හොඳයි කොහොමද කට්ටියටම? හැමෝගෙම වගේ බලාපොරොත්තු සඵල කරමින් ජෝන් ස්නෝව් නැගිට්ට නොවැ. 😛 හරි එහෙනම් එතන ඉඳන් අද කොටස අපි බලමු. කලින් කොටසෙදි ටික දෙනෙක් හරි මම අහපු දේට පිළිතුරු දීලා තිබ්බනේ. ඒ හින්දා ඒ ඉල්ලීම මම ඉටු කරන්නයි යන්නේ. ඊට පස්සේ 06 අදියරේ ඉඳන් අපි එක්ක වටිනා ලිපි බෙදාගන්න තරිදු අයියගේ ලිපිය…

හොඳයි කොහොමද කට්ටියටම? හැමෝගෙම වගේ බලාපොරොත්තු සඵල කරමින් ජෝන් ස්නෝව් නැගිට්ට නොවැ. 😛 හරි එහෙනම් එතන ඉඳන් අද කොටස අපි බලමු. කලින් කොටසෙදි ටික දෙනෙක් හරි මම අහපු දේට පිළිතුරු දීලා තිබ්බනේ. ඒ හින්දා ඒ ඉල්ලීම මම ඉටු කරන්නයි යන්නේ. ඊට පස්සේ 06 අදියරේ ඉඳන් අපි එක්ක වටිනා ලිපි බෙදාගන්න තරිදු අයියගේ ලිපියත් කියවල ස්තූති කියාගෙනම යන්න.
මෙදා පාර ඉඳන් මම සිතියමක් ආධාරයෙන්ම පහුගිය කොටස කියන්න හිතුවා. ඒ ගැනත් අදහස් පල කරල යන්න. අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.
ප්‍රාකාරයෙන් එපිට. (සිතියමේ අංක 01)
බ්‍රෑන් ඇස් තුනේ දෝණකාකයා එක්ක දර්ශන දකිනවා. තමුන්ගේ පියාගේ, මාමාගේ හා නැන්දණියගේ බාලකාලය ගැන දකින දර්ශනයේදී ඔහු දකිනවා හෝඩෝර්ගේ කලින් ස්වභාවය ගැනත්. ඔය හෝඩෝර්ට දැන් වෙලා තියෙන දේ ගැනත් හරි අපූරු න්‍යායවල් අන්තර්ජාලයේ මේ සතියේ අපි දැක්කා. බ්‍රෑන් කොච්චර කැමති වුණත් ඔහුට වැඩි වෙලා තම දර්ශන වල නොයිඳීන ලෙස අවවාද ලැබෙනවා. ඒ වගේම ටිකක් කලකිරීමෙන් ඉන්න මීරාට Child of the Forest කියනවා වැඩිකල් නොයා එළියට යන බ්‍රෑන්ට මීරාගේ උදව්ව අවශ්‍ය වෙන බව.
ප්‍රාකාරයේදී. (සිතියමේ අංක 02)
බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච දෙයක් සිදුවුණා. මුලින්ම වනචාරීන්ගේ උදව්වෙන් සර් ඇලිසර්ව මැඩ පවත්වන්න ජොන්ගේ හිතවාදීන් ස්වල්ප දෙනාට පුළුවන් වුණා. ඊට පස්සෙ, බලාපොරොත්තු අත ඇරගෙන උන්න මැලිසැන්ඩ්‍රා ලව්වා ජෝන්ට නැවත පණ ගන්න සර් ඩාවොස් සමත් වෙනවා. ඔය අන්තිම මොහත බලපු රසිකයෝ ඒක දැකලා උඩ පැන්න හැටි ඔන්න youtube එකේ තියෙනවා. ගිහින් බලන්න හරි අපූරුයි.
වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 03)
කතාවෙ එක දුෂ්ටයෙක් වෙච්ච, රොබ් ස්ටාක්ට ද්‍රෝහී වෙලා පිහියෙන් ඇනපු රූස් බෝල්ටන්ට ඒ පරිප්පුවම රැම්සිගෙන් ලැබුණා. රැම්සි ජෝන් ස්නෝව් ළඟට සන්සා යන බව කියල හිතන නිසා කාසල් බ්ලැක් වෙත පහර දෙමු කියන යෝජනාවට අවඥාවෙන් හිනා වෙන කොටම වගේ, රූස්ට ස්වජාතක පිරිමි ළමයෙක් ලැබුණ කියන පණිවිඩයත් ලැබුණා. තමුන්ගේ උරුමයට ආව අභියෝගය තේරුම් ගන්න රැමිසි රූස්ව ඝාතනය කරනවා. ඒ මදිවට අලුත උපන් බිළිඳවයි, රූස්ගේ භාර්යාවවයි දෙන්නවම බල්ලනට කන්න දානවා.
මේ අතර සන්සා, බ්‍රියෙන්නා හා පොඩ්‍රික් ගෙන් තියොන් තම නිවහන වෙච්ච අයන් දූපත් බලා යන්න සමු ගන්නවා.
අයන් දූපත්. (සිතියමේ අංක 04)
අයන් දූපත් වල පාලකයා වෙච්ච බේලන් ග්‍රේජෝයිව තම සහෝදරයා විසින් මරා දමනවා. මේ යුරෝන් ගැන හොඳ විස්තරයක් තරිඳු සහෝ කරල තියෙනවා. ඒකෙන් වැඩිදුර විස්තර කියවන්න.
කිංග්ස් ලෑණ්ඩින්. (සිතියමේ අංක 05)
මර්සෙලා ලැනිස්ටර්ගේ අවමඟුලට සර්සිය යන්න නොදෙන්න ටෝමන් තීරණය කරනවා. හැබැයි මිනිය ළඟදි ජේමි විසින් ටෝමන්ට ආපහු තම අම්මව බලන්න යන්න නම්ම ගන්නවා. හැබැයි ආගමික නායකයව බය කරන්න හැදුවට, ජේමිට ඒක පහසු වෙන්නෙ නෑ. මේ අතර සර්සි ගාවට යන ටෝමන්, ආපහු ඇයගේ වසඟයට පත්වෙනවා. ඉදිරියේ මේ ආගමික සේනාව එක්ක සෑහෙන සටනක් වෙයි කියල හිතෙනවා.
හරි දැන් වෙස්ටරොස් වලින් යමු එසොස් දිහාට.
බ්‍රාවෝස්. (සිතියමේ අංක 06)
ගුටි කකා හිඟා කන ආර්යව බලන්න ජැකෙන් හගාර් එනවා. ඔහු ඇයට කෑම, නවාතැන් හා පෙනීම දීලා නම්ම ගන්න හැදුවට ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන හින්දා, ඇයව ආපහු පුහුණු වෙන්න එක්කගෙන යනවා.
මෙරීන්. (සිතියමේ අංක 07)
දැන් ඩැනේරිස් නැති හින්දා යුන්කායි හා ඇස්ටපෝර් නැවත හාම්පුතුන් අල්ලගෙන බවත් වහල් බොක්ක ප්‍රදේශයේ එකම නිදහස් නගරය මෙරීන් පමණක් කියලා කට්ටිය දැනගන්නවා. මකරුන්ගේ සහයත් ඔවුන්ට අවශ්‍ය බව හිතන කොට ආදිපාද ගිහින් කොහොමහරි මැරුම් නොකා මකරුන්ගේ විලංගු ගලවනවා.
හරි එහෙනම් දැන් තරිඳු සහෝගේ ලිපියට හැරෙමු.
