කොහොමද යාළුවනේ? මෙන්න එහෙනම් හරියටම අවුරුද්දකුත් තව ටික කාලයකට පස්සෙ ආපහු ශීත සෘතුව ආපහු ඇවිල්ලා. කලින් අවුරුදු වල නම් මේ වෙද්දි කතා සමය අවසන් වෙලත් ඉවරයි. මෙදාපාර කොහොමත් පරක්කු වෙනවම කිව්වනේ. අනික මෙච්චර කල් මහාද්වීපයේ තැනින් තැන උන්න චරිත දැන් එකම තැනකදී හමුවෙන තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අදි…

කොහොමද යාළුවනේ? මෙන්න එහෙනම් හරියටම අවුරුද්දකුත් තව ටික කාලයකට පස්සෙ ආපහු ශීත සෘතුව ආපහු ඇවිල්ලා. කලින් අවුරුදු වල නම් මේ වෙද්දි කතා සමය අවසන් වෙලත් ඉවරයි. මෙදාපාර කොහොමත් පරක්කු වෙනවම කිව්වනේ. අනික මෙච්චර කල් මහාද්වීපයේ තැනින් තැන උන්න චරිත දැන් එකම තැනකදී හමුවෙන තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අදියර බොහොම සිත්ගන්නාසුළු, උද්වේගකර එකක් වේවි. එහෙනම් ලොකු විස්තර වලට යන්න කලින් අපි අන්තිම කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගම්මු. අහ් අනික GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපියත් ඔන්න අද තියෙනවා. කියවල නිකන්ම යන්න එහෙම එපා ඔන්න. එයාගේ වීඩියෝ රිවිව් බැලුවහම GOT ටීෂර්ට් දිනාගන්නත් පුළුවන්.

ප්‍රාකාරයෙන් පිටත. ( සිතියමේ අංක 1 )
බ්‍රෑන්ව හා මීරාව කැටුව එන බෙන්ජන් අංකල් ඔවුන්ව ප්‍රාකාරය අසලදී ඔවුන්ගෙන් වෙන්වෙනවා. මොකද ප්‍රාකාරයේ මායා බලය නිසා ඔහුට එයින් ගමන් කිරීමට නොහැකි බව දන්වමින්. ඒ වගේම එතන තියෙන වෙයාවුඩ් වෘක්ෂයේ ආධාරයෙන් තම පියා සිටි සතුටේ කුළුණෙදි ( සිතියමේ අංක 6 ) අතීතයේ වෙච්ච සිදූවීම් ආපහු දකින බ්‍රෑන් දැනගන්නවා ජෝන් ස්නෝව් යනු තම පියාට නොව නැන්දනියට දාව, රේගාර් ටාගේරියන්ට දාව උපන් ටගේරියන්වරයෙක් බව. මේක කතාවේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා නොවනුමානයි.
වින්ටෆෙල් වල ( සිතියමේ අංක 2 )
ශෙරීන් කුමරියගේ මරණය ගැන දැනගන්න ඩාවෝස්, ජොන් ගෙන් ඉල්ලා සිටිනවා මැලිසැන්ඩ්‍රේට මරණ දඬුවම දෙන ලෙස. මැලිසැන්ඩ්‍රේ පවසනවා ඉදිරියේදි ධවල ඇවිදින්නන් හා සමඟ එන්න යුද්ධයේදී තමන්ගේ සහය වැදගත්වන බව. ජොන් තීරණය කරනවා මැලිසැන්ඩ්‍රේව පිටමන් කරන්නත්, ආපහු වින්ටර්ෆෙල් ආවොත් මරාදමන බවටත්.
මේ අතර ලිට්ල්ෆින්ගර් සන්සාව ජොන් එක්ක කොටවලා තමුන්ගේ බිරිය කරගෙන වෙස්ටරොස් වල රජු වෙන්න හීන දකිනවා. සන්සා එයට අකමැති වුණත් පසුව උතුරේ නායකයන් හා සමඟ හමුවේදී ඔවුන් ජොන්ව තමුන්ගේ එකම නායකයා හා උතුරේ රජ බවට පත් කරගන්නවා. ඉදිරිය හරිම අවිනිශ්චිතයි මිත්‍රවරුනි.
