වසර ගණනාවක පරතරයක් ඇතුලත නිර්මාණය වුනු චිත්‍රපට පෙලක තුන්වැනි දිගහැරුම සමගයි අද ඔයාලව මුණගැහෙන්න එන්නෙ. මේ චිත්‍රපට පෙල ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මොකද ක්‍රියාදාම හා ත්‍රාසජනක චිත්‍රපට පිස්සෙක් වගේ නරඹපු කෙනෙක් නම් වෙච්ච හැමදේම හුගක් හොදින් දන්නවා ඇතිනේ. ඒත් ඉතින් නොබලපු අයට, කලින් නිකුත් ව…

වසර ගණනාවක පරතරයක් ඇතුලත නිර්මාණය වුනු චිත්‍රපට පෙලක තුන්වැනි දිගහැරුම සමගයි අද ඔයාලව මුණගැහෙන්න එන්නෙ. මේ චිත්‍රපට පෙල ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මොකද ක්‍රියාදාම හා ත්‍රාසජනක චිත්‍රපට පිස්සෙක් වගේ නරඹපු කෙනෙක් නම් වෙච්ච හැමදේම හුගක් හොදින් දන්නවා ඇතිනේ. ඒත් ඉතින් නොබලපු අයට, කලින් නිකුත් වුන චිත්‍රපට දිවිත්වය නරඹලත් මතක නැති අය වෙනුවෙන් මං පොඩි සාරාංශයක් කරලම තුන්වෙනි දිගහැරුම ගැන කතා කරන්නම්.
මයික් බැනින් කියන්නේ හමුදා සේවයෙන් පස්සෙ ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති බෙන්ජමින් ඈශර්ගේ පුද්ගලික රහස් ආරක්ෂක සේවයෙ කටයුතු කල කෙනෙක්. බැනින් ජනාධිපතිගේ පවුල එක්ක හුගක් හිතවත්ව කටයුතු කලා. සෑහෙන දරුණුවට හිම වැටෙන නත්තල් දා රෑක ජනාධිපති ඇතුළු එයාගෙ පවුල ආරක්ෂකයන් එක්ක ගමනක් යන ගමන් ඉද්දි මේ ජනාධිපති වගේම ඔහුගේ බිරිද ලේඩි මාග්‍රට් ගමන් කරපු වාහනයට අනතුරක් වෙලා වේගය පාලනය කරගන්න බැරිව එතන තියෙන පාලමෙන් පහලට වැටෙන්න යද්දී බැනින්ට පුලුවන් කමක් ලැබෙනවා ජනාධිපතිව විතරක් බේරගන්න. ජනාධිපතිගේ එකම දරුවා කෝනර් ඒ වෙලාවේ බැනින් එක්ක ගමන් කල නිසා ඔහුට කරදරයක් නැතිව බේරෙන්න හැකියාව ලැබෙනවා. මේ වෙච්ච සිදුවීම් එක්ක බැනින්ගේ අසාර්ථක වීම නිසාම එයාව ජනාධිපති එක්කලා වැඩ කරපු තනතුරු වලින් ඉවත් කෙරෙනවා. මාස 18 ට පස්සෙ බැනින් වැඩ කරනවා දැකගන්න ලැබෙන්නෙ භාණ්ඩාගාර මුලස්ථානයෙ සේවකයෙක් විදිහටයි.
මේ කාලෙදි ජනාධිපති ඈශර් ධවල මන්දිරය ඇතුලත දකුණු කොරියා අගමැති ලී-ටයි-වූ සමග සාකච්ඡාවක් යොදාගන්නවා. මේ හමුව සිද්දවෙන අතරතුර කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහට උතුරු කොරියානු ත්‍රස්තවාදී කණ්ඩායම් මුලින්ම ගුවනින් ප්‍රහාර එල්ල කරලා පස්සෙ ධවල මන්දිරය ඇතුලතින් වගේම පිටතිනුත් වටටලා ආක්‍රමණය කිරීමක් කරනවා. මේ දේවල් වෙන අහරේ ජනාධිපති ඈශර්, දකුණු කොරියා අගමැති ඇතුළු බොහෝදෙනා ධවල මන්දිරයෙ තියෙන හුගක් රහසිගත බංකරය ඇතුලත හිරවෙනවා අර කලින් සදහන් කරපු ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් එක්කම. මෙච්චර දේවල් වෙන වෙලාවක මයික් බැනින්ට හැකියාවක් ලැබෙනවා සියලු ත්‍රස්ත ප්‍රහාර හමුවේ ධවල මන්දිරයට ඇතුළු වෙලා ත්‍රස්තවාදීන්ගේ නායකයා වෙනකන්ම ඝාතනයට ලක් කරලා ජනාධිපතිව බේරගන්න. බැනින් කරපු සේවයට එයාට ආපහු වතාවක් ජනාධිපති ඈශර්ගේ ආරක්ෂක අංශය බාරව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා.
