Watch Trailer

Past Lives (2023) Sinhala Subtitles | ගිය ආත්මයේ අපි කවුරු වෙන්න ඇතිද? [සිංහල උපසිරසි]

කොහොමද යහළුවනේ ඔන්න මන් අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම චිත්‍රපටය ලෙස නම් කරගැනීමට සමත් වෙලා තියෙනවා. IMDb දර්ශකයේ 8.1ක අගයක්ද, කුණු තක…

 

කොහොමද යහළුවනේ ඔන්න මන් අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම චිත්‍රපටය ලෙස නම් කරගැනීමට සමත් වෙලා තියෙනවා. IMDb දර්ශකයේ 8.1ක අගයක්ද, කුණු තක්කාලි 97% වගේ ඉහල අගයන් ගන්න සමත්වෙලා තියෙනවා.

කතාව දිවයන්නේ නෝරා කියන කෙල්ලයි හේ සුං කියන කොල්ලයි අතර. මේ දෙන්නා පොඩි කාලේ ඉඳලා ගොඩක් හොඳ යහළුවෝ. හැමවෙලේම මේ දෙන්නා සෙල්ලම් කරනවා, එකට ඉස්කෝලෙ යනවා, මේ දෙන්නා අතර යහළුවන්ටත් වඩා එහා ගිය මිත්‍ර ආදරයක් මේ දෙන්නගෙ හිතේ ඇති වෙනවා. ඉතින් ඔහොම ඉද්දි නෝරාගේ දෙමාපියන් තීරණය කරනවා කොරියාව දාලා යුරෝපයේ රටකට යන්න.

ඉතින් මේ දෙන්නාට අවාසනාවන්ත ලෙස වෙන් වෙන්න වෙනවා. මේ දෙන්න ආයේ හමුවේවිද?

ඉතින් ඔතනින් පස්සේ තමා චිත්‍රපටයේ හොඳම දිගහැරුම පටන් ගන්නේ. වැඩි විස්තර කියලා චිත්‍රපටයේ රසාස්වාදයට හානි කරන්නෙ නැතුව ඔයාලටම මේ කතාව බලන්න කියලා මන් ආරාධනා කරනවා.

එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,645 downloadsDownload Past.Lives_.2023.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

5,645 downloadsDownload Subtitles33 KB

13 comments

  1. Buddhika Lakmal

    මේ වගේ ඇහැ ගැටෙන්නැති ෆිල්ම්වලට සබ් දෙනවට තෑන්ක්ස් මචෝ....

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සුචි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Bimsara Yashan(ඔලිව)

    සුපිරි ෆිල්ම් එකකටනෙ උපසිරැසි ගෙනත් තියෙන්නේ. ජයවේවා!

  4. රුක්ෂාන්

    බොහොම ස්තුතියි සහෝදරයා.
    මේවා වෙන කවුරුත් නොදෙන ෆිල්ම්.
    කවුරුත් නොදුන්නට මේවා තමයි ඇත්තටම ෆිල්ම.
    සබ් එක හොඳටම තිබ්බා. බලල ඇවිල්ල මේ කමෙන්ට් එකක් දාන්නේ.
    සමහරවිට මේවට ප්‍රතිචාර අඩුවේවි, ඒත් මේවා දෙන එක නවත්තන්න එපා.
    අපි ගොඩක් ආසාවෙන් මේ වගේ ෆිල්ම් බලනව.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. akila fernando

    thank you bro

  7. Anonymous

    thanks brothert

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. Sheshank amajith

    Thank you for sub btw can you do a sub for theater camp movie

  10. Dewadithya

    Thanks for Sub!

  11. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  12. Ruchira

    Thanks for the sub!!!!

  13. viraj

    thanks..............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.