ට්වින්ස් වලදී ( සිතියමේ අංක 3 )
තමුන් ලද ජයග්‍රහණය ජේමි හා සමඟ සමරන වෝල්ඩර් ෆ්‍රේව පස්සෙන් පහු ආර්යා ස්ටාක් විසින් බෙල්ල කපා මරා දමනවා. එසේම ඊට කලින් ඔහුගේ ප්‍රධාන උරුමක්කාර දරුවන් දෙදෙනාවත් ආර්යා මරා දානවා. මේ අනුව තම අයියා වූ රොබ්ව හා තම අම්මා වූ කැට්ලින්ව, බෝල්ටන් වරු හා එක්ක ද්‍රෝහීවී මරා දැමූ රත් විවාහයේ පලිය ආර්යා සම්පූර්ණ කරනවා.
කිංග්ස් ලෑන්ඩින් වලදී ( සිතියමේ අංක 4 )
සර්සිගේ හා ලෝරස් ටයිරෙල්ගේ නඩු විභාගය දා සර්සි විසින් බොහෝ දෙනෙක් එක් රැස් වී සිටි දෙවොල වයිල්ඩ් ෆයර් මඟින් අලුකරල දානවා. රැජින වෙච්ච මාජරිට අවසාන මොහොතේ ඒ ගැන ඉව වැටුණත් හයි ස්පැරෝ ඔවුන්ට යන්න නොදී ඉන්න මෝඩ තීරණය ගන්නවා. මේ අනුව ටයිරෙල් පවුලේ වත්මන් පාලකයා මේස් ටයිරෙල්, ඔහුගේ පුත් ලෝරස් ටයිරෙල් හා සත් රාජධානියේ රැජින වූ මාජරී එයින් මිය යන නිසා ටයිරෙල් වංශය බොහෝ දුරට ඉවරයක් වුවා හා සමානයි. හයි ස්පැරෝ හා ආගමික අන්තවාදීනුත් එයින් මියනවා. ප්‍රධාන දෙවොල අළු වෙනවා. මේ සියල්ල දකින ළමා රජු වූ ටෝමන්ද ජනේලයෙන් පැන දිවි නසා ගන්නවා.
ට්වින්ස් වල සාදයෙන් පසුව ආපහු කින්ග්ස් ලෑණ්ඩින් බලා එන ජේමි දකින්නෙ දුම් පිටවන ප්‍රධාන දෙවොල හා ඒ මතින් සත් රාජධානියේ රැජින ලෙස කිරුළු පළදින සර්සිවයි.
ඕල්ඩ් ටවුන් හිදී ( සිතියමේ අංක 5 )
ගිලී හා කුඩා සෑම් එක්ක ආචාරියෙක් ලෙස පුහුණුවීමට එන සෑම් අන්තිමේ ප්‍රධාන විශ්ව විද්‍යාලය බඳු සිටඩෙල් වෙත පැමිණෙනවා. එය වෙත පැමිණෙන විටම ඔහුට දකින්න ලැබෙනවා අවුරුදු ගණනාවක් පුරා පවතින වෙස්ටරොස් ශීත කාලය එළඹ ඇති බවට හැම රාජාධානියකටම දන්වා යවන සුදු කපුටන් එහි සිට පණිවිඩයත් සමඟ යන ආකාරය. ප්‍රධාන ආචාරීතුමන් එනතෙක් සෑම්ට පමණක් අවසර ලැබෙනවා පුස්තකාලය පරිහරණය කිරීමට.
ඩෝන් හිදී. ( සිතියමේ අංක 7 )
තම වංශයේ අනාගත පරපුරම අහිමි වෙන ඔලෙන්නා ටයිරෙල් යනවා ඩෝන් හී එලාරියා සෑන්ඩ් මුණ ගැහෙන්න. ඒ සර්සිට එරෙහිව හමුදා එකතු කරන අටියෙන්. එහිදී ඇයගේ පුදුමයට හේතුවන පරිදි ඔවුන්ව මුණ ගැහෙන්නේ මෙරීන් සිට පැමිණි වේරිසුයි.