Fallen සිනමාපට පෙළෙහි මුල්ම සිනමා නිර්මාණය වන්නෙ මෙයයි. 2013 මාර්තු 18’වැනිදා නිකුත් වුන මේ සිනමාපටය හරහා Gerard Butler, Aaron Eckhart වගේම Morgan Freeman ප්‍රකට රංගන ශිල්පින් තිදෙනාව හදුන්වාදීමක් සිද්දවුනා. Antoine Fuqua විසින් අධ්‍යක්ෂණය සිදු වුන මෙම නිර්මාණය FilmDistrict යටතෙ තමයි බෙදාහැරීමේ කටයුතු සිදු වුණේ.
ලැබූ ආදායම – ඇමරිකානු ඩොලර් මිලියන 170..3
මේක පටන් ගන්නෙ G8 බුද්ධි අංශයෙ සේවයෙන් පාකිස්ථාන ආයුධ වෙළෙන්දෙකු හා ත්‍රස්තවාදී මහා මොළකරුවෙකු ලෙස සැලකෙන අමීර් බකාවී ඉන්න තැන හොයාගෙන එයාට එල්ලවෙන ඩ්‍රෝන ප්‍රහාරයකින්. මේ ප්‍රහාරය එල්ලවෙන වෙලාවේ එතන එයාගේ පවුල අය හැමෝම වගේ ඉදලත් තියෙනවා.
වසර දෙකකට පස්සෙ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ජේම්ස් විල්සන් හදිසියේම මිය යනවා. ඉතින් මේක ජාත්‍යන්තර මට්ටමේ අවමංගල්‍යයක් නිසා ලෝක නායකයින් හැමෝම වගේ ලන්ඩනයට එක්කාසු වෙනවා ජේම්ස් විල්සන්ගෙ අවසන් කටයුතු වලට සහභාගී වෙන අරමුණින්. ඉතින් මේ අවමංගල්‍යට සහභාගී වෙන්න එක්සත් ජනපදයේ රහස් සේවයේ අධ්‍යක්ෂිකා ලියන් ජෙකොබ් වගේම නියෝජිත මයික් බැනින් දෙන්නාගගේ සැලසුම් වලට අනුව මේ අය ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති බෙන්ජමින් ඈශර්ව ලන්ඩනයට එක්කන් යනවා. මේ කාලෙම තමයි මයික් බැනින්ගෙ බිරිද, ලීයාට බබෙක් ලැබෙන්නත් සති ගානක කාලයක් තිබුනෙත්. ඈශර්ගෙ ආරක්ෂාව ගැන සැලසුම් කරපු මයික් එයාලගේ පිරිවර එක්ක කලින්ම ලන්ඩනය වෙත ලගා වෙනවා වැඩි ආරක්ෂාවට. ජේම්ස්ගෙ අවමංගල්‍ය කටයුතු පැවැත්වෙන ශාන්ත පෝල්ස් දෙව්මැදුර වෙතට ලගාවෙන ජනාධිපති ඈශර් ඇතුළුව ඒ වෙලාවේ එතන හිටිය ලෝක නායකයින් හැමෝටම ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙනවා. ඒ වෙලාවේ එතන නොහිටියත් දෙව්මැදුර වෙතට ලගාවෙමින් හිටිය නායකයින් පවා අනතුරු වලට ලක් වෙලා මිය යනවා. අවසානෙදි ජනාධිපති ඈශර් විතරයි ඉතිරි වෙන්නෙ.
