ආයුබෝවන් හිතවතුනි… අද මේ ලිපිය ලියවෙන්නේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන්. මගේ පළවෙනි කඩයිම වෙන 50 වෙනි උපසිරැසිය. 2018 අගෝස්තු මාසේ මුලින්ම ටිකක් බයෙනුත් වගේ බයිස්කෝප් මේල් එකට මේල් එකක් දාලා උපසිරැසියක් ඉල්ලලා ඒක මට ලැබුණම දැනුණ උද්‍යෝගය වගේම පළවෙනි උපසිරැසිය 2018 දෙසැම්බර් මාසේ බයිස්කෝප් අඩවියේ පළවුණාම…

ආයුබෝවන් හිතවතුනි…
අද මේ ලිපිය ලියවෙන්නේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන්. මගේ පළවෙනි කඩයිම වෙන 50 වෙනි උපසිරැසිය. 2018 අගෝස්තු මාසේ මුලින්ම ටිකක් බයෙනුත් වගේ බයිස්කෝප් මේල් එකට මේල් එකක් දාලා උපසිරැසියක් ඉල්ලලා ඒක මට ලැබුණම දැනුණ උද්‍යෝගය වගේම පළවෙනි උපසිරැසිය 2018 දෙසැම්බර් මාසේ බයිස්කෝප් අඩවියේ පළවුණාම දැණුන සතුට තවමත් වෙන දේකට සමාන කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපි යමක් ටික කාලයක් කරද්දි අපිට ඒක එපා වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් වුණත් උපසිරැසිකරණය කියන්නේ ඒකට යෙදවුණ හැම කෙනෙක්වම වගේ නැවත නැවත ඒකටම යොමු වෙන ඇබ්බැහියක් බවට පත් වෙන කලාවක්. අධ්‍යාපන කටයුතු සහ කාර්යබහුලත්වය නිසා මේ නම් කරන්නේ අවසාන උපසිරැසියයි කියලා හිතාගෙන උපසිරැසියක් සකසලා ඉවරවෙන හැම වතාවකදිම ආයෙත් වතාවක් අළුත් කතාවකට උපසිරැසි දෙන්න යොමු වෙන්නේ ඒ නිසාවෙන්මයි. ඉතින් While you were sleeping (2017) නම් කොරියන් කතාවෙන් පටන් අරගෙන Innocent Man (2012) කොරියානු ටෙලි කතාවටත් ඉන් පස්සේ Chakram තෙළිගු චිත්‍රපටියටත්, රවිඳු රුක්ෂාන් මල්ලිත් එක්ක එකතුවෙලා The crossing කතා මාලාවේ කොටස් හතරකට සහ Cobra kai කතා මාලාවේ එක කොටසකටත්, කවිෂල් මල්ලි එක්ක එකතු වෙලා Kingdom කතා මාලාවේ කොටසකටත් නැවතත් Aathdal Chronicals (2019) කොරියන් කතා මාලාවටත් මේ වෙද්දි උපසිරැසි ලබා දෙන්න මට හැකියාව ලැබිලා තියනවා. (Arthdal Chronicals කතා මාලාව තවමත් වෙබ් අඩවියේ පළවෙලා නොතිබුණත් මේ වන විට එය සම්පූර්ණයෙන්ම උපසිරැසි ගන්වා ලබාදී අවසාන නිසා ළඟදීම ඒක ඔයාලාට රස විඳින්න ලැබේවි.)
