Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 01] with Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ මම අරගෙන ආවේ කොරියන් කතා මාලාවක්. ලොකු කාලෙකින් කොරියානු කතාවක් කරන්න ලැබුණේ නැති නිසා මම ගොඩක් උනන්දුවෙන් කොරියන් කතා නරඹද්දී තමයි මේ කතාව හම්බවුණේ. උපසිරැසි නිර්මාණය කරන්න ප්‍රමාද වුණත් මම ආසාවෙන්, ගොඩක්ම ආසාවෙන් කරපු උපසිරැසි ගැන්වීමක්. විශේෂයෙන්ම Yoo Seung ho ගේ රසිකයන්ට මේක…

 

ගොඩක් කාලෙකට පස්සේ මම අරගෙන ආවේ කොරියන් කතා මාලාවක්. ලොකු කාලෙකින් කොරියානු කතාවක් කරන්න ලැබුණේ නැති නිසා මම ගොඩක් උනන්දුවෙන් කොරියන් කතා නරඹද්දී තමයි මේ කතාව හම්බවුණේ. උපසිරැසි නිර්මාණය කරන්න ප්‍රමාද වුණත් මම ආසාවෙන්, ගොඩක්ම ආසාවෙන් කරපු උපසිරැසි ගැන්වීමක්. විශේෂයෙන්ම Yoo Seung ho ගේ රසිකයන්ට මේක ගොඩක් ලස්සන කතා මාලාවක් වේවි.

හොඳයි. මේ කතාවේ තිරයෙන් පිටුපස කතාව මුලින් කිව්වොත්, මේක නිකුත් වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ නැත්නම් 2017 දෙසැම්බර් 06 වෙනිදා. කොටස් 32කින් සමන්විත මෙම කතා මාලාවෙහි එක කොටසක කාලය මිනිත්තු 35යි. Kim jin chun සහ Yon hyun jong විසින් නිෂ්පාදනය කර ඇති මෙය රචනා කරලා තියෙන්නේ Kim sun mi සමඟින් Lee seok joon. විශේෂයෙන්ම මේ කතා මාලාව අයිති වෙන්නේ Romantic, Comedy සහ Sci-fic (science fiction on television) ගණයටයි. May queen pictures ආයතනයෙන් නිපදවා ඇති මෙය ලබාගෙන තිබෙන imdb අගය 8ක් වැනි ඉතාමත් ඉහළ අගයක්.

ප්‍රධාන වශයෙන්ම මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ වර්තමානයේ කොරියානු දේශයේ ජනප්‍රිය තරු යුගලයක් වන Yoo seung ho සමඟින් Chae soo bin. මම මගේ සහෝදරියත් එක්ක මීට පෙර උපසිරැසි ලබාදුන් “වෙස් මුහුණේ පාලකයා” (Owner of the mask) කතා මාලාවේ වගේම කොරියානු ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගත් Queen seondeok, Warrior baek dong soo, Remember, Joseon magician, The way home (2002) යන කතා සහ චිත්‍රපට වල ප්‍රධාන චරිත නිරූපණය කළේ ප්‍රධාන පිරිමි චරිතය රඟ දක්වන Yoo seung ho විසින් වගේම If we were a season, Strongest deliveryman, The Rebel, Your name is Rose, Shopaholic lousis වැනි කතා සහ චිත්‍රපට වලට රංගන දායකත්වය සැපයූ Chae soo bin මෙහි ප්‍රධාන ගැහැණු චරිතයට පණ පොවනු ලබනවා.

මේ කතා මාලාවට ආරම්භයක් ලබා දුන්නොත්, Kim Min Kyu (Yoo seung ho) නමින් ධනවත් ව්‍යාපාරිකයෙක් සෝල් වල ඉන්නවා. නමුත් ඔහු කෙතරම් ධනවත් වුණත් විශ්වාස කරන්නත් අපහසු ගණයේ ආසාත්මිකතාවයකින් පීඩා විඳිනවා. ඒ තමයි මිනිසුන් ආසාත්මික වීම. ඉතින් මොහුට කිසිම යාළුවෙක්වත් සමාජ ආශ්‍රයක්වත් නැහැ. නමුත් දිනක් ඔහු හිතන්නෙවත් නැති විදිහට ඔහුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් දෙයක් ගෙදර ජනේලෙන් ඇතුළට එනවා. ඒ ලිපියක්. ඔහුගේ මිය ගිය පියාගේ කණ්ඩායමක නිෂ්පාදනයක් සම්බන්ධවයි ඒ ලිපිය එන්නේ. මේ නිෂ්පාදනය නම් රෝබෝවරියක්. එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මිනිස් රුව සහිත රොබෝවරියක්! නමුත් මේ කතා මාලාව සුවිශේෂී වෙන්නේ දිනක් මේ රෝබෝවරියගේ පරීක්ෂණ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් අතින් රොබෝවරියට හානි සිද්ධ වෙනවා. එහෙම වෙන්නෙත් Kim Min Kyu (Yoo seung ho) ට රොබෝවරිය බාරදෙන්න තිබෙන දිනයට කළින් දවසෙයි. කිසිදෙයක් කිරීමට ඉතුරු නොවුණ තැනදී ඔවුන් මීට සුදුසුම ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ මොකක්ද? ඒ ගැන කියනවනම් ඒකත් වෙනමම කතාවක්. මේ රොබෝවරියගේ මුහුණ නිෂ්පාදනය කරලා තියෙන්නේ එහි නිර්මාතෘවරයාගේ හිටපු පෙම්වතියගේ මුහුණේ ආකෘතියටයි. කිසිම දෙයක් කිරීමට ඉතුරු වෙලා නැති තැන, මේ පරීක්ෂණ කණ්ඩායම මනුෂ්‍යයෙක් වන මේ හිටපු පෙම්වතිය රොබෝවරියක් ලෙස Kim Min Kyu ට ලබාදෙනවා. මෙම රොබෝවරිය ලෙස රඟදක්වන්නේ Jo ji a (Chae soo bin) .

