ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට. ක්‍රිකට් මැච් එකක් වුණත් පළමුව වරම් ලබාගත්ත ක්‍රීඩකයෙකුගේ පළමු අධියර වෙන්නෙ අර්ධ ශතකයක් ලබාගන්න එක. ඉතින් ඔන්න ඒ කඩයිමට අඩිය තියන්න මටත් අවුරුදු දෙකකට පස්සෙ හැකියාව ලැබුණා. හැබැයි ක්‍රිකට් වලින් නෙමෙයි. දෙමළ චිත්‍රපට බලන්න ආස කරන අය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය ක…

ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට.
ක්‍රිකට් මැච් එකක් වුණත් පළමුව වරම් ලබාගත්ත ක්‍රීඩකයෙකුගේ පළමු අධියර වෙන්නෙ අර්ධ ශතකයක් ලබාගන්න එක. ඉතින් ඔන්න ඒ කඩයිමට අඩිය තියන්න මටත් අවුරුදු දෙකකට පස්සෙ හැකියාව ලැබුණා. හැබැයි ක්‍රිකට් වලින් නෙමෙයි. දෙමළ චිත්‍රපට බලන්න ආස කරන අය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන්න පටන්ගෙන 50වෙනි උපසිරැසියට පා තබපු මොහොත. ඉතින් හිතේ ලොකු සතුටක් තියෙනවා උපසිරැසියක් කරලා ඒක ගොඩක් දෙනෙක් අරගෙන බලනවා කිව්වාම, එයාලගෙ අදහස් දක්වපුවාම. හුගක් අය බලනවා ඇති මම ගිය වතාවේ කරපු උපසිරැසියේ තිබුණේ 44 වෙනි උපසිරැසිය දැන් එක පාරම කොහොමද 50ක් වුණේ කියල. 44ක් මම තනියම කරපු උපසිරැසි ඊට අමතරව මම තවත් උපසිරැසි 5කට දායක වෙලා තියෙනව, අයියෙ ඔයාගෙ 50 වෙනි එක නේද කියල මාව දැනුවත් කරපු කවිෂල් රසින්ත මල්ලිට ස්තූති වෙනවා.
ඉතින් මම පලමුවෙන්ම ස්තූති කරනවා අපේ ඇඩ්මින් මඩුල්ලේ සිසිල ප්‍රසාද් සොහොයුරාට මම ඉල්ලීමක් කරපු ගමන් බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන පියවරයන් සහ නීති රීති සම්බන්ධයෙන් දැනුවත් කර මාව බයිස්කෝප් පවුලට දායක කර ගැනීම සම්බන්ධයෙන්. ඒවගේම හසන්ත වික්‍රමරත්න සොහොයුරත් මගෙ හැම උපසිරැසියකටම වගේ අදහසක් පල කරන රොයිලි ප්‍රනාන්දු සොහොයුරාත් මාත් එක්ක සහයෝගයෙන් වැඩකරපු චානක ඉදුනිල්, කවිෂල් රසින්ත, කවිනු වීරක්කොඩි, සසිත් සදරුවන් සොහොයුරාවත් මේ අවස්ථාවේදි මතක් කරන්න කැමති.

