Watch Trailer

Stoker (2013) | අද්භූත ඥාතියා…[සිංහල උපසිරසි සමඟ]

සිනමාව අමුතුම ලෝකයක්, චිත්‍රපටයක් තුල අධ්‍යක්ෂකවරයාගේ හැකියාව හා දක්ෂතාව මත, හොඳ පිටපතක් ලැබුනහොත් ඕනෑම දෙයක් කල හැකී. මේ ලෝකයේ සුපිරි වීරයන් මැව්වා සේම සිනමාව සදා මතකයේ රැදෙන මනස විකෘති වූ මිනී මරුවන්ද ජීවමාන කොට ඇත. අපගේ සදා මතකයේ රැදෙන උදාහරණ Dr. Hannibal Lecter (The Silence of the Lambs (1991))…

Stoker 2013

සිනමාව අමුතුම ලෝකයක්, චිත්‍රපටයක් තුල අධ්‍යක්ෂකවරයාගේ හැකියාව හා දක්ෂතාව මත, හොඳ පිටපතක් ලැබුනහොත් ඕනෑම දෙයක් කල හැකී. මේ ලෝකයේ සුපිරි වීරයන් මැව්වා සේම සිනමාව සදා මතකයේ රැදෙන මනස විකෘති වූ මිනී මරුවන්ද ජීවමාන කොට ඇත. අපගේ සදා මතකයේ රැදෙන උදාහරණ Dr. Hannibal Lecter (The Silence of the Lambs (1991)), Norman Bates (Psycho (1960)) දක්වන්න පුලුවන්. මේ චරිත මේ වන විටත් බයිස්කෝප් අඩවිය ඔබ වෙත සමීප කොට අවසානයි. අද මගේ සූදානම තවත් එවන් ඝාතකයෙක් ඔබ වෙත ගෙන එන්න. ඇත්තටම ඝාතකයෙකුගේ මග යන තරුණියක් කිව්වොත් වඩා හරි.

2013 මාර්තු 01 වැනිදා බ්‍රිතාන්‍ය සිනමාශාල වලින් ප්‍රදර්ශනය ආරම්භවුන මෙම සලරුව IMDB මිටරයේ 7.4ක අගයක් ලබාගන්න තරම්ම හොද නිර්මාණයක් වෙලා තියනව. මිනිත්තු 99 පුරා දිවයන මෙය Drama | Mystery | Thriller යන කාණ්ඩයට අයත්වෙනව. අධ්‍යක්ෂණය Chan-wook Park. ඔහු තමයි Oldboy (2003), Lady Vengeance (2005), Thirst (2009) වැනි විශිෂ්ට සිනමා නිර්මාණයන්හි අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්. පිටපත නම් දෙන්නෙක් විසින් තමයි රචනා කරල තියෙන්නෙ, එක්කෙනෙක් බොහොම හොඳට දන්න කෙනෙක්. ඒ තමයි Wentworth Miller. අපි හැමෝම ඔහුව දන්නෙ Prison Break ටෙලි කතා මාලාවේ “මයිකල්” යන නමින්. මේ මුල්ම පිටපත් රචනය ඔහුගේ සාර්ථකත්වය පේනව නේද IMDB අගයෙන්ම. ඔහුගේ අනික් හවුල්කරුව වෙලා තියෙන්නෙ Erin Cressida Wilson. ඇයත් මේ Mystery | Thriller කාණ්ඩයන් වල දස්කම් දක්වන පිටපත් රචිකාවියක්.

දැන් ඉතින් අපිට පේන මූණු ටික. Mia Wasikowsk (Alice in Wonderland (2010), Lawless (2012), Jane Eyre (2011)), Nicole Kidman ( Moulin Rouge! (2001) , The Others (2001), Eyes Wide Shut (1999)), Matthew Goode ( Watchmen (2009), Match Point (2005), A Single Man (2009), The Lookout (2007)) වගේ සිනමාවේ බෝහොම වැඩ කරපු උදවිය තමයි ඉන්නෙ.

