Watch Trailer

Ironclad (2011) with Sinhala Subtitles | රට වෙනුවෙන්, රජුට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

මධ්‍යතන යුගය ගැන අත්දැකීම් ඇති කවුරුත් ඉන්නවද? කොහොම ඉන්නද; නේද? අපට ආපහු අතීතයට යන්න විදිහක් නෑනේ ඒ කාලේ ගැන අත්දැකීම් ලබන්න. ඒ වුණත් ‘Strong Hold’ සෙල්ලම් කෙරුවනම් චුට්ටක් හරි අදහසක් ඇති, ඒ කාලේ බටහිර ලෝකයේ ස්වරූපය ගැන. ගැ‍ටුම්, විනෝදය, ත්‍රාසය, භීතිය, කෲරත්වය, වීරත්වය, සටන් කෙළවරක් නෑ! ඔන්න අද ඔ…

මධ්‍යතන යුගය ගැන අත්දැකීම් ඇති කවුරුත් ඉන්නවද? කොහොම ඉන්නද; නේද? අපට ආපහු අතීතයට යන්න විදිහක් නෑනේ ඒ කාලේ ගැන අත්දැකීම් ලබන්න. ඒ වුණත් ‘Strong Hold’ සෙල්ලම් කෙරුවනම් චුට්ටක් හරි අදහසක් ඇති, ඒ කාලේ බටහිර ලෝකයේ ස්වරූපය ගැන. ගැ‍ටුම්, විනෝදය, ත්‍රාසය, භීතිය, කෲරත්වය, වීරත්වය, සටන් කෙළවරක් නෑ! ඔන්න අද ඔබ මස්-මරන්නෙක්, හෙට බලකො‍ටුවක් රකින දුනුවායෙක්; අද ඔබ දැවකරුවෙක්, හෙට සතුරන් බරි ගහන කෙටේරි කාරයෙක්. ජීවිතේ හරිම අවිනිශ්චිතයි. ඒ වගේම පුදුමාකාර චකිතයකින් යුක්තයි. මේ හේතුව හින්ද වෙන්නැති මාත් ඒ යුගයට මෙච්චරම වහ වැටෙන්නේ. ඒ ආශක්ත බව හින්දමයි මේ විදිහට ඒ යුගය පාදක කරගනිමින් නිර්මාණය කරන්නට යෙදුණ සිනමා නිර්මාණයක් සිංහලෙන් ගේන්න හිතුණේ.

ඒකටත් වඩා බොහොම වැදගත් තවත් කාරණයක් මෙහි අන්තර්ගත වෙනවා. මං හිතන්නෙ ඒ කාරණේ මාව මේකට සිංහල යොදන්න පොළඹවන්න සෑහෙන තරම් බලපෑමක් ඇති කළා. “ඒ තමා දේශපාලනය!” දේශපාලනය කිව්වට නිකම්ම නිකම් දේශපාලනය නෙමේ; “දේශපාලනික පරිණාමවාදය.” ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිණාමයේ මුතුන් මිත්තෙක් වගේම අතිශය වැදගත් සහ ඉහළින්ම ඇගයෙන මුල් පුරුකක් තමා මැග්නා-කාර්ටා. මැග්නා-කාර්ටා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිණාමයේ පැරණිතම සාමාජිකයෙක් වගේම ලෝකයේ මුල්ම ලේඛනගත දේශපාලනික සම්මුතීන්ගෙන් එකක්. එංගලන්තය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ මාවතට යොමු කරන්නටත් ඒ ඔස්සේ ලොව අද දකින සියළුම ආකාරයේ ප්‍රජාතාන්ත්‍රික පාලන ව්‍යූහයන් නිර්මාණය වීමටත් අවශ්‍ය කළ මූලික සුදුසුකම් නිර්මාණය කරමින්, රාජ්‍යත්වයේ අසීමිත බලය නිශේධනය කරමින්, පාලන බලයේ අයිතියත් ශක්තියත් ජනතාවාදී මාවතකට අවතීර්ණ කරන්නටත් හේතු වූ ඉපැරණිතම ලියවිල්ලක්.