Ravi Mohan දමිළ සිනමාවේ තවත් කඩවසම්ම නළුවෙක්. Jayam (2003) නම් චිත්‍රපටයෙන් දමිළ සිනමාවට පිවිස එම චිත්‍රපටයෙන්ම ජනප්‍රියත්වයට පත්ව ඔහුගේ නම Jayam Ravi ලෙස ප්‍රසිද්ධියට පත්වුණා. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඔහුගේම වැඩිමල් සොහොයුරු මෝහන් රාජ් සහ නිෂ්පාදනය ඔහුගේ පියා වන මෝහන් විසින්. පසුව Jayam Ravi රගපාන ලද M.Kumaran S/O Mahalakshmi (2004), Unakkum Enakkum (2006), Deepavali (2007), Santhosh Subramaniam (2008), Thillalangadi (2010), Thani Oruvan (2015), Miruthan (2016), Bogan (2017), Adanga Maru (2018) චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. Comali (2019) චිත්‍රපටයේ පාසල් දිවියේ චරිතය සදහා Jayam Ravi ට 18Kg පමණ බර අඩුකරගන්න සිදුවීම ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක් වෙලා තියෙනවා. Kajal Aggarwal දමිළ, තෙළිඟු සිනමාවේ දඟකාර සුන්දර යුවතියක් Magadheera (2009) තෙළිඟු සිනමා පටයෙන් ජනප්‍රියත්වයට පත්ව Arya 2 (2009), Darling (2010), Naan Mahaan Alla (2010), Mr. Perfect (2011), Singham (2011), Jilla (2014), Maari (2015), Vivegam (2017) ඇතුලු සිනමාපට 50කට අධික සංඛ්‍යාවකට දායක වී තිබෙනවා. ඒ වගේම මෑත කාලයේ ඉන්දියානු සිනමාවේ නැතුවම බැරි Comedy චරිතයක් වන Yogi Babu දායක වෙනවා. සංගීතය අතින් ගත්තාම ඔයාලට මතක ඇති 2017 අවුරුද්දේ තිරගත වුණ Hiphop Tamizha කණ්ඩායම විසින් අධ්‍යක්ෂණය කරන ලද ලස්සනම ගීත 8කින් වර්ණවත් වුණ ලස්සනම Meesaya Murukku සිනමා පටය. මෙහි සංගීත නිර්මාණය කරන ලද Hiphop Tamizha කණ්ඩායම Comali (2019) චිත්‍රපටයටත් ගීත 5න් ලස්සනම ගීත 2ක් නිර්මාණය කර තිබෙනවා. 2019 අගෝස්තු 14 වන දින ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 විනාඩි 23ක් පුරා දිවෙන Comedy ගණයට අයත් IMDb අගය 7.5 ක් මේ ලිපිය ලියන අවස්ථාව වන විට ලැබිල තියෙනවා.
ඉතින් යාලුවනේ කතාව පැත්තට හැරුනාම ඉස්කෝලේ කාලේ රවීගේ හොදම යාළුවා මනී දෙන්න එක්ක ඉස්කෝලේ එකම පංතියේ 12 වසරට අලුතෙන් ලස්සන ගෑණු ළමයෙක් දැන් එයි දැන් එයි කියල බලාගෙන ඉදලා කිසිම ලස්සන කෙල්ලෙක් නැතුව බලාපොරොත්තු සුන් වෙනකොට පංතියේ මිස් කතා කරල කියනවා රවී ඔයාගෙ පංතිය මේක නෙමෙයි අල්ලපු පංති කාමරේ කියල. ඒ පංතියට තමන්ගෙ යාලුවත් දාල යන රවී දකිනවා ලස්සන කෙල්ලෙක්, නම නිකිතා. මෙයාට කොහොම හරි බැල්ම දාගෙන ඉදලා හරියටම 1999 දෙසැම්බර් 31 වෙනිදා නිකිතාට යෝජනා කරන්න හිතාගෙන සෝනා බේකරිය ළගට එන්න කියනවා. රවී යනවා රෝස මලකුත් අරගෙන රවීගේ තාත්තා පොඩි කාලේ තමන් කැමතිම කෙනාට දෙන්න කියල දීපු පිළිමයක් තිබ්බා ඒකත් අරගෙන නිකිතා එනකම් බලාගෙන ඉන්නවා. ඔය අතරෙම සෝනා බේකරිය අසළ කඩේකට එන ගජා කියල කෙනෙක්ව මරන්න 3 දෙනෙක් සැලසුම් කරගෙන ඒ වෙලාවෙම ඒ කඩේට එනවා. නිකිතා ආවට පස්සේ එයාට රවී යෝජනා කරන අවස්ථාවේම අර 3 දෙනා ගජාව මරලා පැනගන්නවා. පැනගන්නකොට නිකිතාගෙන් පිළිමය උදුරගෙන ඒකම බෙල්ලට තියලා පිළිමයත් අරගෙනම අර තුන් දෙනා පැනගන්නවා නිකිතාව තල්ලු කරල. එයාව බේරගන්න කියල පාරට පනින රවී ලොරියකට හැප්පිලා රෝහල් ගත කරනවා.