දැන් ගොඩක් කතා කලා, නම් ගම් කිව්වා හැරෙමු කතාව පැත්තට එහෙනම්. ඉන්ඩියා ඇය 18 හැවරිදි ගැහැණු ළමයෙක්. ඇය වෙනස් කෙනෙක්. අනික් අයට වඩා ඇස් පේනව, කණ් ඇහෙනව ඒ වගේම කිසිම කෙනෙක් තමන්ව අල්ලනවට කැමති නැහැ. මෙයාගෙ 18 වැනි උපන්දිනය දවසේ පියා මිය යනව වාහනය ඇතුලේ ඇතිවුන ගින්නකින්. ඇය අම්මව වඩා තාත්තට බොහොම සමීපයි. කොහොම හරි පියාගේ ආදාහන කටයුතු අවසාන වෙන දවසේ එනව කෙනෙක් මේ තරම් කාලයක් උන්නද කියලවත් නොදන්න කෙනෙක්. ඒ තමයි ඉන්ඩියේ පියා රිචඩ්ගේ සහෝදරය, චාලි. ඔහු අවසාන කටයුතු එහෙම නිම වෙලා ටික දවසක් මේ උදවිය එක්ක රැඳෙනව. නමුත් වටේ පිටේ මිනිස්සු අතුරුදහන් වෙනව. එක එක දේවල්. නමුත් මේ කිසිවක් එකපාර ඉන්ඩිගේ අම්ම දකින්නෙ නැහැ. ඒ වගේම මම කියන්නෙත් නැහැ. මොකද මේ වගේ විශිෂ්ට කතාවක් නිකම්ම කියල දාන එක වැඩක් නැහැ. මින් පසු ඉන්ඩිගේ ජීවිතය ගෙවෙන හැටි බලන්න කුතුහලය සපිරි මිනිත්තු 99 තියනව ඔයාලට. මොකද කොයි වගේ දෙයක් මෙහි මැවෙනවාද කියා මුලින්ම මම කිව්වනේ. 

ඊයේ රාත්‍රියෙ මෙහි හොද පිටපතක් ආව ගමන්ම මගේ අතට පත්කල විකියා සහෝදරයාට ස්තුතියි වන්ත වෙමින් මම යනවා. තවත් උපසිරැසක් එක්ක හමු වෙමු එහෙනම්.

Stoker (2013) on IMDb

 

 

760 MB (BR) කොපිය මෙතනින් බාගන්න

fe7d5cf21672cd53859a3956ffc04d5a6277575b

1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න

8d91d847e2ad4430da071ee30257c9531ed28359 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,163 downloadsDownload Stoker.2013-2.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,163 downloadsDownload Subtitles99 KB

81 comments

  1. ishan

    thanks machan

    1. malik

      sub aeka niyamata thiyanawa machan,thanks machan

  2. amilatk

    ජයෙන් ජය!

  3. tharanga

    පට්ට පට්ට මචං :) මේක මැක්සා ෆිල්ම් එකක්

  4. upali

    ela ela ela ela

  5. kalinga

    රහස් පරක්ෂක කතාවක් මේක සුපිරිම.සබ් දුන්න එක අගය කරනවා :)

  6. wow

    wow... maru :D

  7. naleen

    supiri sub denakm unne.. elaz

  8. lakchan

    elaaaaaaaaaaaaaaaaaa .................machan ...............

  9. lasidu

    මැක්සා සහෝ මේකේ සබ් දුන්න එක නම් නියමයි. ඔන්න දැන්ම බාන්න දැම්ම.

  10. elakiri

    එළකිරි සුපිරි පහරක්

  11. quik

    thanks

  12. shann

    අනිවා බලනවා,මේ වගේ පට්ට එකක් නොබලා කොහොමද.බොහොම පින් මේවා සිංහල සබ් එක්කම දාලා අපිට ගෙන එකට...!!!!!!!!!!

  13. Bandula

    dwn wenna damma bohoma pin sahota

  14. hh

    gr8 films :)

  15. pubudu

    maxxaa saho :)

  16. උදාර

    නියමම ෆිල්ම් එකක් නේ සබ් වලට බොහොම තුති

  17. sameera

    supiri

  18. සිංහලයා

    මේ වගේ රහස් වලින් අවසාන වෙනකම් කුතුහලය තියෙන ෆිල්ම්ස් බලන්න මම කැමති. ජය

  19. කැළුම්

    ජයම වේවා මෙන්න ෆිල්ම්ස් පට්ට

  20. chamath cafe

    ගින්දර නේ ෆිල්ම් එක.. :)

  21. chami

    thnxxxxxxxxxx

  22. samith

    loweth maxxa

  23. rusuru | රුසිරු

    මේක එනතුරු ඇගිලි ගැන ගැන උන්නේ.ආව ගමන් සබ් දීලත් එක්ක.මරු

  24. yasas

    supiri hode

  25. jeewantha

    thnxz sahota

  26. Amila`

    ජයම වේවා සුපිරි

  27. waruna

    loweth na machan digatama subs denna....... :)

  28. දිනුක මධුශාන්

    සුපිරි කතාවක්.. සමීර සහෝ දැන් වෙඩි වගේ සබ් දෙනවා. මේ දෙන වේගෙට කොහොම බලන්නද මන්දා.:) බොහොම ස්තුතියි සහෝ! ජය වේවා!

