Watch Trailer

Harami (2020) Sinhala Subtitles | අවජාතකයා! [සිංහල උපසිරසි]

” මව පියා ගැන නොදන්න පුංචි කොල්ලෙක් “ ” මැරයෙක් බවට පත්වුනු පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙක් “ ” කොල්ලකෑමටකට ලක්වීම නිසා සියදිවි නසාගත් පියෙක් “ ” පියා ගෙදර එනතුරු මඟබලා සිටින දියණියක් දෙදෙනෙක් “ ” ඇසි පිය නොහෙලා බලාසිටිය හැකි මිනිත්තු 100 ක අත්දැකීමක් “ ඔන්න එහෙනම් බයිස්කෝප් එකට එකතු වෙලා වසරක් සපිරෙන 1…

” මව පියා ගැන නොදන්න පුංචි කොල්ලෙක් “
” මැරයෙක් බවට පත්වුනු පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙක් “
” කොල්ලකෑමටකට ලක්වීම නිසා සියදිවි නසාගත් පියෙක් “
” පියා ගෙදර එනතුරු මඟබලා සිටින දියණියක් දෙදෙනෙක් “
” ඇසි පිය නොහෙලා බලාසිටිය හැකි මිනිත්තු 100 ක අත්දැකීමක් “

ඔන්න එහෙනම් බයිස්කෝප් එකට එකතු වෙලා වසරක් සපිරෙන 19 වෙනි අද දින ප්‍රේක්ෂක ඔයාලට විශේෂ මොනවහරි කරන්නයි හිටියේ. 13 වෙනි උපසිරසියෙන් වසර සම්පූර්ණ කරන්න හිටපු මට 11 න් සෑහෙන්න වුනා. ඒකට එංගලන්තයත් වග කියන්න ඕනේ. මොකද උන් මේක සෙට් වුන දවස් වලම මැච් එක ගහන්න ගත්තනේ. කොහොමහරි සිසිල අයියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ හරවත් සිනමාපටයක් මට උපසිරසි කරන්න ලබාදීම ගැන. ප්‍රමාදයට සමාව ඉල්ලගෙන එහෙනම් පුරුදු පරිදි කතාවට බහිමු. වෙනදා වගේම තවත් එක ෆිල්ම් එකක්ම තමයි ගෙනාවේ. හැබැයි නිකන්ම ෆිල්ම් එකක් නෙමෙයි. ටිකක් අමුතු ගණයේ සිනමාපටයක්, සාමාන්‍ය ගණයේ හින්දි පිටපත් වලින් එහාට ගියපු එකක්. ටිකක් අමුතු විදිහේ රහක් තමයි මේකේ තියෙන්නේ.

සිනමාපටයේ නම ” Harami “.  Shyam Madiraju නම් අධ්‍යක්ෂකතුමාගේ නිර්මාණයක් වන මේක තිරගත වුනේ කවදා කොහේද කියලා අන්තර්ජාලය පීරුවත් මට හොයාගන්න බැරිවුනා. සමාවෙන්න ඉතින් කොහොමහරි Busan International Film Festival සඳහා ඉන්දියාව නියෝජනය කළ මෙම සිනමා සිත්තමට IMDb දර්ශකයේ 7.6 ක අගයක් හිමිවෙලා තියනවා. Shyam Madiraju, Shahin Khosravan දෙදෙනාගේ තිර රචනයෙන් හැඩවෙන මෙහි ප්‍රධාන චරිතය සඳහා Rizwan Shaikh නම් යොවුන් රංගන ශිල්පියා දායක වුනත් මෙහි සම ප්‍රධාන තැන ගන්නේ Ungli, Mr.X සහ Raaz නම් සිනමාපට සඳහා රංගනයෙන් දායක වුන දක්ෂ රංගන ශිල්පී Emraan Hashmi. මෙහි සෙසු චරිත සඳහා Dhanshree Patil, Harsh Rajendra Rane, Diksha Nisha නම් අය සහභාගී වෙනවා.