අවුරුදු 16කට පස්සේ රවී කෝමාවක ඉදලා සිහිය එනවා කූඹියෙක් දෂ්ඨ කරලා. ඒ වෙනකම් එයාව බලාගත්තේ එයාගෙ හොදම යාලුවා වන මනී. මනී ඒ වෙනකොට රවීගෙ නංගිව කසාද බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවා. රවීගේ තාත්තත් අන්ත්‍රා වෙලා. රවීට මේ දේවල් නිකන් හීනයක් වගේ. හැමදේම වෙනස් වෙලා. පස්සෙ ඉතින් දොස්තර කෙනෙක් හම්බවෙලා සම්පූර්ණ පරික්ෂාවක් කරගෙන කිසිම අවුලක් නෑ හැබැයි කාරණා දෙකක් තියෙනවා පරිස්සමෙන් බලාගන්න කියල දොස්තර මහත්තයා කියනවා. රවීට වුවමනාව තියෙන්නෙ කොහොම හරි නිකිතාව හම්බවෙන්න. ඒත් මනී කියනවා දැන් එයාට කසාද බැදල ළමයිනුත් ඇති එනිසා ඒව අමතක කරල වෙන කෙනෙක් බලමු කියල. නමුත් රවීට කොහොම හරි නිකිතාව හම්බවෙලා කතා කරන්න ඕනෙ කියල දෙන්නම නිකිතාව හොයාගෙන යනවා. හොයාගෙන ගිහින් බලනකොට එයා දොස්තර මහත්තයා බැදල ඉන්නෙ. එතනින් කතාව දුර දිග ගිහින් රිතිකා මේ දෙන්නවම එළව ගන්නවා. ඊට පස්සෙ රවී, මනී දෙන්න එකතුවෙලා කෙල්ලෙක් හොයනවා අන්තර්ජාල විවාහ ගලපන ඒවගෙන්. පස්සෙ එක්කෙනෙක් හම්බවෙලා එයාව මුණ ගැහිලා කතා කරල සෙල්ෆියක් ගන්න යන වෙලාවේ ආයෙ අකරතැබ්බයකට මූණ දීල පොලීසියටත් ගිහින් ගොඩින් බේරගෙන රවීව ගෙදරට ගේනවා. හොදටම කේන්තියෙන් හිටිය මනීගේ බිරිද, නැතිනම් රවීගෙ නංගි රවීට හොදටම බනිනවා. රවීගෙ බෙහෙත් වලට ගේ උකස් කරල ණය අරගෙන ගෙවාගන්න බැරුව ඉන්නෙ කියල එතනදි රවී දැනගන්නවා. කොහොමහරි රස්සාවක් හොයාගෙන මේවගෙන් ගැලවෙන්න හිතාගෙන රස්සාවල් හොයාගෙන ගියත් රවීට රස්සාවක් හම්බවෙන්නෙ නෑ. පස්සෙ රවීගෙ නංගි එයාගෙ යාලුවෙක්ගෙ කෞතුකාගාරයක මුරකාර රස්සාවක් අරගෙන දෙනවා. රවිත් කරන්න දෙයක් නැතුව ඒකට කැමති වෙලා එතන රස්සාවට යනවා.