මේ වෙච්ච දේවල් හොයාබලන්න ඇමරිකානු එක්සත් ජනපදයේ උප-ජනාධිපති ඇලන් ට්‍රම්බල් බ්‍රිතාන්‍ය බලධාරීන් එකතු කරගෙන කටයුතු කරමින් ඉද්දි එයාට යේමනයෙන් ඇමතුමක් ලැබෙනවා මීට වසර දෙකකට කලින් ඩ්‍රෝන ප්‍රහාරයට ලක් වුනු අමීර් බකාවීගෙන්. තමන්ගේ දුවගෙ මංගල්‍ය දවසෙ තමාව ඉලක්ක කරලා කරපු ඩ්‍රෝන ප්‍රහාරයෙන් අමීර් බකාවීගෙ දුව ඇතුළු පවුලේ හිතවතුන් වගේම එදා එතන හිටිය බොහෝ දෙනෙක් මිය ගිහින් බකාවී, එයාගෙ පුතා වගේම තවත් කිහිප දෙනෙක් බේරිලා තියෙනවා. මේ කරපු දේට පලිගැනීමක් විදිහට තමයි ජේම්ස් විල්සන්ගෙ මරණයෙ ඉදන් සැලසුම් කරලා ලෝක නායකයෝ ඝාතනය දක්වාම කටයුතු සිද්දවුනේ. ලන්ඩනයෙදී එකතු වුනු නායකයින්ගෙන් ඉතිරි වුනු ඈශර් මරන්නත් බකාවීට ඕන වෙනවා. මොකද එයත් උඩ සදහන් කරපු G8 බුද්ධි අංශයෙ වැඩ වලට හවුල් නිසා.
G8 එහෙමත් නැත්තම් Group of Eight කියන්නෙ අන්තර් රාජ්‍ය දේශපාලනික ස්වරුපයක් ගත්ත කණ්ඩායමක්. මේකට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, රුසියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය වගේම යුරෝපා සංගමයන්වල රාජ්‍යයන් හවුලේ කටයුතු කරලා තියෙනවා. 1997 ඉදන් 2014 දක්වාම මේ විදිහේ G8 කියලා ඇත්තටම සංවිධානයක් තිබිලත් තියෙනවා.
අවසානයේ ඉතිරි වෙන ජනාධිපති ඈශර්ව ලෝකයේ ජනයා බලාගෙන ඉද්දි සජීවීව ඝාතනය කරන්නයි බකාවීගෙ පුතා කැම්රන් සැලසුම් කරන් හිටියෙ. ඈශර්ව ලන්ඩනයෙන් නැවතත් ආරක්‍ෂිතව අරගෙන එන එකයි බැනින්ගෙ රාජකාරිය වෙන්නෙ. මොකද මේ චිත්‍රපටය අතරමැදදී අධ්‍යක්ෂිකා ලියන් ජෙකොබ් ගුවන් අනතුරකින් මිය යනවා. කොච්චර වෙහෙසක් ගත්තත් ජනාධිපති ඈශර්ව කැම්රන් අතට අහුවෙලා එයා ලැස්ති කරලා තිබුණු විදිහට හරියටම රෑ අටට ජනාධිපති බෙන්ජමින් ඈශර්ව ඝාතනය කරන්න අවසන් මොහොතෙදි සුපුරුදු පරිදි බැනින්ට හැකියාවක් ලැබෙනවා ජනාධිපති ඈශර්ව බේරගන්න.
Fallen සිනමාපට පෙලෙහි දෙවැනි සිනමාපට විදිහට 2016 මාර්තු 04’වැනිදා තමයි London Has Fallen සිනමාපටය නිකුත් වෙන්නෙ. සුපුරුදු පරිදි මුල් සිනමාපට වලින් දකින්න ලැබුණු මුහුණු විදිහට Gerard Butler, Aaron Eckhart වගේම Morgan Freeman ප්‍රධාන චරිත විදිහට දැකගන්න ලැබුනා. ඒවගේම Babak Najafi විසින් තමයි අධ්‍යක්ෂණ කටයුතු සිදු වෙලා තියෙන්නෙ වගේම Focus Features යටතෙ තමයි මේ සිනමාපටය බෙදාහැරීම සිදු වෙලා තියෙන්නෙ. නළු/නිලියන් හැරුනම අධ්‍යක්ෂවරයාගෙ ඉදලා නිෂ්පාදන සමාගම්, සිනමාපට බෙදාහරින්නන් දක්වාම මේකෙදි වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තුන්වැන්න තුලිනුත් ඒ විදිහටම දැකගන්න ලැබෙනවා.
