A Quiet Place (2018) චිත්‍රපටය එම වසරේ ලෝකයේම අවධානය දිනාගත් අපූරු නිර්මාණයක් වූ බවට ඔබට මතක ඇති. පසුව එම වසරේම අග භාගයේ Bird Box (2018) ලෙස තවත් එවැනිම චිත්‍රපටයක් නිකුත් උනා මෙන්ම එයත් ඉහල ගුණාත්මක බවකින් යුත් නිර්මාණයක් බවට ලොවම පිළිගනු ලැබුවා. සුපිරි රංගන ශිල්පීන්ගෙන් හැඩවැඩ වූ මේ චිත්‍රපටයට යහ…

A Quiet Place (2018) චිත්‍රපටය එම වසරේ ලෝකයේම අවධානය දිනාගත් අපූරු නිර්මාණයක් වූ බවට ඔබට මතක ඇති. පසුව එම වසරේම අග භාගයේ Bird Box (2018) ලෙස තවත් එවැනිම චිත්‍රපටයක් නිකුත් උනා මෙන්ම එයත් ඉහල ගුණාත්මක බවකින් යුත් නිර්මාණයක් බවට ලොවම පිළිගනු ලැබුවා. සුපිරි රංගන ශිල්පීන්ගෙන් හැඩවැඩ වූ මේ චිත්‍රපටයට යහපත් විචාර පවා ලැබුනා. ඒ ලැබුන ජනප්‍රියත්වයත් සමඟ නෙට්ෆ්ලික්ස් සමාගම එහි අතුරු කතාවක් එහෙමත් නැත්ත Spin-off ෆිලුමක් ලෙස Bird Box: Barcelona යන චිත්‍රපටය නිර්මාණය කලා වගේම ඊයේ (14) තමයි මේ ෆිලුම නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනේ. ලිපිය ලියන වෙලාව වෙනකොට 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, 6.1ක IMDb අගයක් ලබාගන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. Thriller / Horror/ Post-apocalyptic යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම චිත්‍රපටයේ වැඩි පුරම භාවිතා වෙන්නේ ස්පාඤ්ඤ භාෂාව කියලත් මතක් කරන්න ඕන. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David Pastor සහ Alex Pastor විසින්. කලින් ෆිල්ම් එකේ වගේ ජනප්‍රිය රංගන ශිල්පීන්නම් මේ ෆිල්ම් එකට දායක වෙන්නේ නෑ. The Invisible Guest (2016) සිනමාපටයේ සිටි දක්ෂ ස්පාඤ්ඤ නළු Mario Casas ප්‍රධාන චරිතය ලෙසත්, ඊට අමතරව Georgina Campbell, Ptrick Criado, Diego Calva සහ Nalia Schuberth යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දෙනවා.
ෆිල්ම් එකේ කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ. කලින් චිත්‍රපටයෙන් අපි දැක්කේ ඇමරිකාව මේ අද්භූත සත්ව ප්‍රහාරය එල්ල වෙන විදිය සහ මිනිස්සු දිවි බේරගන්න දරන උත්සහය වටානේ. මේ චිත්‍රපටයෙන් ස්පාඤ්ඤයට මේ සත්ව ප්‍රහාර එල්ල වන විදියත් බාර්සිලෝනා නගර වැසියන් ඊට මූණ දෙන විදියත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම හිතුවට වඩා මේකට උපසිරසි ගන්වන්න වෙලා ගිය එකට සමාවෙන්න. මට ලැබුනු උපසිරැසි පිටපතේ ඉංග්‍රීසී භාෂා දෙබස් වලට ලයින් නැති නිසා ඒවත් නැවත එකතු කරන්න උනා. ඒ වගේම මතක් කරන්න ඕන මේක ෆිල්ම් එක වෙන් කරලා තිබුනේ අපේ විමා සහෝට. ඒත් මට මේක කරන්න දුන්නට විමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !
ඔබ ඔවුන්ව දකින්න සූදානම්ද ?
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
26,007 downloadsDownload Bird.Box_.Barcelona.-2023.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Bird Box: Barcelona (2023) Sinhala Sub
- #Bird Box: Barcelona (2023) Sinhala Subtitles
- #Bird Box: Barcelona Sinhala Sub
- #Bird Box: Barcelona Sinhala Subtitles
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #You Decide
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
Kushan
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි යුරාන් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!lakmal karunathilaka
thanks bro
දහරා මුතු අමා
බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට...
මේක නම් බලන්නම හිටිය එකක්...Ruchira
Thanks for the sub!!
bimsara
me mcn plz me sub ek download krnna ba poddk blapnako
https://www.baiscope.lk/the-invisible-guest-2016-sinhala-su…Buddhika Lakmal (laKMal)
බලන්න ඕනම එකක් වගේ...
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි සහෝ ඉක්මනින් උපසිරැසි ගෙනාවට. පලවෙනි එක නම් බලපු සුපිරි ෆිල්ම් එකක්. මේකත් බලන්නම හිටපු එකක්. ජයවේවා!
Rukshan
Thanks bro
viraj
thanks.........
chandika
thank you for the subtitles.
නුවන් අසේල
උපසිරැසියට ස්තූතියි
බලන්න ඕනේ ෆිල්ම් එකනුවන් අසේල
ස්තූතියි සිංහල උපසිරැසිට
Hashan
Thnx for the sub bro❤️
kavindu prabath
yts 720p webrip ekata support nane. update karannako.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Akila Dilhara
Thanks Brother...
nilanka1212
thanks
බණ්ඩා
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Dewadithya
Thanks for Sub!
Advertisement
Sub akta thanks