ඉතින් මේ කතාව ගොඩනැගෙන්නේ මේ ලියවිල්ල වටායි. 1215දී ජෝන් රජතුමා සි‍ටුවරුන්ගේ කැ‍රැල්ලකට පරාජය වීමෙන් අනතුරුව, ඔවුන්ගේ බලපෑම් මත මෙම ඓතිහාසික ලියවිල්ලට මුද්‍රා තැබුවේ කිසි කැමැත්තකින්, සතුටකින් නෙමෙයි. හේතුව ඔහුගේ රාජකීය බලය අත්‍යන්ත ලෙස සීමා සහගත කරලමින් එහි බලය සාමාන්‍ය මිනිසුන් වෙත පවරා දීමට ඉන් සිදු කළ බලකිරීම. රජු මීට එකඟ වුණේ තම රජකම ‍රැකගන්නට ඒ මොහොතේ වෙනත් විකල්පයක් නොතිබි නිසා. නමුත් මේ උත්සාහය තම අනභිබවනීය බලය තමන්ගෙන් උදුරා ගැනීම පිණිස වන බව ඔහු නොදැන සිටියා නොවෙයි. එනිසා ඉඩ ලද පළමු වෙනි මොහොතේම ඔහු මෙය මර්දනය කරලීම සඳහා තම උපරිම ශක්තිය යෙදවූවා. ඒ සඳහා ඉතා කූඨ ලෙස උපක්‍රමශීලීව කටයුතු කරමින් සියළු බල අධිකාරීන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටත් ඔහු සමත් වුණා.

මේ අතරේ රජුගේ මේ වැඩ පිළිවෙළ වළක්වාලමින් එංගලන්තයට උදාවූ නිදහස ‍රැක ගැනීමට ඉතා සුළු පිරිසක් ස්වේච්ඡාවෙන් පෙළගැසුණා. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයට පින් සිදු වන්නට අද අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට ඉඩ සැලසී තිබෙනවා. තමන්ගේ ජීවිත පරදු තබමින් ඔවුන් ‍රැක දුන් ඒ ළදරු ප්‍රජාතන්ත්‍රවාදය කෙමෙන් මුහුකුරා ගොස් අද එහි ඉහළතම තැනට පත්වෙලා.

ඉතින් තමන්ගේ මේ විශ්වාසයන් වෙනුවෙන් නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් බිහිකිරීමට උර දුන් ඒ විරුවන් ගැන සිහිකරමින්, කෘතවේදීවෙමින් මේ නිර්මාණය රසවිඳින්නට ආරාධනා කර සිටිනවා. ඒ වගේම කියන්න ඕනේ මේකේ අඩංගු සටන් දර්ශන අතිශය තාත්ත්වික අන්දමින් රූගත කොට තිබෙනවා. හරියටම අපිත් එතන ඉන්නවා වගේ! විචාරක මතයන්ට අනුකූලව මේ වසරේ නිමැවූ වඩාත්ම උසස්තම සහ තාත්ත්විකම සටන් ජවනිකා අඩංගු චිත්‍රපට අතුරින් මෙයත් එකක් වනවා.

ඒ වගේම ඇසබි වදන් සුළු ප්‍රමාණයක් ඇති බවත් සඳහන් කරන්න ඕනා.. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

Subtitles by

උදා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

93 comments

  1. ඉසුරු උදාන

    මම පළවෙනියා :D
    මේ තියෙන්නේ නියම බයිස්කෝප්. කොහොමත් උදා සහෝ දුන්නොත් එළට බයිස්කෝප් එකක් තමා. අනිවා බාමි. සබ් එකටත් ස්තූතියි සහෝ :D

  2. praneeth Muthukumara

    අද මම දෙක, මේ වගේ බයිස්කෝප් එකක් දෙනකම් හිටියේ,
    උදා සහෝට ගොඩක් ස්තුතියි!!!

  3. nirush D

    Sirama Hilm 1k wage.... ela ela...

  4. nahsuk

    jaya wewa digatama wede kara gena yanna

  5. Asabha

    Thankx...onna mamath baawa

  6. Alaya

    Jaya wewaa kiwa..baami baami :D \m/

  7. kte

    Thanks bro :)

  8. chamila

    thanks.....

  9. uda

    සටන් ජවනිකා ගැන හරියටම කියනවානම් විචාරකයන්ගේ අදහස වන්නේ 'The Lord of the Rings' වලින් පසුව දක්නට ලැබෙන හොඳම සටන් ජවනිකා මෙහි අඩංගු වෙන බව තමයි. ඒ වගේම මේක හදලා තියෙන්නේ '300' ‍ෆිල්ම් එක හදාපු කට්ටිය! ඉතිං තවත් කතා මොකටද? නේ...හ්!

  10. salinda

    ela ela thaanx Uda bro mamath asae maa wagee films balanna.digatama karagena yanna.jaya waawaaaa..

  11. හශාන්

    කාලෙකිං සබක් තියන එකක් ආව වගේ.........සුපිර් ආ........