මේ වගේ විශේෂ අවස්ථාවකදී මුලින්ම මතක් කරලා ස්තූතිවන්ත වෙන්න ඕනේ පිරිසක් ඉන්නවා. මුලින්ම මගේ පවුලේ අයට ස්තූතිවන්ත වෙන්න ඕනේ මම කරන ඕනෙම දේකට සහයෝගය ලබා දීම පිළිබඳව. ඒ වගේම මගේ මුල්ම උපසිරැසිය කරලා එවන්න කියලා මාව මුල්ම දවසේ සාදරයෙන් පිළිගත්ත සිසිල ප්‍රසාද් අයියා, හසන්ත අයියා, සමන් ප්‍රසාද් අයියා, ශාන් විමුක්ති අයියා, සුධීර අයියා සහ තිසර අයියා ඇතුළු බයිස්කොප් ඇඩ්මින් මඩුල්ලත්, කවිෂල් මල්ලි, රවිඳු රුක්ෂාන් මල්ලි, MTR තරිඳු රුක්ෂාන් පෙරෙරා අයියා ඇතුළු බයිස්කෝප් සහෝදර සහෝදරියන්වත් හැම කෙනෙක්ටම හැම උපසිරැසියකටම කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන සිංහල උපසිරැසිකරණයේ පුරෝගාමියා වෙන රොයිලි අයියවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. මම මේ චිත්‍රපටිය පනස් වෙන උපසිරැසිය වශයෙන් තෝරාගත්තත් ඒ වෙද්දිත් මයුර සුරාජ් අයියා මේක භාරගෙනයි තිබුණේ. ඉතින් මේක මට දුන්නට අයියට බොහොම ස්තූතියි. මම උපසිරැසි කරන්න පටන් ගන්නවා කියන දේ ඇහුව තැන ඉඳලා හැමදාම උපසිරැසියක් බාර ගත්තද, මොකක්ද කරන්නේ, ඉක්මනට කරහන් කියලා මට වද දෙන මිතුරිය මලීෂා. හැමදාම කරන දිරිමත් කිරීම් මට හුඟක් වටිනවා. අවසාන වශයෙන් උපසිරැසියක් පළවුණාම කමෙන්ට් එකක් දාලා අගය කරන හැමෝමත් මතක් කරන්න ඕනේ. මොකද හැම වෙලාවකම ඒකෙන් ලොකු දිරිමත් කිරීමක් ලැබෙනවා. ඉතින් මේ කියවුණ අය වගේම කාව හරි මඟ ඇරිලා නම් ඒ හැම කෙනෙක්ටම නැවතත් ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටිය දිහාවට යමු.

අපි දැන් ජීවත් වෙන්නේ විසි එක් වෙනි ශතවර්ෂයේ. ලෝකය තාක්ෂණය වැනි බොහෝ දේවල් අතින් දියුණු වුණත් තවමත් අපි සමහර දේවල් සම්බන්ධයෙන් හණමිටි අදහස් දරනවා කියන එක බොරුවක් නෙවෙයි. කාන්තා අයිතිවාසිකම් සහ ගෘහස්ථ හිංසනය කියන්නේ ලොව පුරා නිතරම කතාවෙන මාතෘකාවක්. කාන්තා දිනයක් වගේම කාන්තා අයිතිවාසිකම් සුරකින සංවිධාන මහා විශාල ගණනක් තියන මේ ලෝකේ ඒ හැම දේකටම යටින් බොහෝ කාන්තා හිංසනයන් මේ මොහොතේදී පවා සිද්ධ වෙනවා කියන එක බොරුවක් නෙවෙයි. මුලින්ම කාන්තා හිංසනය සිද්ධ වෙන්නේ නිවසේදී. තමන්ගේ සැමියාගෙන් කාන්තාවන්ට හිංසාවන් සිදුවීම බොහොම සුලබ දෙයක්. නමුත් බොහෝ අවස්ථාවලදී කාන්තා හිංසනයන්ට අත දීම සහ නොසලකා හැරීම කරලා තියෙන්නේ කාන්තාවන් විසින්මයි කියලයි කියවෙන්නේ. තමන්ගේ සැමියාගෙන් පහර කෑම සාමාන්‍ය දෙයක් සහ එය සැමියාගේ අයිතියක් බව සිතන කාන්තාවන් තවමත් ලෝකේ ජීවත් වෙනවා.
