මේ පාර හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්න හිතුවා. ආසියාවේ නිපදවන හොල්මන් ෆිල්ම් වලට අනිත් ෆිල්ම් වලට වඩා බය හිතෙන හින්දා ජපානයේ හදපු හොල්මන් ෆිලුමක් තමා මේ අරගෙන එන්නේ. මේ ෆිල්ම් එකට සබ් හදද්දි හුගක් දේවල් වලට මුහුන දෙන්න සිද්ධ උනා. මොකද කිව්වෝත් සබ් එක හදන්න පරක්කු උනා ඔයාලට ඉක්මනට දෙන්න ඕන නිසා ෆිල්ම්…

මේ පාර හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්න හිතුවා. ආසියාවේ නිපදවන හොල්මන් ෆිල්ම් වලට අනිත් ෆිල්ම් වලට වඩා බය හිතෙන හින්දා ජපානයේ හදපු හොල්මන් ෆිලුමක් තමා මේ අරගෙන එන්නේ. මේ ෆිල්ම් එකට සබ් හදද්දි හුගක් දේවල් වලට මුහුන දෙන්න සිද්ධ උනා. මොකද කිව්වෝත් සබ් එක හදන්න පරක්කු උනා ඔයාලට ඉක්මනට දෙන්න ඕන නිසා ෆිල්ම් එකේ සබ් එක සිංහලට හරවලා වැරදි තියනවා නම් හදන්න ෆිල්ම් එක බල බල සබ් හදන්න උනේ රැ. ඒක නිසා පට්ට බයෙන් තමා හදලා ඉවර කරේ. ඔයාලත් මේක රැ බලන්නකො කොහොමද ආතල් එක කියලා. ඒ අස්සේ AL රිසාල්ට් එකත් එව්වානේ. හොද වෙලාවට යාන්තන් ICT වලට ආපු B එක හින්දා AL ගොඩ ගිහින් තිබ්බා. නැත්තන් ආයේ මේ සබ් එක හදලා ඉවර කරන්න වෙන්නෙත් නැ. ඒ වගේම මේ දවස්වල කෙල්ලෙක්ට ලයින් එක ගහන් හිටියේ ඒකිගේ කොන්ඩේ ඉන ගාවට විතර දිගයි. මේක බැලුවාට පස්සේ ඒකිත් එක්ක යාලුවෙන්නත් බයයි වගේ. කොහොම හරි කමක් නැ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.
මේ ශාපල් වීඩියෝව ගැන ගහපු 3න් වෙනි ෆිල්ම් එක තමා මම හිතන්නේ කලින් ෆිල්ම් දෙකේම සබ් දීලා තිබ්බා. මේ ෆිල්ම එකේ කතාව ගැන කිව්වොත් මේ ශාපලත් වීඩියෝව කෙනෙක් බැලුවොත් ඒ බලන කෙනා Sadakoගේ ශාපයට ලක් වෙලා දවස් 2ක් ඇතුලද මිය යනවා. Morishige කියන මහාචාර්ය්‍යවරයා මෙම වීඩියෝව සොයමින් ඉන්න අතරතුර එම මහාචාර්ය වරයාගේ ශිෂ්‍යාවන් වන Natsumiට සහ Yuriට මෙම වීඩියෝව අහම්බෙන් හම්බෙනවා (හම්බෙන්නේ කොහොමද කියලා ඔයාලම බලා ගන්නකො) වගේම Natsumi මෙය ශාපලත් වීඩියෝව කියා නොදැන අහම්බෙන් නරබනවා වගේම ඇය මේ ශාපයට ගොදුරු වෙනවා. මේ අතරතුර Suzuka කියලා තවත් ශිශ්‍යාවක් මේ නගරයේ අලුත් නිවසකට පැමිනෙනවා ඇයට පාසලේදි දැන ගන්න ලැබෙනවා තමා සිටින නිවසට එහා පැත්තේ නිවසේ නපුරු හොල්මන් ආත්ම සිටින බවටත් ඒ නිවසට යන සියලු දෙනා මරණයට පත්වන බවත් ඒ නිවසේ සිටින නපුරු ආත්ම වලින් එහි සිටින බලවත්ම ආත්මය තමා Kayako කියන ආත්මය. ලොකු ප්‍රශ්නාර්තයක් තියලා කතාව කියන එක මෙතනින් නවත්තන්නම්.
