Watch Trailer

Invasion (2020) Aka Vtorzhenie Sinhala Subtitles | පිටසක්වලින් පැමිණි කෘතිම බුද්ධිය [සිංහල උපසිරසි] (50)

බයිස්කෝප් රසික රසිකාවියන් හැමදෙනාටම සුභ දවසක්. අද මගේ උපසිරැසිකරන ජීවීතේ විශේෂ දවසක්.බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මගේ පලමු කඩඉම වෙන 50වෙනි උපසිරැසිය අද ලබා දෙනවා.කියන්න ගොඩක් දේවල් තිබුනත් පුළුවන් තරම් කෙටියෙන් අවසන් කරන්න උත්සාහ කරන්නම්. කියවන්න බෑ බෑ වගේ නම් පල්ලෙහාට ගිහිල්ලා උපසිරැසිය ඩවුන්ලෝඩ…

බයිස්කෝප් රසික රසිකාවියන් හැමදෙනාටම සුභ දවසක්.

අද මගේ උපසිරැසිකරන ජීවීතේ විශේෂ දවසක්.බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මගේ පලමු කඩඉම වෙන 50වෙනි උපසිරැසිය අද ලබා දෙනවා.කියන්න ගොඩක් දේවල් තිබුනත් පුළුවන් තරම් කෙටියෙන් අවසන් කරන්න උත්සාහ කරන්නම්. කියවන්න බෑ බෑ වගේ නම් පල්ලෙහාට ගිහිල්ලා උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගන්න. කිසිම තරහක් නෑ.

A\L කරන කාලෙ ඉඳලා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් උපසිරැසි අරගෙන ඉංග්‍රීසි හින්දි දෙමළ වගේ භාෂා රැසක චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා විශාල ප්‍රමාණයක් බලපු මටත් හිතුනා උපසිරැසියක් කරන්න.ඉතින් බයෙන් බයෙන් Treadstone කතා මාලාවට සබ් කරන්න කැමතියි කියලා දාපු මේල් එකට ඇඩ්මින් මඩුල්ලේ තිසර අයියා මට ඒක වෙන් කරලා දුන්නා..ඒ විදිහට ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ මගේ පලවෙනි උපසිරැසිය වෙබ් අඩවියේ පලවුනා. ඒ උපසිරැසිය වෙනුවෙන් වැටුන කමෙන්ට් සහ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණය දැක්කම දැනුනු සතුට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ විදිහට පටන් ගත්ත මගේ උපසිරැසි ගමනේ 50 වෙනි කඩඉම කෙටි කාලයකින් සම්පූර්ණ කරන්න ලැබුණු එක ගැන තවත් සතුටුයි..

ඉතින් මේ ගමනට සහය දුන්නු අයට ස්තූති කරන්නත් එපැයි. මුලින්ම කිව්වා වගේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම Treadstone කතා මාලාව වෙන් කරලා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ තිසර අයියා, NOS4A2, October Faction, Tell Me What You Saw කතා මාලාවන් සහ Steel Rain [2017] චිත්‍රපටය වෙන් කරලා දුන්න හසන්ත අයියා Jesters The Game Changers [2019] සහ Svaha The Sixth Finger [2019] චිත්‍රපටයන් වෙන් කරලා දුන්න ශාන් විමුක්ති අයියත් වැරදි අඩුපාඩු පෙන්වා දුන්න චාමර අයියා ඇතුළු ඇඩ්මින්වරුන්ටත් හෘදයාංගම ස්තූතිය පුද කරනවා. අනිත් ඇඩ්මින් සහෝදර සහෝදරියන්වත් ආදරෙන් මතක් කරනවා..අවසානයේදී මතක් කරන්න ඕන වැදගත්ම පිරිස තමයි උපසිරැසියක් පල වුනාම පොඩ්ඩකට නතර වෙලා කමෙන්ට් එකක් දාලා අපිව දිරිගන්වන ඔබ. මොකද පැය ගානක් මහන්සි වෙලා කරන උපසිරැසියට ලැබෙන එකම වටිනාකම තමයි ඒ..එහෙනම් මෙතනින් මගේ කතාව නවත්තලා චිත්‍රපටය දිහාවට යනවා.

