ආයුබෝවන්, මම සබ් කරන දෙවන චිත්‍රපටය මේක. මේක ගැන ලිපියක් පලවුනත් සිංහල සබ් මේ වෙනකන් පල වුන් නැ. බලපු අය ආයෙත් බැලුවත් වරදක් නැ. ඒ තරම් හොද චිත්‍රපටයක්. සාමාන්‍ය හොල්මන් චිත්‍රපටයකට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Charles Guard, Thomas Guard. ම…
ආයුබෝවන්, මම සබ් කරන දෙවන චිත්‍රපටය මේක. මේක ගැන ලිපියක් පලවුනත් සිංහල සබ් මේ වෙනකන් පල වුන් නැ. බලපු අය ආයෙත් බැලුවත් වරදක් නැ. ඒ තරම් හොද චිත්‍රපටයක්. සාමාන්‍ය හොල්මන් චිත්‍රපටයකට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Charles Guard, Thomas Guard. මේකට රංගනයෙන් Emily Browning, Arielle Kebbel, Elizabeth Banks වගේ දක්ශ නලු නිලි පිරිසක් දායක වෙලා තියනවා. මේක IMDBහි 6.2 ක අගයක් ගන්න පුලුවන් වුන චිත්‍රපටයක්. ඔයාලම බලලා තීරණය කරන්න.
දැන් අපි කතාව දෙසට හැරෙමු. මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ එක තරුණියක් වටා. ඇයගේ නම ANNA. පුදුමෙ කියන්නෙ මම සබ් හදපු චිත්‍රපට දෙකේම කතාව ගොඩනැගිලා තියෙන්නෙ ඇනා කියන චරිතය මත. මෙයාගෙ අම්මා නැති වෙනවා අනතුරකින්. හැබැයි ඒක අනතුරක්ද. හිතල කරපු දෙයක්ද කියලා දැන ගන්න වෙන්නෙ අන්තිමේට තමා. හොද අවසානයක් තියනවා. අන්තිම මිනිත්තු කීපයේ කතාව සම්පූර්නයෙන් වෙනස් වෙනවා. එයාගෙ අම්මා මැරෙන්න ඇත්තම හේතුව මොකක්ද ? මේක වටා තමා කතාව ගොඩ නැගිලා තියෙන්නෙ. එයාටයි එයාගෙ සහෝදරිය ඇලෙක්ස්ටයි මුහුනපාන්න වෙන ඒ ඉරණම මොකක්ද, එයාලගෙ තාත්තා එයාල ගැන හිතන්නෙ මොකක්ද?
මම වැඩිය කියන්න යන් නැ, මේක හොද චිත්‍රපටයක්. සියලු දෙනාටම මේක බලන්න ආරාධනා කරමින් මම නවතිනවා. නැවත චිත්‍රපටයක් සමග එන බලාපොරොත්තුවෙන්.
මීට පෙර පලකල ලිපිය.
හොද හොල්මන් ෆිල්ම් එකක්..American Psycho හා Fight Club චිත්‍රපට වලට ට චුට්ටක් සමානයි අන්තිම හරිය..කතාවෙ වරදක් නෑ..අන්තිමට අපිව පුදුමයට පත් කරනව…හ්ම්ම්ම්..බයවීම ගැන සලකා බැලුවොත් ඒ අතිනුත් චිත්‍රපටය හොදයි කියන්න පුලුවන්..ප්‍රසිද්ධ නිළියන් දෙදෙනෙක් හා නළුවෙක් රංගනයෙන් දායක වෙලා තියෙනව..මම කතාව ටිකක් කියන්නම්..තරුණ ගැහැණු ළමයෙක් එක් තැන් වු තමන්ගේ මවත් සමග ජීවත් වෙනව..දවසක් මේ මව ඉන්න තැන ගිනිගෙන විනාශ වෙනව..මවත් මේ සමග මිය යනව..එතැන් සිට ඇය අමුතු දේවල් දකින්නට ගන්නව..(ඔව් ඔව් බය හිතෙන දේවල් තමයි )ඊලගට මේ ළමය තම පියා එක්ක ජීවත් වෙන්න යනව..ඇයගේ මවගෙ මරණය සම්බන්ධ තොරතුරු රෑසක් එහිදි දැනගන්න ලැබෙනව..හ්ම්ම්ම්..මීට වඩා කියන්න අමාරුයි මට..මේ ටික නම් ගොඩක් කතා වල තියනව,මේ මුල් ටික විතරයි..එත් මෙතැන් සිට කතාව වෙනස්,හොල්මන් ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම් බලන්න මේක..එහෙනම් බය නැතුව බාගන්න,බලල බය වෙන්න..
Due to copyright issues, we do not provide any torrent links.
The Uninvited (2009) 720p BrRip x264 – YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
855 downloadsDownload The-Uninvited-2009.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “AsaSha” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
AsaSha
Subtitles
53 comments
C4
පොතේ ගුරා
එළ එළ..බාලම කියන්නකො කොහොමද කියල.. :)
චින්තක
ඔන්න මම බාන 3වැනි සිනමා පටය මම බලන්නෙ අඩුවෙන් නෙ ඒත් මේව කොහොම මග අරින්න ද? ඔන්න බාන්න ඕඩර් කලා
zonoczz
අම්මෝ අපිනම් හොල්මන් බයිස්කෝප් බලන්නෑ.....බයායි....!