  12. Theeka

    ela ela
    thanks

  13. විකියා

    මරු මරු ....බොහොමත්ම තුති,,,
    ජයෙන් ජය~!

  14. waru

    thank's macho

  15. සාරංග ලියනගම

    නියමයි... මේවගේ එකක් කාලෙකින් බැලුවේ නෑ.
    ගොඩාක් ස්තූතියි.....

  16. Dima

    Maxxa saho...... fattai..... thank u wewa !!!!
    Bapu kastiya seed karanawanan godak pin.... Jayawewa..

  17. රාම් රාජ්

    ලිපිය දැක්කම හිතෙනවා සබ් දැමිල්ල කොහොමද කියලා. ස්තූතියි

  18. Sha

    Ela ela onna danawa down wenna :)

    Thankzzzzzzz film 1ta n sinhala sub 1ta :)

    Jayawewaaaaaaaaaaaaaaaaa :D

  19. $uvin

    ammata siri.. maxxa maxxa!!
    onna apith ehenam baanawaaa... hode???

  20. creative EYE

    onna mamath download karanna demma

  21. silva

    Niyama wedak sahooooo....... Thank u

  22. B .V.Kajja

    Udaa mallita palamuwenma pin denawa hoya hoya htiya pilm ekaka good copy ekak dunnata,maxxa movie eka.

    Malli la tikak Hindi moviesuth upload kalaa nam kiyala waedaka nae.

    ligikathwaya podaak ismathu wena pilm wediwediyenma upload karanna.jaya wewa

  23. ලිට්ල් ජෝන්

    ස්තුතියි උදා ජයවේවා!

  24. theekshanax

    කලින් බලල තිබ්බත් සින්හල සබ් එක්ක ආයෙත් බලනවා. මේක නියම ‍ෆිල්ම් එකක්

  25. NILA

    THNKS

  26. chamara

    අඩෝ මචන් sub වලට තැන්ක්ස් එත් අපරාදේ මේ ෆිල්ම් එකට ගොඩක් එස්ස්ර වෙනත් site එකකින් සිංහල සබ් දාල තිබ්බා
    උබ එකෙන් කොපි කෙරන්න නැතුව ඇති කියල අපි විස්වාස කෙරනවා අනේ වරදවා හිටන්න එපා
    මොකද අපි දන්නවා ෆිල්ම් එකකට sub දන්නා කොපමණ අමාරුද කියල ඒටපස්සේ එකෙන් ලැබෙන සතුටත් ඒවගේම
    යමෙකු වැරදි දෙයක් කොලොත් ඇතිවෙන අප්රෙසන්න දෙයත් කියන්න ඕනේ නැහැනේ
    අවසානයට අවන්කවම අප වෙනුවෙන් සිංහල sub හදන ඔබට ජයෙන් ජයම වේවා
    වැඩි වැඩියෙන් සතුට ජය ලැබී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා

  27. කේ. යූ. ජී. උදාර

    උදාගේ වැනිල්ලෙ හැටියට නොබා කොහොමද ...
    ඔන්න මාත් අර යටින්ම තියෙන පොඩි කොපිය බාගන්නවා. ජයවේවා...

  28. උදය

    ස්තුතියි උදා ....

    ඔවට මෙවැනි දේවල් කිරීමට ශක්තිය හා දිරිය ලැබේවා ...!!!

  29. Anonymous

    Nice movie......
    cheerzzzzzzzzzzzzzzzzz

  30. dinnu

    mekanam nobala bariyooo.jayawewa uda saho.

  31. cc

    ado mamat asa me wage parana WAR film walata. meka baala tiyenne. sub dena list 1ke tibba nisa baluwe naha. ada balanawa. thnkzz machooo!!!

