බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාගෙන බලපු මටත් හිතුනා සබ් එකක් කරන්න. පලවෙනි සබ් එක හින්දා මගේ ගොඩක් අඩුපාඩු තිබුනා ඉතින් එවා ගැන කියලා දිලා මට සබ් එක හරියට හදන්ඩ උදව් කරපු හසන්ත වික්‍රමරත්න අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.මේකෙ ගුණ අගුණ කියලා දිලා මගේ වැරදි හදාගන්ඩ ඒ ගැන කියලා දෙන්ඩ කියලා ඔයාලගෙන් ඉල්ලනව…
බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාගෙන බලපු මටත් හිතුනා සබ් එකක් කරන්න. පලවෙනි සබ් එක හින්දා මගේ ගොඩක් අඩුපාඩු තිබුනා ඉතින් එවා ගැන කියලා දිලා මට සබ් එක හරියට හදන්ඩ උදව් කරපු හසන්ත වික්‍රමරත්න අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.මේකෙ ගුණ අගුණ කියලා දිලා මගේ වැරදි හදාගන්ඩ ඒ ගැන කියලා දෙන්ඩ කියලා ඔයාලගෙන් ඉල්ලනවා
හරි දැන් මේ චිත්‍රපටිය ගැන කීවොත් මේක 2008 අගෝස්තු 13දින තමයි තිරගත වීම ආරම්භ Blac වුනේ.IMDbඅගය 7.0 අරගෙන තියනවා ඉතින් මේ වගෙ චිත්‍රපටියකට එහෙම හම්බුනා කියන්නේ ඉතින් කතා කරන්ඩ දෙයක් නෑනේ.මේක ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේකෙ ප්‍රධාන චරිතය රගපාන තග් නොහොත් Ben stiller මේකට වියදම් කරලා තියෙන්නෙ ඇමෙරිකන් ඩොලර් ම්ලියන 92,ඉතින් මේකෙ අදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 188.1 උපයා ගත්තා.මේකට සම්මාන තුනක් හම්බවෙලා තියනවා තව සම්මාන එකලොහකටත් නිර්දේෂ වෙලා තියනවා ප්‍රධාන චරිත විදියට Rosert Downey Jr.(ක්‍රික්),Jack Black(ෆැට්ස්),Brandon T. Jackson(ඇල්පා),Joy Baruchel(සැන්ඩස්කි) එක්ක තව මේකේ ඉන්නවා Tom Cruise හැබයි හොයන්ඩවත් බෑ ඔහුමද ඒ ඉන්නේ කියලා මමත් අන්තිමට නම් පේලිය යද්දි තමයි දැනගත්තේ ඒ ඉන්නෙ ඔහු කියලා.නියම විහිලු ටිකක් තමයි තියෙන්නේ බලලාම කියන්ඩකො කොහොමද කියලා.
මෙහෙමයි කතාව යන්නේ,අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නවා එයා චිත්‍රපටියක් කරනවා හැබයි නලුවෝ එක එක විදියයි ඉතින් චිත්‍රපටිය කරන්ඩ පරක්කු වෙනවා තව කරදර ගොඩකට මුහුන දෙන්ඩ වෙනවා ඉතින් මේකෙ ලොක්ක තීරනය කරනවා මේ ෆිල්ම් එක නවත්වන්ඩ ඒ අධ්‍යක්ෂකයා තීරණය කරනවා මේක කොහොම හරි කරන්ඩ ඊට පස්සෙ ඔහු නලුවෝ ටික අරන් කැලේකට යනවා චිත්‍රපටිය හදන්ඩ කියලා ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ මරු මරු වැඩ වෙන්නේ මොකද වෙන්නේ කියලා ඉතින් ඔයාලට බාගෙන බලන්ඩ කියලා ආරාධනා කරනවා..comment එකක් දාන්ඩ අමතක කරන්නත් එපා
හැමෝටම බුදු සරනයි.!