බ්‍රැන්ගේ බලය

සතුන් ඇසින් දැකීමේ (warg) බලය තියෙන බ්‍රැන්, ජෝජෙන් රීඩ්ගෙ උපදෙස් අනුව three eye raven හොයා ගත්තෙ 4 වෙනි කතා මාලාවේ අන්තිමේ. ඒත්, 5වෙනි කතා මාලාවේ අපිට බ්‍රැන්ව දකින්න ලැබුණේ නෑ. ඒ කාලයේ ඔහු, three eye ravenගෙ උදව්වෙන් තම බලය ප්‍රගුණ කළා කියලයි හිතෙන්නේ. ඒ ඕනෑම තැනක අතීතය, වර්තමානය, අනාගතය දැකීම. මේ කතා මාලාවේදී බ්‍රැන්ගෙ visions ඔස්සේ game of thrones කතා මාලාවේ අතීතය හා සම්බන්ධ අපැහැදිලි තැන් කිහිපයක්ම දැනගන්න ලැබේවි කියල අපිට විශ්වාස කරන්න පුළුවන්.
ඔහුගේ එක vision එකක, ඔහුගේ පියා නෙඩ් ස්ටාක්, බෙන්ජමින් ස්ටාක් සමග කඩු සටන් පුරුදු කරමින් සිටිය ආකාරයත්, එතැනට ලියානා ස්ටාක් පැමිණීමත් දක්නට ලැබුණා. ලියාන ස්ටාක් කියන්නෙ game of thrones කතා මාලාවේ ප්‍රධාන චරිතයක්. රේගා ටාගේරියන් ඇයව පැහැර ගැනීමත් එක්ක ඇති වුණ රොබර්ට් බැරතියන් විප්ලවය අවසන් වුණේ විශාල ලේ ගැලීමකින්. එය ටාගේරියන් පාලනය අවසන් කරා. නෙඩ් ස්ටාක් තම සොයුරිය ලියානාව සඟවා සිටි tower of joy කියන ස්ථානයට තවත් 6 දෙනෙකු සමග ගියා. ඒ අතර නෙඩ්ගෙ හොඳම සගයෙක් වුණ, හොලන්ඩ් රීඩ් සිටියා. හොලන්ඩ් රීඩ් කියන්නෙ ජෝජෙන් සහ මීරාගෙ තාත්තා. tower of joy ආරක්ෂාවට රාජ ආරක්ෂයන් (king’s guard) තුන් දෙනෙකු සිටියා. 6 වෙනි කතා මාලාවේ 3වෙනි කොටසෙදි, බොහෝ විට මේ දෙපිරිස අතර ඇති වන සටන දැකගන්න පුළුවන්.
Iron Islands වෙත යූරොන් ගේ නැවත පැමිණීම

රොබර්ට් බැරතියන්ගෙ විප්ලවයෙන් පසුව රොබර්ට් රජකම ලබාගෙන අවුරුදු කිහිපයකට පසුව බේලොන් ග්‍රේජෝයි ගෙ පියා වුණු ක්වෙලන් ග්‍රේජෝයිද විප්ලවයක් ආරම්භ කරා. ඒ තමන් Iron Islandsවලට රජ කියන නාමය ලබාගෙන. මෙයට හේතුව වුණේ ඔවුන් දණ නැමුවේ ටාගේරියන්ලට වීමත්, ඒ කාලෙ තව දුරටත් ටාගේරියන් පාලනයක් නොතිබීමත්. ක්වෙලන්ගෙ දෙවෙනි පුතා වුණු යූරොන් ග්‍රේජෝයි සාර්ථකව තම නැව් වලින් ලැනිස්පෝට් වල නැංගුරම් දා තිබුණු සියලුම ලැනිස්ටර් නැව් ගිනිබත් කර විනාශ කර දැමුවා. ඒ ග්‍රේජෝයි විප්ලවයට විරුද්ධව ලැනිස්ටර් නැව් පැමිණීම වළක්වමින්. නමුත් රොබර්ට් බැරතියන් සහ නෙඩ් ස්ටාක් ප්‍රමුඛ උතුරු හමුදාව එකතු වෙලා මේ ග්‍රේජෝයි විප්ලවය සාර්ථකව මැඩලුවා. මේ සටනෙදි ජෝරා මෝමොන්ට් පවා නෙඩ් ස්ටාක් එක්ක එකට සටන් කරා. එහි ප්‍රතිඵලයක් වුණේ ක්වෙලන්ගෙ මියයාම වගේම බේලොන්ගෙ පුතුන් දෙදෙනෙකුත් මිය යාම. බේලොන්ට ඉතිරිව සිට එකම පුතා වුණු කුඩා තියොන් ග්‍රේජෝයිව වින්ටර්ෆෙල් වෙත අරගෙන ආවේ, ප්‍රාණ ඇපකරුවෙකු විදිහට. ඒ නැවතත් ග්‍රේජෝයි විප්ලවයක් ඇති වීම වළක්වන්න. බේලෝන්ගෙ පියා ක්වෙලන් මිය ගිය නිසා, බේලෝන් Iron Islands වල පාලකයා බවට පත් වුණා.