ඇත්තටම Natsumi මේ ශාපයට ගොදුරු උනාට පස්සේ ඔවුන්ට මොන සිදුවෙයිද? ඔවුන් සාපයෙන් මිදෙන්න මොනා කරයිද? Morishige කියන මහාචාර්ය්‍යවරයා මේ කතාවට සම්බන්ද වෙන්නේ කෙසේද? Suzuka සහ හොල්මන් නිවස අතර මොන මොන දේවල් සිද්ද වෙයිද? Sadakoගේ ශාපලත් වීඩියෝව අතර යන සිද්ධියට Suzuka සහ හොල්මන් නිවස අතර සිදුවෙන සිද්ධි සම්බන්ද වෙන්නේ කොහොමද? Sadako v Kayako කියන නමෙන්ම පේනවානේ Sadako සහ Kayako අතරත් සීන් එකක් යනවා කියලා ඒ මොකක්ද? ආ ඒ වගේම මේ හොල්මන් විනාශ කරන්න Ayako කියලා වැඩ්ඩෙක් වගේම Tamao කියලා ඇස් පේන් නැති පොඩි කෙල්ලෙකුත් එනවා. ඔවුන් මේ සිද්ධියට සම්බන්ද වෙන්නේ කොහොමද? ඔවුන් මොනා කරයිද? අවසානයේ මේ ශෘපය සදහටම නැති කරලා දාන්න පුලුවන් වෙයිද? මේ කියන ඒවා දැන ගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේකේ තියන ජපන් නම් අමුතු නිසා සිංහලෙන් දාන්න ගියොත් චොර වෙන හින්දා ඒවා ඉංග්‍රීසි අකුරෙන්ම තිබ්බා. කොහොම හරි මේකේ ශාපලත් වීඩියෝව බලන්න බය හින්දා මැදදි වීඩියෝ එක පෙන්නන කෑලි බැලුවෙත් නැ ඒත් එක තැනක බලන්නම උනා. කොහොම හරි ආයේ මම සබ් හැදුවේ නැත්තන් ඒ කියන්නේ අනිවාරෙන් Sadakoගේ ශාපයට අහුවෙලා මම මැරිලා කියන එක තමා. ආ ඒ වගේම මේ සබ් එක පහල තියන පිටපත් 3නම සදහා ගැලපෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
sadako.vs.kayako.2016.720p.bluray.x264.aac
sadako.vs.kayako.2016.480p.bluray.x264.aac
sadako.vs.kayako.2016.1080p.bluray.x264.aac
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,212 downloadsDownload sadako.vs_.kayako.2016.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භානුක සෙනවිරත්න
Subtitles
15 comments
chalana
shehan
THANKZ SUB EKATA PULUWANNAM league of gods ekata Sinhala sub eka dennako
banuka senavirathna
Elama mma balannam
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි.මේවටත් සබ් දෙනවනම් පිං
Death Note (2006),Death Note 2: The Last Name (2006)
L: Change the World (2008)
ජය!Chathura Janith Bandara
Ela Bro Thanks
Prabodha Madhusankha Hettiarachchi
Thank u bro sub ekata....
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
මේකෙ කලින් ෆිල්ම් දෙකක් බැලුව.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!අසිත
ealama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks BANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴ජය වේවා෴෴
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
taniya
Sub ekata thanks.oyage siyalu wada katayuthu sarthaka wenna kiyala prarthana karanawa
Amila Mudalige
Thanks sah sub ekta
cnw
Sherlock e2 sub dennakoo
Advertisement

thank you :D