[box]මම මාස හයකින් පස්සෙ ඔයාලව හමුවෙන්න එනව කිවුවට, මේක අද පාන්දර ජාමෙට මේක ඔයාලට දුන්න හේතුව දන්නවද… මොකද දන්නවද, ඕං අද තමා විමා කොලුවගේ “විසිවෙන” උපන්දිනේ. වැරදුනා නේද බොලේ විසිවෙන නෙමෙයි “විසිවන” උපන්දිනේ… 😀 අපෝ මේක පරණයිනෙ, බලල තියනවත් එක්ක. මම දන්නව සහෝදරවරුනී Hikz 😉 ඒත් මතකද අපේ බයිස්කෝප් අඩව…
මම මාස හයකින් පස්සෙ ඔයාලව හමුවෙන්න එනව කිවුවට, මේක අද පාන්දර ජාමෙට මේක ඔයාලට දුන්න හේතුව දන්නවද… මොකද දන්නවද, ඕං අද තමා විමා කොලුවගේ “විසිවෙන” උපන්දිනේ. වැරදුනා නේද බොලේ විසිවෙන නෙමෙයි “විසිවන” උපන්දිනේ… 😀 අපෝ මේක පරණයිනෙ, බලල තියනවත් එක්ක. මම දන්නව සහෝදරවරුනී Hikz 😉 ඒත් මතකද අපේ බයිස්කෝප් අඩවියේ 1000වන ලිපි සැමරුම දවසේ අපේ “උදා” සහෝගෙ අදහසක් අනුව පටන් ගත්තු කර්ත්‍යවය. ඔන්න ඉතින් මගේ උපන්දිනේ වෙනුවෙන් ඒකට ඌණ පූර්ණයක් එකතු කිරීම තමා මගේ පරම පවිත්‍ර චේතනාව උනේ. හොඳයි නේද? 😀 මේක තමා යාළුවනේ “විමා” (`v´) අරන් එන දෙවනි උපසිරසි නිර්මාණය. මතක ඇතිනෙ මගේ පළවෙනි එක. තාම බැලුවෙ නැත්තම් ඕං මෙතනට ගිහින් බලන්න. ඒකත් 250න් 66 වැන්න හොඳේ 😀 ඒවෙනුවෙන් පල්ලෙහායින් තියන කොටුවෙ අකුරු කොරල සුබපැතුම් එකතුකරපු වගේම සද්ද නැතුවම උපසිරසිය අරගෙන ගියපු හැමෝටම විමාගෙන් කැත නැතුවම නොමසුරු ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නව ඕං…. 😉
මෙන්න මේකයි බයිස්කෝප් පටය ගැන විස්තරේ. 2008 වසරෙදි, Andrew Stanton නම් බයිස්කෝප් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂනය යටතේ Pixar Animation Studios හිදී නිපදවූ මෙම “රෝමාන්තික-පරිඝණක සජීවීකරණ” කොටසට අයත්වන මෙය, අන්තර්ජාතික බයිස්කෝප් පට දර්ශකයේ (IMDb) කටුව “8.4” වැනි ඉහලම ස්ථානයක් කරා ගෙනගොස් ලොව ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ බයිස්කෝප් පට 250 අතරින් “60” වන ස්ථානයේ රැඳී සිටී. ලෝකප්‍රකට Walt Disney Pictures සමාගම මගින් 2008 ජුනි 27 වන දින කැනඩාවේදී නිකුත් කර ඇති මෙම සජීවීකරන බයිස්කෝප් පටය ප්‍රදර්ශනය කල පලමු සතිය තුලදීම අමෙරෙකානු ඩොලර් මිලියන 63.1ක් වැනි අති විශාල ආදායමක් උපයල තියනව කියලයි ආරංචි වෙන්නෙ. තවද “2008 Golden Globe Award සහ Academy Award වෙතින් හොඳම සජීවීකරන බයිස්කෝප් පටය සදහා සම්මානය වගේම තවත් සම්මාන උළෙලවල් හිදී විවිධ ඇගයීම් වලට ලක්වී ඇති මෙය ලෝකප්‍රකට ටයිම්ස් සගරාව මගින් “පසුගිය දශකයේ බිහිවූ හොඳම බයිස්කෝප් පට අතර ප්‍රථම ස්ථානය” ලබා දීමට තරම් නොමසුරු වෙලා තියනව. එමෙන්ම මෙහි එන ප්‍රධාන චරිතය ලෙස සැලකිය හැකි WALL-E සදහා හඬ මුසුකර තිබෙන්නේ Ben Burtt විසින් වන අතර EVA සදහා හඩ මුසුකරල තියෙන්නෙ Elissa Knight විසිනුයි. ඔන්න එහෙමනම් වටේටමම වනල වනල කට්ටියට මේ බයියිකෝප් පටය ගැන හොඳ දැනුවත් කිරීමක් කලා කියල මං හිතනව 😀