කලින් පළකරනා ලද ලිපිය
කාලෙකින් අපේ පාඨකයෝ හැමෝටම ඉළ ඇදෙන්න හිනා වෙන්න පුළුවන් බයිස්කෝප් එකක් අරන් එන්න බැරි වුන්නානේ. මම බලපු හාස්‍යමය චිත්‍රපටි අතර උඩින්ම රැඳෙන චිත්‍රපටියක් තමයි මේක. Ben Stillerගේ අපූර්වතම නිර්මාණයක් වූ මෙය ටිකක් වෙනස් විදියේ, අමුතු තාලෙකට ගලාගෙන යන කතාවක්.
කතාව පටන් ගන්නෙත් සිරාම සිරා විදියකට. ඒක බාලම බලන්න, මම කිවුවොත් ඒකෙ රසය නැති වෙනවා. කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි.
Tugg Speedman කියන්නේ හොලිවුඩයේ ප්‍රසිද්ධ නළුවෙක් ( හැබැයි බැසී යන තරුවක් ). මොහු සමඟ විවිධ අංශ වලින් හොලිවුඩයේ නම ගිය නළුවන් පිරිසක් එකතු වෙලා චිත්‍රපටියක් නිර්මාණය කරනවා. එය වියට්නාම් යුද්ධයේ අත්දැකීම් අලලා ලියැවුනු පොතක් ආශ්‍රයෙන් ගොඩ නැඟෙන කතාවක්. මම කතාව නම් ඔයිට එහා පොඩ්ඩක්වත් කියන්නෙ නැහැ. හැබැයි චිත්‍රපටිය ගැන අපූරු කාරණා ටිකක් කියන්නම්.
චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට (Tugg) පණ පොවන Ben Stiller තමයි මේ කතාව ලියල, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. චිත්‍රපටිය නිකුත් වීමට පෙර කතාවේ පෙනී සිටින චරිත සහ චිත්‍රපටි අලලා ව්‍යාජ වෙබ් අඩවි හා වෙළඳ දැන්වීම් පවා නිපදවා තිබුනා. අපි කවුරුත් දන්න Robert Downey, Jr. මෙහි චිත්‍රපටියක් සඳහා අප්‍රිකානු පෙනුමක් ලබාගත් නළුවෙක්ගේ චරිතයකට පණ පොවනවා. මටනම් මුලින් අඳුර ගන්නත් බැරිවුනා. Jack Black මෙහි හොලිවුඩයේ හාස්‍ය නළුවෙකුගේ චරිතයක් රඟ දක්වයි. Ben Stiller, තරුණ Sylvester Stallone පදනම් කරගෙනත්, Jack Black “The Nutty Professor” හි Eddie Murphy ත් නිරූපනය කරනවා. තව අපි කිසිදාක නොසිතන නළුවෙක් මෙහි චරිතයක් නිරූපනය කරනවා. ඔහුව කෙතරම් හොඳට වේෂ නිරූපණය කරල තියෙනවද කිවුවොත් චිත්‍රපටියේ අවසානයේ නම් යද්දී තමයි මම කවුද කියල හඳුන ගත්තේ. ලොව සුපතල චිත්‍රපටි, ප්‍රසිද්ධ නළු නිළියන් රැසකගේ පටි රෝල් වෙන්න කතාව හදල තියෙනවා. කොටින්ම කිවුවොත් සුන්දර හොලිවුඩය නිරුවත් කරන අම්බානෙක හිනා වෙන්න පුළුවන් මරු බයිස්කෝප් එකක් මේක…
Due to copyright issues, we do not provide any torrent links.
10,668 downloadsDownload Tropic-Thunder-2008-1.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදීශාන් චතුර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නදීශාන් චතුර සම්පත්
Subtitles
69 comments
chamila
චරිත
කෝ ලින්ක් එක නෑනේ.......!
Chameera
Ko link eka weada nane machan
පොතේ ගුරා
සමාවෙන්න කලින් පොඩි අතපසුවීමක් වෙලා තියෙනව..ඔන්න දැන් ලින්ක් එක හරි...
