සති දහයක් පුරා, කතාංග දහයක් එක්ක එක දිගට ආපු ගමනේ අවසානය සනිටුහන් කරන්නයි මේ සූදානම. මොකද අදින් House Of The Dragon පළවෙනි සීසන් එක අවසන් වෙනවා. හරි නම් සඳුදා උදේ දසවෙනි කොටස නිළ වශයෙන් රිලීස් කරන්න තිබුණත්, ඊයේ කලින්ම පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණා. ඉතිං ඒ පිටපතට පුලුවන් ඉක්මණින්ම සබ් එක හදලයි මේ…

සති දහයක් පුරා, කතාංග දහයක් එක්ක එක දිගට ආපු ගමනේ අවසානය සනිටුහන් කරන්නයි මේ සූදානම. මොකද අදින් House Of The Dragon පළවෙනි සීසන් එක අවසන් වෙනවා. හරි නම් සඳුදා උදේ දසවෙනි කොටස නිළ වශයෙන් රිලීස් කරන්න තිබුණත්, ඊයේ කලින්ම පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණා. ඉතිං ඒ පිටපතට පුලුවන් ඉක්මණින්ම සබ් එක හදලයි මේ අරන් එන්නේ. එහෙනම් පුරුදු විදිහටම පසුගිය කොටසේ සිදුවිම් මතක් කරගෙන ඉමු.
කලින් කොටස නම් වෙලා තිබුණේ “The Green Council” විදිහටයි. ඒ කතාංගය සම්පූර්ණයෙන්ම ග්‍රීන් පාර්ශවය වටා ගොඩනැගී තිබීමත්, ඔවුන් තමන්ගේ බලය වර්ධනය කරගෙන අවසානයේදී ඔවුන්ගේ දේශපාලනික නැගී සිටීමත් වුණු නිසයි ඒ කොටසට ඒ වගේ නමක් ලැබිලා තිබුණේ.
කතාංගය පටන් ගන්නේ විසේරිස්ගේ මරණයෙන් පැය කිහිපයක් ගත වුණාට පස්සේ. මාලිගාව පුරාම තියෙන්නේ මූසල නිශ්ශබ්ද බවක්. මරණයේ නිහැඬියාව ඒ තුළින් ගලා එනවා. විසේරිස් මියගිය නරක ආරංචිය මුලින්ම දැනගන්න ලැබෙන්නේ ටයිලාට. ටයිලා එය ඇලිසන්ට් වෙත අරන් යනවා. ඒ ගැන අහලා ඇලිසන්ට් හුඟක් සංවේදී වෙනවා. හුදෙක් දේශපාලන විවාහයක් වුණත්, ඇලිසන්ට් විසේරිස්ට අවංකවම ආදරය කළ බවට අපි ඕනෑවටත් වඩා සාක්ශි දැක්කනේ. මේත් එයින් එකක්.
ආරංචිය ලැබුණු ගමන් ඇලිසන්ට් ඔටෝ ගාවට යනවා. ඇය ඔටෝට කියනවා විසේරිස් අවසන් මොහොතේ තමන්ගේ අවසන් කැමැත්ත ප්‍රකාශ කරපු බව. ඇලිසන්ට්ට අනුව විසේරිස්ගේ අවසන් කැමැත්ත වෙන්නේ කිරුළ රෙණෙයිරාට නොදී දෙවෙනි එගෝන්ට දෙන්නයි. ඒත් මෙතනදි ඇලිසන්ට් තනිකරම වැරදි වැටහීමක්නෙ ඇති කරගන්නෙ. ඇය රැවටුණේ කොහොමද කියලත් මම ගිය සතියෙ ලිපියෙන් පැහැදිලි කළා. (ඒක නොකියවපු අය මෙතනින් ගිහින් කියවන්න) විසේරිස්ගේ මරණය පිරිසකට ශෝකාන්තයක් වෙනකොට, තවත් පිරිසකට ඒක හොඳ අවස්තාවක් වෙනවා. එගෝන්ට රජකම දීලා, ඔහු තුළින් තමන්ගෙ බලය වර්ධනය කරගන්න මග බලන් ඉන්න ඔටෝට විසේරිස්ගේ අවසන් කැමැත්ත ඉහේ මලක් පිපෙන තරම් ආරංචියක්.
ඇලිසන්ට් සහ ඔටෝ කතා බහක් කර යන අතර වාරයේ ඇලිසන්ට්ගේ සේවිකාව ටයිලා තැනකට වෙලා ඉටි පන්දම් දල්වනවා. ඇය ඇත්තටම මේ කරන්නේ කෙනෙකුට සංඥාවක් යැවීමක්. මිසාරියා, ප්‍රසිද්ධ නමින් කතා කළොත් “වයිට් වෝම්” කියන්නේ මේ කාලෙදි කිංස් ලෑන්ඩින් අවට රහස් බලයක් ගොඩනගාගත් කෙනෙක්. ඩේමන්ගේ වෛශ්‍යාව වුණු ඇය වටේ මේ වෙද්දී හොඳ බලයක් ගොඩනැගිලා තියෙනවා. කාටත් හොරෙන් ඇය මාලිගාවේ පවා ඔත්තුකාරයින් යොදවලයි ඉන්නේ. ඉතිං ටයිලා කියන්නෙත් ඒ ඔත්තුකාරයින් අතරෙන් කෙනෙක්. රජුගේ මරණය ගැන දැනගත් වහාම ඇය ඒ ගැන ග්‍රේ වෝම්ට ඉටි පන්දම් හරහා දන්වනවා.