මෙරීන් හිදී. ( සිතියමේ අංක 8 )
ඩැනේරිස් විසින් තම ප්‍රධාන අනුශාසක ලෙස ට්රියන්ව නම් කරන අතර ඩාරියෝට දැනුම් දෙනවා ඔහුව වෙස්ටරොස් ආක්‍රමණයට රැගෙන නොයන බව. ඉන් පසු අවසාන දර්ශනය ලෙස මෙතක් කල් ඇය බලාපොරොත්තු වූ ආක්‍රමණය පිණිස වෙස්ටරොස් වෙත ඇය ගමන් කරනවා. ඒ ඩෝන්, ටයිරෙල්, අයන්බෝන් වංශවල් වල නැව් පුරවා ගත් සෙබළුන් බල ඇණි හා ඇයගේ මකරුන් තිදෙනාද සමඟයි.
ඉතින් ඔහොම තමා සිද්ධ වුණේ. අද ඉඳන් පටන් ගන්න ඒ අදියරේ තියෙන්නෙ කොටස් 7ක් පමණයි. හැබැයි ඒවා කලින් ඒවට වඩා දීර්ඝ කොටස්. තවත් කතා මොකටද? බලමු එහෙනම් නේ.
මෙන්න අද GOT විශේෂඥ තරිඳු අයියගෙන් ලිපිය. මගේ සබ් එකේ මොන අඩුපාඩුවක් තිබ්බත් කමක් නෑ තරිඳු අයියගෙ ලිපිය කියවන අය ඒ ගැන කිසි අගය කිරීමක් නොකර යන්න එපා. මේ කොටන යුනිකෝඩ් ටිකත් අපාරාදේ කියල හිතුවොත් අපිටමයි මේ වටිනා විස්තර නැතිවෙන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාල පොඩි හරි අගය කිරීමක් කරන්න කියලා ඉල්ලන ගමන්, ලබන සතියේ වැඩි විස්තර එක්ක හමුවෙනකම් සමුගන්නවා. ජය෴෴
ඩැනේරිස් ටාගේරියන්
Game of Thrones කතා මාලාවෙ දෙජාතියක මිනිස්සු ඉන්නවා. එක කොටසක් තමයි ක්‍රීඩකයෝ, එහෙම නැත්නම playersලා. අනිත් අය ඉත්තෝ. මේ අදහස Littlefinger පවා එකවරක් කතාවෙදි ප්‍රකාශ කරනවා. ඩැනේරිස් පළමු කතා මාලාව ආරම්භයෙදි අපි දකින්නෙ ඉත්තෙක් විදිහට. ඇයගේ සහෝදරය වුණ, විසේරිස් විශ්වාස කළ දේ තමයි, ටාගේරියන් කෙනෙක් වූ තමන්ට රොබර්ට් බැරතියන්ට වඩා Iron Throne එක අයිතියි කියන එක. ඒත් රජ කිරුළ ලබාගන්න ඔහුට එක ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ඔහුට විශාල හමුදාවක් නොතිබීම. ඒ නිසා ඔහු තමන්ගෙ සහෝදරිය ඩැනේරිස් දොතරාකි හමුදාවේ නායකයා වූ කාල් ඩ්රෝගෝට විවාහ කරල දුන්නා. විකිණුවා කියන වචනය ඊට වඩා ගැලපෙනවා.

ඒත් වෙස්ටරෝස් දින දර්ශකයෙන් වසර 3කට පසුව ඩැනේරිස් දැන් Player කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඇයගේ සහෝදරයා සිහිනෙන්වත් හිතුවෙ නැති තරමේ විශාලා හමුදාවක් එක්ක දැන් ඇය ඇයට හිමි කිරුළ ලබාගන්න වෙස්ටරෝස් බලා පිටත් වුණා. වෙස්ටරෝස්වලට ළඟා වෙන්නත් කලින් ඇයට එහි සමහරක් ප්‍රබල නිවාසවල සහයෝගය ලැබී තියෙනවා. ඒ ඩෝන් (ඉලේරියා සෑන්ඩ් සහ ඇයගේ දියණියන්), රීච් (රිරෙල්/ටයිරෙල්), සහ තියොන් ග්‍රේජෝයි, යාරා ග්‍රේජෝයි ඇතුළු Iron Isalndsවලින් කණ්ඩායමකගෙ සහය.
