ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදිහටම Euphoria කතා මාලාවේ දෙවැනි කතා සමයට උපසිරැසි ගේන්න සූදානම්. ඉතින් ඒකට කළින් කතා සමයට උපසිරැසි කරන්න දායක වුණ යුරාන් ධනුක සහ රවිඳු රුක්ෂාන් සහෝල එකතු වෙනවා ඒවගේම සචින්ත කල්හාර බෙනට් සොයුරත් මේ පාර එකතු වෙනවා. ඉතින් ඔයාල Euphoria බැලුව නම් මතක ඇතිනේ කතාව මොනවගේද කියලා…

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදිහටම Euphoria කතා මාලාවේ දෙවැනි කතා සමයට උපසිරැසි ගේන්න සූදානම්. ඉතින් ඒකට කළින් කතා සමයට උපසිරැසි කරන්න දායක වුණ යුරාන් ධනුක සහ රවිඳු රුක්ෂාන් සහෝල එකතු වෙනවා ඒවගේම සචින්ත කල්හාර බෙනට් සොයුරත් මේ පාර එකතු වෙනවා.
ඉතින් ඔයාල Euphoria බැලුව නම් මතක ඇතිනේ කතාව මොනවගේද කියලා. ඒ නිසා මං පොඩ්ඩක් චරිත ටික ගැන මතක් කරන්නම්, රූ කියන්නේ මතට ඇබ්බැහි වුණ තරුණ ගැහැණු ළමයෙක්. එයාට හමුවෙනවා නගරෙට අලුතෙන් ආපු ජූල්ස්ව එයාල හොඳම යාළුවො වෙනවා. ජූල්ස් කියන්නෙ වැඩිය විවෘත කෙනෙක් නෙවේ. අන්තර්ජාලය හරහ තමා එයා ගොඩක් සම්බන්දකම් පවත්වන්නේ. මතකනේ එහෙම ටයිලර් එක්ක සම්බන්දයක් පටන් අරන් වුණ දේ.
නේට් කියන්නේ තමන්ගේ අරමුනට යන්න ඕන දෙයක් කරන, කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. ඒවගේම ඔහු දරුණුයි කාත් එක්ක හරි අවුලක් දාගත්තොත් ඌව ලේසියෙන් අතාරින්නෑ. ඔහුගෙ පෙම්වතිය තමා මැඩී. මෙයාලගෙ සම්බන්දෙ ගොඩක් වෙනස් එකක් තරහ වෙනව යාලු වෙනව. ඒත් මැඩී වෙනුවෙන් ඕන දෙයක් කරන්න මැකේ සූදානම්. ඔයාල කතාමාලාව බැලුව නම් මතක ඇති නේ. කැසී කියන්නේ ආදරේ සොයන තරුණ ගැහැනු ලමයෙක්. එයාගෙ පෙම්වතා තමා මැකේ. ඔහු ක්‍රීඩකයෙක්. ඔයාලට මතක නම් කළින් කොටස් මේ වෙනකොට ඒ දෙන්නගේ සම්බන්දෙ නැති වෙලා ගිහින්. කැට් කියන්නේ අන්තර්ජාලයේ ගොඩක් ප්‍රසිද්ද චරිතයක් ඇත්ත ජීවිතේ එහෙම නොවුනත්. එයා අන්තර්ජානෙ ඉන්නෙ එයාගෙ අනන්‍යතාවෙ හංගගෙන බොරු නමකින්. මතකනේ එයා ඒකෙන් සල්ලි හොයපු විදිහ.
හරි එහෙනම් ඒ අය තමා මේ කතාවේ ප්‍රධාන චරිත සහ එයාලගෙ හැසිරීම. ඒ අය වටා තමා මේ කතාව යන්නේ. ඉතින් ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන් වෙන්නේ, රූ ආයෙත් මත්ද්‍රව්‍ය පාවිච්චියට හුරු වෙලා. ඒකට හේතුව වෙන්නෙ ජූස්ල් එදා එයාව ට්‍රේන් ස්ටේශන් එකේ දාල ගියපු එක. මේ කොටස පටන් ගන්නේ ෆෙස්කො එක්ක ෆෙස්කොගේ බිස්නස් එකකට එයා යන ගමන්. ඉතින් ඒකට ගිහින් එච්චර හොඳ දෙයක් නම් වෙන්නෑ ලොකු ජරමර ටිකක් වෙනවා. සහ මේක අලුත් අවුරුද්දක් ඒ වෙනුවෙන් තියෙන පාටියට හැමෝම යනවා. ඒකෙදි නොහිතපු දේවල් වෙනවා ඒවගේම දේවල් වෙනස් වෙන්න ගන්නවා. රූට සහ ජූල්ස්ට මොනව වෙයිද, කැසීටයි මැකේටයි මොනව වෙයිද, මැඩීට සහ නේට්ට මොනව වෙයිද කියලා මෙතන ඉදන් කතාව බලලා ඔයාලම දැනගන්න.
එහෙනම් ඊලඟ කොටස ජනවාරි 16 නිකුත් වීමට නියමිතයි. ඒක වගේම අනික් කොටස් ටිකක් ආවහම එන එන එක උපසිරැසි ගේන්න අපි උත්සහ කරනවා. එහෙනම් අපිත් එක්කම රැඳිල ඉන්න. ජයවේවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,935 downloadsDownload Euphoria-S02-E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
13 comments
Amila Konara
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
THISARU PEERIS
Sub eka enakan unne.tthankz
Anonymous
Thanks jayawewa.....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kasun Kalahra
Eternals Sub eka deepanko bn ikmanata... 8-3
Ravindu Harshana
ඊලඟ එපිසෝඩ්ස් එකේ සබ් දෙන්නකො
jeewaka3426
ඊලග Episode එකේ සබ් එක දෙන්නකො!
Amila Konara
අඩෙ ඉතුරු ටිකට සබ් දෙන්නෙ නැද්ද
rusith
ilaga epi ekata sub dennako
Anupa2006
thanks bro sub ekata
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


තෑන්ක්ස් සබ් එකට
ඉතුරු ටිකටත් ඉක්මනට සබ් ඕනේ