Watch Trailer

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක….. මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම මවිත…

Rogue One-A Star Wars Story (2016)

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක…..

මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම මවිතයට පත් කල පුංචි චිත්‍රපටය…. එකේ නම තිබ්බේ Star Wars (1977) හැටියට. නමුත් කාලයත් එක්ක දැන් නම් මේ නම Star Wars : New Hope (1977) වෙලා සමහරෙකුට. George Lucas උත්තමයාගේ පිටපතකින් ඔහුගේම අධ්‍යක්ෂණයක් වුණ මේ පුංචි සලරුව ලොව පුරාම ඇමරිකානු ඩොලර් මිලියන 775 කට වැඩි මුදලක් උපයා ගන්න සමත් වුණේ එක්තරා විදිහකට කියනවා නම් ආගමක් වගේ දෙයක් බිහි කරමින්. මොකද ඔබ මේ සලරුවට අකමැති නම් ප්‍රසිද්ධියේ එහෙම කියලා අහුවෙනවා නෙමෙයි….!!!

එදා අපි තරුණ ලූක්, රූමත් ලෙයා කුමරිය හඳුනා ගත්තා වගේම, නුවණැති ඔබීවන් සමග එක්ව C-3PO හා R2-D2 අඩදබර බලා හිටියේ සතුටු සිතින්. නමුත් ඔක්කොම කණපිට හැරුණේ හැඩකාර දගකාර හාන් ඔහුගේ වලස් තඩියා එකක් තිරයට පැමිණීමත් එකක්. නව බලාපොරොත්තුවේ කතාව වුණේ මෙහෙමයි….

නිමේෂයකින් ලොවක් වැනසිය හැකි මහා යාත්‍රාවක් නිර්මාණය කිරීමට සමත් වෙලා තියනවා අධිරාජ්‍ය මේ වෙනකොට, සිවිල් යුද්ධයකින් හෙම්බත් වෙලා ඉන්න මන්දාකිනියට මේක හොඳ ආරංචියක් නම් නෙමෙයි කොහොමවත්. බොහොම දුකක් විදලා විප්ලවකාරින් කිහිප දෙනෙක් සමත් වෙනවා මේ මහා යාත්‍රාවේ සැලසුම් සොරා ගන්නට, නමුත් මේක විප්ලවකාරින්ගේ ප්‍රධාන කඳවුර වෙත ගෙනයන්න තමයි ලොකුම අමාරුව, ලේයා කුමරිය මේ සැලසුම් R2-D2 ගේ මතකයේ ගබඩා කිරීමට සමත් වෙනවා ඇය සිර භාරයට පත් වීමට නිමේෂයකට පෙරාතුව, කොහොම නමුත් R2-D2 හා C2P0ට මේ සැලසුම් අරගෙන එහෙම ලේසියෙන් විප්ලවකරුවන්ගේ මුලස්ථානය වෙත යන්න වෙන්නේ නැහැ. ඔවුන් ටැටුවින් හි ස්ථානගත වෙලා, ඕබිවන් හා එක්කාසු වෙතා එතනිත් තව ගමනක් ගිහින්, මේ සියල්ලටම ලූක් එහෙම බොහොම බර සාරෙට දායෙක වෙලා බොහොම අමාරුවෙන් සැලසුම් ටික අරගෙන යන්න සමත් වෙනවා ඔවුන් අවශ්‍ය කරන තැනට. ඒ චිත්‍රපටය අවසාන වෙන්නේ….. ඔවුන් කෙසේ හෝ ඒ මහා යාත්‍රාව විනාශ කිරීමෙන්….

ඉතින් මේ Rogue One (2016) කතාව දිව යන්නේ කුඩා කාලයේ ඉදලම අධිරාජ්‍ය තාඩන පීඩනවලට මුහුණ දුන්න පොඩි කෙල්ලෙක් වයසත් එකක් අධිරාජ්‍යට එරෙහිව නැගී සිටින හැටි හා විප්ලවවාදීන් වෙනුවෙන් මරණයේ තාරුකාවේ සැලසුම් හොරා ගැනීමේ අයගේ මෙහෙයුම එක්කයි. ඇයට මේ ගමනේ දී බොහොම වැඩ කරුවන් හමුව වෙනවා, බොහොම සටන් දැකගන්න හැකි වේවි. මේ සිදුවීම් ඔක්කොම සිද්ධ වෙන්නේ Star Wars සිදුවීම්වලට දින කිහිපයකට පෙර අතුවයි, ඉතින් කිසිදු Star Wars චිත්‍රපටයක් බලා නොමැති වුණත් මෙය තනි චිත්‍රපටයක් ලෙස ඔබ ඕනෙම කෙනෙකුට නැරඹීමට හැකි වේවි.