ලැබූ ආදායම – ඇමරිකානු ඩොලර් මිලියන 205.8
Angel Has Fallen (2019)
Snitch (2013) සිනමාපටයෙ අධ්‍යක්ෂක Ric Roman Waugh විසින් තමයි මේ වතාවේ තුන්වැනි Fallen සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2019 අගෝස්තු 23’වැනිදා නිකුත් වුන මේ සිනමාපටය හරහා මුල් සිනමාපට ද්විත්වය හරහා දකින්න ලැබුණු මුහුණු අතරින් Gerard Butler හා Morgan Freeman යන නළුවන් දෙන්නා විතරයි මේ වතාවේ දකින්න ලැබෙන්නේ. කොටින්ම ලීයා බැනින් විදිහට දකින්න ලැබුණු Radha Mitchell නිලිය වෙනුවට Piper Perabo කියන නිලියව තමයි දැකගන්න ලැබෙන්නෙ වගේම මේ වතාවේ Lionsgate සමාගම යටතෙ තමයි මේ සිනමාපටය බෙදාහැරීම සිදු වෙලා තියෙන්නෙ. මේ සිනමාපටය සදහා IMDb දර්ශකයේ 6.7/10 ක අගයක් ලැබිලා තියෙනවා. ඇ.ඩො.මි. 63 කින් නිර්මාණය වුන මේ සිනමාපටය 2019 ඔක්තෝබර් 31 වෙද්දී ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇ.ඩො.මි. 133 ක මුදලක් උපයාගන්නට සමත් වෙලා තියෙනවා. Joker, Hobbs & Shaw වගේ අති දැවැන්ත නිර්මාණ නිකුත් වෙච්ච කාලෙක මේ තරම් දුර හරි ආවා මදැයි ඉතින්.
තුන්වැනි සිනමාපටය කාලෙදි වත්මන් ජනාධිපති විදිහට දැකගන්න ලැබෙන්නේ මුල් සිනමා නිර්මාණ තුලින් දැකගන්න ලැබුණු ඇලන් ට්‍රම්බල්ව. සුපුරුදු පරිදි මයික් බැනින් රහස් සේවයේ කටයුතු කරනවා. රහස් සේවයේ අධ්‍යක්ෂක විදිහට හිටිය කෙනා විශ්‍රාම යන්නට සුදානම් වීමත් එක්ක මයික් බැනින් තමයි මීලගට අධ්‍යක්ෂක තනතුර වෙනුවෙන් ඉන්නේ. මේ තනතුර ගැන මයික් ලොකු දෙගිඩියාවෙන් ඉන්නේ. මොකද එයා කාටත් හොරා ප්‍රතිකාර කරන රෝග කිහිපයක්ම මයික්ට මතුවෙන්න පටන් අරන් තියෙන්නෙ. කිසිම කෙනෙක්ට කියලා ප්‍රශ්න ඇති කරගන්න කැමති නැති වුනාට මේ රෝග නිතරම වගේ මතු වෙන්න ගත්ත ඒවා. මයික් හමුදාවේ සේවය කරන කාලේ එයත් එක්ක සේවය කරපු වේඩ් ජෙනින් කියලා කෙනෙක් මේ වෙද්දී පුද්ගලික හමුදා කොන්ත්‍රාත් කම්පැනියක ප්‍රධානියෙක් විදිහට කටයුතු කරනවා. මයික්ට වතාවක් අවස්තාවක් ලැබෙනවා වේඩ්ගේ මුලස්ථානයේ පුංචි පුහුණුවක් ලබන්න. මේ දේවල් එක්ක මේ දෙන්නගේ යාලුකම නම් අලුත් වෙනවා. හැබැයි ඉතින් මයික් නොදැනුවත්වම මේ එක්කම තමයි ලොකු විනාශයක මුල පිරිම සිද්දවෙන්නෙත්.