පොත් වල හැටියට යූරොන් ග්‍රේජෝයි ඔහුගේ වෙනත් සහෝදරයෙකු වූ වික්ටේරියන් ගෙ බිරිඳ දූෂණය කරපු වරදට, බේලොන් ඔහුව Iron Islands වලින් නෙරපා හැරියා. හැබැයි මේ කාලය තුළ ඔහු මුහුදු කොල්ලකාරයෙක් විදිහට එසෝස් මහාද්වීපයේ විවිධ ප්‍රදේශ තරණය කර තිබෙන බවත්, ඔහු එන බව දුටුවම මිනිසුන් ඉතා තැති ගන්නා බවත් සඳහන් වෙනවා. වෙනත් මිනිසුන් ගමන් නොකරන, විනාශ වූ ව’ලීරියා කලාපයේ, අශායි, Smoking Sea වැනි කලාපවල පවා ඔහු ගමන් කර තිබෙනවා.
එක ගමනකදි යම් සිදුවීමක් නිසා යූරොන් ග්‍රේජෝයිගෙ සිහිය විකල්වීමක් වුණා. ඔහු නැවෙන් මුහුදට පනින එක නවත්වන්න ඔහුගේ නැවේ පිරිසට සුදු වුණා ඔහුව කණුවක ගැට ගසා තියන්න. ඉන් පසුව ඔහුගෙ සිහිය හොඳ වුණාට පස්සෙ, ඔහු ඔහුගේ නැවේ පිරිසේ සියලු දෙනාගෙ දිවවල් කපා දැමුවා. එයට හේතුව සිදු වූ යම් විශේෂ සිදුවීමක් වසන් කරන්නට වෙන්න පුළුවන්.
රොබර්ට් බැරතියන් මිය ගිහින් ජෝෆ්රි බැරතියන් රජ බවට පත් වීම එක්ක, ඔහුට විරුද්ධව ස්ටැනිස්, රෙන්ලි, සහ රොබ් ස්ටාක් (king in the north) කැරලි ගසනවා. බේලෝන් ග්‍රේජෝයි තමන් Iron Islandsවල රජ විදිහට හඳුන්වාගන්නවා. රොබ් ස්ටාක් වෙනුවෙන් උදව් ඉල්ලගෙන එන තියෝන්ව පවා බේලෝන් මේ කැරැල්ලට එකතු කරගන්නවා. මේ යුද්ධය war of five kings ලෙසයි හැඳින්වූවේ.

උතුරෙ හමුදාව රොබ් ස්ටාක් එක්ක යුද්ධයට ගිහින් ඉද්දි, ග්‍රේජෝයි හමුදාව උතුරේ එක් එක් ප්‍රදේශ අයත් කරගන්නවා. තියොන් වින්ටර්ෆෙල් අත් කරගන්නේ මේ කාලයේ. එය ආරංචි වුණාම නැවත රොබ් ස්ටාක් උතුරට යන්න සූදානම් වෙනවා. ඒත් ඒ වෙලාවේ රූස් බෝල්ටන්, ඔහුගේ පුතාවන රම්සේට පණිවිඩයක් යවල විනටර්ෆෙල් නැවත දිනාදෙන්න ඉදිරිපත් වෙනවා. රොබ් ස්ටාක්ට ද්‍රෝහී වීමේ අදහස මේ කාලයේත් රූස් බෝල්ටන්ගේ හිතේ තිබුණා කියන දේ පැහැදිලියි. වින්ටර්ෆෙල් නැවත ස්ටාක් වෙනුවෙන් දිනාගන්නව වෙනුවට, රම්සේ තියෝන්ව තම භාරයට අරගෙන වින්ටර්ෆෙල්වලට ගිනි තියනවා.