චිත්‍රපටය ගැන ටිකක් කතා කරනවා නම් මෙහි අධ්‍යක්ෂණය Gareth Edwards ගෙන්, ඔහු තමයි මින් පෙර Godzilla (2014) හා Monsters (2010) අපි වෙත අරගෙන ආවෙත්. තිරයේ දකින ප්‍රධාන මුහුණු වෙන්නේ Felicity Jones (ජේන් ආර්සෝ) – ඇය The Theory of Everything, The Amazing Spider-Man 2 වගේ චිත්‍රපටවලින් අපිට හමුවුන ඔස්කා සම්මානයට නිර්දේශ වුණ නිළියක්. Diego Luna (කැසියන් අන්ඩෝර්) – Blood Father වගේ ක්‍රියාදාම චිත්‍රපට වගේම Milk වගේ සම්මානනීය චිත්‍රපට වෙනුවෙනුත් තමුන්ගේ දායකත්වය සැපයු කෙනෙක්. ප්‍රධාන සතුරා හැටියට එක්කාසු වෙන්නේ Ben Mendelsohn ඔහු Animal Kingdom හා The Dark Knight Rises වැනි චිත්‍රපට වගේම Bloodline ටෙලි කතා මාලාව සඳහා රගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඔහුනට අමතරව සුපිරි නළු Donnie Yen, ඔස්කා සම්මාන ලාභී නළු Forest Whitaker, දක්ෂ නියමුවෙක් හැටියට නම් ලද Alan Tudyk (Firefly) වගේම Riz Ahmed හා Mads Mikkelsen අපි තිරයේ දකින තරු අතර ඉන්නවා.

ඒ වගේමයි James Earl Jones ඔහුගේ හඬ එක්කාසු කරනවා නැවතත් වෙඩර් හැටියට. තරුණ නිළියක් ලේයා ලෙස එක්කාසු වුවත් පසුගිය වසරේ දෙසැම්බර් 27 වැනිදා අප අතුරින් සමුගත් Carrie Fisher මෙවරත් ලේයා කුමරියට හඬ දායකත්වය ලබා දෙනවා වගේම, මුල් සලරුවේ යොදා නොගත් වීඩියෝ දර්ශනත් යොදාගෙන තියනවා කියලා තමයි අරංචි ඇයගේ චරිතය නිර්මාණය වෙනුවෙන්.

මේ වනවිට ලොව පුරා ඩොලර් බිලියන 1.04 වගේ මුදලක් උපයාගෙන තවමත් ප්‍රදර්ශනය වෙන මේ සලරුව IMDB මීටරයේ 8.1 ක් වගේ අගයක් ලබාගෙන තියනවා වගේම. මෙවර ඔස්කා සම්මාන උලෙළේ සම්මාන 2 ක් සඳහාත් නිර්දේශ ලබන්නට සමත් වෙලා තියනවා. එහෙනම් පැය 2 යි මිනිත්තු 13 ක් දිවෙන මේ සුපිරි ක්‍රියාදාම කැටි කරගත් වික්‍රමාන්විත චිත්‍රපටය නැරඹීමට ඔබට ආරාධනා කරමින් මම සමු ගන්නවා.

ලිපිය සමීර කරුණාරත්න ගෙනි.

Rogue One: A Star Wars Story (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම BR (බ්ලුරේ) පිටපත් සඳහා අදාළ වේ.

10,460 downloadsDownload Rogue-One-A-Star-Wars-Story-2016.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,460 downloadsDownload Subtitles108 KB

82 comments

  1. Menaka

    Thanx Saho.. sub eka enakan balagena hitiye..

  2. bandu

    Thanks Bro.......for the subtitles

  3. silent$

    Pattaaaaaaaaaaaaaaa

  4. Udara Damith B/K

    රොයිලි අයියා ගේ එකකට ම න් එක.

  5. Gathsara Umesh

    Royili ayyee..Mm ekaa...SBT bohoom sthuthiy shoo..Mehemn sub krgen ymu meren kmm..
    Jyweaa

  6. prabodha

    Thank u saho sub ekata..

  7. Nalin perera

    ට හුඩු! මේක ඇවිල්ලද බොලේ, ස්තුතියි රොයිලි අයියේ, අම්මෝ කාලෙකින් කමෙන්ට් එකක් දැම්මේ,

    ජය වේවා!

  8. Kasun Widusha

    Tnx loku aiye sub ekata

  9. එල්.සී. දමැල්

    චිත්‍රපටිය මොකක් වුණත් රොයිලි අයියගේ සබ් බලන්න දැන් මට පුරුදු වෙලා...
    බොහොම ස්තුතියි අයියේ...
    ඊළඟට තවත් මේ වගේ සුපිරි චිත්‍රපට උපසිරසකින් හමුවෙමු...

