ජොර්ජියා ජනරජයේ ගුඩොරි ප්‍රදේශය ලෝකයේ අධික හිම පතනයක් සහිත ස්ථාන වලින් එකක්. එම ප්‍රදේශයටම ආවේණික බෑවුම් සහ තැනිතලා බිම් නිසා හිම පුවරු පැදීමේ ක්‍රීඩාවට කැමති දහස් ගණන් සංචාරකයෝ මේ ප්‍රදේශයට පැමිණෙනවා. විශේෂයෙන්ම මෙහි ඇති බ්ලැක් රිජ් නමින් හඳුන්වන බෑවුම ඉතා අලංකාර සහ අවදානම් ස්ථානයක් බවට හිම පදින්න…

ජොර්ජියා ජනරජයේ ගුඩොරි ප්‍රදේශය ලෝකයේ අධික හිම පතනයක් සහිත ස්ථාන වලින් එකක්. එම ප්‍රදේශයටම ආවේණික බෑවුම් සහ තැනිතලා බිම් නිසා හිම පුවරු පැදීමේ ක්‍රීඩාවට කැමති දහස් ගණන් සංචාරකයෝ මේ ප්‍රදේශයට පැමිණෙනවා. විශේෂයෙන්ම මෙහි ඇති බ්ලැක් රිජ් නමින් හඳුන්වන බෑවුම ඉතා අලංකාර සහ අවදානම් ස්ථානයක් බවට හිම පදින්නන් අතර ජනප්‍රියයි. සංචාරක කාල සීමාවෙන් පස්සේ මේ ගුඩෝරි පලාත ජනශුන්‍ය, ගුප්ත බවකින් පිරි ස්ථානයක්. 2017 වසරෙදි මේ බ්ලැක් රිජ් බෑවුමේ හිම පදින්න පැමිණෙන නිදහස් හිම පදින්නන් දෙන්නෙක් නිසා ගුඩෝරි පලාතේ දැරියක් අනතුරට ලක්වෙනවා. ඒ අනතුරින් දැරිය මියයනවා වගේම අනතුරට හේතුවුන පුද්ගලයන්ව කවදාවත් හොයාගන්න පුළුවන් උනේ නෑ.
මැක්ස් සහ මියා යන පෙම්වතුන් දෙපල දක්ෂ හිම පැදීමේ ක්‍රීඩකයන් දෙදෙනෙක්. සුපතල බ්ලැක් රිජ් බෑවුමේ හිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් මේ දෙන්නා නිවාඩුවකට ජෝර්ජියාවට එනවා. මියා කෙසේ වෙතත් මැක්ස්නම් මේ ගමන වැඩිපුරම එන්නේ ප්‍රේමණීය සැලසුමකුත් හංගගෙනයි. මේ දෙපල නවාතැන් ගන්නා හෝටලයත් ගුප්ත ස්ථානයක් බව මියාට තේරුනත් මැක්ස්ට ඒ ගැන වගක් නෑ. ඒ වගේම බ්ලැක් රිජ් හැරෙන්න වෙන ඕනෑම තැනක හිම ක්‍රීඩා කරන්න කියලා හෝටල් පිළිගැනීමේ නිළධාරිනියත් මෙයාලගෙන් ඉල්ලනවා. ඒ උනාට මැක්ස් කරන්නේ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සපයන හෙලිකොප්ටර් නියමුවාට අල්ලසක් දීලා කොහොමහරි එයාලව බ්ලැක් රිජ් බෑවුමට ගොඩබස්ස ගන්න එකයි. නමුත් ඒ සමඟම ඔවුන්ගේ ජිවිතයේ භයානකම දවස ආරම්භ උන බව ඔවුන් දෙපල දැනසිටියේ නැත.
Let It Snow චිත්‍රපටය 57%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 4.4ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Thriller/Horror යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Stanislav Kapralov විසින්. රංගනයෙන් දායක වෙන්නේ වැඩිය හඳුනන්නේ නැති සීමීත නළු නිළි පිරිසක්. Pacific Rim (2018), The Spy Whi Dumped Me (2018) යන සිනමාපටවල සිටි යුක්‍රේනියානු ඇමරිකානු සම්භවයකින් යුතු Ivanna Sakhno මියා ලෙසත්, Alex Hafner මැක්ස් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. මට අහම්බෙන් තමයි මේ ෆිල්ම් එක බලන්න ලැබුනේ. රේටින් ටිකක් අඩු උනත් ඔයාලත් එක්ක මේක බෙදාගන්න හිතුවා. ඒ වගේම ෆිල්ම් එකේ අන්තිමට පොඩි පසු දර්ශන දෙකකුත් තියෙනවා. ඒ දෙකත් බලන්න කියලා මතක් කරන්න ඕන. මට මේක උපසිරැසි ගන්වන්න අවසර දුන්න විමා සහෝට බෙහෙවින් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත Bluray පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,218 downloadsDownload Let.It_.Snow_.2020.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #Let It Snow (2020) Sinhala Sub
- #Let It Snow (2020) Sinhala Subtitles
- #Let It Snow Sinhala Sub
- #Let It Snow Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #You Decide
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Anonymous
Bimsara Yashan(ඔලිව)
කතාව නම් නියමයි වගේ. බලන්න ඕනෙ වෙලාවක. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
Thanks jayawewa....!