රොබ් ස්ටාක් මිය ගියාට පස්සෙ, warden of north තනතුර රූස්ට ලැබෙනවා. ඔහු හා රම්සේ එකතු වෙලා, උතුරේ එක් එක් ප්‍රදේශවල සිටින ග්‍රේජෝයි හමුදාව නැවත පලවා හරිනවා.
යූරෝන් නැවත Iron Islands වලට එන්නෙ මේ කාලෙ. යූරෝන් කියල කියන්නෙ ඉතාම කෲර, ඒ වගේම ඔහුගේ මතයට වැඩ කරන කෙනෙක්. ඔහු නැවත ඇවිත් තියෙන්නෙ විශාල අදහසකින් කියන දේ පැහැදිලියි. ඒ Iron Islandsවල පාලනය ලබා ගන්න විතරක් නෙවෙයි. බේලෝන්ව මරා දැමීම එහි පළමු පියවර පමණයි. බේලෝන්ගෙ මිය යාම එක්ක, Game of Thrones දෙවෙනි කතා මාලාවේ ඉඳන් කතා වුණ War of Five Kings (රජවරු පස් දෙනා අතර යුද්ධය)හි රජවරු පස් දෙනාම දැන් මිය ගිහින්.
බේලෝන්ගෙ මිය යාම එක්ක හිස් වුණ, Iron Islandsවල පාලනය තමන්ට ලැබෙයි කියල යාරා හිතුවත්, Drowned God පූජකයෙක් වන ඒරෝන් (බේලෝන්ගෙ බාලම සහෝදරයා) ඇයට මතක් කරල දෙන්නෙ, පාලකයා තෝරා ගැනීමට kings moot එකක් තිබීම සම්ප්‍රදාය බවයි. මෙහිදි කෙරෙන්නේ, සියලුම Iron Island වැසියන් එකතු වෙලා, පාලනය බලාපොරොත්තු වන නායකයන් තමන් පාලනයට සුදුසු ඇයි කියන එක කතාවක් මගින් ඉදිරිපත් වෙන එක. ඒ ඒ නායකයන්ට කැමති අය, ඔහුගේ හෝ ඇයගේ නම හයියෙන් කෑ ගහනවා. මේ විදිහට වැඩිම හඬකින් ආමන්ත්‍රණය වෙන නායකයා, Iron Islands වල මීළඟ නායකයා බවට පත් වෙනවා.
Faith Militant (ආගමික යුද බළඇණිය)
ටයිවින් ලැනිස්ටර් මිය යාම එක්ක ටොමෙන් බැරතියන්ට රජකමේ වගකීම වැඩි වශයෙන් පැවරුණා විතරක් නෙවෙයි, ඔහු තම බිරිඳ වූ මාජරී සහ අම්මා ස’ර්සිගෙ අදහස් සහ බලපෑම් අතර හිර වුණා. ටොමෙන් කියන්නෙ අහිංසක පුංචි ගටවරයෙක්. ඔහු ජොෆ්රි වගේ භයානක, තම තනතුරෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න කෙනෙක් නෙවෙයි. වෙස්ටරෝස් වල අදහන දෙවියන් හත් දෙන්නාට ගැති හමුදාවක් ක්‍රමක්‍රමයෙන් බිහි වෙන්නෙ මේ පරිසරය තුළ. ඔවුන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම, Seven God විශ්වාසයන්ට පිට අදහස් දරණ පිරිස් සහ ක්‍රම දමනය කිරීම ඉතා බිහිසුණු ආකාරයෙන් සිදු වෙනවා. ටයිවින් ලැනිස්ටර් ජීවතුන් අතර සිටිය නම්, ඔහු කවදාවත් ඒ වගේ දෙයකට ඉඩ තියන්නෙ නෑ. මේ බලවේගය ගොඩ නැගෙද්දී, එය මඩලනවා වෙනුවට ස’ර්සි කරේ එයට අනුබල දීම. ඇය එයින් බලාපොරොත්තු වුණේ, දේශපාලනික වශයෙන් කෙලින් පළිගන්න බැරි අයගෙන්, මේ Faith militant එක යොදාගෙන පළිගන්න. විශේෂයෙන්ම මාජරී ඇතුළු ටිරෙල් පිරිස, තමන්ට බාධාවක් විදිහට දැකපු නිසා ඇය, මාජරී සහ ලෝරස් අත් අඩංගුවට ගන්න පුළුවන් විදිහට High Sparrowට කරුණු කියනවා. ඒ ලෝරස් සමලිංගිකයෙකු බවත්, මාජරී මේ දේවල් වසන් කරන්නට උත්සහ කරපු බවත්.

