Watch Trailer

Koode (2018) Sinhala Subtitles | පියඹා යමු ආදරයේ මිහිර සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔහු නමින් ජොෂුවා… දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා. ඇය නමින් ජෙනිෆර් හෙවත් ජෙනී… ජොෂුවාගේ බාල සහෝදරිය. සමහර අය සාමාන්‍ය විදියට ඉපදිනවා… හැබැයි, හැමෝටම සාමාන්‍ය විදියට ඉපදෙන්න තරම් වාසනා බලයක් නැහැ. මොකක්දෝ මන්දා කරුමයකට මේ ජෙනීටත් ඒ වාසනා බලය පිහිටලා තිබුනේ නැහැ. උපතින්ම පැමිණි රෝගී තත…

ඔහු නමින් ජොෂුවා…
දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා.
ඇය නමින් ජෙනිෆර් හෙවත් ජෙනී…
ජොෂුවාගේ බාල සහෝදරිය.
සමහර අය සාමාන්‍ය විදියට ඉපදිනවා…
හැබැයි, හැමෝටම සාමාන්‍ය විදියට ඉපදෙන්න තරම් වාසනා බලයක් නැහැ.
මොකක්දෝ මන්දා කරුමයකට මේ ජෙනීටත් ඒ වාසනා බලය පිහිටලා තිබුනේ නැහැ.
උපතින්ම පැමිණි රෝගී තත්වයක් නිසා,
ජෙනීගේ අවයව සාමාන්‍ය විදියට ක්‍රියාත්මක වුනේ නැහැ.
නමුත්, එහෙමෙයි කියලා…
මොන අම්මා තාත්තද තමන්ගේ දරුවව කුණු කූඩෙට විසී කරලා දාන්නේ?
මොන අයියා කෙනෙක්ද තමන්ගේ නංගිට ආදරය නොකර ඉන්නේ?
අධික වියදමක් දරලා…
බෙහෙත් වල පිහිටෙන් ජෙනීව ජීවත් කරවන්නයි මේ අයගේ සූදානම.
කාර්මික රස්සාවක් කරපු අහිංසක තාත්තට,
පවුලේ විය හියදම් දරාගන්න බැරි තැන,
ඒ වෙද්දී යන්තම් අවුරුදු පහළොවක් වෙච්ච ජොෂුවා…
ගල්ෆ් කලාපයේ රස්සාවකට යන්නේ…
කොහොමහරි තමන්ගේ ආදරණීය නංගිගේ ජීවිතය රැක දෙන්න හිතාගෙන!
වසර ගණනාවක් ගත වුණා…
අවුරුදු 4-5කට වතාවක් විතරයි,
තමන්ගේ පවුල බලන්න ජොශුවට ගෙදර එන්න වරම් ලැබුනේ.
නමුත්, දවසක් දා…
හදිසි දුරකථන ඇමතුමක් ලැබෙනවා ජොශුවට…
ගෙදරින්!
හදිසියේම මළ ගෙදරක්!
කවුද මේ මිය ගියේ?
අම්මාද? තාත්තද?
නැත්නම්, අසනීපයෙන් ඉන්න තමන්ගේ ආදරණීය නංගිද?
ගෙදර යන්න හිත හදාගන්න බැරි වුණත්,
නොගිහින් බැරි තැන, ඉබේම යැවුනා.
අනෝරා වැස්සක අවසන් ගෞරව මධ්‍යයේ,
කෙනෙකු අවසන් ගමන් ගියා!
හදවත ඉකිගසා හැඬුවත්,
අඬන්නට ඇස් දෙකේ තවත් කඳුළු ඉතුරු වෙලා තිබුනේ නැහැ!
නමුත්,
දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනු ඉඩෝරය මදකට සමනය කරමින්,
වියලි පොළවට පොද වැස්සක් කඩා හැලෙන්න ගත්තා.
ඉරි තැලී, වියළී ගොස් තිබූ මහ පොළව,
ඒ පොද වැස්ස…
ඉමහත් වූ සාදරයෙන්, ආදරයෙන් වැළඳගත්තා!

ඔහුට පමණක් පෙනෙන…
ඔහුට පමණක් ඇසෙන…
ලොවට නොපෙනෙන…
ලොවට නොඇසෙන…
අබිරහස් ඇය!
ආදරය කියාදුන් ඇය…
ආදරය ලබාදුන් ඇය…
මුවගට සිනහවක් රැන්දූ ඇය…
නෙතට කඳුළු බිඳක් එක්කල ඇය…
මගේ දැවී ඉරිතැළුණු ආත්මය වට,
එකම අනෝරා වර්ෂාව වූ ඇය…
දහසක් සිහින කරපින්නාගත් ඇය…
දහසක් දෙනා සිනහවෙන් සුවපත් කළ ඇය…
කිමද ඔබ ගියේ හැරදා…
මේ සොඳුරු ලොව තුල මා තනිකර දා…?