2017 මාර්තු 28 වෙනිදා සිසිල ප්‍රසාද් සහ යුශාන් පියුමාල් සහෝදරයෝ දෙන්නා එකතු වෙලා Attraction කියලා රුසියානු චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන්නා. Action, Sci-Fi, Romance, Drama කියන වර්ගීකරණය යටතේ නිකුත් වුන මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ හොලිවුඩයෙන් පිටත මෙවැනි අති නවීන තාක්ෂණයක් භාවිතා වෙනවාදැයි කියා රසිකයින් පුදුම කරවමිනි.පලමු කොටස නැරඹූ ගොඩක් දෙනා දන්නවනේ උල්කා වර්ෂාවක් මැද පෘතුවියට ඇතුළු වෙන පිටසක්වල යානයක් මොස්කව් වලට කඩා වැටිලා සිද්ධ වෙන විනාශය සහ ග්‍රහලෝක දෙකක පෙම්වතුන් දෙදෙනෙක්ගේ ආදර කතාව..

මේ සිදුවීමෙන් වසර දෙකකට පස්සෙ රුසියාව පිටසක්වල තාක්ෂණය යොදාගෙන තමන්ගෙ රටේ ආරක්ෂාව සහ අනෙකුත් අංශ වල දියුණුවට යොදාගන්නවා..තමන්ගෙ සාමාන්‍ය ජීවිතයට යන ජූලියාව හොයාගෙන හදිසියේම තමන්ගෙ පිටසක්වල ආදරවන්තයා ඇවිත් ඔහුත් එක්ක එන්න කියලා ඉල්ලනවා..මේ වෙලාවෙ අනෙකුත් ග්‍රහලෝක වල ශිෂ්ඨාචාරවල දියුණුවට මැදිහත් වෙන රා කියන කෘතිම බුද්ධිය සහිත පිටසක්වල යානයක් ඇවිත් චන්ද්‍රිකා සහ පෘතුවියේ සියළුම සන්නිවේදනයන් තමන්ගේ පාලනය යටතට ගන්නවා.හමුදාව භාවිතා කරන රා ජූලියාව ඝාතණය කරන්න උත්සාහ කලත් එය අසාර්ථක වෙනවා.අවසානයේ මොස්කව් නගරයට එන මේ අභ්‍යාවකාශ යානය ජූලියාව ඝාතනය කරන්න 3km ක විශාලත්වයකින් යුත් ජල බුබුලක් නිර්මාණය කරලා ඒ ඇතුලත ඉන්න හැමෝම ඝාතණය කරන්න සැලසුම් කරනවා.රුසියාවට මේ කෘතිම බුද්ධිය සහිත පිටසක්වල යානය විනාශ කිරීමට හැකි වෙයිද, රා ට ජූලියාව ඝාතණය කිරීමට අවශ්‍ය ඇයි කියලා දැනගන්න ඔබට භාර කරලා මම සමුගන්නවා..තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

17,760 downloadsDownload Attraction-2-Invasion-2019.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

17,760 downloadsDownload Subtitles54 KB

53 comments

  1. එල්.සී. දමැල්

    50වෙනි උපසිරස නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
    ඊළඟ කඩයිමටත් ඉක්මනින් ළඟා වෙන්න සහ ජීවිතේ අනික් කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය කාලය හා හැකියාවත් හා ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... :)
    ජය ✌

  2. Wayantha Sandaruwan

    සුභ පැතුම් සහෝ පළමු කඩඉමට
    100 කඩඉමටත් යමු මේ ගැම්මෙන්ම
    ජය වේවා කියල ප්‍රර්ථනා කරනව !!!