කතාව මෙන්න මේකයි යාළුවනේ 🙂
ඔන්න යාළුවනේ අනාගතේ කාලෙකදි පාළුවට ගිය පෘථිවිය කියල කියන ග්‍රහලෝකෙක ඉන්නව කුණු එකතු කරන ප්‍රාථමික ඝනයේ රොබෝ කෙනෙක්. එයාගෙ නම තමා “වොලී” එයාට ඉන්නව කැරපොතු යාළුවෙක්. පෘථිවියටම කියල ඉන්නෙ මේ දෙන්න විතරයි ඕං. ඉතින් අපේ වොලී රොබෝ යාළුව තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩේ කරගෙන ඉන්න අතරෙ ඊවා කියල කාන්තා පරාණයක් පෘථිවියට එනව. කාන්තා පරාණයක් කිවුවට පරාණයක්මත් නෙමේ “ඊවා” කියල නවීන ගැහැනු රොබෝ කෙනෙක්. මෙයා එන්නෙ ඒ කාලෙදි මේ ලෝකෙ තියන වටිනාම දෙයක් හොයාගෙන. ඉතින් මේ දෙන්න ලං වෙනව. අපේ අහිංසක වොලී කොලුව ඊව කෙල්ලට ආදරේ කරන්න ගන්නව. ඔහොම ඉන්නකොට මෙයා හොයන් ආපු දේ වොලී ගාවම තිබිල හම්බුනා කියමුකෝ. අනේ ඒ දේ හම්බවුන ගමන්ම ඊවගෙ ක්‍රියාකාරීත්වය නවතිනව. දැන් මෙයා අපේ අහිංසක වොලී කොලුවව දාල යන්න්යි හදන්නෙ. වොලී කොලුව මේ ඊවා කෙල්ලට ගොඩක් ආදරේ කරනව. මෙච්චර කාලෙකට කවුරුත් නැතුව තනිවෙලා උන්නු වොලීට තනියට කෙනෙක් මුන ගැහුනු ගමන් වෙච්ච නස්පැත්තියක්. දෙයියනේ මොන දේ කරන්නත් මේ ඊව කෙල්ල කතා කරන්නෙවත් නෑ දැන්. වොලීට ඊවව අත්-හරින්න කිසිම අදහසකුත් නෑ….. 🙁
මොනාද මම මේ කියවන්නෙ :P, මෙතනින් එහාට මොනාද වෙන්නෙ කියල පහලින් බාගෙනම බලන්නකො ඔන්න :). එහෙමනම් යාළුවනේ ඉක්මනටම ආයෙත් මුනගැහෙමු. 😀 හැම දෙනාටම තෙරුවන් සරණයි!
මීට පෙර පළකල ලිපිය…
මේක නම් ගොඩක් අය බලල ඇති දැන් පරණ නිසා,ඒ උනාට කාටුන් නිසා බලපු නැති අයත් ඇති..ඒ නිසාම ලියන්න හිතුව මේ ගැන..Wall–E කියන්නෙ හරිම ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..කාටුන් උනාට රසවින්දනය නම් අඩුවක් නෑ කියල මම සහතික වෙනව..කොහොම උනත් කතාව සරළව කියනව නම් මෙහෙමයි..Wall–E කියන්නේ ග්‍රහලෝකෙක කුණු අස් කරන්න හදපු රොබෝ කෙනෙක්…රොබෝ කෙනෙක් උනත් හොද හිතක් තියන කෙනෙක් කියන්න පුලුවන්.. දවසක් මෙයා තමන්ගේ රාජකාරිය කර කර ඉන්න අතරෙ අහස් යානාවකින් ඇවිත් රොබෝ ( ගෑණු ළමයෙක් ) මේ ග්‍රහලොවට ගෙනත් දානව..පසුව Wall–E මේ රොබෝ ගෑණු ලමයා සමග ආදරයෙන් බැදෙනව..මේ කතාවෙ ආරම්භය විතරයි,තව අභියෝග ගොඩකට මුහුණ දෙන්න මේ යුවලට සිද්ද වෙනව…ඇත්තටම හරිම ලස්සන කතාවක්..ඔයාලම බලල තීරණය කරන්නකො කොහොමද කියල..කාටුන් එකක් උනත් හරිම ලස්සනට හදල තියනව…කතාවත් ඒ වගේමයි,නිර්මාණශීලී බවෙන් අඩුවක් නෑ…
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
.
