Watch Trailer

Triple Frontier (2019) Sinhala Subtitles | අධික තණ්හාවේ ප්‍රතිවිපාක.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සර…

පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සරහට කියාගෙන යන්නම්.

හුගක් රජයන්වල වෙන දෙයක් තමයි තවත් කෙනෙක්ගෙන් සේවයක් අරගෙන පස්සෙ කාලෙක එයාලා විශ්‍රාම ගියාම ඒ හැටි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව යන එක. විශේෂයෙන්ම රට වෙනුවෙන් ජීවීත කැප කරන රණ විරුවන්ට. ඒ වගේ රට වෙනුවෙන් සෑහෙන මෙහෙවරක් කරපු විශේෂ පුහුණු බලකායේ සෙබළුන් පිරිසක් මේ වෙද්දී හරිම අමුතු ජීවීත ගත කරන ගමන් ඉන්නෙ. සමහර අය දිරි ගැන්වුම් කතා පවත්වන්න විතරක් සීමා වෙලා. තවත් සමහරු බොක්ෂින් ශුරයෝ වෙලා. තවත් සමහරු ගෙවල් විකුණන අය වෙලා. තමන් අතට ලැබෙන විශ්‍රාම වැටුපෙන් සෑහෙන රෝලක් ගහන් යන, පවුල් දෙක බලාගන්න වෙච්ච අය මේ අතරේ ඉන්නවා. දවසක් මේ අය එක්කම සේවය කරපු කෙනෙක් හොයාගන්නවා කාටෙල් එකක් අස්සේ සල්ලි කන්දරාවක් ගොඩ ගහගෙන ඉන්න මිනිහෙක් ගැන. මේ කෙනා තීරණය කරනවා මේ මිනිහා ගොඩ ගහන් ඉන්න සල්ලි වලින් මංකොල්ලකන්න ඕන කියලා. ඉතින් මේ වැඩේ තනියම කරන්න බැරි නිසා එයා තීරණය කරනවා තමන්ගේ පරණ ටීම් එක ආපහු වතාවක් එකතු කරගන්න ඕන කියලා. තමන්ගේ ජීවීතේ හැමදේම පැත්තකට දාලා සල්ලි අරගන්න යන මේ සෙබළුන්ට මේ වැඩේ ලේසි වෙන්නෙ නැහැ. සෑහෙන දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. සෑහෙන සාර්ථකත්වයෙන් පටන් ගන්න මේ මෙහෙයුම අන්තිමේදී කෙළවරක් වෙන්නෙ කිසිම කෙනෙක් නොහිතන විදිහට.

අහලා ඇතිනේ සමහර ස්ට්‍රීම් සර්විස් හරහා නිර්මාණය වෙන චිත්‍රපට සිනමාශාලා වලටත් දාලා සල්ලි හොයනවා කියලා?! අන්න ඒ විදිහේ නිර්මාණයක් තමයි Triple Frontier කියන්නෙ. ඇමරිකානු එක්සත් රාජධානියෙ තවමත් යොද නැඹුරුවක් තියෙන, වැඩි කතාබහකට ලක් වෙච්ච චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. පුරා සතියක් පුරාවට ඒ කිව්වේ පසුගිය මාර්තු 06’වැනිදා ඇමරිකානු එක්සත් රාජධානියෙ වගේම ස්පාඤ්ඤයෙ සීමිත සිනමාශාලා කිහිපයක අති සාර්ථක විදිහට තිරගත කිරීමක් සිද්දවුණා. අවාසනාවට චිත්‍රපටයේ ආදායම්/වියදම් වාර්තා නම් තවමත් සදහන් වෙලා නැහැ. හැබැයි චිත්‍රපටයබලද්දී ඔයාලට තේරෙන්න ගනීවි මොන තරම් ගුණත්වයෙන් චිත්‍රපටය නිර්මාණය කරලද කියලා.

මේකට වැඩි හරියක්ම දායකත්වය ලැබිලා තියෙන්නෙ DCEU රගපාපු කෙනෙකු වගේම ඒ චිත්‍රපට නිර්මාණයට දායක වුන අයයි. Atlas Entertainment සමාගම හරහා නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙන්නෙ J. C. Chandor යටතෙ. Charles Roven කියන නම නම් අහලා ඇති. මං අර මුලින් සදහන් කරපු විදිහට DCEU හි වගේම තවත් කොමික් චිත්‍රපට බොහොමයක් නිර්මාණයට දායක වූ කෙනෙක් තමයි මේ චිත්‍රපටයෙ නිෂ්පාදකවරුන් අතරේ මුලින්ම ඉන්නෙ චාර්ල්ස් තමයි. ඊට අමතරව Neal Dodson, Alex Gartner, Andy Horwitz කියන පිරිසත් මෙහි නිෂ්පාදක වරුන් විදිහට වැඩ කරලා තියෙනවා. Netflix හරහා ලොව පුරා බෙදාහැරිම ආරම්භ කරන්න කලින් සීමිත සිනමාශාලා තුල ප්‍රදර්ශනය කරන කාලෙ අතරතුර IMDb දර්ශකය තුල 8.7/10 ක අගයක්ද, Rotten Tomatoes දර්ශකය තුල 70% ක නැවුම් ප්‍රතිශතයක්ද ලබා ගන්න හැකියාවක් ලැබුණා. පැය දෙකකුත් විනාඩි පහකුත් පුරාවටම ධාවන කාලයක් අරගත්ත මේ චිත්‍රපටය Action, Adventure, Crime කියන කැටගරි වලට අයත් වෙනවා.