  3. ගීත් මිහිර සත්සර

    පළවෙනි කඩඉමට සුභ පැතුම් සහෝ...
    දෙවැනි කඩඉමට ඉක්මනින්ම යන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    මේ කඩඉම වගේම ජීවිතේ කඩඉම් ජයගන්නත් සුභ සහ ශක්තිය ප්‍රාර්ථනා කරනවා...
    ඒ වගේම උපසිරැසියටත් ස්තූතියි...

  4. malithmadhushan45

    අඩේ ලහිරු සහෝ හොර රහසේම 50 කඩයිම පහු කළා එහෙනම්. මගෙන් සුබ පැතුම් ඉක්මනටම ඊළඟ කඩයිමටත් යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ඒ වගේම තව තවත් TV series වලට උප සිරස කරන්න කාලය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  5. Gathsara Umesh

    50r Hadwatimm Subs pathanaa Saho Darayaa...Bohoom Sathuthi Me karanna sewayata....
    109n Nawath hamuwemu..Jaya vewaa...!

  6. Gathsara Umesh

    50 hadawathnm suba pthanava...
    Bohooma Sathuuthim API venauvn me karana sewayata....100 hmj wemua...
    Eka digatma sub karanna hakiyava labenna kiyala hadawathnm prarthana karanvaa...

  7. Uvindu

    50 වන උපසිරසට මගේ සුබපැතුම් .

  8. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. රවිදු රුක්ෂාන්

    50 වෙනි උපසිරැසයට හදවතින්ම සුබ පතනවා.
    මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.

  10. Kavinu

    පළමු කඩයිමට හදවතින්ම සුබ පැතුම්!
    October Fiction කතාමාලවට උපසිරැසි දුන්නු එකට විශේෂයෙන්ම ස්තූතියි,
    දෙවන කඩයිමෙන් ඉක්මනටම මුණ ගැහෙමු,
    ජය වේවා!! ❤️❤️

  11. indika75

    50වන උපසිරැසියට සුබපැතුම් !!!!!

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට....
    ඒ වගේම පළමු උපසිරස කඩඉමට හදවතින්ම සුභ පතනවා. බයිස්කෝප් එක ඇතුලේ රොයිලි, හසන්ත, ප්‍රණීත් අයියලා වගේ සුපිරි ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කියන හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අපේ රසාස්වාදය වෙනුවෙන් වෙන මහන්සියට බොහොම පිං. ජය වේවා.. බුදුසරණයි..!

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා
    ජය

  14. Thusitha

    Thanks brother and congratulations.... budusaranai

  15. Nelson

    Good work friend, Thanks for the sub!

  16. Pramod

    Thanks bro sub ekata

  17. Sanjaya

    Thanks saho...patta hode..asawen balan hitapu akak meka..thank you soo mach

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  19. kelum chathuganga abeysekara

    thanks

  20. කෞශල්‍ය දුෂ්‍යාන්

    තව මාස 6ක්ම තියෙනවා. සෙන්චරියක් දාන්න ඕනි හරිය. හාෆ් සෙන්චරියට සුභ පැතුම් කිරිපුතේ. මෙන්න බෑවා. සබට තුති.සදා ජය.

  21. රොයිලි

    50 කඩඉමට උණුසුම් සුබ පැතුම් එක් කරනවා ලහිරු මලේ. මෙතනින් නොනැවතී 100 ට යන්නත් ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  22. LaHIRU MV

    කමෙන්ට් කරලා සුභ පතපු හැමෝටම බොහොම ස්තුතියි.. හැමෝටම ජය

  23. kumara 123

    ela

  24. isuru srinath sjs

    සුපිරි මචං... 50 ස් වෙනි සිංහල උපසිරැසි කඩයිමට හදවතින්ම සුබ පතනවා !!... ජය!

  25. Arawinda Sunimal

    supiriyak thanks

  26. Chanaka

    පළමු කඩයිමට සුබ පැතුම් සහෝ!
    ස්තූතියි..!