ලිපිය ගොඩක් දික් වුණ නිසා කෙටියෙන් කියන්නම්. රවී දකිනවා කෞතුකාගාරයේ තියෙනවා එයාගෙ පොඩි කාලේ තාත්තා දීපු පිළිමය. ඒ ගැන විස්තර හොයපුවාම දැනගන්නවා ඒක අයිති වෙන්නේ රාජ පරම්පරාවකට කියල. ඒක දැන් තියෙන්නෙ ධර්මරාජ් කියල ඇමති කෙනෙක් ලග කියල කෞතුකාගාරය භාරව ඉන්න රිතිකාගෙන් විස්තර දැනගන්නවා. විස්තර තවත් හොයල බලද්දි ධර්මරාජ තමයි එදා නිකිතට යෝජනා කරන්න යනකොට එයාගෙ බෙල්ලට පිහිය තියල පැනල ගිය 3 දෙනාගෙ ලොක්කා. උන් පැනල යද්දි නිකිතගෙ අතින් පිළිමයත් හොරකම් කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඊළඟ ක්‍රියාන්විතය තමයි රාජ පරම් පරාවට අයිති එයාළගෙ පිළිමය මේ ඇමතියගෙන් ලබාගන්න එක..
ඉතින් මේ අවුරුදු 2ක කාලය පුරාවටම සහයෝගය දුන්න හැම කෙනෙක්ටම ස්තූතී කරමින් තවත් උපසිරැසියකින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඉන්න කියල කියනවා. ඒවගේම ඔයාලගෙ මොනයම් හෝ අදහසක් ඇත්නම් එයත් පළකරන්න කියල ඉල්ලීමක් කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
22,759 downloadsDownload Comali-2019.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
131 comments
Ishan Gihantha
Chathus mega
Elama bn
vas0303
Thanks bro
Inoka86
බොහොම ස්තූතියි
Udaya Saman
ඇත්තටම ගොඩක් සතුටුයි බං ...හදවතින්ම සඅභ පතනව උබට පලවෙනි කඩඉම වෙනුවෙන්...50 වෙනි කඩ ඉමෙි ජයමිගෙ මේක දෙනකන්බලන් හිටියෙ බං......ඉක්මනින්ම එහෙනම් සෙන්චරි එකත් දාපන් බං..ස්තුතියි...සයිට් එකට කරනා විශාල මෙහෙය අගයනවා.......
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ
Rumesh dhanushka
Thanks dhananjaya ✨
කවිශල් රසින්ත (කවී)
උපසිරසි දිවියේ පලවෙනි කඩයිම් හෙවත් 50වැනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් අයියේ මුලින්ම. උදව්වක් ඕන උන වෙලාවට හා මල්ලි කරමු කියලා එකෙන්ම උදව් කරන කෙනෙක් හැටියටත්, ඉතාමත් වේගයෙන් උපසිරසි ලබා දෙන උපසිරසිකරුවෙක් හැටියටත් අයියව හදුන්වන්න පුළුවන්. එහෙනම් ඉතින් 100වැනි උපසිරසියත් බෝම ඉක්මනින් ගේන්න හැකියාව ලැබෙන්න කියලත් පෞද්ගලික ජීව්තේ කටයුතුත් සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මාවත් මතක් කලාට ස්තූතියි හොදෙ. ආ උපසිරසියට ස්තූතියි. ජය වේවා....!!!</b
darshana100
50 ta bokkenma suba patum jaya wewa suba wewa budusaranai
Gathsara Umesh
50ට හදවතින්ම සුබපැතුම් අයියේ..දිගටම කරගෙන යමු..
100 හමුවෙමු..❤️Gathsara Umesh
50qට හදවතින්ම සුබපැතුම් අයියේ..දිගටම කරගෙන යමු..
100 හමුවෙමු..❤️Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
50 වෙනි උපසිරසියට සුබ පතනවා බ්‍රෝ දිගටම සබ් දෙන්න.. ඒ වගේම සබ් එකට ගොඩක් ස්තුතියි.. :)
ජය වේවා.!nalin83dhanus
අයියගෙ 50වන උපසිරැසියට මගෙන් උණුසුම් සුබ පැතුම්
uditha1596
THANK YOU
kasun23
Broo baiscopedownload eka weda ne ne mkdd awala a
arawindasunimal
thanks oshaja dananjaya sub ekata a wagema 50 weni upasrasatath suba pathanawa jayawewa theruwan saranai
para
a uba karoth patta bn.....// super....
ado poddak balapanko bn biscopdownload web site eka wedda nane bn..