  32. Dina

    common uda.. keep it up. elazzzzzzzz

  33. isuru

    kanagatuwen unath kiyanna one intime film 1kata den sub nodunnath kamak ne

  34. uda

    @ chamara

    පොඩි දෙයක් කියන්න වෙනවා චාමර.
    මම ඉතාමත් වගකීමෙන් කියනවා; මම කවදාවත් කාගෙවත් සිංහල උපසි‍රැසි නිර්මාණයක් කොපි කරලා ඒක මගේ වගේ දීලා නෑ. මම කොච්චර පරණ එකකට හෝ අලුත් එකකට වුණත් උපසි‍රැසියක් දෙන්න හදනවානම් ඒ උපසි‍රැසිය හදන්නේ මමම තමා. අනුන් මහන්සි වෙලා කාලය වැය කරලා වෑයමින් හදලා දෙන; වෙනත් කෙනෙකුට අයිති උපසි‍රැසි එකක් මම කළ එකක් විදිහට වංචනිකව මගේ නම යොදලා, එහෙමත් නැත්නම් වචන ටිකක් විතරක් එහෙමෙහෙ කරලා ලබා දෙන එක මගේ පුරුද්දක් නෙමෙයි. මම උපසි‍රැසි එකක් භාර ගත්තොත් ඒක හදන්නේ මමම පමණයි. ඇතැම් වෙලාවක ඒකට අනෙක් අයගෙන් උදව්වක් පදව්වක් ගත්තා වුණත්, ඉංග්‍රිසියෙන් සිංහලට පෙරළලා ඒක සිංහලට සකස් කරන වැඩේ අවසානය තෙක්ම කෙරෙන්නේ මගේම අතින් පමණමයි.

    මම හිතනවා මේ කටයුත්තේ නිරත වෙන අනෙකුත් සෑම ගෞරවණීය උපසි‍රැසි නිර්මාණ කරුවෙක්මත් කටයුතු කරන්නේ ඔය විදිහටයි කියලා. (සමහරු හවුලේත් උපසි‍රැසි හදනවා, ඒ වුණත් ඒ අයත් ගෞරවණීය විදිහට මේ කටයුත්තේ නිරත වෙන උදවිය නිසා ඔය විදිහට අනුන්ගේ දේ හොරකම් කරලා ලබා දෙන්නේ නෑ! ඒ අය පවා ලබාදෙන්නේ තමන් විසින්ම කළ උපසි‍රැසි නිර්මාණ විතරයි!) ඒ වගේම මම වගකීමෙන් කියනවා මේ අපි සහය දෙන වෙබ් අඩවිය ඒ වගේ කටයුතු වලට අනුබල නොදෙන බව මම තරයේ විශ්වාස කරනවා.

    කීප වතාවක් කිහිප දෙනක් ඔය විදිහට අනුන්ගේ එකක් තමන් කළ දෙයක් වගේ පළ කරගන්න හැදුවා. නමුත් ඒවා වංචා සහගතව ඉදිරිපත් කරපුවා බව හඳුනාගත් නිසා අපේ සහෝදරවරු ඒවා පළ නොකර සිටියා. ඒ විදිහට වංචා සහගතව එවාපු එකක් පළවුණේ එකම එකවරයි මම දන්න තරමින්. ඒ මොකද්ද කියන එක මම මෙතන කියන්නේ නෑ. නමුත් ඒක සිද්ධ වුණේ ඒ බව කල් ඇතිව දැන ගන්න නොලැබුණු නිසායි. ඒක පළවීමෙන් පසුව ඒ උපසි‍රැසි නිර්මාණය සිදු කළ මුල් නිර්මාණකරු තමන්ගේ එකක් වෙනත් අයෙකු විසින් ලබා දී ඇති බවට හෙළිකිරීමෙන් පසුව අපේ සහෝදරවරු ඔහුගෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කළා.

    නමුත් ඔයා කියන්නා වගේ අනුන්ගේ දේ තමන්ගේ වගේ පෙන්නලා නම පළ කරගන්න හදන උදවියත් නැත්තේ නැති නිසා ඔය වැනි අදහසක් හිතට ඒම සහ ඒ සම්බන්ධයෙන් සැකයක් පහළවීම සාධාරණයි. මම ඒක පිළිගන්නවා. නමුත් හැමෝම එකම මිම්මෙන් මනින්න එපා සහෝ. අපට එහෙම මේනියාවක් නෑ. අනුන්ගේ දේ කොල්ලකන්න වුවමනාවක් නෑ. අපි මේ කටයුත්ත කරන්නේ බොහොම පිරිසිදු අදහසින් වගේම පිරිසිදු විදිහටයි.
    අපි එහෙම අනුන්ගේ දෙයක් කිව හැකි යමකට ගන්නේ ඉංග්‍රිසි උපසි‍රැසිය පමණයි. ඒ වුණත් මම කලිනුත් වතාවක් කීවා වගේ ඒ උපසි‍රැසිය කළ තැනැත්තා තමන්ගේ නමක් යොදමින් යම් අයිතියක් පළකර තිබුණොත් එය ඒ ලෙසම මාගේ සිංහල උපසි‍රැසි නිර්මාණය තුළත් දැකගත හැකියි. හේතුව එවැනි ප්‍රකාශයක් ඉවත් කරන්නට මට අවශ්‍යතාවයක් ඇත්තේ නැතිකම. අනෙත් කාරණය අපි මේ විදෙස් භාෂාවකින් කෙරුණු සිනමාවන් වලට සිංහල උපසි‍රැසි හදද්දී අපි ඒ සඳහා වෙනත් කෙනෙකු විසින් සිදු කළ ඉංග්‍රිසි උපසි‍රැසියක් උපයෝගී කරගන්නා බව කවුරුත් දන්නා කරුණක් නිසා අමුතුවෙන් ඒ ගැන සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේත් නැහැ. අනිත් එක මීට කලිනුත් කිහිප වතාවක් අපි ඒ විදිහට ඉංග්‍රිසි එකක් උපයෝගී කරගන්නට කටයුතු කරන හේතුවත් මම කියා තිබෙනවා.