නමුත් මෙහි අවසාන ප්‍රතිඵලය වුණේ ස’ර්සි පවා ඇය කර ඇති වැරදි වලට අත් අඩංගුවට පත් වීම. Little Finger සහ මාජරීගෙ ආච්චි වෙන ඔලේනා ටිරෙල්ගෙ බලපෑමෙන් දැනට faith militant එකේ සාමාජිකයෙක් වෙන ලාන්සෙල් ලැනිස්ටර්, ඔහු ස’ර්සි සමග තිබුණු අනියම් සම්බන්ධතාවය ගැන, ස’ර්සි සහ ජේමිග් අනියම් සම්බන්ධතාවය ගැන, රොබර්ට් බැරතියන් ඝාතනයට ස’ර්සි විසින් තමන්ව යොදාගත් හැටි, පාපොච්චාරණය කරනවා. (රොබර්ට් බැරතියන් මිය ගියේ දඩයම් ගිහිං, වලහෙකු පහර දී වුණත්, ඒ කාලේ ලාන්සෙල් ලැනිස්ටර් රොබර්ට්ගේ squire කෙනෙක් විදිහට, රොබර්ට්ට දුන් වයින් වල එක් කල යම් දෙයක් නිසා, නිදිමත හෝ සිහි මද ස්වභාවය මේ විදිහට වලහෙකුගෙ අතින්, ඉතා හොඳ දඩයක්කාරයෙකු වුණ රොබර්ට් මිය යාමට වැඩි හේතුවක් වුණා.) දින කිහිපයක් හිර අඩස්සියේ ඉඳල, ඇය හිරෙන් ගැලවී යාමේ අදිටනින් පාපොච්චාරණය කරනවා. ඒත් ඇයට හිරෙන් නිදහස් වෙලා, රෙඩ් කීප් (රාජ වාසල) එකට එන්න වෙන්නෙ මහ ජනතාව අතරින් නිරුවතින්.
6 වෙනි කතා මාලාවේදී බොහෝ විට ස’ර්සි මේ faith militant එකෙන් පළිගන්න දරණ උත්සාහය බලාගන්න පුළුවන් වේවි. ඇයගේ ප්‍රධානම සටන් කරුවා වන්නෙ ආපසු පණ ලබා දී ඇති මවුන්ටන්. ටිරියන්ගේ නඩු විභාගය සඳහා Prince ඔබරේන් සමග තිබුණු සටනෙදි ඔබරේන් මිය ගියත්, ඔබරේන්ගෙ ආයුධයේ විෂ තවරා තිබුණු නිසා ඒ විෂෙන් මවුන්ටන් මිය යාමට ආසන්නව සිටියා. ඒත් ක’බ’න් කියන මේස්ටර්වරයා ඔහුට Robert Strong ලෙස ආයෙ පණ ලබා දී තිබෙනවා.
පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
Works with – HDTV-KILLERS, AVS, CtrlHD, TOPKEK / BR – PSA rip
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
70,299 downloadsDownload GOT.S06.E03.Sinhala.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
89 comments
Nadun
deshan
amme ude idan balan hitiye koi wele sub deida kiyala thankz royli aiye saha visthareta tharidu aiye dennatama bohoma sthuthi
Sanjeewa77
balan idala balan idala nidaganna giya witharayi .....royili ayya deyya men dala ....thanks sub thanks lipiya.....
@@*Aruna*@@
රොයිලි අයියේ සබට බොහොම තුති...
ජය වේවා...nadun pabasara
එල එල..... මාත් උදේ ඉදං නොවැ බලන් හිටියේ.... දිගටම යං
Gihan
thank you… Roily aiya..kepp it up :)
Malika Iroshan
episode eka bagena balan hitiya dan dei dan dei kiyala..dunna gaman bawa
Niranjan Karunathileke
ඔබේ සේවයට අප ණය ගැතියි.
prabath
thx elzzzzz
Asiri
සබට බොහොම ස්තූතියි රොයිලි අයියේ.ඒ වගේම තරිදු සහෝගේ ලිපියටත් බොහොම ස්තූතියි.ජය වේවා...
chamika
thankzzzzzz
Shehan Randika
LIPIYATAI SUB AKATAI THANKS GOOD LUCK
***ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා***
ඔන්න මුලින්ම තැන්ක්ස් කරනව රොයිලි අයියටයි තරිදු අයියටයි..... දෙන්නම එකතු වෙලා වැඩේ දෙනව සුපිරියටම... ඔන්න අයේ තෑන්ක්ස් කලෝ... ජය වේවා!! ඔන්න මම එපිය බලනවෝ... ජොන් ට මොන මගුලක් වෙලද දන්නෑ :-)
Chathu
thank you so much !!!!
Heshan
Thanks saho..
Praveen Geeshan
එල සහෝ එල දානකම් බල බල හිටියේ. Thanks.
Gayan
Thanks roily bro.map ekath ekka preview karana eka watinawa.tharidu aiyatath bohoma pin.jon apu nisa kathawa ayeth asawen balanna puluwan.
Pasan Maheesanda Rooparathne
බොහොත් ශුක්‍රියා රොයිලි අයියා.....
පරණ කොටසේ රිවීව් එක නම් ඕනමයිතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
T!Nk3R
thxxxxxxxxxxxxxxxxxxx........!!!!!!!!!!!
v
ස්තූතියි රොයිලි සහෝ
yasas
thanks for sub bro!!!
harsha
හප්පේ ආසාවෙ බෑ.. දැන් ගෙදර ආවෙ (ගෙදර ආවෙම මේක බලන්න හිත හිතා) ජාති ජාතිත් පිං මෙහෙම සනිකව සබ් දෙනවට..!
Dish
Thank You aiya...........
තුරුම්පු හේරා
14404630BF8380C6CB88424000C83A75AD35BA9C
මෙහෙම දුන්නොන් කට්ටියට ලේසියි නේද...
Lakshitha Nayanajith
tnx
NAVIN
Thanks...
නිෂූ
එළ කොල්ලෙක් ! ජයවේවා !
ruwan
thanks machan..
CM Champika
thanxxx
SachesC
ela
Gayan Darshana Dissanayake
Superb!!! thanx..
natasha
thank ayye
Maduka
Thanks......!!!!
Mahesh
Thanks Bro.......!
Rajitha
Thank you saho.......jayawewa......!
vish
ගොඩක් ස්තුතියි රොයිලි අයියේ, මන් ඔසී ඉඳලත් ඔන්ලයින් බලන්නේ නැතුව මේක බලන්නේ, ගොඩක් වටිනවා ඔයා ඇතුළු බයිස්කොප් සෙට් එක මේ කරන දේ..