මම බොහොම අමාරුවෙන් තමයි වෙන කතා ඇදගන්නේ නැතුව ලියුම ලිව්වේ. මේකේ කතාව යන්නේ 55 වටායි. “55” කියන්නේ අංකයක්නේ….ඔව් ඒක තමයි ඒ ළමයට දීලා තියන අංකය එයාලා හැමෝම “අවජාතකයෝ” එහෙමත් නැත්තන් අනාථයෝ. සාගර් භායි කියන කෙනා මෙයාලව පොඩි කාලේ ඉඳන් හදලා උගන්වලා මෙයාලට පික්පොකට් ගහන්න පුරුදු කරනවා. 55 කියන කෙනා තමයි මෙයා ගාව ඉන්න දක්ෂම කෙනා. මෙයා ටිකක් වෙනස් ඒ මොකද මෙයා හැම හොරකම් කරන කෙනෙක්ගෙම හැඳුනුම්පත් එකතු කරගෙන එයාලගේ ගෙවල් ළඟට ගිහින් හොරෙන් බලන් ඉන්නවා. මෙයාගේ දක්ෂතාවය නිසා අනිත් ළමයි මෙයා ගැන ඊරිසියාවෙන් ඉන්නේ. කොහොමහරි දවසක් මෙයාලා එක මනුස්සයෙක්ගේ ලොකු මුදලක් හොරකම් කරනවා…….ඊට පස්සේ දවසක මේ මනුස්සයා එයාලා ඉන්න කෝච්චි ස්ටේෂන් එකේම කෝච්චියකට පැනලා මැරෙනවා. මේක දකින 55 ට හරිම සිත් තැවුලක් ඇතිවෙනවා…

මෙයා මේකට මොනවා කරයිද….?
පික්පොකට් ගහන එක නතර කරයිද….?
එහෙම වුනොත් සාගර් භායි මෙයාට මොනවා කරයිද….?
කවුද මේ මැරුනු මනුස්සයා…එයාගේ ගෙදරටත් 55 යයිද….?

කුතුහලය, මනුෂ්‍යත්වය සහ වෛරය කැටිවුන මේ සිනමාපටය නැරඹීමට ඔබට ආරාධනා කරමින් මම නිදාගන්නවා. නිදියන්න ඔන්න මෙන්න තියලා ටයිප් කරන්නේ ඒකයි. උපසිරසියේ අඩුපාඩු ඇති මොකද මේකේ ඉංග්‍රීසි සබ් එකක් තිබ්බේ නැහැ ෆිල්ම් එකේම යන ඒවා බලාගෙන තමයි ගැහුවේ, ඒනිසා අඩුපාඩු ගැන කමෙන්ටුවකුත් දාන්න.

“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා”

ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

6,010 downloadsDownload Harami-2020.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,010 downloadsDownload Subtitles34 KB

27 comments

  1. yohan

    thanks bro...mekata sub dunnata thawath hindi ewata sub demu.

  2. yohan

    puluwannam shakeela saha kaagaz kiyana hindi film walatath me widihata sub denna.ewageth oya widihama thama

    1. Anonymous

      376 d ekath puluwannam denna

  3. yohan

    meka web release wechcha ekak bro..

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. ශලිනි මල්ෂා

    නියමයි

  8. indika75

    thanks..

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Anonymous

    ගොඩක් ස්තුතියි මල්ලි

  11. Shaggy

    Thank you very much

  12. kevin ushantha

    උපසිරැසියට බොහෝම ස්තුතියි ❤️

  13. දිනේෂ් ජයවර්ධන

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි..

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. අශාන්

    බොහොම ස්තූතියි...

  16. jagath55

    Thanks

  17. Pramukmili

    Thanxxxx bro................

  18. Duleepa

    thanks brother

  19. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  20. wadiya.lk

    Thanks, ගොඩක් වටිනවා

  21. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  22. Dasun

    thanks....!

  23. mindika

    Thanks !!!

  24. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. නිමල් දිසානායක

    නිර්මාල්,

    පට්ටයි හොඳයි නියමයි යන වදන් ටික
    මදිය කියන්නට ෆිලුමේ වරුණ නෙක
    උනයි කඳුළු සුජාත නැති දරුවො දැක
    හපන්කමකි මේකට සබ දුන්නු එක!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.