ට්‍රේලර් එක බැලුවා නම් දකින්න ඇතිනේ සෑහෙන බරපතල විදිහට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවෙනවා? ඉතින් ප්‍රහාරය නිසා දොස් පැවරෙන්නේ මයික්ට. මේ සිනමා නිර්මාණය පටන් ගන්න මුල් තප්පර කිහිපයේ ඉදන් පැය දෙක දක්වාම කුතුහලයෙන් නරඹන්න පුලුවන් කමක් තියෙද්දී මම කියන්න යන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. Fallen සිනමා නිර්මාණවල හතරවැන්නක් නිර්මාණය වෙනවද නැද්ද කියලා නම් තාමත් කිසිම නිවේදනයක් කරලා නම් නැහැ. හැබැයි ඉතින් මගේ අදහස නම් තවත් එකක් නිර්මාණය නොවී මේක මෙතනින් නවතීවි කියලයි හිතෙන්නේ.
එහෙනම් ඉතින් ෆෝලන් සිනමා රසිකයන් මග බලාගෙන හිටිය අලුත් එකත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
45,574 downloadsDownload Angel-Has-Fallen-2019-Blu-Ray.zip276 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
169 comments
කවිශල් රසින්ත (කවී)
Janeera Samud
Ela ela
Achi
Thank bokk
Bobby
Great, Thank you very much Chamara
gihan perera
පට්ට සහෝ...මේක දානකන් තමයි බලන් හිටියේ මචෝ....මමත් ටිකක් කලින් මේ ෆිලුමට උපසිරැසි කරන්න කියලා ඉල්ලුවා....ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo. ..
Hasitha Madush
Castieal සහෝ ස්තූතියි හොඳේ
rmlpbandula
Ela brooo
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
දෙනකන් බලන් හිටපු පහරක්
බලලම ඉමු එහෙනම්
ජය වේවා!!!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
Kapila4499
thanks for sub
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!තාරක මධුෂාන්
Thanks U Bro...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයjagath55
Thanks
Chathuranga Lahiru
Thank you
Dilanka169
patta bn.me film enkn iwasillak nathuwa hitiye.thank bn.digatama sub karanna budu saranai.
Tiger zinda
Patta para thanks...
chandika1975
thank you for subtitle.
Ayesh Prashan
Thank You
Chamindalakruwan
ස්තුති සබ් එකට
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
මේක එකනම් හිටියේ...WA@
Thanks
Athula
thanks ....
baiscopeshanukap
Enakn balan hitapu film ekak. Thanks bro sub ekata
prasanga sanjeewa
thanks....
thilz
thank u 4 the sub
arawindasunimal
ස්තුතියි උපසිරසියට (චාමර සම්පත්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
Rumesh dhanushka
Thanks Brother ✨️️️
wnrodrigo
Good work friend, Thanks for the Sub!
sathyajith
Thanks for the sub
Sanjeewa2010
Thnxxxxxxxx
ridmal
Thankz broo
harris
Thnks bro sub ekata
virajinduka
Baiscopedownload site eka weda nathe ai
darshana100
thanks saho
Suresh Madhusanka
Thanks for sub bro
Nala
THanks you broo.
indika75
thanks..
Sanjeer
Yalu film download karanna ba macho mokada wela thiyenne
Tharaka
Filuma nam niyamai.
ThnxAssident
thanks!
Tharaka1122
Thanks sub akata
Jaya wewa !!!Kaushal
appreciate your efforts to bring us the subtitles. Thanks baiscopedownload team.
Buddi
Thanks........
Rashmika dumidu
Thanks
Nandana_kumara
tu
prabth
thank you
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
tv malli
patta bro
srinath
Thanks Bro
sahangayantha
thanks a lot saho
Advertisement
![Angel Has Fallen (2019) Sinhala Subtitles | ජනපති ආරක්ෂක ඝාතකයෙකු වූ කල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/Angel-Has-Fallen-2019-1.1.jpg)
බොහොම ස්තූතියි චාමර අයියේ සබ් එකට.. ආපු ගමන් දීලා නේ. සබ් දෙනකල් බලන් හිටියේ. ජය වේවා..!!