කොහොම බයිස්කෝප් වාසිනි. මේ වෙලා තියෙන රටේ තත්ත්වෙ එක්ක ෆිල්ම් එකකට උපසිරැසියක් කරනව කියන්නෙ බොහොම අමාරු දෙයක්. ඒ ඉතිං රටේ පවතින එක එක ප්‍රශ්න නිසා තමා. කොහොම උනත්, ඔන්න එහෙනම් පුළුවන් තරම් ඉක්මන මගේ ආසම ෆිල්ම් කාණ්ඩෙ වෙන හොරර් කාණ්ඩෙට හැමෝම වගේ එනකම් බලාගෙන හිටපු ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා. මේකට හො…

කොහොම බයිස්කෝප් වාසිනි. මේ වෙලා තියෙන රටේ තත්ත්වෙ එක්ක ෆිල්ම් එකකට උපසිරැසියක් කරනව කියන්නෙ බොහොම අමාරු දෙයක්. ඒ ඉතිං රටේ පවතින එක එක ප්‍රශ්න නිසා තමා. කොහොම උනත්, ඔන්න එහෙනම් පුළුවන් තරම් ඉක්මන මගේ ආසම ෆිල්ම් කාණ්ඩෙ වෙන හොරර් කාණ්ඩෙට හැමෝම වගේ එනකම් බලාගෙන හිටපු ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා.
මේකට හොඳ කොපිය පිට වුනේ මීට ටික දවසකට කලින්.මට ඒත් ඒක ගැන හොයා බලන්න බැරි උනා. ඉතිං අපේ බයිස්කොප් පවුලෙ සහෝදරයෙක් තමා මට මුහුණ පොත හරහා මුලින්ම ෆිලුමට හොඳ කොපිය ඇවිත් කියල මතක් කරේ.පස්සෙ චාමර අයියත් මේල් එකකින් මට දන්වල එව්වා. ඉතින් ඔන්න කෝම හරි පුළුවන් තරම් ඉක්මනට උපසිරැසි අරගෙන ආවා. එහෙනම් කතාවට පොඩ්ඩක් යමු.
“ග්‍රැබර්” කියල ළමුන් ඩැහැ ගන්න අමුතු අපරාධ කාරයෙක් ගැන එක්තරා නගරෙක මිනිස්සු ටිකක් බයෙන් ඉන්නෙ. ඒ යකා මේ වෙනකොට ළමුත් හතර දෙනෙක් ව ඩැහැගෙන හිටියා.සාමාන්‍ය අපරාදකාරයෙක් නම් ළමයි ව උස්සල ඒ දෙමව්පියන්ගෙන් හරි අදාල කාගෙන් හරි කප්පමක් හරි ඉල්ලනවනෙ, ඒත් පුදුමෙ කියන්නෙ එයා එහෙම කරන්නෙත් නැ. පස්සෙ ඒ ළමය ගැන හාං කවිසයක් වත් නැහැ. ඒ නගරෙ ඉන්නව එක ගෑණු ළමයෙක් එයාට එක එක හීන පේනවා. බොහෝ වෙලාවට ඒ පීන හැම එකක් ම වගේ හරියට ම හරියනවා. ඔහොම ටික දවසක් යද්දි, එයාගෙ අයියත් මෙන්න මේ “ග්‍රැබර්” කියන රාක්ෂයාට හසු වෙනවා.ඉතිං.. ග්‍රැබර් මේ හැම ළමයව ගෙනිහින් දානවා. ඒ කාමරයේ තියනවා එක කලුපාට දුරකථනයක්.. ඒ දුරකථනය පිටුපස තියනව කවුරුත් නොදන්න හැඟවුන රහසක්. මොකද්ද ඒ? ඇයි මං කියන්නෙ? 😜
ඉතිං ඔයාල Sinister චිත්‍රපට මාලාව බලල තියෙන කෙනෙක් නම් ඔයාලට මේ චිත්‍ර්‍රපටයෙ මැදහරියක් වෙද්දි අංජ බකල් සීන් එකක් වෙයි. ඒත් වැඩිය ගනං ගන්න එපා. මොකද මේ චිත්‍රපටය සිනිස්ටර් චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වෙන චරිත දෙකක් මේ ෆිල්ම් එකේ ග්‍රැබර් ගෙ සහ එයාගෙ සහෝදරය ගෙ චරිත නිරූපණය කරන නිසා. ඉතින් ඒ ගැන වැඩිය හින්නෙ නැතුව චිත්‍රපටය රසවිදින්න.
ඉතිං ඒ වගේම තවත් විශේෂ කාරණයක් කියන්න ඕන. ඒ තමා මේ චිත්‍රපටය නිශ්පාදනය කරන Blumhouse ආයතනය එයාල 2022 වසරේ නිර්මාණය කරපු අලුත් ම ස්ටාටින් එක මේ චිත්‍රපටය හරහා මුලින් ම එලි දක්වනවා. බලන්නකො… අර කැරකෙන පුටුවටයි, පාවෙන පොතටයි, බිම බලාගෙ න සුදු ඇඳගෙන ඉන්න කෙල්ලටයි මොකද වෙලා තියෙන්නෙ කියල 😏චිත්‍රපටය අද්‍යක්ෂණය කරල තියෙන්නෙ Sinister චිත්‍රපට මාලාව අද්‍යෂණය කරපු Scott Derrickson ම තමා. ඒ නිසා සිනිස්‍ටර් සීරිස් එක වගේම මේකත් බොක්කට වදින කතාවක් වනව නොඅනුමානයි. ඉතිං එහෙනම්,හැමෝටම චිත්‍රපට නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.
~තවත් උපසිරැසියකින් හමුවෙමු.~

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
14,065 downloadsDownload The-Black-Phone-2022-Blu-Ray.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
26 comments
Anonymous
හිෂාන් සමරසිංහ
Thanks බං... මෙච්චර ඉක්මණට දෙයි කියලා හිතුවේ නෑ... නිකමට ඇවිල්ලා බලද්දී දැක්කේ.... ❤
(●'◡'●)
Kushan
Sub akta thanks
indika 75
thanks..
Aravinda Fernando
බොහොම ස්තූතියි
theeraka widuranga
patta film eka
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Naveen
උපසිරසියට තුති
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Anonymous
Thanks Brother
Kavee
සිංහල උපසිරැසියට ස්තුතියි
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
lakshan
thanks ...................
Malith samarawickrama
Thanks bro sub ekata
Ruchira
viraj
thanks...
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Dewadithya
Thanks for Sub!
Pasan Vimukthi
Thanks Brother
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasanna
Mr. Harrigan’s Phone (2022) Movie එකට සිංහල subtitle දෙන්න පුළුවන් ද?
Anonymous
Thanks bro ♥️
Advertisement
Thanks bn