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ :) සිතියමකින් මේ විදියට ගිය සතියේ කොටසේ සිද්ධ වෙච්ච දේවල් කියලා දෙන එක නම් සුපිරි වැඩක් ... අවුරුදු 3 ක් විතර මැරෙනකන් බලන් හිටිය එකෙක් මැරුණා :D තව දෙන්නෙක් ඉන්නවා :D මෙන්න අයියේ සබ ගත්තා. ඒවගේම හැමදාමත් වගේ නොතේරෙන දේවල් කියා දෙන තරිදු අයියටත් බොහොම ස්තුතියි !! ජය වේවා !!
Sajeevi
Thanks a lot
NAVIN
thanks...
channa
රොයිලිටයි තරිදුටයි ගොඩක් ස්තුතියි
Sanath Perera
බොහොම ස්තූතියි රෝයිලි සහෝගේ උපසිරසටත්; තරිදු සහෝගෙ වටිනා ලිපියටත්….
ඊලඟ එපියත් ආව ගමන්ම දෙන්න…
ජයෙන් ජය ඔබ ද.ෙපලටම…
:) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;)සඳුන් විමලවීර
ඉක්මනටම සබ දුන්නා නේද රොයිලි අයියේ...
තරහා කාරයෝ සෙට් එකක්ම වල කජ්ජ ගැහුවා වෙලාවට..
season 3න් පස්සේ තමයි අපහු රිකොන් ස්ටාක් දැක්කේ..වෘකයාට නම් අපලයි..
එන සතියේ කතාවේ title එක හැටියට ලොකු ගේ කුරුල්ලට අපලයි වගේ කියලයි හිතෙන්නේ..
තව ජෝරයි,ඩාරියෝ නහාරිස් එකතු වෙලා ලොකු ගේමක් දෙන්න යන්න හදන්නේ..
බලමුනේ එහෙනම් ලබන සතියේ..ජය!!නිෂූ
ෙබාහොම ස්තුතියි ! දවස් කුනක්ම ඉල්ලුවා වගේ අදත් අන්තිම වතාවට ඉල්ලන්නම්., පුලුවන්නමි වෙනදා වගේ ටොරන්ට් ලින්ක් ටිකත් දාන්න. අඩ්ම තරමේ හෑෂ් එකවත් දානවනම් ලොකු දෙයත් !
Pasan Maheesanda Rooparathne
තරිඳු අයියේ රොබර්ට් බරාතියන් මැරෙන්නේ ඌරෙක් ගහලා නේද වලහෙක් එක්ක සටන් කරලා නෙවේනේ.....
Tharindu
Yeah malli. Sorry for that mistake.
v
තරිදු ජෝන්ගෙ අම්මා ලියෙන්නාද? මොකක්ද ඔයාට හිතෙන්නෙ ඒක ගැන?
Ishara Ruchiranga
Thankz bro sub ekata
GAZ
පැහැදිලි විස්තරයක්..
සබට සහ ලිපියට තුති ,,,alvis
good job & thank you
John Snow
ඔබේ සේවයට අප ණය ගැතියි.
pradeep
thanks bro.......................
devinda gamage
ty bro.....
Gathsara Umesh Kumara
patta ayyaaa
harsha
ස්තූතියි සහෝලා වැඩේ නියමෙට යනවා. කතාව බලන්න කලින් ලිපිය ඔලුවට දාගත්තාම පරන කතා ඔක්කොම මැවිලා පේනවා. එහෙනම් කතාව බලන්න යනවා ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
pramuk
kiyanda vachana na bn thanxxxxxxx lot..............
kalindu
මේතරම් හොඳ කතාවක් උනත් බලන්න වෙලාවක් සෙට්කරගන්නෙ කොයිතරම් අමාරැවෙන්ද කියල ජොබ්කරන ගොඩක්අය දන්නවනේ. අපිට එහෙම අමාරැනම් සබ් දෙන්න ඔයගොල්ලො කරන කැපකිරීමට ස්තූතියි කියල විතරක් මදි කියලයි මටනම් නිතරම හිතෙන්නෙ.
kumara
Thanks Bro !!!
Advertisement


i am the first this time...
thankx... Roily aiya....
great work....
good luck