ඉතින් දක්ෂ කඩවසම් Kim Min Kyu ට රොබෝවරිය ඇත්තම මනුෂ්‍යයෙක් කියලා හඳුනාගන්න පුළුවන් වෙයිද?

එහෙනම් කතාව නැරඹීම ඔබේ අතේ. අවසාන වශයෙන් මම ස්තූති කරන්න කැමතියි මාව බයිස්කෝප් වෙබ් අඩවියට හඳුන්වා දුන් මගේ අක්කා (ගයේෂා සත්සරණී)ට. නැවතත් අලුත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,117 downloadsDownload Im-Not-a-Robot-E01.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

7,117 downloadsDownload Subtitles17 KB

36 comments

  1. geeganagamage

    බොහෝම ස්තුතියි මේ වගේ ලස්සන කථා අප සෑම වෙනුවෙන් ගෙනවට

  2. Lushan Tharinda

    කතාවනම් හොදයි වගේ. පුලුවන් නම් මේකට ටොරන්ට් ලින්ක් එකක් දාන්නකෝ.

  3. himath963

    Ammo korean drama 1k enakan masa ganak balan hitiya. Tnq akkandi

  4. Shiromal

    kalekin korian ekak balanna puluwan..
    thank you for sub..

  5. Danushka adikari

    Thanks for subtitle .අනිත් ඒවත් ඉක්මනින් දෙන්න.

  6. ishanrandika

    Fattama....thnx

  7. rawidu

    ammo kalekata passe korean drama ekak awa thanks thanks thanks thanks thanks ......

  8. Dmcs

    Sub එකට ගොඩක් ස්තූතියි

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. hewikag

    ගොඩක් ලස්සන කතාවක්. මම එක පාරක් බැලුවා. දැන් ආයෙ සිංහල sub එක්ක බලන්නම්ග ගොඩක් ස්තූතියි.

  11. madusha

    thnk u sub akata

  12. Udara Damith Dissanayaka

    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි

  13. Sanduni Koshila

    Thanks a lot sis. Godaaaak kalekin korean series eheka sub ekak. Harima sathutuyi. Ikmanin anith epi tikath denna.

  14. Chami.S

    Thanks..
    Good Luck..

  15. udayakumari

    ස්තූතියි.......

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. kothalawala

    ස්තුතියි.....

  18. lushan...thusi

    thanx sis

  19. kira

    meka banne mokenda

  20. TharakaWAS

    Thanks

  21. Nethmi De Silva

    Thanks korean drama valata sub dena ekata digatama sub denna

  22. vinu

    thank you sis

  23. sameeramuthukuda

    සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

    vitharane tiyenne kohenda film eka download karaganne

    1. Dilshan_vidushanka

      DOWNLOAD කරන්න torrent එකක්වත් derect link එකක්වත් නැනෙ..

  24. A herath

    SUSPICIOUS PARTNER meke sub karannako.plz

  25. lahirup91

    sis ..good work..den idala balagena yanne..bt episode 15 sita page aka not found kiyala wetenawane...tikak update karala denna

  26. KUSAL LIYANAGE

    thanks for sub

  27. Sulakshana Thilakarathna

    meke 15 idan #404 wenawa sub eka naane

  28. Chaturangagayan

    සබ් එකටයි ලින්ක් එකටයි බොහොම ස්තූතියි නංගො.

  29. chinthana perera

    link please

    1. Manoja

      Mata sub eka gnna bane.account ekak create krnna heduwath ekata mta access denne a.kohomda sub eka gnne

  30. BWSN mendis

    link please

  31. Anonymous

    link please

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  33. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.