නේද කස්ටිය?හින්දි සිනමාවට ආදරේ කරන හැමෝටම මම මෙය තිලිණයක් වශයෙන් පිලිගන්වනවා.ඒ වගේම කියන්න ඕනේ වැදගත්ම දේ තමයි මෙහි එන ගීත 5. මාරම තේරුමක් දනවන ජීවිතයේ ඒ ඒ අවස්තා නිරූපනය කරන මාර ලස්සන පදවැල් ටිකක් තිබෙන ගීත ටිකක්…”ගයාන් සහෝ” කියනවා වගේ දෙනකොට හොදම දෙයක් දෙන්න එපැයි. ඒකයි ගීත ටිකත් එක්කම දෙන්න මහන්සි ගත්තේ. Anu Malik ගේ සංගීතයෙන් හැඩවුනු Udit Narayan, Shankar Mahadevan, Kumar Sanu වගේ සුප්‍රසිද්ධ ගායකයන්ගේ මුවින් නික්මුණු හදවත කඩාගෙන යන ඒ ගීත අහන්න අහන්න ආසා හිතෙනවා.

 එහෙනම් ඉතින් දැන් මදෑ නේද කයිය ගැහුවා???කතාව මේකයි එහෙනම්. රෝහිත් කුමාර් කියන්නේ ගායකයෙක් මෙන්ම ගීත රචකයෙක්.ඔහුගේ අභිප්‍රාය චිත්‍රපටවලට පවා ගීත ගයන හොඳම ගායකයෙක් වෙන්නයි. ඒ වගේම කිරන් කියන්නේ වැදගත් පවුලක ශාස්ත්‍රීය සංගීතය පුහුණුව ලබන යුවතියක්. ඉතින් දවසක් උත්සවයකදී මේ රෝහිත්ගේ ගායනකට එයා වශී වෙනවා. ඉතින් ඔය අතරේ දෙන්නා අතර ආදරයක් ඇතිවෙනවා. කිරන්ට තියෙන එකම බලාපොරොත්තුව තමයි සංගීතය පැත්තෙන් ඉහලටම යන එක. අන්න දැන් තමයි කාරණාවට මම ආවේ. ඉතින් අන්න ඒ දේ නිසයි කිරන් කල්පනා කරන්නේ රෝහිත්ව එයාට ගැලපෙනවා කියලා. මොකද දෙන්නටම එකම අභිප්‍රායක් තියෙන නිසාවෙන්. ඉතින් දෙන්නා කසාද බැදලා කාලය යනවාත් එක්කම මෙයාලට දරුවෙකුත් හම්බෙනවා. ඉතින් ඔය අතර රෝහිත් එයාගේ වැඩ කරනවා මිසක් කිරන්ගේ අරමුණු වලට සහයෝගයක් දෙන්නෙ නෑ. මම කිවනේ කිරන්ගේ ජීවිතේ එකම බලාපොරොත්තුව ගැන. අන්න ඔය හේතුව නිසා කිරන් ළමයයි රෝහිතවයි දෙන්නම දාලා යනවා. එයාගේ අරමුණ ඉශ්ඨ සිද්ද කරගන්න. එහෙනම් එතකොට කිරන්ට එයාගේ අරමුණු කරා තනියෙන් යන්න හැකි වෙයිද???තනිවෙච්ච තාත්තා කෙනෙකූයි පුතෙකුයි කොහොම ජීවත් වෙයිද??රෝහිත් කොහොමද මේ දරුවත් එක්ක එයාගේ දේවල් කරගන්නේ???එහෙනම් මේ 3 දෙනාගේ ජීවිත කතාවේ ඉතිරිය ඔයාලාම බලන්නකෝ. එහෙනම් වෙනදා වගේම උපසිරැසියේ අඩුපාඩු තියේනම් පෙන්වා දෙනලෙස ඉල්ලනවා. මොකද නිවැරදි උපසිරැසිකරුවෙක් වෙන එක පහසු දෙයක් නෙවෙයි.ඉතින් හම්බෙන සෑම දේකින්ම මම ඒක නිවැරදි කරගන්න කැමතියි. එයයි මගේ අභිප්‍රාය. 

 එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

Akele Hum Akele Tum (1995) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

29FEC85F5F3CBCE33A408724BF471BD68757C7D7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,630 downloadsDownload Akele-Hum-Akele-Tum-1995.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,630 downloadsDownload Subtitles75 KB

58 comments

  1. Ashan

    Ela thanx bro

    1. චතුර මදුසංක

      මෙසේ හරි අදහස් බිදක් දැක්වූ සැමට තුති

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  3. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඕක මොකක්ද බන්,
    දෙනකොට කතා නැති වෙන්න දෙන්න එපැයි
    ඔන්න සබ ගත්තා සබට තුති සහෝ
    අර දෙනවා කිව එකත් ඉක්මනට දෙන්න ...

  4. යශෝධ

    නියමයි මචන්... පට්ටම පට්ට..
    එදත් අදත් මගේ ආසම හින්දි නිළිය මනීෂා තමයි...
    මේක පොඩි දවස්වල බැලුවා..
    අදම බාන්න ට්‍රයි කරනවා.. ලොවෙත් ඉතින් බලනවා සහෝ...
    ගයාන් සහෝටත් තැන්කූ හොඳේ...
    සබට පට්ටම තුති සහෝ... ජයම වේවා... එලස්ස්ස්ස්ස්.......:-D

  5. nishi

    ගොඩක් ස්තුතියි. මම හරිම කැමති මේ වගේ ලස්සන සින්දු තියෙන පරණ හින්දි චිත්‍රපටි වලට

  6. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ..
    ලස්සන ෆිල්ම් එකක්..පොඩි කාලේ ඩි බැලුවා..
    ඒත් දැන්නම් ෆිල්ම් ඒක ගැන කිසි දෙයක් මටහක නැහැ..
    ආයෙත් මතක් කරගන්නත් එක්ක බලමු නේ...
    ජය වේවා..

  7. Tharindu Perera

    supirima filumak vage machan....
    banna danava ehenam..............
    thanks machan sub ekatahh...

  8. sasanka

    ammata siri patta film 1 ne dala thiyenne maarama lassana film ekak meka mama 10 parak vithara balala thiyanava podi davas vala aith bala balanava ehenam me vage parana lassana films denna saho jaya veva..

  9. Kulanjana Maduranga

    parana unata lassana film 1k.onna mmth banna dawa.subata thanks CHATHURA saho. digatama sub demu.jaya wewa.....

  10. king ara

    niyamai machan Thanx,puluwan nam mujse dosthi karoge subtitle karala dennako

  11. Nirosh Maithree

    මචං මේක දැකපු වෙලේ පුදුම සතුටක් ඇති උනේ. අළුත් මල ජරා හින්දි ෆිල්ම් වලට වඩා කොයි තරම් ලස්සනද පරණ අහිංසක ෆිල්ම්....

  12. Amila Madhusankha

    Lassana film ekak..... puluwan nam Sunil shetty inna Mohara eke sub dennako

  13. madushan

    niyamai lokkaaaaaaaaaaaa wel done.... nice uplord

  14. Priyanjan

    maru film eka.... Thanks Bro.... Thankx again .keeep it up

    "Ta Ra Ram Pam" film eka Sub denna balanna

  15. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන ලස්සන චිත්‍රපටියක්. උපසිරැසිය එක්ක ආපහු බලන්න ආසයි. මතකය අලුත් වෙන්නත් එක්කම. මෙන්න බානවා. ජය෴෴ :P :P

  16. Ash

    supiri ban...mewage film mathak karala denawata

  17. Shammi

    එයි අඩෝ උම්මා එකක් දෙන්නද බන්. පට්ට මචන් මෙවගෙ පරන ෆිල්ම් බලන්නත් ආසයි..

  18. Sameera

    thanx....

  19. Siraj

    සුපිරියි සහෝ.
    කිව්වා වගේම දුන්නා.
    සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතියි.
    ඉදිරියටත් මේ වගේ ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලා සිටිමි.
    තව තවත් සබ් ලබා දෙන්නට ශක්තිය ලැබෙවා!
    ජය වේවා!

  20. chandima

    thazzz niyamai parana flim tika okkama ona thaz......