මලයාලම් සිනමාව තුලින් පමණක් නොනැවතී, ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුල ජය කෙහෙළි නැංවූ, ඒ අග්‍රගණ්‍ය රංගන ශිල්පියා, Prithviraj Sukumaran… Ohm Shanthi Oshaana (2014) සහ Bangalore Days (2014) වැනි සිනමා නිර්මාණ තුලින් රසික සිත් සතන් පැහැරගත්තා වූ, හැඩකාර Nazriya Nazim ගෙන් කලකට පසුව සිනමාවට නැවත අවතීර්ණ වීමක්, තමන්ටම ආවේණික රංගන කුසලතාවයකින්, වර්තමාන මලයාලම් සිනමාව තුල ඉහලම ස්ථානයක වැජඹෙන්නා වූ, සම්මානනීය රංගන ශිල්පිණී, Parvathy… Bangalore Days සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරමින් සියලු දෙනාගේම අවදානය තමා වෙතට නතුකරගත් ඒ අද්විතීය අධ්‍යක්ෂිකා Anjali Menon ගේ විශිෂ්ඨ අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ ගැන්වූ මෙම අපූරු සිනමා සිත්තම IMDB දර්ශකයේ 7.9 ක ඉහලම අගයකින් සිත්තම් වී තිබෙනවා. ඒ වගේම තමයි, Happy Journey (2014) නම් මරාටි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් තමයි Koode නමින් මේ ආකාරයට ඔබ වෙතට තිලිණ වෙන්නේ.

හැමදාමත් ඔබ ඕනෙතරම් චිත්‍රපට නරඹනවා ඇති. හැබැයි, කවදාවත් චිත්‍රයක් නරඹලා හරි රසවිඳලා හරි තියෙනවද? පොඩි දෙයක් කියන්නම්… ඔබ මේ නරඹන්න සූදානම් වෙන්නේ සිනමා නිර්මාණයක් නෙමෙයි, හදවතට කතා කරන්න පුළුවන් බොහොම ප්‍රබල සිත්තමක්! හදවත නිවී සනසවන්න පුළුවන් ආකාරයේ අතිශය අලංකාර පසුබිම් දර්ශණ, Raghu Dixit නම් සංගීතවේදියාගේ අතිශය මනරම් සංගීතයෙන් වර්ණවත් වූ පසුබි සංගීතය, එයට නොදෙවෙනි වන්නා වූ ඉතාමත් මිහිරි ගීත සමුදාය… නිසැකවම මොහොතකට ඔබගේ හදවත ඔබටත් හොර රහසේම නතර කරාවි. විටෙක ඔබගේ මුව සිනහවකින් වර්ණවත් වේවි… තවත් විටෙක ඔබටත් නොදනීම ඔබගේ දෑස් හඬා වැටේවි… ඔබටත් හොරා ඔබගේ හදවත ශෝකයෙන් බර වේවි… බය නැතුව කියන්නම්, ඔබටත් හොරා, ඔබටත් නොදැනීම පුරා හෝරා දෙක හමාරක් ගෙවිලා යාවි… මේ වසරේ මලයාලම් සිනමාව කැළඹු, මලයාලම් ප්‍රේක්ෂකයන් වැඩිම බලාපොරොත්තු තබා තිබූ, Prithviraj, Nazriya, Parvathy සහ Anjali Menon සුසංයෝගයෙන් බිහිවූ, වසරේ දැවැන්තම මලයාලම් ආදර අන්දරය… Drama , Fantasy, Thriller කාණ්ඩ නියෝජනය කරමින්, ඔබගේ හදවත තුල සදා නොමැකෙන මතකයන් රැසක් ඉතුරු කරාවි.

කම්මැලියි කියලා හිතුණද? එහෙනම් කමක් නැහැ… අතෑරලා දාන්න. ඔබගේ නොලැබීම කියලා හිත හදාගන්න. අවසානය වෙනකම් බලපු අය, හිතට දැනුණේ මොකද කියලා වචනයක් හරි බෙදාගෙන යන්න. ආදරයට ආදරය කරන්න… ආදරය සොයා පියඹා යන්නට… අනිත් අයටත් පියාපත් ලබාදෙන්න! දැවී තැවුණු සිත් පුබුදු කරන්නට… අවසරයි සියලු දෙනාගෙන්ම ආදරයෙන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Orig HQ DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

18,052 downloadsDownload Koode-2018.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ තරිඳු රසාංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,052 downloadsDownload Subtitles58 KB

87 comments

  1. Asela4590

    Thanks machn sub walata..thawath Malayalam ewa oniii

  2. sumedhas

    Niyamai. Sub akata thanks.

  3. thusith9186

    ela machan patta .thnks sub ekta

  4. diyashan

    Thanks machan

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.
    වෙනදා වගේම ලස්සනම ලස්සන ලිපියක්.
    ජයෙන් ජය.

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi oba depalatama. Meka aniwarayenma balanna one. Jaya wewa....!