  10. Sanindu Lakkitha

    අප්පටසිරි..රොයිලි අයියා ආයෙත් බැහලා නොවැ සුපිරි ෆිලුමකින්..අයේ ඉතිං සබ් එක ගැන නම් කාතා කරන්න දෙයක් නෑ..සුපිරිම තමයි..
    බොහෝම ස්තුති සහෝ..බුදුසරණයි..
    (දුක යනු මම මේ series එකේ කලින් අපු එක ෆිලුමක්වත් නොබලා තිබීමයි..ලිපිය කියෙවුවාම හිතුනා මේ දෑස කුමටද කියලා..:-P)

  11. RamesH

    Subata thnk u wewa

  12. චතුෂ තුෂර කුමාර

    කාලෙකට පස්සේ හොඳ ෆිල්ම් එකක හොඳ කොපියක් එද්දිම ඒකට අදාලව සබ් එක ලැබුනේ... :D
    බොහොම ස්තූතියි රොයිලි මලයා...

  13. thisal

    thanks patta :*

  14. Hashan Madhuwantha [HASH]

    Huga kalekin Royli ayya upasirasiyak karala neda? Ekath supiri filumakata.... Thanks! :)

  15. Ameera

    Thanks machan...

  16. Chamal Perera

    සබට තුති රොයිලි අයියා

  17. Sisila Prasad

    බොහොම ස්තුතියි රොයිලි අයියා, උපසිරැසිය වෙනුවෙන්.
    මේ චිත්‍රපටි මාලාව නම් තවම බලලා නැහැ.
    නිවාඩුවක් හම්බුන ගමන්, ඔක්කොම ටික එකතු කරලා බලනවා :)
    ජයෙන් ජයම වේවා!!!

  18. Jack

    අම්මෝ පට්ට පට්ට.
    එකෙන්ම බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  19. KAVINDA GAMAGE

    බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  20. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

    lipiyatath thanks SAMEERA aiya....

  21. සොහාන් ජයසූරිය

    අනිවා බලනවා.. ස්තූතියි රොයිලි අයියේ..

  22. Sohan Jayasooriya

    අනිවා බලනවා ස්තූතියි අයියේ

  23. Amila Mudalige

    Thanks Royli saho sub ekta

  24. priyan99

    thanks bro sub ekatata jaya wewa............

  25. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  26. Nirodha uthpala

    Niyamai roili aiyaaa 3years indan roili aiiyage eava balanne kohomada miss karagannne tava tavath sub denna labewa keya hadavatinma partanakaranava

  27. දමිත්

    ස්තුතියි සහෝ සබට. brrip එක එනකම් හිටියේ. වෙලාවටම සබ් එකත් දීලා.

  28. aruna

    thanks macho.meka iye ra balanna aragena bagayak balala atharala damma subak ekkama balanawa kiyalka.

  29. Hashan

    mokada bn biscop ekata une.film aluthen awata download karanna torrent link eka denne nane.....

  30. Saminda Wadamachchi

    උපසිරැසියට සුබ පැතුම් සහෝ… Great work… Thank you..

  31. nimesh

    thankz sahoo

  32. tharindu gunarathna

    thanks

  33. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  34. අසිත

    Patta hode thanks
    pulwan nam "Marvel Iron Fist" tv serial ekath sab denna kiyanna..
    jaya wewa!!!!!

  35. shehan

    roili ayye thanks hodeee me iron frist akatath atha gahanna baaa?

  36. Hemal

    loku pinak oyala me karanne
    thank you very much

  37. Soori

    ඔබේ වටිනා ශ්‍රමය හා කාලය වැය කරමින් අප වෙනුවෙන් ලබා දුන් මෙම 360 වන සිංහල උපසිරැසට මාගේ ප්‍රණාමය....!!!

  38. Thisara Neo

    සුපිරි.... සබට තුති

  39. Dulanga

    Thanks

  40. lakshan

    උපසිරැසියට සුබ පැතුම් සහෝ

  41. praneeth madu

    බොහොම ස්තුතියි සහෝ සබට

  42. Gayan Rathnayaka

    link ekak dennako hoyanna epawenawane

  43. Pubudu

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුති . සුබ පතනවා

  44. tharusha

    Thanks...

  45. Chami.S

    Thanks..
    Good Luck..

  46. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  47. ruwan

    tnx bro...

  48. lakmal

    Niyamai aiye.man kemathima jathiye film ekak.ela.

  49. Ara

    Thanks bro

  50. chameera

    thnks bro............

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.