Watch Trailer

Titans 2018 [S01: E03] Sinhala Subtitles | හැම දේකම ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි කොටස සමඟින් තමයි අපි අද මේ එකතු වෙන්නේ. කලින් කොටස බලපු සමහර අයට පොඩි පොඩි ගැටළු ඇවිත් ඇති කියල හිතනවා. මොකද අලුත් චරිත දෙකක් හඳුන්වා දුන්නා වගේම අන්තිමේ දැකපු ඒ අමුතු පවුල කවුද කියල ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම මුලින් පොඩි විස්තරයක් කරන්නම් මේ කොටසට යොමු වෙන්න කලින්. අපි මේ දකින…

තුන්වෙනි කොටස සමඟින් තමයි අපි අද මේ එකතු වෙන්නේ. කලින් කොටස බලපු සමහර අයට පොඩි පොඩි ගැටළු ඇවිත් ඇති කියල හිතනවා. මොකද අලුත් චරිත දෙකක් හඳුන්වා දුන්නා වගේම අන්තිමේ දැකපු ඒ අමුතු පවුල කවුද කියල ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම මුලින් පොඩි විස්තරයක් කරන්නම් මේ කොටසට යොමු වෙන්න කලින්. අපි මේ දකින පවුල ඇත්තටම කොමික් පොත් වල සඳහන් වන පිරිසක්. මේ ගැන අපිට මුලින්ම අහන්න ලැබෙන්නේ THE OUTSIDERS #1 1980 මැද භාගයේ නිකුත් වූ කොමික් පොත මගිනුයි. කොමික් පොත් වලට අනූව මේ පවුල සමාජයට පවුලක් වගේ පෙනුනට ඔවුන් ඇත්තෙන්ම මිනිස් පවුලක් නෙමෙයි. එහෙනම් කවුද මෙයාල? කොමික් වලට අනූව නම් මෙයාල ඇත්ත මිනිසුන් වගේ හිටියට Dr. Eric Shanner නමැති න්‍යෂ්ටික බලය සම්බන්ධ  විද්‍යාඥයා විසින් නිර්මාණය කල රොබෝවරුන් පිරිසක්. මේ රොබෝවරු මිනිසුන් අතර ගැවසෙන්න ඔවුන් පවුලක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පවුලක් උනාම් පියා, මාව, දුව, පුතා ආදී වශයෙන් වගේම පවුලේ සුරතල් විදිහට රොබෝ බල්ලෙකුත් කොමික් පොතපතේ සඳහන් වෙන ආකාරයට සිටිනවා.

 

මේ විද්‍යාඥයා නය්ෂ්ටික බලය ගැන පිස්සුවෙන් වගේ පර්යේෂණ කල කෙනෙක්. ඒ වගේම ඔහුගේ ඇත්තම පවුලත් මේ පර්යේෂණ විකිරණ විෂ වීමකින් ඔහුට අහිමි වෙලා තියෙනවා. ඒ දුකෙන් පෙළුන ඔහු මේ මනුෂ්‍ය සවරූපය සහිත රොබෝ පවුල නිර්මාණය කර තිබෙනවා. ඔහු තමන්ගේ තරුණ ස්වරූපයේ පියෙක් සහිත පවුලක් නිර්මාණය කර ඔවුනට ව්‍යාජ නම් ලබා දී තිබෙනවා. ඔවුන් තනිකර ක්‍රියාත්මක වෙන්නේ න්‍යෂ්ටික බලය උපයෝගී කරගෙනයි. එමනිසා ඔවුන් සතුව තිබෙන බලය ඉතාමත් ඉහලයි. පිපිරුම් ඇති කිරීම, විද්‍යුත් චුම්භක තරඟ ඇති කිරීම වගේ දේවල් ඒ හැකියාවන්ට ඇතුලත්. ඒ තමයි නියුක්ලියර් ෆැමිලි එකේ අතීත ස්වරූපය.

කොමික් වලින් ඔබ්බට එනම් මේ කතා මාලාව තුලදී අපි දැක්ක මේ පවුල අමුතු එක්ක බවත් ඔවුන් වඩා බලවත් පිරිසක් බවත්. එත් ටයිටන් කතා මාලාව තුළදීත් අපි දකින මේ පවුල ඒ ආකාරයෙන්ම දරුණු මාරාන්තික පිරිසක්ද? ඔව්. අපි ඒ බව දැක්කා ඩික්ගේ සහයිකාවට දුන්නු වදවලින්ම. එත් මේ අය කොමික් වල හඳුනවා දුන්නා වගේම රෝබෝවරුන්ද? යන කාරණය තවමත් අපැහැදිලි නිගමනයක්. එත් ඔවුන් කොමික් පොත පතේ හැටියට අහසින් යන්න පුළුවන් වගේ සුපිරි බලවලින් සමන්විත පිරිසක්ද යන්න තවමත් විසඳගන්න නොලැබුන කාරණයක්.කෙසේ නමුත් ගිය කොටස අවසානයේ දැක්කා වගේ මේ පවුල අවතක්සේරු කරන්න පුළුවන් මට්ටමක නැහැ. එහෙනම් පවුලේ විස්තරය ඇති අද කොටසට යොමු වෙමු.