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. kasunlakshitha

    thanks bro

  9. gihan perera

    ස්තුතියි සහෝ....prithiviraj නම් පට්ට ෆිලුමක් තමයි...ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Lalani Maduwanthi

    Thank you ,,,,sisila,,,thank you,,tharindu,, god bless you

  12. Bandarajbandara

    Thanks broo ela

  13. Batzi

    අම්බො පින් සහො දෙනකම් ඇගිලි ගැන ගැන උන්නෙ ආදරෙයි

  14. Nethini123

    නියමායි.........

  15. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  16. Pradeepkumara

    Thnx brooo

  17. Ayesh Prashan

    Thank You

  18. dagama

    Goosd work...thank for letting us to feel the movie with subtitles ...

  19. geeganagamage

    ගොඩාක් ස්තුතියි සුපිරිම ෆිල්ම් එකක් වගේ .

  20. පැතුම් ඉෂාර

    ලිපියනං ගින්දර වගේ ඇඩෙන්නම ලියලා තියනවා... කොහොමද බං මෙහෙම ෆිල්ම් එකක් කිව්වම නොබලා ඉන්නේ... ඔන්න මාත් බාගත්තා!!! සබට තුති! ලිපියත් තුති!!! ඔබට ස්තූතියි!!!
    ජය වේවා!!!

  21. Jayasanka

    Mn kamathima niliyak thama. Mekanam aniwaryen balanawa thanks saho.

  22. විමා

    දෙන්නටම සබට තුති වේවා
    වැඩේ ලෙසටම තිබ්බ

  23. Tharaka

    THANKS...........................

  24. thushanka

    Thank you for sub

  25. Milind@

    Thanks saho

  26. Eranda Malith 2.0

    මලයාලම් චිත්‍රපටියක් අනික Prithviraj & Narziya ඉන්නේ අනිවා බලනවා මචන්.
    සබ් එකට බොහොම ස්තූතියි!
    ජයවේවා!

  27. Ravi28

    Thanks bro

  28. Bandaramudiyansi

    බොහොම ස්තුතියි .
    තරිඳු මල්ලි මෙයාගෙ දවස් දෙකකට කලිම් දුන්න්න එකත් බැලුව නියමයි

  29. Navee

    thank you machan .

  30. rangika Kariyawasam

    නියමයි සිසිල සහෝ & තරිඳු සහෝ.නියම වැඩක් කරේ. ජය වේවා යාලු මේ කරන සමාජ සත්කාරෙට. නියමයි ...... ඔබලාගේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය පත් වේවා.ජයහෝ

  31. Nish Abeygunawardhana

    නියමයි ! ස්තුතියි. අදම බලන්න ඕන

  32. kasun sudangama

    thanks sisira aiye, tharindu malli oya dennama ekathu wela karapu supiri wedak

  33. dinusha

    thanx sub akata good luck

  34. menaka123123

    supiri mchan sub ekata thnx

  35. ninini-3

    Film එකනම් ගොඩක් ලස්සනයි.
    Sub එකටත් ගොඩක් ස්තුතියි!

  36. MadhuBandara

    thank you..
    thank you..
    thank you...
    me fillm eke sub denakam balan hitiye...
    ane classmate eke sub ekath dennako....

  37. Kulanjana Maduranga

    niyamai....aniwa bamak...subata thanks sahola.....

  38. vertex89

    Tawath supiri film ekak.sub eke kisi aulak nathuwa hodatama karala thibba saho.Good luck.Film ekath patta.mama comment danne film eka balalamai.

  39. thilz

    ස්තුතියි

  40. Lahiri

    thankz saho

  41. oshanda

    thanx sahoo

  42. ශසිත් සඳරුවන්

    මේක දෙනකල් ඇඟිලි ගැන ගැන හිටියේ...
    දෙන්නටම බොහොම තුති සිංහල සබ් එක වෙනුවෙන්.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  43. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  44. Subhashini88

    Woooow. Thank you sooooo much

  45. Sampath sandaruwan

    නියම වැඩක් කොල්ලො

  46. samanr23

    පට්ට... පට්ට.....පට්ටම.... නිර්මාණයක්... කිසිම විස්තරයක් නොදැන බලන්න ගත්තේ...
    මම බලපු ලස්සනම චිත්‍රපට වලින් එකක් මේක...
    අම්මෝ...හොදටම දැනුනා.....ආදරෙයි කෝඩෙට.... ආදරෙයි....ඔයාලට.... දිගටම මේ වගේ විශිෂ්ට නිර්මාණ වලට සිංහල කරන්න..... බොහෝම පිං...ජය වේවා.....

    කෝඩෙ කියන එකේ සිංහල තේරුම දන්නවනම් දාන්න කෝ....

    1. Anonymous

      Together

  47. C lakmal

    thanks

  48. Deshani

    thank you

  49. Manujaya Kamburugamuwa

    Thanks bro...

  50. Sajithakalanka

    Marama felling 1tiyena super filme1tnx bro nice job well done

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.