  21. Thisara Neo (තිසර නියෝ)

    දන්න හඳුනනා තරු නෙතු ගැටිලා
    නොදන්න ගානින් මා පහු කෙරුවා

    දන්න හඳුනනා තරු නෙතු ගැටිලා
    නොදන්න ගානින් මා පහු කෙරුවා
    මට ඔබ විතරක් උන්දා
    ඔබට වෙනත් අයෙක් ඉඳලා
    පෙම් හීනෙන් මා ඇහැරවා තනිකලා

    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි
    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි
    ලගදිම එයි

    කදුළු කුණාටුවේ ගැටිලා හීන හිතේ බොල් වූවා
    ආත්ම ගානක ඉඳලා අප මේ ලෙස වෙන් වූවා
    මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
    මා රැවටුවේ ඇයි

    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි
    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි
    ලගදිම එයි

    උරුම වේදනා විදලා නොදැනීම කාලය ගෙවුණා
    මතකද කියන්න හිතලා පෙම් කල මුල්ම කෙනා මා
    මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
    මා රැවටුවේ ඇයි

    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි
    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි
    ලගදිම එයි

    -raVdµ-

    1. චතුර මදුසංක

      suppa aaaaaaa..........................

  22. Sisira Hegoda

    Thanks.

  23. චතුරංග උස්වත්ත

    නියම වැඩක්..

    ජය වේවා..!!!

  24. Emi

    Million thanks..... <3

  25. නලින්

    ස්තුතියි චතුර මෙක දෙනකම් උන්නේ

    ජය වේවා!

  26. yenu

    lipiya kiyewwama thawath asawa wadi wenawa me film 1 balanna.........godak sthuthiy sub 1ta ....

  27. අදිත ප්‍රවීන්

    එළ සහෝ
    නියමයි

  28. mahesh rathnayaka

    පට්ටම පට්ට වැඩක් සහෝ නියමයි... සුපිරි තවත් නිර්මාණයකින් ඉක්මණටම හමුවෙමු... ජයවේවා

  29. amaya

    thnx saho!!!!!!!!

  30. චතුර මදුසංක

    මෙතෙක් අදහස් පල කල සැවොටම ස්තුතිවන්ත වෙනවා.

  31. sampath

    patta machan ..
    thankz..

  32. yasuri

    thank you so much!

  33. suna

    math hoya hoya hitapu film 1.thank u verymuch.....

  34. Rajitha Abeysinghe

    thank you machan

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පරණ උනත් ලස්සන කතා මේවා, ස්තුතියි,ජයවේවා.

  36. Saman Prasad ( Black Panther )

    thnks saho... ela film eka....

  37. Chami

    Thanks macho...

  38. චතුර මදුසංක

    මෙතෙක් අදහස් පල කල සැවොටම ස්තුතිවන්ත වෙනවා.

  39. Raj

    Thanks, නියමයි නියමයි, ඔහොම යං , එළකිරි ජයවේවා!

  40. “චූටී මල්ලි”

    එලස් සහෝ
    මේක බලලා නැ
    හැබැයි සින්දුව නම් අහලා තියෙ ඔනි තරම්
    සබට තුති
    ඔබට ජය..........

  41. ඊශා

    පළවෙනි වාතාඅවට බැලුවේ ..හරිම ලස්සනයි.. පරණයි කියල දැනුනේ වත් නෑ ....ස්තූතියි උපසිරැසියට

  42. lusantha

    upasirasa weda karanne ne

    1. චතුර මදුසංක

      upasiresi eka weda karanawa.oya km player eken balanna ganna

  43. chathura

    niyama film ekak.antimata godak duka hithenawa.thanks

  44. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  45. නයන

    සබට බොහොම ස්තූතියි සහෝ......................

  46. Dulanga

    thanks

  47. chathura madusanka

    thanks

  48. gtk

    guys.... Torrent link is not working.

  49. nidi

    lassana, sanwedi adara kathawak. Chthura, thanks. mamawediya hindi films balanna nehe welawa godak one nisa. eth hondama ewa balanawa, pahuwela hari, subs thiyena wita. ithin ayemath thank akramin suba pathnawa digu gamanakata!

  50. nidi

    Chathura, lassana, sanwedi film ekakataoya subs deela thiyenne. thanks! mama welawa wediyen one nisa hindi films balanne aduwen. eth me wage hondama films balanawa. Kill Me Three Times, The Loft, Burning Blue wage filmswalata subs dun oya me wage hindi ekakata subs deemath mata nam tikak pudumayak.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.