    ඇතැමෙක් ඒ ගැනත් ප්‍රශ්න නැගුවා වුණත් ඒ ගැන අමුතුවෙන් කීමේ අවශ්‍යතාවයක් හෝ ඒ බව එලෙස සඳහන් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් පවා නැත්තේ ඔන්න ඔය කාරණය නිසායි. අපි මේවා සිංහලට නගන්නේ වෙනත් කෙනෙකු කළ උපසි‍රැසියක් භාවිතයෙන් බව ප්‍රසිද්ධ රහසක්. ඒ ගැන කිසිත් සඳහන් කිරීමක් නොකරන්නේත් ඒනිසාම තමයි. ඒ වගේම මේ අද දුන් සිංහල උපසි‍රැසිය වුණත් මමම සිංහලට නැගූ එකක්. ඒ වගේම එය ඉංග්‍රිසියෙන් නිර්මාණය කළ නිර්මාණකරු එහි තම නම යොදා තිබූ විදිහටම මම මෙතුළත් අඩංගු කර තිබෙනවා. ඔයා චිත්‍රපටිය සිංහල එක්ක බැලුවානම් ඒකත් දකින්න ඇති.

  35. ඩෙගා.....

    කොයි තරම් අනුකාරක සයිට් තිබ්බත් බයිස්කෝප් කණ්ඩායම දන්නව
    අපිට ඕන මොන වගේ ෆිල්ම්ද කියල.පොඩි කොපි වල වටිනාකම නම් කියල වැඩක් නෑ......කාලයක් බලාගෙන ඉදල හරි මම බයිස්කොප් එකෙන් ෆිල්ම් ගන්නේ ඒකයි.....ගිගා බයිට් 1.5 කොපි වලටයි කැමරා කොපි වලටයි සබ් දැම්මට වැඩක් නෑ....ඩිරෙක්ට් ලින්ක් දුන්නට ඒකත් මෙලෝ රහක් නෑ කරුමෙටවත් කනෙක්ෂන් අවුල් උනොත් හුටා තමා...... ජය වේවා බයිස්කෝප්.....

  36. Vidura Imesh

    onna banawo!!!!!!!! thankx bro

  37. Anonymous

    onna apith banna demma....

  38. me

    Thanks

  39. rkzone

    එල පුලුවන් නම් මේ ෆිල්ම් වල ඩිරෙක්ට් ලින්ක් දාන්න.
    දැන් හුගක් අය ගන්නේ එවා.ටොරන්ට් ගන්න ගියාම එපා වෙනවා!

  40. mihiran

    ela ela sho digatam karagena yamu.mewage patta film walata sinhala sub dena eka gena api godak sathutuwenawa.mekata godak thanx.

  41. rasika

    Thanks your good job

  42. Sampath & Ishi from uk

    ela ela....

  43. චරිත පොල්ගස්දෙණිය

    MAXXXXXXXXXAAAAAAAAAAAAA sahoooooooooooooooo
    elakiri..................

  44. Anonymous

    than x shahoooooooooooo wede ela niyamaiiiiiiiiiiiii

  45. indika

    මරේ මරැ මාත් බානවා හවසට බල්‍න්නම්

  46. මාටිං

    උදා සොයුරා,

    සබ් වලට තුති. ඒත් ලිපියනම් ටිකක් බර වැඩි වගේ. කමක් නෑ, සබ් තියනවනෙ.

  47. Air Bender

    ela elaaa,,,,Thaaankzz 4 da sinhala sub,,,, :)

  48. kasun

    maxxa

  49. අයේෂා

    ගොඩා.....ක් ස්තුතියි ලස්සන චිත්‍රපටිය

  50. prabath maduranga wedagedara

    ela kiri.......... i like all the mordern age things

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.