  29. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ලිපිය කියවන්න ගද්දිම මම හිතුවා ඔයාගේ එකක් වෙන්න ඇති කියලා. මෙන්න එහෙනම් බානවා. ජය෴෴ :P :P

  30. geeth

    thx lot sameera uba nam sirama dial akak

  31. fd

    parttaaaaaaaaaaaaaaaaaaaaaaaaa hode

  32. eraNga

    elakiri macho

  33. ositha

    subs anakm unne balanna.thuthi

  34. ganidu

    තෑන්ක්ස් වේවා!

  35. ශාන් විමුක්ති [වීමා] 〠

    සමීරයෝ බොලාගෙ මාර වේගයක් නොවැ තියෙන්නෙ
    හිතාගන්නවත් බෑ හොදේ
    ලිපියත් ලෙසටම තියෙනව
    නියමයි හොදේ
    ජය! :D

  36. “චූටී මල්ලි”

    ආයිත් ඇවිත් පහරක් එක්ක
    එල මාත් මේක ඉල්ලන්න කියලා හිටියෙ කමෙන්ට් එකකින්
    එල එල ආපු ගමන් දුන්නට තුති
    තව එකක් තියෙ Power of Few කියලා
    ඒකත් පොඩ්ඩක් බලන්නකො
    හොදනම් දෙන්න
    ඔබට ජය........

  37. හසන්ත වික්‍රමරත්න

    සමීර මල්ලි සබ් විදිනවා දැන්. ඊයේ කිව්වා අද දෙනවා. මට සැක මෙයා අපිට හොරෙන් මැෂිමක්වත් හදාගෙනද කියලා. කොහොම උනත් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරයි කියලා නම් පෙර මග සලකුණු පෙන්වනවා. උපසිරසට ගොඩක් ස්තුතියි සමීර මල්ලි එහෙනම් !!!

  38. ප්‍රශන්න

    මරු මචන්.. අනිවා බලනවා.........

  39. කටා

    එල.....එල ජය වේවා....
    බාන ගමන් ඉන්නේ....
    ජයෙන් ජය

  40. Nilanka

    ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් උපසිරස හදනවට ස්තූතියි.

  41. හසන්ත වික්‍රමරත්න

    මම දැක්කා සමීර මල්ලි මේ කතාව බයිස්කෝප් මංසලේ කියලා තිබ්බා. ඒ වගේම එකේ සබ් එකත් දුන්නා එහෙනම්. සමීර මල්ලි දෙන එකක් නොබලා කොහොමද. එහෙනම් ගොඩක් ස්තුතියි ඉක්මනටම සබ් එක කරලා දුන්නට.

  42. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල සහෝ,ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  43. නලින්

    නියමයි සමීර මචං ඔන්න මමත් දැන්ම බැවෙන්න දානවා!

    හෙට රැටවත් බලන්න ඔනේ

    ජය වේවා HD රිප කොලිටියට තියෙනවානේ!

    1. සමීර කරුණාරත්න

      හොදම කොලිටියට තියනව අයිය....!
      ඔයා ඉතින් කොහොමත් දන්නවනේ අපි බාල කොපි කොයිතරම් ඉක්මනට ආවත් ඒවට සබ් නොදෙන විත්තිය...

  44. දිදුල Kd සිල්වා

    බොහොම ස්තූතියි මචෝ ඉක්මනින්ම මේක ගෙනාවට.. මාත් ආසයි මේ වගේ අද්භූත කතා බලන්න.. ජය වේවා෴

  45. A-r-o-s-h-a-n

    thanx sameera aiya..... meka aniwa banawa..... me film 1ta puluwannam sub dennako.... [the rundown]...... hodai wage film 1 nam habai paranai 2003 ekak..... jaya wewa!!!!!!!!!!!!!

  46. indika

    thnx sub 1ta

  47. me

    Thanks

  48. dev

    BOHOMA STUTI SAHO.....

  49. mindika

    Thanks !!!!!!!!!!!!!

  50. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.