චිත්‍රපටයෙ ප්‍රධාන චරිත ගැන කතා කරනවානම් DCEU එකේ වසර ගණනාවක් පුරාවටම බැට්මෑන්ගේ චරිතයට රංගනයෙන් දායක වූ Ben Affleck තමයි මේ චිත්‍රපටයේ “ටොම්ගෙ” චරිතයට දායක වෙලා තියෙන්නෙ. මීට අමතරව Pacific Rim (2013), King Arthur: Legend of the Sword (2017) වගේ තවත් හුගක් ජනප්‍රිය චිත්‍රපටවල දායක වූ Charlie Hunnam තමයි මෙහි “විලියම්” විදිහට දායක වෙලා තියෙන්නෙ. මීට අමතරව X-Men: Apocalypse (2016) චිත්‍රපටයෙ හිටිය Oscar Isaac වගේම Adria Arjona, Garrett Hedlund, Pedro Pascal, Sheila Vand වගෙ හුගාක් ජනප්‍රිය නළු නිලියන් රැසක් තමයි මේ චිත්‍රපටය සදහා එක්වෙලා තියෙන්නෙ.

ක්‍රියාදාම, මංකොල්ලකෑම් ඔය දෙකම එක්කාසුවුණු චිත්‍රපටයක් බලන්න හොයනවනම් මේක අරගෙන බලන්න කියලා කියනවා. එහෙනම් ඉතින් මේ කියනවා වගේම චිත්‍රපටය හොදද කියලා බලලම කියන්නකො. ගිහින් එන්නම්. සුපර්නැචුරල් වගේම ස්ට්‍රයික් බැක් කොටස් දෙකෙන් මුණගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

40,641 downloadsDownload Triple-Frontier-2019.zip103 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

40,641 downloadsDownload Subtitles103 KB

133 comments

  1. සමීර චතුරංග

    නිකමට ආවෙ දාලඩ බලන්ට. තෑක්ස් මෙයා...

  2. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි මචෝ

  3. Prabodha Madhusankha Hettiarachchi

    Sub ekata sthuthi broooo....

  4. PaSindu MaDumal

    තුති වේවා චාමර අයියා ❤

  5. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො....

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  7. gihan perera

    මරු මචෝ...මේකට උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. prageeth chamalka

    බොහොම ස්තූතියි සහෝ ජය වේවා

  9. dsdkavishka

    Thenks for sub bro

  10. Mahesh ruwan

    bohoma sthuthi sub ekat

  11. chandika1975

    thank you for the subtitle.good worked.

  12. vas0303

    Thank you very much

  13. Hemal

    thank you <3

  14. SHEHAN350

    thanks machoo

  15. harshani11112

    බලන්න ආසම වර්ගයේ චිත්‍රපටයක්
    ස්තුති යාලුවා
    තෙරැවන්සරණයි

  16. D.Chamara

    bohoma sthuthi sahooo jaya....

  17. Aruna101

    Thank you very much...

  18. ak

    Thanks!

  19. ravinduz

    Biscopedownloads වල ෆිල්ම් එක දාලා හුග වෙලාවකට පස්සේ සබ් දුන්නේ download කරලා බලන් හිටියා. But thanks

  20. asankachathuranga

    thanks bro

  21. subodha

    Thanks

  22. Chokzi

    Thanks......

  23. darshana100

    thanks bro ==================================

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..එනකම් බලන් හිටපු ෆිලුමක්..ජය වේවා..බුදුසරණයි!

  25. dinesh88

    ස්තුතියි ඔබට ජය

  26. Pradeepkumara

    Thanx saho

  27. Nuwan-milinda

    Thanks saho

  28. Lt.Snk

    Woow Amazing one!!!
    thank u for the sub.

    Happy anniversary baiscopelk.com

  29. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  30. Indika Aruna Kumara

    Thanks bro...

  31. indika75

    thanks..

  32. rangika Kariyawasam

    ඒක සුපිරියක්.තැන්කු සහෝ සබ දුන්නට.ජය

  33. Mawan Geethanjana

    Thanks

  34. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  35. rockz2020

    බොහොම ස්තූතියි සහෝ ජයවේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    The Cloverfield Paradox (2018) එකටත් sub දෙනවද.
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  36. M.W. Dilhani

    Thank you mary poppins ekata sub nadoooooo

  37. දමිත් රත්නායක

    බැට් මෑන් ඉන්න නිසා මේක නම් සුපිරි එකක් වෙන්න ඇති.
    ජයෙන් ජය චාමර සහෝ.

  38. sathya

    thanks bro

  39. Rukshan37

    Ela ela

  40. Kanchaka

    Thanks bro

  41. Ayesh Prashan

    Thank You

  42. suranuwan

    thanks bro...

  43. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  44. wajira

    Thanks for sub

  45. sahancharuka

    THANK YOU

  46. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  47. aks

    Thanks...

  48. Sandaru

    Thanks for sub.good luck bro

  49. nisalasewana

    supiri

  50. gayan215

    sthuthi saho..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.