මෙය නොදියුණු රටවල පමණක් නොව දියුණු රටවල පවා නිරතුරුවම සිදුවන ලෝක ව්‍යාප්ත පවතින ගැටලුවක්. සෑම සමාජයකම සෑම සංස්කෘතියකම දකින්නට ලැබෙන අවාසනාවන්ත කාරණාවක්. නමුත් තමා හිංසනයට දක්වුණාද තමාගේ අයිතිවාසිකම් කඩවීමකට ලක්වුණාදැයි කාන්තාවන් නොදැන සිටීමත් මේ සඳහා නීතියේ පිහිට පැතූ විට නීතියේ ඇති හිදැස් නිසා කාන්තාවන්ට සහනයක් ලැබීම වෙනුවට සමාජයෙන් එල්ල වන අපවාද වලට මුහුණ පෑමට පවා සිදුවීම වැනි දේ නිසා බොහෝ හිංසන කාලයත් සමඟ වැළලී යනවා. නමුත් කාන්තාවන් තමන්ට සිදුවන හිංසාවන් උදෙසා නැගී සිටිය යුතුයි වගේම ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.
වෙනදා වගේ අද චිත්‍රපටයේ කතාව ගැන මොකුත්ම නොකියා ඉන්නයි හිතුවේ. චිත්‍රපටයේ තේමාව ගැන කිව්ව නිසා චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. 2020 පෙබරවාරි මාසේ මුල්ම තිරගතවීම සිදුවුණ මේ චිත්‍රපටය මේ වන විට IMDb අගය 6.9 කුත් කුණු තක්කාලි අගය 92% කුත් ලබාගෙන තිබෙනවා. මිනිත්තු 142 ක ධාවන කාලයකින් යුතු තාප්සී පන්නු ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙය බොලිවුඩයෙන් සමාජයට ලැබුණ කම්මුල් පාරක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලටත් රසවිඳින්න ආරාධනා කරනවා.
සුභ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
17,402 downloadsDownload Thappad-2020.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
68 comments
Pasindu Madumal
දහරා මුතු අමා
පලවෙනි කඩයිමට සුබ පැතුම්.
ඉදිරියට තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේව කියල ප්‍රාර්තනා කරනවා.Kavinu
මයුරයියගෙන් තාප්සීගේ ෆිලුමක් අරගත්තා කියන්නෙ ඒක වෙනමම කඩයිමක්!!!
උපසිරැසියට ස්තූතියි අක්කේ... දෙවෙනි කඩයිමටත් ඉක්මනටම ළඟා වෙන්න සුබ පතනවා..
malithmadhushan45
උනුසුම් සුබ පැතුම් දිලේකා සහෝදරිය, 50 වෙනි උපසිරස ගැන්වීමට. 100 ගහන්න ඉක්මනට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනව.
Navodani Thilini
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා නංගි.. 100 කඩඉමටත් ඉක්මණින්නම යමු එහෙනම්. ❤️ ❤️
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ... 50වෙනි සබ් එකට සුබ පතනවා ඉක්මනටම 100න් මුණගැහෙමු..
ජය වේවා.!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!උදයංග සම්පත් හතරසිංහ
50 වෙනි කඩයිමට සුබපැතුම් නංගි.. සබ් 50 ක් කරපු එකේ 100 ගේමක් නෙවෙයි. සීරීස් 2යි අදින්න ඕනෙ. අනිවාරෙන් නංගිට පුළුවන් ඉක්මනට ඒ වැඩේ කරන්න. එහෙනම් ජය වේවා..! ✌️✌️✌️✌️✌️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
100 ත් ගහමු ගින්දර වගේ...Nirosh C
ස්තුතියි.50 ට සුබපැතුම්.ජයවේවා!
ශසිත් සඳරුවන්
පළමු කඩඉම වෙනුවෙන් සුබපැතුම් නංගී...
ඉදිරි කඩඉම් පහු කරන්නත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබට තුති වේවා! දිගටම සබ් දෙමු ආ... ජය!Mayura Suraj
50වෙනි කඩ ඉමට හදවතින්ම සුබ පතනවා නංගි.
කඩ ඉමකට ගැලපෙනම හොඳම චිත්‍රපටියක්
චිත්‍රපටියක්
කවුරුත් බලන්නම ඕන එකක්.
ඉක්මනට 100 ගහන්න ලැබේවා කියලා පතනවා!!!එල්.සී. දමැල්
50වෙනි උපසිරස වෙනුවෙන් සුභ පැතුම්.
Jack
බොහෝම ස්තුතියි සබ් එකට.
50 වෙනි කඩයිමටත් සුබ පැතුම්...