18,966 downloadsDownload WALL·E.2008.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/vima2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
79 comments
Uraj Deemantha
පොතේ ගුරා
@ දිසා! කතාවේ තේමාව අන්තිම හරියෙදි වෙනස් වෙන හින්ද වෙන්නැති එහෙම දැනෙන්නෙ..ආදර කතාවකින් ඇක්ශන් කතාවකට පරිවර්තනය වෙනවනෙ අන්තිමට.. :)
දිසා
මම මෙ දැන් බලලා ඉවර උනේ එත් එක මටනම් මුලදි තිබුන ගාම්ම අගදි අඩු වෙනවා වගේ හිතේ නවා
පොතේ ගුරා
නියමයි..හැමෝගෙම කමෙන්ට්ස් වලට ස්තුතියි... :cool:
දිසා
මට මිනිසුන්ගේ ආදර කථා බලලා ඇති වෙලා හිටියේ මෙ තියෙන්නේ බෙහෙත
ecH
Disney + Pixar කියන්නෙ හොඳම ඇනිමේෂන් චිත්‍රපටි දෙන එකතුවක්. The Bugs Life, Toy Story, Cars, Nemo, Incredibles සෙට් එකම උසස්ම වර්ගයේ චිත්‍රපටි. Up කියන චිත්‍රපටිය තමයි ඊළඟට එන්න තියෙන්නේ. එනකල් බල බලා ඉන්නේ. :)
malee_msg
මම මේ කථාව ගැන ඇහුවා මේ ළගදි.. හැකි ඉක්මනින් බලන්න මේ දවස් වල ඇගිලි ගැන ගැන ඉන්නේ.. හික් හික්
බුධාජීව
ඔන්න ImageShack වලට දාන්නයි හදන්නෙ..
පොතේ ගුරා
@බුධාජීව! එළ මචන්...ගති ෆිල්ම් එක!
AkilaDJ
එළකිරි!
මට නම් මේකෙ කැරපොත්ත තමයි සිරාම! :D
පණ තිබ්බ රොබා පස්සෙ පණ නැති වෙලා, ඇත්ත රොබෙක් වගේ හැඟීම් නැතුව යාළු කැරපොත්තවත් යට කරල, මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව කුණු අදින්න පටන් ගන්න කෑල්ල උපරිමයි!
KoK(මංගල)
mage hodama 3d film eka
Viraj
බොහොම ස්තූතියි
uda
දෙකක් නැතිව අපේ අලුත් ටොප් 250 ලිස්ට් එකේ මේකත් තියෙනවා. ඒ කියන්නේ සිංහල හදන්නම වෙනවා කාටම හරි කෙනෙකුට. හැබෑම වටින පණිවිඩයක් දෙන කතාවක්.
අනාගත මිනිස් වර්ගයාගේ අවදානමක් ගැනයි කියැවෙන්නේ, කෝකටත් මේ වගේ ඒවා ගැන දැනුවත් වෙලාම ඉන්න එකත් හොද හිටී. කාටුන් හින්දා කාටත් උරුමයි!jana
Maaxxa happy b day
dilan
Happy birthday to u bro
lasa
Pattaaaa macha all the best
නවීන් ලක්ෂිත
උපන්දිනේ දවසේ මේ දීලා තියෙන්නේ සිරා බයිස්කෝප් එකක් නියමයි සහෝ මේ අවුරුද්දෙත් අපිට මේ වගේ නිර්මාණ අරන් එන්න ඕනේ
sura
උපන් දිනේ සුබ වේවා මචං...මේක මරැ ෆිල්ම් එකක්....නියමයි මචං...අපේ ලෝකෙට එහෙම තත්වයක් උදා නොවෙන විදියට වැඩ කරන්න පුංචි උන්ටයි ලොකු බබාලටයි ලස්සනට කියලා දෙනවා..............