ඉතිහාසය මතක් කරොත්, අවුරුදු 300කට ආසන්න කාලයක් Iron Throne එකේ ඉඳන් වෙස්ටරෝස් පාලනය කරේ ටාගේරියන්වරු. රොබර්ට් බැරතියන්ට රජ පුටුව ලැබුණේ විප්ලවයක ප්‍රතිපලයකින්. මේ යුද්ධයෙදි ඩැනේරිස්ගෙ තාත්තා වුණ දෙවෙනි ඒරිස් රජතුමා (Mad King) විතරක් නෙවෙයි, ඇයගෙ සොහොයුරා වුණ රේගා ටාගේරියන් පවා මිය ගියා. ඩැනේරිස් උපත ලබද්දි ඇයගේ අම්මත් මිය ගිය නිසා ටාගේරියන් පරම්පරාවේ ඉතිරි වෙලා හිටියෙ ඩැනේරිස් සහ විසේරිස් විතරයි. ඩැනේරිස්ට හම්බෙන්න හිටිය කාල් ඩ්රෝගෝගේ දරුවාට හානි කරන්න තර්ජනය කර නිසා විසේරිස් කාල් අතින් මිය ගියා.
කාල් මිය ගියාට පස්සෙ, දොතරාකි හමුදාවේ විශාල පිරිසක් අයගෙන් වෙන් වෙලා ගියා. කාල් ඩ්රෝගෝගේ චිතකයට මකර බිත්තර තුනක් සමග ගමන් කරන ඇය, නැවත ගින්දරෙන් පැමිනුනේ මකර පැටවුන් තුන් දෙනක් එක්ක. ඇය පිළිස්සෙන්නේ නැති බවට ඇයට විශ්වාසයක් තිබුණා වගේම, බිත්තරවල ජීවයක් පවතින බවට ඇයට හිතුණු නිසයි ඇය මේ දේ කරේ. වසර 150කට පසුවයි නැවත මකරුන්ගේ උපතක් වෙස්ටරෝස්වල සටහන් වෙන්නෙ. එදා සිට ඩැනේරිස් mother of dragon ලෙසත් හඳුන්වනු ලැබුවා.
මකරුන් සමග ඩැනේරිස් දොතරාකි මුහුද ලෙස හඳුන්වන මුඩුබිම් කාලාපයක අතරමං වෙලා සිටියා. ඇය සමග ජෝරා මෝමෝන්ට්, සහ ඇයට පක්ෂපාත දොතරාකි පිරිසක් ඉතිරි වුණා. අවසානයේ “කාත්”වලට ළඟා වුණ ඔවුන්, සිද්ධි දාමයක අවසානයේ වඩා පොහොසත් වී නැව් නැග “ඇස්ටෝපර්” පැමිණෙන්නෙ ඇයට වෙස්ටරෝස්වලට යාමට හමුදාවක් සකසා ගන්න. එහි වහල් වෙළදාම ගැන සංවේදී වූ ඇය, වෙස්ටරෝස් ගමන ප්‍රමාද කරලා ඇසටෝපර්, යුන්කායි, මරීන් නගර ප්‍රමුඛ Slaver’s Bay කලාපයේ වහල් වෙළදාම නතර කරන්න ප්‍රයත්න දැරුවා. විශාල අභියෝග රාශියකට මුහුණ දීල, අවසානයේ ඇය ඇයගේ අණසක එහි පතුරනවා. මරීන්වලින් පිටත් වීමට පෙර ඇති වුණ මහා යුද්ධය ඇය මකරුන් සමග එකතු වෙලා නිමා කරන්නෙ, මතක තියෙන කාලෙක වහල් වෙළෙන්දන් නැවත එම වෙළඳාමේ නොයෙදෙන්න පාඩමක් උගන්නල. ඒ කලාපයේ ඇය ඇති කළ ආරක්ෂාව තර කරන්න ඇය ඇයගේ පෙම්වතා වූ ඩාරියෝ නහාරිස් මරීන්වල ඉතිරි කර එනවා.
