අද තමයි දවස. ඔව් අද තමා අවසන් සටන වගේම SIX කතා මාලාවෙ අවසන් කොටස. අද නම් කලින්ට වඩා හොද සටනක් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් සීල් ටීල් චිත්‍රපටියකින් දකිනවා වගේ නම් සටනක් නෙවෙයි. මොකද චිත්‍රපටියක තියෙන දර්ශනයි කතා මාලාවක තියෙන දර්ශනයි සන්සන්දනය කරන්න බැ. මොකද අනිවා චිත්‍රපටය ඉදිරියෙන් තියෙනවා. ඒත්…

අද තමයි දවස. ඔව් අද තමා අවසන් සටන වගේම SIX කතා මාලාවෙ අවසන් කොටස. අද නම් කලින්ට වඩා හොද සටනක් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් සීල් ටීල් චිත්‍රපටියකින් දකිනවා වගේ නම් සටනක් නෙවෙයි. මොකද චිත්‍රපටියක තියෙන දර්ශනයි කතා මාලාවක තියෙන දර්ශනයි සන්සන්දනය කරන්න බැ. මොකද අනිවා චිත්‍රපටය ඉදිරියෙන් තියෙනවා. ඒත් කතා මාලාවට ගැලපෙන තරමෙ සටනක් තියෙනවා කිව්වොත් හරි.
රිප් සීල් ටීම් සික්ස් හි ප්‍රධානියා/ලීඩර්. ඔහු වසර පහකට ඉහතදි ඇෆ්ගනිස්ථානයේ ගමක කල රාති මෙහෙයුමකදි තරුණයින් දෙදෙනෙක් අල්ලා ගන්නවා. ඔවුන් සැබෑවටම සහෝදරයින්. එක් අයෙක් ඔහුගෙ ජීවිතේ ඉල්ලා වැද වැටෙනවා. රිප් කිසිම සමාවක් නැතිව ඔහුව වෙඩි තබා ඝාතනය කරනවා. නමුත් මේ අය පැමිණෙන්නෙ මුටාකි නම් ත්‍රස්ත නායකව අල්ලා ගැනීම සදහායි. ඔය සිදුවීම නිසා රිප් කණ්ඩායම අතහැර යනවා. ඉන් පසු කණ්ඩායමේ නායකයා වෙන්නෙ ජෝ නැතනම් බෙයාර්. රිප් කණ්ඩායමෙන් ඉවත් වී පෞද්ගලික ආරක්ෂකයෙක් ලෙස සේවය කරන අතරතුර නයිජීරියාවෙ ලාගෝස්හිදි ඔහු සහා පාසලක ගුරුවරියක් ඇතුළු ගැහැණු ළමුන් පිරිසක් බොකො හරාම් ත්‍රස්තයින් විසින් අල්වා ගන්නවා.
මෙම සිද්දිය සැල වූ වහාම ඔවුන්ව මුදවා ගැනීමෙ මෙහෙයුම ආරම්භ කරනවා. මෙම මෙහෙයුම බාරවෙන්නෙ රිප් නායකත්වය දුන් කණ්ඩායමට. එනම් බෙයාර් ඇතුළු පිරිසට. ඔවුන් තම මිතුරා සහා අනෙක් ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට යන සිද්දිය තමා SIX කතා මාලාවට පාදක වුනේ. ඔවුන් එම පිරිසව බේර ගැනීම වෙනුවෙන් විශාල කාර්යයක් සිදි කරනවා.
ඔය අතරෙ බොකො හරාම්ලා රිප් වෙනුවෙන් ඩොලර් මිලියන 10 මුදලක් සතියක් ඇතුලත ලබා දෙන මෙන් ඉල්ලනවා. එම නිසා මුටාකි සමගින් ක්‍රියා කරන මයිකල් නැමැත්තා රිප්ව ලබා ගැනීමට පැමිණෙනවා. ඔහුගෙ ක්‍රියාවන් නිසා බොකෝ හරාම්ලා සේම මුටාකිද මයිකල් සමග විරසක වෙනවා. කෙසේ වෙතත් මේ වන විට සියළුම ප්‍රාණ ඇපකරුවන් සිටින්නෙ මුටාකි ලගයි. ඒ වගේම මයිකල්ද මුටාකිගෙ සිරකරුවෙක් වී අවසන්ය. පෙර සතියේදි කතාව තුලින් අප දුටුවා චැඩ් වල පිහීටි මේ කදවුරට සීල් ටීම් හි පිරිසක් හොරෙන්ම ඇතුල් වී තොරතුරු රැස් කරන අයුරු. එම තොරතුරු සහා පෙර මෙහෙයුම් වලින් ලබා ගත් සියිළුම තොරතුරු මත අවසානයේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සදහා අවසන් මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.
මේ කතා මාලාව පුරාවටම වෙනස් ආකාරයෙ කතා විලාසයන් වගේම කෙටි යෙදුම් සෑහෙන ප්‍රමාණයක් තිබුනා. ඉතින් මට පුළුවන් අයුරින් ඒ සියළුම කෙටි යෙදුම් වල තේරුම් දෙන්න උත්සහ කලා ඇතැම් විට විස්තරයන් පවා කලා. අද උපසිරැසියෙත් එහෙම විස්තර කරලා තියෙනවා. හැබැයි ඉතින් රසවින්දනයට බාධාවක් වෙයිද දන්නෙ නැ. කොහොම වුනත් ලිපියෙ ඒ පිළිබඳව සදහන් කරනවට වඩා උපසිරැසිය තුලින්ම ඒක පැහැදිලි කරන එක හොදයි කියලා මට හිතුනා. ඒකයි දේපාරක්ම හිතලා ඒක එහෙම්ම තිබ්බෙ. හැබැයි Media Player Classic භාවිතා කරන අයට ගැටලුවක් වෙන්නෙ නෑ.