  27. උවිඳු

    සිංහල උපසිරසට බොහෝම ස්තිතියි.

  28. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසි කඩඉම වෙනුවෙන් සුබපැතුම් ලහිරු සහෝ...
    මේ වගේම ඉක්මනින් ඉදිරි කඩඉම් පහු කරන්නත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක කරගන්න හැකියාව ලැබේවා! දිගටම සබ් දෙමු ආ... ජය!

  29. D.Chamara

    bohoma sthuthi

  30. Anonymous

    thanks

  31. Emi

    Thanks for the sub

  32. SANJAYA

    50 subtitles ♡ congratulations..

  33. Anonymous

    මේකේ පළවෙනි එකටත් සබ් දාලා දෙනවාද

    1. එල්.සී. දමැල්

      සබ් තියෙනවා :) Attraction කියල search කරන්න.

  34. Chämàrá Sâmpáth

    පළමු උපසිරැසි කඩයිමට උණුසුම් සුභපැතුම් සහෝ.
    අලුතින් එකතු වෙලත් මේ තරම් ඉක්මනින් උපසිරැසි 50 ක් කලා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි ඉතිං.
    මෙතැනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!

  35. මධුකප්‍රිය පෙරේරා

    පළමු කඩයිමට හෘදයාංගම සුබපැතුම්!
    උපසිරසි 50ක්, ඒකත් ඉතාම වේගෙන් කරලා කියන්නෙ ඉතින් ලොකු දෙයක්.
    එහෙමනම් මෙතනින් නොනැවතී කඩිනමින් 100ත් ගහමු.
    උපසිරසියට ස්තුතියි. ඔබට ජයෙන් ජය!

    1. Kushi

      50s weni upasirasata suba patum. E wagema wade niyamai. Hodata karala thiyanawa. Thank you

  36. හසන්ත වික්‍රමරත්ත

    50 වෙනි උපසිරසට සුබ පතනවා මල්ලි!
    අලුත් සාමාජිකයෙක් විදිහට ඉකමනින් උපසිරසි 50ක් සම්පූර්ණ කරා කියන්නේ ලොකු ජයග්‍රහණයක්!
    ඉදිරි වැඩ වලට සුබ පතන ගමන් 100 ඉක්මනින්ම කරගන්න අවස්ථාව ලැබෙන්න කියල පතනවා!!

  37. Sohan Jayasooriya

    නියමයි සහෝ කෙටි කාලෙකින්ම කඩඉමක් සම්පූර්ණ කරපු එක නම් මරු හොඳේ හදවතින්ම සුබ පතනවා ඔයාට.. තව තවත් උපසිරසි කරන්න ශක්තිය, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔය ගැම්මෙන්ම අනිත් කඩඉම් වලටත් යමු.. ජය වේවා!!

  38. Saman

    සුබ පැතුම් සහෝ, ඔයා සබ් කරපු ෆිල්ම් ගොඩක් බලලා තියනවා, ඉදිරියටම යන්න ජය,,,,

  39. Romesh

    Thank you very much for subtitle

  40. Lasantha

    Ela

  41. Fahad

    Excellent effort. Nohakkak nomatha.

  42. -චානක ඉඳුනිල්-

    පලමු කඩයිමට සුභපැතුම් සහෝ,
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියී,
    ඉක්මනින්ම මීලග කඩයිමටත් යමු,
    අනාගතයට සුභපැතුම්!

  43. kevin D...

    Thanks...

  44. chanul perera

    superb

  45. Anonymous

    Thank u

  46. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  47. Dewadithya

    Thanks for sub!

  48. chinthaka

    ela bro

  49. Naveen

    Ayye Arthur and merlin : knight of camelot 2020 film ekata sinhala sub ekak gennako

  50. andru_88

    YTS eke film eka na ne thawama
    koheda thiyenne link ekak dennako kawru hari

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.