රෙහාන් චානක
Happy B'day machan and Thank you for the subs
හසන්ත වික්‍රමරත්න
මුලින්ම සුබ විසිවන උපන් දිනයක් වේවා. මමත් මේ ෆිල්ම් එකට ඇහැ ගහන් උන්නේ. 250 එකක් නිසා. කොහෙද මෙන්න දීලනේ. කොහොම උනත් කමක් නැහැ වැඩේ උනානේ. එහෙනම් මල්ලි සියලුම වැඩ රාජකාරි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා !!!
mudiya / මුදියා
හැපිම හැපි උපන් දිනයක් වේවා වීමා.උපන් දිනය දවසේ අපි ඔයාට තෑග්ගක් දෙන්න ඕනි එක වෙනුවට ඔයා අපිට නියමම තෑග්ගක් තමයි දීල තියෙන්නෙ.මේක අනිව සුපිරි ෆිල්ම් එකක්.ගොඩක් රසවිඳපු එකක්.සිංහල එක්ක නම් බැලුවෙ නෑ.ඒ නිසා අනිව ආයෙමත් බලනව.බලපු නොබලපු හැමෝටම කියන්නෙ ආයෙත් බලන්න.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!
Siraj priyantha
Thanks saho.
Lucky
Happy B'Day & Meny Happy Retuns of the day,Your work are excellent keep it up.
Rashmika
Happy birthday!!!!! bro....sub 1kt thanks
ශාන් විමුක්ති [වීමා]
සුබපැතුම් එකතු කරපුහැමෝටම විමා ස්තුති කරනව
...@ මුදියා
මේක ලංකාවනෙ අප්පා හැම දේම කන පිටට වෙන්නෙ, මගේ උපන් දිනේට මගෙන්ම තෑගි ඉල්ලනවනෙ ඕං දුන්න ඉතින්....
තව තෑග්ගක් මග එනව බලන් ඉන්නකෝ :P@ හසන්ත
එව්වා කොහොද මාත් එක්ක
අපායට යන්නත් ඉස්සර වෙන්න ඕන..... හිහ් හිහ් හීහී... :Dජය වේවා හැමෝටම ;)
uda
නියමයි කොල්ල! සුපිරි චිත්‍රපටයක්!
මේක වෙනස්ම මානයකින් බලලා, අලුත් පැතිකඩක් ගෙනාපු චිත්‍රපටයක්.
ලෝකය මුඩු අජීවී වෙච්ච කාලෙක මිනිස්සුන්ට ලෝකයට ආදරය කරන හැටි යන්ත්‍රවලින් ඉගෙන ගන්ඩ සිද්ධ වෙලා. මේක අනාගතේ වෙන්ඩත් බැරි නෑ...නොවෙන්ඩනම් අපි අපි අතේ ලොකු වගකීමක් තියේ. මේක ගෙනැත් දීලා සබ් එක්කම, අපට වින්දනයකුත් එක්කම යටින් දුවන කතාවක් ගැනත් ඉගෙනගන්ඩ පුළුවනි. උපන්දිනේටම ගළපළා නේද දීලා තියෙන්නේ? ඒකත් නරක නෑ...
උපන්දිනේ සමරන්ඩ හොදම විදිහක් තමා! අනුන්ට තෑගි දීලා, සතුටක් ලැබ දීලා!
නේද?
අගෙයි අගෙයි සහෝ! දිගටම කරමු මේ වැඩේ! ජය!කැලුම් ගුණසේකර
සුභ උපන්දිනයක් වේවා සහෝ. මාත් මේක බලලා නෑ. අරන් බලන්න ඕන. ස්තුතියි සහෝ.