තව දෙයක්, මම දැක්කා විමා අයියා SIX කතා මාලාව පිළිබඳව පෝස්ට් එකක් දාලා තියෙනවා. යකෝ කොමෙන්ට් 70 ත් වැඩියි. උපසිරැසිය කරන මට කොමෙන්ට් 16, 17 යි. මාත් මේ වැඩේ අතෑරලා පෝස්ට් දාන්න ගන්නවා හිටහල්ලකො. විමා අයියෙ තරහකට නෙවෙයි හොදේ කිව්වෙ. මට දුක හිතුනා. කොහොම වුනත් මේක කරන අතර වාරයෙ අඩුපාඩු පෙන්නලා දුන්නෙ විමා අයියා. ඒ වගේම මේක දිගටම කරගෙන යයි කියන විශ්වාසයෙන් කතා මාලාව මට බාර දුන්නෙ සමන් සහෝ. ඉතින් ඒ දෙන්නටම ස්තූතියි. ඔන්න හැම කොටසකටම මම උපසිරැසි ලබා දුන්නා ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්. දැන් ඉතින් තියෙන්නෙ කලගුණ සලකන්න තමා. කොමෙන්ටුවක් දාලා.
ආ.. තව වැදගත් ආරංචියක් තියේ කියන්ට. SIX කතාවට කැමති ඔයාලට නම් සුබ ආරංචියක් වෙයි. ඔන්න කතා මාලාවෙ ඊලග අදියර එහෙම නැත්නම් season 2 නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඊලග අදියර නිකුත් වීමට තියෙන්නෙ 2018 තමයි. දින වකවානු හරියටම දන්නෙ නැ. කොහොම වෙතත් කොයි කාලෙ ආවත් උපසිරැසිය අනිවා ලැබෙනවා. ඒකට මං සහතික වෙනවා. එහෙනම් මං ගියා. කලගුණ සලකන්න අමතක කරන්න එපා හොදේ.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
SIX.Part.8.BRRip.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,289 downloadsDownload SIX.S01E08.baiscopelk.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
62 comments
සමරවීර
සාලිය බණ්ඩාර
meke 1 season 1k witark ena katawk tibbane? ekane part widhata awe?
Nuwandika dil
Ela bro
Nuwandika dil
Good luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamila
thanx a lot bro..!!
Pradeep M Gamlath
Thanks bro ...**
Udara Cooray
ස්තූතියි සහෝ
Sandaruwan
Thank you bro..
raji
ela wadak........
සුරාඡ්
තැන්ක්ස් මචං ඵළ.............. නියමයි. සබ්ඵක වෙනුවෙන් මාගේ උත්තමාචාරය.
Dimal
thanks bro
Alpha
Niyamai bn.. thankz iwara wenakam mahanci welaa sub dunnata..
Dasun Pramuditha
Okkoma baluwa. Sub supiri. Thnx machan
බුද්ධික
එල සහෝ...
sachin gimhan
Sub ekata tanx bro.. next ekatath sub demu hode...
Kulanjana Maduranga
niayamai…patta series 1k...elazzz.thanks LAHIRU saho..sub walata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx bro
Udara Damith B/K
************
sisan deka enakal maga balan innawa
*****chameera
Bohoma sthuthi saho.....
madhawa supun
ela machan ela.nimata saba karala
dinushakumara
ala mcn
buddi
Thanks Machan..........
dilan
Thank You Lahiru Prasad... ජයින් ජයිම වීවා.. :) :) :)
lasitha
thanx sahooo
dilan
බොහොම ස්තුතියි යාළුවා.////
ashan
supiri
eranda
thanks
heshan bandara
patta bro
Rajitha
Thanks bro kathawa genawata........jayawewa......!
Navindu
Thankz saho sub ekata
buddhika senanayaka
tnks bro sub akt
Kasun
Thanks kollo sub akata
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
DILRUK
thank`s mcn sub ekata...........
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
සුභාෂ්
පට්ට සබ මචෝ... උඹ ඒ් පණ්ඩිත වචන දාලා ඒක ඒක වචන වල තේරැම දුන්නෙ නැත්තන් අපිත් ඔහේ බලන් ඉන්නව විතරයිනේ... තැන්ක්ස් බොක්ක.. සබ ටීවී සීරියස් ඒක දෙකම පට්ට... ඒළ...
saliya
Thanks bokka ... niyama tv serius aka.. digatama sub karapan machan
Menaka
Thanks bro
mindika
Thanks !!!!!!!!!!!!!!
Sandeepa nisal
Thanks machan
RANA D
sub walata thankz machn........
nisha
Sub walata thanks bro... digatama ohoma yan.
sandul
s02 ekath danako sahooo
Madu
season 2 ke sub diyan machooo loku udauwak.plzzzzzzzzzzzzzzz
Rasitha Illangasinghe
Thanks sub ekta..
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Udayaranasingha
Thanks මචන් sub වලට....ජය වේවා...
mission
ela
Dave
Thanx broh
Pavi
Thanks a lot for subs....
Advertisement




සුපිරී වැඩක් මචෝ