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo obata ...
Ranga Heshan
Tnx saho සුබපැතුම් 50*ta
Rukshanrathnayaka
Baiscopedownloads website ekata mkda une. Ai wada naththe
Sajee1
Thank you sub ekata
lssandeepa
machn biscope dwonload site eka weda ne .. poddk blapnko bn please
lssandeepa
please danna kenk innwanm me sub ekta hariyna film eke link eka ewannaaaaaaaakooooooo
princeab
site eka wada natte ai
bgayanfernando
thanks bro
kasunb
baiscope downloads site eka weda ne.ai e?
Mcn ai weda nathe bisecopedownloads .wena film ganna site ekk kiyahanko
diniya
මේ ෆිල්ස් එකේ ලින්ක් එක තියෙන එකෙක් දාපංලකෝ ටොරන්ට්ස් වලත් න
hegoda
සුබ පැතුම්. දිගටම අපට උප සිරසි දෙන්නට ඔබට ධෛර්යය ලැබේවා.
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
subodha
Subodha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයbenukanimsena
සුභ පැතුම් අයියේ පනස්වන උපසිරැසියට
දිගටම සබ් අරගෙන එමු
ජයවේවා!!සනිඳු ලක්ඛිත
50 වෙනි උපසිරසට හදවතිම සුභ පැතුම් සහෝ...චිත්‍රපටම 50ක් කියන්නේ ලේසි පාසු දෙයක් නෙමේ...තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..බුදුසරණයි..!
malithmadhushan45
50 ට මගෙන් උණුසුම් සුබපැතුම් සහෝ ඔය වගේම 100 ගහමු ඉක්මනටම ඒ වගේම සබ් එකටත් ස්තුතියි සහෝ
OsandaFdo
COngrdz bro...❤️
sachith silva
bro direct link ekek nadda
Ayesh Prashan
Thank You
Rukshanrathnayaka
Baiscopedownloads website ekata mkda une. Ai wada naththe
gihan perera
උණුසුම් සුභ පැතුම් සහෝ 50 කඩයිමට.....මේක දානකන් හිටියේ....පට්ට.....ස්තුතියි......ස්තුතියි....ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
පලවෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම් .!
wajira
Thanks for sub
sudheera90
thx saho.
sksalitha
✌✌✌✌✌50
Dhanuroshi
Baiscopedownloads.com site eka weda nedda yalu
tharukapushpanjali
Baiscopdownloads site ek wada karan natte ai...
dulanga namal
මචං ෆිල්ම් එක නන් හොදයි වගේ ඒ උනාට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නැහැනේ ටිකක් බලන්න
ayeshcbr
තෑන්ක්ස් මචන් සුභ පැතුම්
Kilerkp
khmd film ek download krne.baiscopedownloads wada nahane
thimira senadheera
Baiscope download weda නහැ
Lahiru Kekulandara
50weni upa sirasata suba pathum saho
dhigatama inna
teruwan saranaipamitha
thanks..ela....(katha wisthare nam wedi thama)
Harshi111
thank you for the sub. eth baiscopedownloads site eka wada karanne nane
Sajee1
Thank you sub ekata
basura indrachapa
50 ජය!!!
ශසිත් සඳරුවන්
පළමු කඩඉමට උණුසුම් සුබපැතුම් සහෝ....
චිත්‍රපට වලින්ම 50 ගහනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි...
ඒකත් අවුරුදු දෙකක් ඇතුලත. විශේෂයෙන් දමිළ චිත්‍රපට වලට උපසිරැසි ගන්වන කෙනෙක් නිසා
නිතරම ඇහැ ගැටෙන නමක් තමයි ඉතින්. ඒ වගේම ඉක්මනින් උපසිරැසි අරන් එන කෙනෙක්.
බයිස්කෝප් පවුලත් එක්ක දිගු ගමනක් යන්න හැකියාව ලැබේවා කිව්වා ඕං... :P
මාවත් මතක් කළාට වගේම මේ උපසිරැසියටත් බොහොම තුති. දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks machan