ටිරියන් ලැනිස්ටර්
ඇය එක්ක වෙස්ටරෝස් බලා පැමිණෙන පිරිසේ ප්‍රධානම සාමාජිකයා ටිරියන් ලැනිස්ටර්. ඩැනේරිස් ඔහුට Hand of the Queen තනතුර ලබා දුන්නෙත් මේ නිසයි. ටිරියන්ට වෙස්ටරෝස් පිළිබඳව වගේම ඉතිහාසය ගැනත් ඉතා විශාල දැනුමක් තියෙනවා. ඒ වගේම ටික කාලයකට හෝ ඔහු Kings Landing හි Hand of the King තනතුර දැරුවා. ස්ටැනිස් බැරතියන් Kings Landingවලට පහර දීල, Iron Throne එක ලබා ගන්න ආවෙත් මේ කාලෙදිමයි. ජෝෆ්රි, රොබර්ට් බැරතියන්ගේ නියම දරුවෙක් නොවන බව ඒ වනවිට බොහෝ දෙනා දැනගෙන හිටියා. ඒ නිසා රොබර්ට්ගෙන් පසුව Iron Throne එක නීත්‍යානුකූල විදිහට හිමිවිය යුතු වන්නෙ තමන්ට නිසයි ස්ටැනිස් මේ විදිහට විප්ලව සිදු කරේ.

Kings Landing බේරාගන්න සැලසුම් සහ යුද මෙහෙයුම් ටිරියන් විසින් කරත්, ජයග්‍රහණයේ ගෞරාවය ලැබෙන්නෙ අවසාන මොහොතේ ටිරෙල් හමුදාව සමග එහි පැමිණි ඔහුගෙ තාත්තා, ටයිවින් ලැනිස්ටර්ට. ඒ සමගම ජෝෆ්රි සන්සා සමග විවාහ ගිවිසීම කඩා දමා මාජරී සමග විවාහ වීමට තීරණය කළා. ජෝෆ්රිගේ නියමයකින් යුද්ධය මැද්දෙ ටිරියන්ව මරා දමන්න රාජ ආරක්ෂකයෙක් ගත් උත්සාහයේ ප්‍රතිඵලයකින් ටිරියන්ගේ මුහුණ පවා විකෘති වුණා. ටිරියන් කුඩා කළ සිට ඔහු ගැන වැඩි ප්‍රසාදයක් ටයිවින්ගේ තිබුණේ නෑ. ටයිවින්, සර්සි, ජේමි තුන් දෙනාම Kingslandingහි සිටිද්දි ටිරියන්ට Castle Rockහි අදිපාදකම නොදීමෙන් මෙය තවත් පැහැදිලි වුණා. දේශපාලනික වාසි ලබා ගන්න, ටිරියන්ට සන්සාව විවාහ කරගන්න බල කළේත් ටයිවින් ලැනිස්ටර්මයි.
ජෝෆ්රිගේ විවාහය දවසෙදි ඔලේනා ටිරෙල් සහ Little Fingerගෙ කුමන්ත්‍රණයකින් ජෝෆ්රිගේ වයින් පානයට වසා දමා මරා දැමුවා. ටිරියන් බොහෝ අවස්ථාවල ජෝෆ්රිට සහ සර්සිට එළිපිට තර්ජනය කර තිබූ නිසා මේ මරණයේ සැකය එල්ල වුණේත් ටිරියන්ටමයි. ඔහුගේ නඩු විභාගය සඳහා Trial by Combat එකේදී ඔහු වෙනුවෙන් සටන් කරන ඔබරේන් මාටෙල් මිය ගිය නිසා, ටිරියන් මරණ දණ්ඩනය අබියසට පැමිණුනා. ජේමි සහ වේරිස් එකතු වී මුදා හැරිය ටිරියන් Kings Landingවලින් පැන ගියේ තම පියා වූ ටයිවින් ලැනිස්ටර් පවා මරා දමලා.
දැන් ඩැනේරිස් සමග එකතු වී සිටින ටිරියන්, එක අතකින් බැලූ විට සටන් කරන්න පැමිණෙන්නේ ඔහුගේම පවුල සමගයි. ඩැනේරිස්ට රජ පුටුව ලබා ගැනීමට හරස්ව Iron Throne එකේ වාඩි වෙලා ඉන්නෙ ටිරියන්ගේ සහෝදරිය වන සර්සි. ටිරියන්ට සර්සි විසින් බොහෝ තාඩන පීඩන සහ වෛරකම් කර තිබුණත්, ජේමි ටිරියන්ට බෙහෙවින් ආදරය කළා. විසේරිස් සමග එකතු වෙලා ටිරියන් හොරෙන්ම හිරෙන් නිදහස් කරගන්න පෙර, ජේමි ටිරියන්ව නිදහස් කරගන්න ගිවිසුමකට ඇවිත් හිටියෙ. ඒ ටයිවින් බොහෝ ඉල්ලා සිටි පරිදි ජේමි Castle Rockහි ආදිපාද වී පිටත්ව යාම. ලැනිස්ටර්වරුන්ට විරුද්ධව ඩැනේරිස්ට සහයෝගය ලබා දීමත් එක්කම ටිරියන් ඔහුගේ ආදරණීය සොයුරා වන ජේමිටත් ද්‍රෝහී වෙනවා.