දිගටම වැඩේ කරන්න.
ජය....M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
සිංහල උපසිරැසිකරණයෙ ඔබගෙ පලමු කඩඉමට උණුසුම් සුභ පැතුම්.! බයිස්කෝප් පවුලෙ හමුවුන තවත් සහෝදරියක් විදියට අඳුන්වන්න පුලුවන්.! තමන්ගේ වටිනා කාලය කැපකර තවත් පිරිසක් හට තේරෙන සිංහලෙන් චිත්‍රපට රසවිඳීමට කටයුතු කිරිම තවත් විදියකින් කියනවනම් වෙනත් භාෂා චිත්‍රපට බලන්න ඇස් කන් දෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි.! නමුත් පරාර්ථකාමියා නිරතුරුවම කිසිදු ලාභ ප්‍රයොජනයක් නොතකා උපේක්ෂා සහගතව තම වඟකීම ඉටුකරනවා. ඒ කිව්ව පිරිසට අයිති වෙන ඔබටත් ඔබගේ පවුලෙ අයටත් යහපතක්ම වේවා.! තවත් උපසිරැසි නිර්මාණය කිරිමට කාල අවකාශය ශක්තිය ලැබේවා.!ඔබගේ අධ්‍යාපන කකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!
gihan perera
පළමු කඩයිමට උණුසුම් සුභ පැතුම් නංගී... ස්තුතියි සහොදරී වෙච්ච මහන්සියට....... හැඳින්වීමත් නරකම නෑ.. කාන්තා හඬ අවදි වීමක්..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...... දෙවි පිහිටයි...ජය වේවා.....
කවිශල් රසින්ත (කවී)
පලවෙනි කඩයිමට එහෙම නැත්තම් පනස්වෙනි උපසිරසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම් අක්කේ... බයිස්කෝප් පවුලෙන් මුණ ගැහිලා මුහුණු පොතෙන් වඩාත් සමීප උන කෙනෙක් වගේම උදව්වක් ඉල්ලුවම අනිවාරෙන් කරලා දෙන්න දෙපාරක් හිතන්නෙ නැනේ.. ඉතින් මේ පනස්වෙනි උපසිරසි නිර්මාණය වගේම ඉදිරියෙර් සීයත් හැකි ඉක්මනින් සම්පූර්ණ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම ජීවිතයේ ඉදිරි කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්ක්..
සබ් එක දෙනකල් හිටියේ මේකට නම්
නම් අනිවා බලනවා.. ඒනම් උපසිරසියටත් ස්තූති වේවා.. ♥️♥️MR
අවසානෙට හින්දි සබක් හම්බුණා උඹෙන් ❤
රටක් රාජ්‍යයක් වගේ තමා ඉතින්
අර්ධ සතකෙට සුබ පැතුම් බොක්ක ️Prabodha20
Sthuthi obata....
හසන්ත වික්‍රමරත්ත
50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පතනවා නංගි. ඒ වගේම ඉදිරියටත් කරන කරන උපසිරස අවසානයේ තව එකක් කරන්න හිතේවා කියලත් ප්‍රර්ථනා කරනවා. ඉදිරි අධ්‍යාපන වැඩ වගේම අනික් සියලුම වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා!! ජය!
D.Chamara
bohoma sthuthi .. degatama karagena yamu jaya ...
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
බයිස්කෝප් හින්දි චිත්‍රපට ලබාදෙන සෑමදෙනාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි අභාවප්‍රාප්ත රිෂි කපූර් අනුස්මරණය කරමින් ඔහු අවසානයට රඟපැ චිත්‍රපට අතරින් මෙතෙක් උපසිරැසි ලබා නොදුන් චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන ලෙසට.
Mulk - 2018
Rajma Chawal - 2018
Jhootha Kahin Ka - 2019Anushka_dilshan
thanx
Anonymous
wish u all the best.thank you for the hard work u all are doing for someone else happiness.gud luck.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි නිර්මාණයට.ඒ වගේම 50* වන කඩයිම පසුකර ගිය ඔබට අපගේ උණුසුම් සුබපැතුම් !!තව පනහ 100* වන දිනය ඉක්මනින්ම ළඟා වේවායි කියා ප්‍රාර්ථනා කරනවා " ඔබට ජය !!