Uraj Deemantha
පට්ට පතුරු ෆිල්ම් එකක් මේක..... :) සිංහල සබ් එක්ක ආයේ බලන්න හිතෙනවා.... :D
රොයිලි
සුබම සුබ උපන්දිනයක් කියන ගමන්ම බොහොම ස්තූතියි කියලත් කියනවා ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shamika
patta machan digatama karagena palayannn.......
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ටම බාන්ඩයක් නේ විමා ගෙනත් තියෙන්නේ...අනිවා බැලීමක් තමයි ඉතින් ...අනික දේසීය පනහෙන් එකක්ලු නේ... ඉතින් නොබලා කොහොමද....
ඔහ්හ් අමතක උනා.... සුබම සුභ උපන්දිනයක් වේවා ඔයාට.... පාටියක් එහෙම නැද්ද.....“චූටී මල්ලි”
සුභ උපන්දිනක් වේවා
ඒ අගෙම සබ් එකක් ගෙනාවට තෑන්ක්ස්
එහෙනම් ඉස්සරහටත් හොද ඒවාට දෙන්න හරිද?
ඔබට ජය....ganesh
මෙක පටිට කතාව බං කොචිචර බැලුවත් එපා වෙන්නේ නැ රොබො කෙනේක් රොබොවරියකට ආදරෙ කරන කථාව ක්
ශාන් විමුක්ති [වීමා]
සුබපැතුම් වලට බොහොම තුති සහෝදරවරුනි :)
@ උදා
අනිවා උදා, කෙනෙක්ට යමක් දීල එකෙන් එයා සතුටුවෙන හැටි දකින එක තරන් සතුටක්.. ඒක් මාර හැගීමක් මචං, ඔයාල වගේම මමත් අද ඒක විදිනව :)@ ආසිරි
පාටියක් එහෙම තිබුන ඊයෙ රෑ අදනම් නෑ ;) :P@ චූටි මල්ලි
අනිවා අනිවා තව පට්ට පහරවල් ටිකක් අරන් එනවම්යි@ ගනේෂ්
අනිවා සහෝ ගල් වෙලා තියන හදවත් ඇති මිනිසුන් වෙසෙන යුගයක නියම ආදරයක් හොයාගන්න අමරුයි සහෝ, මේ බයිස්කෝප් පටයෙන් පට්ටම ආදර්ශ ටිකක් දෙනව ඒව මාර වටිනව සහෝ!buggycart
thawa animation movieswalata sub dhanda!!! (Robots, Up, Cars 1, Corpse Bride, Marry and Max)
සමීර කරුණාරත්න
සමා වෙයන්න මචෝ ප්‍රමාද වුනාට.. එහෙනම් සුභ උපන්දියක් වේවා...!
උපසිරැසට තුතී හොඳේ...! :D :Ddad07
lassana film ekak.....mama balapu palaweni animation film eka :)
dimuthu තරංග ඉලුක්කුඹුර
සියලුම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ උපන් දිනයකට සුබ පැතුම්.
Harsha Lahiru
Thanks Bro
කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො.......
pavith_sparrow
Tnx broo
kdn
pin wewa
Ruchcha
meka supiri 1k mchn. thanx apahu balanna ona. :)
Amila
niyamae vmuwa thawa danna putha. ala kiri
ශාන් විමුක්ති [වීමා]
කොමෙන්ට් කරපු ටික දෙනාට උන්ත් ගොඩක් ස්තුතියි, මම දැනන ඉදිය මෙහෙම වෙයි කියල ඒ නිසා තරහ නෑ හොදේ ;)
Kasun.D
happy B'Day......
maru film ekak......niyamaipasidu
ela ela thanks
සඳුන් සිතිජය
මම මේ movie එක හොයන්න කියල හිතාගෙන සයිට් එකට ආපු ගමන් මේක දැක්ක.. ස්තුතියි මචන්
රාම් රාජ්
බැලුවා.කියන්න වචන නෑ.සිංහල සබ් වලට ස්තූතියි.
Uraj Deemantha
සිංහල සබ් වලට ස්තූතියි.... :)
එරංග ලහිරු
මරු අයියෙ.. මරේ මරු...ඔයලට ගොඩක් පිං
Advertisement
යකඩ ගොඩවල් වලටත් ආදරේ තේරෙන දැනෙන හැටි..........!! මාර ගති........!!