ජෝන් ස්නෝ
රේගා ටාගේරියන්ගෙ සහ ලියානා ස්ටාක්ගෙ පුතාවන ජෝන්, ඔහු කවදාවත් නොසිතූ ලෙස උතුරේ රජ බවට පත් වුණා. කුඩා කළ ඉඳන් ඔහු හැදුණේ නෙඩ් ස්ටාක්ගේ බිරිද වුණ කැටලින් ටලීගෙ ගැරහුම් මැද. ඒ ජෝන් නෙඩ් ස්ටාක්ගෙ අවජාතක පුතෙක් කියල කැටලින් විශ්වාස කළ නිසා. සන්සා පවා ජෝන් ස්නෝට කුඩා කාලයේ වැඩිය ප්‍රිය කළේ නෑ. ඒත් අනිත් සහෝදරයන් සහ ආර්යා ස්ටාක්, ජෝන් ස්නෝ සමග ඔහු සැබෑ සහෝදරයෙක් තරම් ලෙන්ගතුකමින් සිටියා. රොබර්ට් බැරතියන්ගෙ Hand of the King විදිහට නෙඩ් ස්ටාක් Kingslanding වෙත යද්දී, තමන් Night watch එකට බැඳෙන්න ජෝන් ස්නෝ තීරණය කරන්නෙ, තමන්ට වින්ටර්ෆෙල්වල තව දුරටත් සිටීම අපහසු නිසයි. ඔහු සිතා සිටියේ Night watch එක කියන්නෙ සටන්කරුවන්ගෙන් සැදුම් ලත් සුවිශේෂ තැනක් කියලයි. නමුත් wall එකට ගියාට පස්සෙයි ඔහු තේරුම් ගන්නෙ එය සමාව දුන් හොරුන්, දූෂකයන්ගෙන් සැදුම් ලත්, ඔහු තරම් සටන් පුහුණු වූ අය නැති තැනක් කියල.

මුල් කාලයේ ජෝන් ස්නෝ Night watch එකේ සිටියෙ කැමැත්තෙන් නෙවෙයි. විශේෂයෙන්ම ඔහුගේ පියා ලෙස සිතා සිටින නෙඩ් ස්ටාක් මරා දැමුවා කියන ආරංචිය ලැබුණට පස්සෙ, ඔහු night watchඑකෙන් පැනල ගිහිං රොබ් ස්ටාක් සමග එකතු වී යුද්ධ කරන්න පවා තීරණය කරා. ඒත් ඔහුගේ යාළුවන්ගෙ මැදිහත් වීමෙන් ඔහු තව දුරත් night watch එක සමගම සිටියා. නායක මෝමෝන්ට් සමග wall එකෙන් උතුරට ගිය ජෝන් ස්නෝට සහ night watch එකට, whitewalkersල ගැන පැතිරෙන කතා ඇත්ත බව තේරුම් ගියා. ජෝන් wildlings හමුදාවට හසුවී සිටිද්දි, ඉතිරි night watch කණ්ඩායමට whitewalkersල පහර දෙනවා.
wildlingsල සමග ගත කරන කාලයේ ඒ කණ්ඩායමට බැඳුණු ලෙස හඟවා, King Beyond the wall ලෙස හැඳින්වූ මාන්ස් රේඩර් ප්‍රමුඛ හමුදාව wall එකට පහර දෙන්න එද්දී, ජෝන් ස්නෝ ඔවුන් සමග පැමිණුනා. අවසාන මොහොතේ තම සහෝදර night watch එක සමග එකතු වූ ජෝන් ස්නෝ, wildlings හමුදාව පරාජය කර දැමුවා. ඒ ස්ටැනිස් බැරතියන්ගේ උදව්වද ඇතුව. whitewalkersල ගැන සහ wildlings හමුදාව ගැන night watch එකෙන් kingslanding සහ වෙනත් ප්‍රධාන නායකයන්ට දන්වා සිටියත් ඔවුන්ගේ උදව්වට පැමිණියේ ස්ටැනිස් පමණයි. උතුරේ සහයෝගය ලබා ගන්න ජෝන් ස්නෝට උතුරේ රජකම භාර ගන්න ස්ටැනිස් යෝජනා කරත්, ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන ජෝන් ස්නෝ, night watch එකේ මීළඟ නායකයා බවට පත් වුණා.