 

පසුගිය කොටසින්

ඒ කොටස ගැන කියනවට වඩා අපි දැක්කා ගිය කොටසේදී අලුත් චරිත දෙකක් ඒ දෙන්නා තමයි හෝව්ක් සහ ඩෝව්. මේ දෙන්න ඩික් ග්‍රේසන් ගෝතම් වල ඉන්න කාලේ එයාගේ කණ්ඩායමේ හිටපු දෙන්නෙක්. ඉතින් රේචල්ට උන කරදරය නිසා ඩික් කල්පනා කරනවා රේචල් මේ පැරණි මිතුරෝ ඉන්න තැන නතර කරන්න. ඒ වගේම රේචල් එයාගේ බලය මගින් දැනගන්නවා ඩෝව් සහ ඩික් අතරේ සම්බන්ධයක් තිබිලා තියෙන බව. ඒ වගේම ඩික් උදවු වෙනවා හොව්ක් සහ ඩෝව් දෙන්නට ඔවුන් දෙදෙනා මැඩලන්න හදන තුවක්කු ජාවාරමක් මැඩලන්න. අවසානයේ තමයි අපි දැක්කේ මේ හතර දෙනාටම නියුක්ලියර් පවුල ප්‍රහාරයක් දියත් කරලා අවසානයේ ඩෝව් මිය යනවා. ඒ වගේම රේචල් ඔවුන් පැහැරගෙන යනවා. ගිය කොටසේදී අපිට බීස්ට් බෝයි, ස්ටාර් ෆයර් දෙන්නව දැකගන්න ලැබුනේ නැහැ. මේ කොටසේදී බොහෝදුරට අපට ආපහු එයාලව දකින්න ලැබේවි. ඒ වගේම මේ කොටස තුල ඩික් ග්‍රේසන්ගේ අතීතාවර්ජනයක් දකින්න ලැබෙන අතර බෘස් වෙයින් සහ ඔහු ගැන මේ කොටස තුල අසන්න සහ දකින්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා !!!!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,545 downloadsDownload Titans-2018-S01E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,545 downloadsDownload Subtitles23 KB

59 comments

  1. Uvindu Dilshan

    Thank you

  2. Hirunaprabodha

    ගොඩක් ස්තූතියි සහෝ...
    ඔබට ජය

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    The Last Ship S05E07 සිංහල උපසිරැසි ලැබුනේ නෑනේ අයියේ...

  4. YasasPerera

    thanks for sub

  5. Kanchana

    Thanx sahi

  6. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා......!!!!!!!!!!

  7. neo513

    thanks brother

  8. Alpha

    Thanks machan

  9. dsdkavishka

    Thenks aiya

  10. 100

    Sub eakata thanx

  11. Nuwan_Hero

    thanks for sub
    Legacies Tv Serices eketh Sub Denna Puluwannam bro

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  13. Shansenarathne

    Tnx

  14. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේකනම් dc වල ගහපු සුපිරිම ට්වි සීරියස් එකක් හරියට ෆිල්ම් එකක් බලනවා වගේ . කියන්න වචන නැහැ නියමයි.

  15. Vipula Sanjaya

    Tnx Bro

  16. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  17. VidurangaHDH

    thnkz bro

  18. S.K. Ruchiranga

    thzz sub ekata

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Kingdomd

    Thanks bro

  21. ruchiralakmal

    Thanks for the sub!

  22. Ayesh Prashan

    Thank You

  23. sasala

    thanks bohoma

  24. Uvindu Dilshan

    Sub ekata thankx

    Legacies ekata subtitles denne nadda?

  25. chanaka47

    Thanks bokka..

  26. Gayan_madushanka_

    Thanks bro

  27. Udara Damith Dissanayaka

    ela lipiya

  28. Gayan_madushanka_

    Thanks

  29. Thisara Neo

    thanks

  30. KasunRe

    බොහොම ස්තූතියි සාහෝ......

  31. thanula D

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.ජයවේවා!........

  32. ranga11112

    thanx sahoo sub akata... theruwansaranai

  33. Lakshan

    Thanks Bro.

  34. RKO

    Thanks bro

  35. Viraj

    sub ekatai lipiyatai thanks saho.. jaya wewa!!

  36. Kulanjana Maduranga

    subata thanks saho....keep it up....

  37. ශසිත් සඳරුවන්

    සබට තුති හසා අයියේ...
    දකුණු ඉන්දියාවේ චිත්‍රපට බලලමද මන්දා මට හිතුනා
    අතනින් වැටිලත් ඩෝව් බේරිලා ඇති කියලා. :P
    දැන් නම් කතාව නැගලම යනවා...
    මේකත් එක හුස්මට බලලා දාන්න ඕන.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  38. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  39. Shehan putha

    thanks bro !

  40. toonmo

    tnx bro,

  41. chirangashan

    ලිපියටත් ...සබටත් ස්තුති

  42. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුති වේවා හසෝ...

  43. Mr.pamz

    thank you

  44. Minul_lakmitha

    Thanks bro

  45. Stranger

    thanks

  46. D.Chamara

    bohoma sthuthi sahooo jaya ,,,

  47. nike_11

    Ep4 එක කවද්ද දෙන්නෙ සහෝ

  48. Prasad Lakmal

    thnx mchan

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. dileksha123

    සබ් එකනම් සුපිරි බන් එලම

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.