රොයිලි
බාගෙන ඉවර වෙලා ලිස්ට් එකේ තියාගෙන ඉඳලා සතිඅන්තයේ තමා බලන්න වෙන්නේ.අන්තිමේදි කතාව සෑහෙන්න වෙනස් උනා. හොඳයි. !!
රොයිලි
@C4 සිරාවට. මෙයා බය කරපු තරම් නම් බය උනේ නෑ තමයි......
රෙහාන්
ෆිල්ම් එක නම් හොඩයි එට් බය වෙන්නෙ නම් නෑ
Udam
Download nam Kara tama baluwenam na
koila
patta film eka
Anonymous
i think gud but no seeders
sachin
Ammo.........
Ramraj
මේකත් බලන්න බැරි උනා.
Ruwan
මම මේක කලින් බලල තියෙනවා. ඇත්තටම අපි අන්තිමට පුදුමයට පත කරනවා. අපි මුලදී හිතන හිටිය දේ නෙවෙයි ඇත්තටම වෙලා තියෙන්නේ.
Viraj
බොහොම ස්තූතියි
sds
thanks meyka pattama film akak
ccnp
Thanks
shann
බොහොම පින් සුපිරිම ෆිල්ම් එකක් මේක
vee
maxxa saho
damith
pattama film akak aye sub akka balannama one jaya!
kalinga
ජය වේවා!!! එල
bandula
niyamayi saho
quik
thanks
mihan
thank you !
sp පියමල්
ඔය කලින් දීපු එක බැලුව,මේකත් හොද ඇති කියල හිතනවා,සුබ පතනවා,තවත් නිර්මාණ කරන්න,thanks සහෝ සබ් වලට
#ChalinduDeshan (කිනා)
චිත්‍රපටිය බලලා නෑ.
නියම එකක් වගේ.
තුනත් දෙමු පට්ට එකක්.
ජයවේවා!Chami
Thanks a lot
jack
එල එල හොල්මන් එකක්නේ. ස්තුතියි උපසිරැසියට
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...MoOnY
පට්ටම බයිස්කෝප් 1ක් සහෝ. මේ වගේම ෆිල්ම් 1ක් සහෝ කෙනෙක් දීලා තිබ්බා High Tension කියලා 1ත් ටිකක් මේකෙ කතා සන්කල්පයට හුරුයි!!!! සබට තුති!!!
siraj
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි. තව තවත් සබ් කරන්‍නට ශක්‍තිය හා වාසනාව ලැබේවායි පතමි.
කේ.යූ.ජී. උදාර
සහෝ මුලින් ම දුන්නු ෆිල්ම් එක බැලුවා. ඒක උපරිමයි. ඔන්න එහෙම නම් මේකටත් ස්තූති කරන ගමන් තව එකක් අරගෙන එන්න කියල කියන්න කැමතියි.
“චූටී මල්ලි”
එල එල
3 වෙනි සබත් බස්සමු
සබට තුති
ඔබට ජය.......mudiya / මුදියා
එල එල මචං AsaSha.
දෙවෙනි සබ් එක කිවුවට මට නිකං කලින් දෙකක් දුන්න වගේ මතකයිනෙ.
කොහොම හරි සුපිරි හොරර් එකක් ගෙනාවට පිං හොඳේ.
ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!indika
THNQ
panduka
thanks broo
kanthaDLA
http://yify-torrents.com/movie/The_Smurfs_2_2013
mekata sub denna machan...plzzzzzzzzzහර්ෂ ලහිරු
පට්ට සහො
මේ දවස්වල හොල්මන්
එලවගෙන ගිහිල්ලා බලන්නෙ ජයmalith
niyamai.,,.
NCJD
බය හිතෙන්නේ නැහැ කියල බලපු කට්ටිය කියනවනේ. කමක් නැහැ බා ගෙනම බලමුකෝ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
සංජය
බොහොම ස්තුතියි සහෝ...
Roshan
මේක මම ආව මුල් කාලෙම බලපු නියම බයිස්කෝප් එකක්. සිංහලත් එක්ක දෙන ආපහු බලනවා. දෙවරක් හිතන්න එපා මේක බාන්න සුපිරි බයිස්කෝප් එකක්.( අන්තිමට අපිවත් කරකවල අතඅරිනවා වගේ )
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි ,ජයවේවා.
namika
ඇඟ කිළිපොළා යන එකක්ද සහෝ? නියමයි ඈ!
බොහොම ස්තූතියි!gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Samee
good movie .... Thanks For Sub
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Raj
Thanks, නියමයි නියමයි ELAකිරි ජයවේවා!
Mahesh ruwan
බොහොම ස්තුතිය
Eranda Malith 2.0
ස්තූතියි මචන් සබ් එකට
Advertisement

අනේ මන්දා මට නම් මෙකට පොඩ්ඩක් වත් බය උනේ නැ බන් උබ කියපු විදියට . බය උනේ නැතැත් film එක හොදයි .