whitewalkers ගැන ඇත්ත දන්නා නිසා, ඔවුන් මගින් wildlingsල මිය යාම වැලක්වීමටත්, ඒ මිය යන පිරිස army of dead එකට එකතු වීම වැලක්වීමටත් ජෝන් ස්නෝ ඉතිරිව සිටින wildlings පිරිසට wall එකෙන් දකුණු පැත්තට එන්න ඉඩ ලබා දෙනවා. මෙය අවුරුදු දහස් ගාණක් තිස්සේ night watch එක විසින් ආරක්ෂා කළ නීති රීති කඩ කිරීමක් නිසා, ඇලිස්ටර් තෝන් ඇතුළු පිරිසක් ජෝන් ස්නෝ මරා දැමුවා. ඔහුට නැවත පණ ලබා දුන් මැලිසැන්ඩ්රාට, ජෝන් ස්නෝ “Prince that was Prmised” එහෙමත් නැත්නම් Azor Ahai බව ඇයගේ ඇති විශ්වාසය තවත් වැඩි වුණා.
පණ ලබා සිටින ජෝන් ස්නෝට ඔහුව සොයාගෙන ආ සන්සාව මුණ ගැසුණේ wall එකෙදිමයි. ඔවුන් දෙදෙනා අතර කවදාවත් නොතිබූ සහෝදර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ, ඔවුන්ගෙ පවුලට වුණ සියලු සිදුවීම් අවසානයේ, ඔවුනොවුන් කවදාවත් ආයෙත් දකින්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයි කියල ඔවුන් නොසිතු නිසා. ජෝන් සහ සන්සා, wildlings හමුදාව සහ තවත් උතුරේ නිවාස කිහිපයක් එකතු කරගෙන වින්ටර්ෆෙල් නැවත ලබාගන්නේ රම්සේ බෝල්ටන් පරාජය කරලා. ඔවුන්ට අවසාන මොහොතේ Little Fingerගෙ යටතේ තියෙන Vale හමුදාවේ සහයෝගයත් ලැබුණා.
ජෝන්ගෙ නියම අම්මා තාත්තා කවුද කියන කාරණාව ජෝන්වත් හරියට දන්නෙ නෑ. ඒ නිසාම “You Know Nothing Jon Snow” වැකිය හරියටම හරි. ඒත් දැන් මේ ඇත්ත බ්‍රැන් දන්නවා. ඔහු වින්ටර්ෆෙල්වලට ළඟා වුණාට පස්සෙ, ඒ ඇත්ත අනිත් අයත් දැන ගනීවි කියල විශ්වාස කරන්න පුළුවන්. ජෝන් රේගා ටාගේරියන්ගේ පුතාද කියන කාරණාවට වඩා වැදගත් වෙන්නෙ ඔහු “Prince that was Prmised” එහෙමත් නැත්නම් Azor Ahaiද කියන එක. ප්‍රබල අනාවැකියකට අනුව whitewalkersල සමග මහා යුද්ධයෙදි මේ විශේෂ චරිතය ඉතා වැදගත් වෙනවා. ඔහු පරාජය වුණොත්, ලෝකය whitewalkersලගෙන් බේරගන්න එක කාටවත්ම කරන්න වෙන්නෙ නෑ.
පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
Works with – All HDTV Releases / BR – PSA
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
88,219 downloadsDownload GOT.S07.E01.Sinhala.zip139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
291 comments
devinda
chamila
2nd
Rakitha Tharinda
නියමයි කොල්ලො. දිගටම කරමු. ජය.
Sudheera Kasun
Thanks Sahooooo........!
Sanjaya Mahesh
thanks dr............
Madhawa
Godak sthuthii saho,meka enakan egili gena gena hitiye.
kavi
පට්ටම තැන්ක්ස්.. සබ් එකට... හම්මේ..