මේක නම් එළම එළ ෆිල්ම් එකක්..හොදට හිනා වෙන්න කැමති හැමෝම අනිවා බාගන්න..
sw7x
ah meka baluwa meke agatdhi yana sinduwath niyamai
Chameera
onna mamabawa thankx
සරදියල්
අඩේ සෝයි පිල්ම් 1 වගේ :D
බාගන්ට ඕනෙ. බලන්න තමා වෙලාව නැත්තෙ..:( කලින් බාපු සැට් එකකුත් තාම තිබේ :Pචරිත
මචං. Avatar දාන්නෙ කවද්ද?
සරදියල්
@ චරිත
මචන් Avatar සබ් දාලා නම් ඉවරයි. අපේ රොයිලි බුවා ඉන්නෙ හොද කොපියක් එනකම්.. ආපු ගමන් දෙනවා.
New Moon එකෙත් ඔය කේස් එකම තමා තියෙන්නෙ. හොද කොපියක් ආපු ගම්න් සරි :Dඉන්දික
මචං අවතාරේ බැලුවට කිසි ගතියක් නෑ පුලුවන් ඉක්මනින් ඒකේ සබ් ටික දීපංකෝ නැත්නම් මෙලෝ රහක් නෑ ඒකේ තියෙන භාෂාව ඉගෙන ගන්න පංතියක් කොළඹ වත් තියෙනවද බලලා කියපං කුරැණෑගල නම් බැලුවා එකක් වත් නෑ තාම ටියුෂන් මාස්ටර්ලා මේ ගැන දන්නේ නැතුව ඇති
මේකනම් බාන්නම වෙනවා මේ දවස්වල බයිස්කොප් හින්දා රෑට නිදිමරලා දවල් දවසම නිදි කිර කිර වැඩ කරන්නේ
kathu
එළකිරි වගෙ බෑවා මෙක.!!! මටත් මෙ හිනාවෙන්න හොද film එකක් නැතිව තිබුනෙ...
sw7x
mata nam avatarayak na taama .....
eth digatama hoyanawa....
hamba wunaama kiyannamko...anthr6x
පස්ට සිත්තරපටිය. විහිලුවට වගේ කොපියක් ලග තියාගන්න හැබෑවටම වටිනව.
එක නෙමෙයි, who left the fridge open?
රොයිලි
@ ඉන්දික,
අයියෝ මොකට පංති හොයනවද? අපේ සරදියෙල් අයියා ඕක ගැඹුරින් හදාරලා තියෙනවා නොවැ. මටත් පට්ටම සප් එකක් දුන්නා. අහල බලන්න. :Pස්තූතියි ගෝල සහෝ ෆිල්ම් එකට ;)
හසී
අද පොඩ්ඩක් මං පහුවුනා..අවුලක් නෑ නේ...අනිවා බානවා...නැතන්ම් නිකං එන්න ඕනියෑ මෙහේ.....;)
shiwantha
mekath gannawa
thnx machandanushan
saman kalubovila
ela...ela...aniwaa baanawaa.... thankxxxx
DragonD
ගෝලයා සහෝ තරහ වෙන්න එපා ... මට නම් මේක මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් ... මගෙ උපරිම චාමැක්ස් ෆිල්ම් ගොඩට මේකත් අයිතියි ..
සමහර විට මගේ හිනා යන ස්නායු වල බ්‍රේක් ඩවුන් එකක් ඇති ...
නැත්නම් imdb 7.2 තියෙන කොමඩියකට හිනා යන්නෙ නැති වෙන්න විදිහක් නෑනෙ .. මට බෙන් ගැන තිබ්බ කාඩ් එකත් මේකෙන් null උනා ( කතාව ලිව්වෙ මිනිහ කියල දැන දැනගත්තම )මේක බලල නම් දැන් ටිකක් කල්
මම ආයෙ පාරක් දැන් රිවීව් එකක් කියෙව්වා .. මෙන්න TOM CRUISE අය්යත් මේකෙ හිටියලු ... අඩෝ... මම දැක්කෙ නෑනෙ ... ඒ නිසා ආයෙ බානව. ..
මට ඇල්ලුවෙ නැත්තෙ ඇයි කියලත් නැවත විඝ්‍රහ කරල බලන්න ඕනි ...
මොකක් උනත් තැන්කූ වේවා ...