යුරාන් ධනුක (දනුවා)
පළමු කඩයිමට සුභ පැතුම් නංගි . . .
ඉක්මනටම 100* කරමු
ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි !!!Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!baiscopelkishu
thanks for your sub sister, and cngrtz
harsha
niyamai sub eka hodatama thinawa pilm eka asawen baliuwa subtitlle nisa. thawath me wage sub ekak karanna hakiyawa labenna onii
Suranjan
Thanks.....jayawewa.....!
Helili Hemamali
උණුසුම් සුබ පැතුම් නංගි මුල්ම කඩ ඉමට! කාන්තා පාර්ශවේ සම්පත් දායිකාවෝ අඩුයි, හිටියත් කඩයිම් දක්වා යන්නෙ අතලොස්සයි. මොකද ගොඩක් අය උයනවා, ගෙදර වැඩ කරනවා, ඉගන ගන්නවා.. ඒ දේවලුත් කරන ගමන් මේ වගේ වැඩකට අත ගහලා, මුල්ම කඩයිම දක්වාම ආවා කියන්නෙ ලොකු හැකියාවක්. ඉතින් අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරන්, ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් යමු.
dasun ayesh
50 weni upasirasiyata subapathum . thawa thwath upasirasi kireemata shakthiya labewa!!!!!!!!!
සිසිල ප්‍රසාද්
පළවෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා නංගි. ජීවිතේ අනෙකුත් වැඩ කටයුතුත් සාර්ථක කරගන්නා අතරේ, ඉදිරි කඩයිම් වලටත් ලඟා වෙන්න ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!
ඔෂද ධනංජය
50 වෙනි කඩෛමට උණුසුම් සුභ පැතුම්...ඔන්න බාගත්තා... ස්තූතියි
Udaya Tharanga
thank you
රොෂාන් ශමීර
50 වෙනි කඩඉම පහුකල ඔබට මගේ උණුසුම් සුභ පැතුම්..
තව තවත් ඉදිරියට සබ් කරන්න ශක්තිය වාසනාව ලැබේවා..
~ ජය වේවා ~සනිඳු ලක්ඛිත
50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම්...වෙනස්ම ෆිල්ම් එකක් නෙහ් අරන් ඇවිත් තියෙන්නෙ. තව තවත් උපසිරස කරන්න හැකිවේවා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා...බුදුසරණයි...!
තාරක නුවන් දිල්හාර
50 වන උපසිරැසිය කඩයිමට හදවතින්ම සුභ පැතුම්..
කාන්තා පාර්ශවයේ මේ කඩයිම පහු කරපු තවත් එක්කෙනෙක්, ඒකත් කාන්තාවකට ලැබිය යුතු ගෞරවය ගැන කියවෙන චිත්‍රපටයකින්.
බොහොම ස්තුතියි උපසිරැසියට.
ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න අවශ්‍ය හැමදේම ලැබෙන්න කියල පතනවා.
ජයෙන් ජය!isuru srinath sjs
50ස් වෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා..!! අනික Taapsee ගේ ෆිල්ම් එකක්..❤️ බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වේවා !!
melinda
watched this...thank you for sub...heart touching movie.its makes me cry...love it
#ChalinduDeshan (kinaa)
Congratulations on the 50th.
ranga
50 ta suba pathum jaya wewaa!!!!!!!!!!!
naradado
නියමයි!!
Aitraaz(2004) මේකටත් සබ් දෙන්නකො...shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
satM
Sub ekata sthuthi. Jaya wewa
Geethi
Thank you for the subtitle.
srgtd321
Thanks Nangi...
Travis
War subtitles nadda
nadda
tharu99mc
සුපිරි ❤️☝
Anonymous
Thanks sis
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Pramukmili
Congratulations & Thank you.............
Advertisement
50වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් දිලේකා අක්කේ...!
100*ටත් යමු ඔහොම. මෙන්න ගත්තා එහෙනම්. උපසිරස ගමනට සුබ පතන ගමන් අනාගත වැඩ රාජකාරියන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...!