කෝ
ටැංකෝ ....
sudeera
sub machine is back...... nimayay ayye..... pattma patta
kiree
Tha you very much royli aiye
Rishan Chanuka
Niyamai ayya ... serama wada paththaka dala meke dunnata thank you very much..
Shenin Perera
බොහොම ස්තුතී රොයිලි අයියේ
Pasindu Induwara
tnx!
prabath
thankyou sub ekat
ලහිරු
එලම සහෝ
Lakshan
Webrip uth dennako
piyumal sanjeewa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
sumith
elama saho
නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Heshan
Thanks saho
කිං මැක්ස්
එපිය ඩවුන්ලෝඩ් කරගෙන බලන් හිටියෙ සබ එනකම්......තෑන්ක්ස් වේවා සබට....ජය වේවා.......!!!!
CHANNA
link ekak dennako
tharidu16
http://baiscopedownloads.com/2017/07/17/game-of-thrones-s07…
මේක සේව් කරලා තියාගනින්. මෙතනින් ඩිරෙක්ට් බාන්න පුළුවන්CHANNA
thnx macho
Harsha
රොයිලි සහෝ ඔන්න එහෙනම් අයුබෝවන් වාසනාවන් කියලා පිළිගන්නවා. සබ අරගන්නවා ස්තූතියි ජයවේවා
Pradeep Anuruddha Dissanayake
Thanks so Much Royly aiya
සුපුන් බුද්ධික
ගොඩක් කල් ආසාවෙන් බලන් හිටපු GOT එකේ පළමුවන උපසිරැසියට ගොඩක් ස්තූතියි.
ඒ වගේම තරිඳු අයියාගේ ලිපියත් ගොඩක් වටිනවා.
දැන් ඉතින Review එකක් එනකම් තමයි බලන් ඉන්නේ.
දෙවනි එපියෙන් හමු වෙමු..දෙන්නටම ජය වේවා !!!
Pragath
Royle n Tharindu thanx lot!! එපිය දැන් 4 පාරක් බැලුව සිංහල සබත් එක්ක තව පාරක් බලමු!!
AsnTha AkiLa
Tharindu ayiuata roily aiyata thanxx okkoma kiyewwa dn ithin thiyanne balanna patta ahh godak sthuthi
Pradeep Anuruddha Dissanayake
Thanks for that Longgggggg Explanation @තරිඳු
tharangani
thank u thank u thank u
dilu
උපසිරැසියට ගොඩක් ස්තූතියි.
Pasindu Bhashitha Wimalasooriya
ammo..ikmanatanma deelaaaaa..thanks a lot
Reshan
Thanks..
pradeep
kiyanna wachana nee... godaaakk thankss.......
Thasindu Hashan
Subtitles walata saha anek lipi walata thanks you are best
kavindu mihiranga
Amboo senikawa sub eka dila neh.. tnx machan
Eranga Deshapriya
Thankz Saho Niyamai................
CHANNA
උපසිරැසියට බොහොම ස්තුතියි
meka banna link ekak dennako
rasanga
බොහොම ස්තුතී රොයිලි
kanchana
Great work thank you so much
nuwan
thanks a lot
Nilupul Wijayawardhana
බොහොම සතුතියි රොයිලි ✌☝️
Mangala
Saba pataan gala dunna roylita issellama thanx. Anikwath patagala lebei kiyala hithanawa mokada meka GOT hinda. Tharidu mallita thanx nokarama be meka nikan balala wedak ne tharindu mallige lipitika kiyawannama one. Digatama lipi liyai kiyala hithanawa video clip ekakuth eine thanx okkotama. budusaranai
sandeepa
ගොඩක් ස්තුතියි සහෝ ඔයාල
හැමෝටම…..rohinfo
Thanks a lot
Nikagoda Nagitha
niyamay. thanks
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
Anjana
Ammoooo dilaaa...meka enakan iye iadan balan innwa.serin sare baiscope ekata log wewi..dan hari..thnkzzzzz roily aiyaa......
NUWAN
THANK U VERYMUCH
හර්ෂණ
පට්ට,,.. මෙන්න බානෝ
Thisara Sama Bandara
thanks machan
Kavindu Perera
බොහොම ස්තුතියි යාලුවා...!
Advertisement


1st