Uraj Deemantha
ඔන්න බානවෝ...........!! :)
මහේෂ් රාජසූරිය
DragonD කියනවා වගේ මේක නම් මෙලෝ රහක් නැති එකක් තමයි. වියට්නාම් මිනිස්සුන්ව නොමිනිසුන් කරලා. ඇමරිකන් කාරයෝ හැබෑ වීරයෝ කරලා. කුඩා දරුවෙකු උස්සලා ඇලකට වීසි කරන එක වීර කමක් කරලා. Ben Stillerවත් එපා උණා.
කෝලමා
මම මේ දැනුයි බලලා ඉවර වුනේ. මුල ටිකටනම් හිනා යන්නේ නෑ. හැබැයි පස්සෙ එල.
බොහෝම ස්තූතියි !
DragonD
ආයෙත් බලුවා...
නරකමත් නෑ .... එල
තැන්කූ ගොලයා .....
තැන්කූ රොයිලි සබ් වලට
ටොම් රොක්ස් ... :)
අර ශලොක් හෝම්ස් ට හිටපු නලුවත් මෙකෙ ඉන්නව නෙද ? ඩී.ආර්. වගේ නමක තියෙන්නෙ...බලාගෙන ගියාම ඌ පික්සු පොරක්නෙ ....ගෝලයා
මේ චිත්‍රපටිය තියෙන විහිළු කෑලි අල්ලගන්න නම් ප්‍රසිද්ධ බයිස්කෝප් රැසක් බලල තියෙන්න ඕනේ. හික්z.. තව ඩබල් තේරුම් තියෙන දෙබස් එමටයි. :ඪ්
මම කීව වගේ එළ නළුවො සෙට් එකක් මේ බයිස්කෝප් එකේ ඉන්නවා.
ප්‍රතිචාර වලට තුති.. :)
Shan
Onna ehenam math bagannawa..hina wenna ona nisa..
Thanx Brogamer
gindara film eka >>>>>>>>>>>>>>>>>>>>>>
Aki
hithuwa taraam hina giye nam ne ...... a nisa bagayak witaraa baalala nikan hitiya ,,, .. a uunata meka mage adahasak witarai mata hoda nethi unata anithh ayata hoda wenna puluwani........
shan
niyamaiiiiiiiiiiiiiiiiiiiii
Thisara De Silva
ඉඟියට ස්තූතියි
Kasun.D
film eka narakama naa
meke naluvo tikak hidden neda....Shashi Fernando
waradak naha, hodai,
Illusion
sinhala sub ko
indunil
nice,very nice
Vivek Dulanjana
Wooow*** Meka nam Maru
MS
machoo meka wedakaranne nee sub nee please correct thanks.....
Larlitha
Ko bn Sinhala Subtitle
YASITHA
BANNA BA BN PROXY ERROR ENAWANI
සජිත්
මචන් පුලුවන්නම් මේකේ සබ් එකත් දෙන්ඩෝ
esha
KO meke sub eka apa karawanawa
malinda
machan meke sub eka diyan bn
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ.
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Lahiru
Kalaya shramaya weya karagena api wenuwen karanna wu me sewayata bohoma pin...palweni sub akata suba pethum..aluth film walatath ekka digatama sub demu...jeyen jaya...
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. පට්ට පහරක් වගේ. පළවෙනි උපසිරැසියට සුබපැතුම්. දිගටම අපිවෙනුවෙන් සබ් කිරීමට ශක්තිය ධෛර්යය කාලය ලැබේවා!! බොහෝම පිං.
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
අසිත
meka paata komadiya
elama saho thanksSanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
පලවෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් සහෝ... තවත් උපසිරසියකින් හමුවෙමු..
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Vikum S Kavinda
මම මේක බැලුවා..English sub ඵක්ක.. ඔයා නිසා දැන් සින්හල sub එක්ක බලනවා... thank you bn..බුදු සරණයි...
chathura layantha
Thanks bro
DG
bohoma sthuthi saho...
Advertisement
![Tropic Thunder (2008) with Sinhala Subtitles | ෆිලුමක් කරමු.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Topic-thunder-2008.jpg)


torrent aka wada natho..........