රජු මිය ගිය පුවත මූලිකව විසේරිස්ගේ කුඩා කවුන්සිලය රැස් වෙනවා. ඔවුන්ගේ කතා ඇහුණු ඇලිසන්ට්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ ඇස් වහලා තමන්ගේ පුතාව රජ කරවන්න ඔටෝ ඇතුලු රාජ සභිකයින් මුල ඉඳන්ම සැලසුම් කරන් ඉඳපු බව. ඔවුන්ගේ සැලසුම් අතර රෙණෙයිරා සහ ඇගේ පවුලේ අයව ඝාතනය කරන සැලසුමකුත් තියෙනව කියල දැනගත්තම ඇලිසන්ට් ලොකු කම්පනයකට පත් වෙනවා. කොහොම වුණත් තාමත් කුඩා කවුන්සිලයේ විසේරිස්ට සහ රෙණෙයිරාට පක්ෂපාති දෙන්නෙක්ම ඉන්නවා. ඔවුන්ගෙන් කෙනෙක් වුණු ලයිමන් උතුමාණන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ගිහින් ක්‍රිස්ටන් කෝල් අතින් මැරුම් කනවා. පොතේ නම් ලයිමන් මැරුණා කියලා අනුමාන කරන ක්‍රම තුනක්ම තිබුණා. එකක ඔහු සිරමැදිරියේදී මැරුම් කෑ බවත්, තව එකෙක් ක්‍රිස්ටන් ඔහුගේ උගුර කපා මැරූ බවත්, තවත් එකක ක්‍රිස්ටන් ඔහුව ජනේලයකින් තල්ලු කරලා මරපු බවත් තමා “Fire And Blood” පොතේ අනුමාන කරන්නේ. ඒත් සීරීස් එකේ නම් ලයිමන් උතුමාණන් මිය යන්නේ ක්‍රිස්ටන් අතින්ම, මේසය මත වැරෙන් හිස වද්දවලයි.
රෙණෙයිරාව ඝාතනය කරලා අතේ ලේ ගා ගන්න අකමැති වෙස්ටර්ලින් අණ දෙන උතුමාණනුත් තනතුරු අතහැරලා පිට වෙනවා.
ඔය අතරෙ තමා එගෝන් අතුරු දහන් වෙන්නේ. මාලිගයේ එගෝන් නැති වීම නිසා ඔටෝ වගේම ඇලිසන්ට්ටුත් කම්පනයට පත් වෙලා ඔහුව සොයන මෙහෙයුම දියත් කරනවා. මෙතනදි ඇත්තටම ඔටෝ සහ ඇලිසන්ට් පිල් දෙකකට බෙදිලා එගෝන්ව සොයා යෑමක් තමා සිද්ද වෙන්නේ. මොකද ඇලිසන්ට්ට ඕනෙ නෑ ඔටෝ මුලින්ම එගෝන්ව හොයාගෙන, ඔහුගේ ඔලුවෙ විස පුරවලා තමන්ගේ කෲර සැලසුම් එගෝන් ලවා සාක්ශාත් කරගන්න. ඒ අතර ඔටෝට ඕනෙත් නැහැ ඇලිසන්ට් රෙණෙයිරා ඇතුලු පිරිසට කරදරයක් නොකරන මට්ටමට එගෝන්ගේ මනස හදන්නත්. ඉතිං විරුද්ධ මත එක්ක දෙපැත්තය බෙදුණු ඔටෝ සර් එරික් සහ ඇරික්වත්, ඇලිසන්ට් ක්‍රිස්ටන්ව සහ ඒමන්ඩ්වත් රාජධානියේ මීළඟ රජුව සොයන්න යවනවා.
ඒ වගේම මේ වෙද්දී තාමත් රේනිස් ඉන්නේ රජ මාලිගයේ. බ්ලැක් පාර්ශවයට ඇය තුළින් රහස් කාන්දු වීම වළක්වාගන්න අරමුණින් ඇයවත් සිර කරනවා අපිට බලාගන්න පුලුවන්. ඒ හේතුව වෙනුවෙන්ම මාලිගාවේ සේවික සේවිකාවන්වත් සිර කරනවා. පේනවනේ හයිටවර්ලාට රජුගේ මරණය රහසක්ව තියාගන්න එක කොච්චර වැදගත්ද කියලා.
එරික්- ඇරික් දෙදෙනා වගේම ක්‍රිස්ටන්- ඒමන්ඩ් දෙන්නත් මුලු නගරයම පීරලා එගෝන්ව සොයනවා. ගණිකා නිවාසවල වගේම පුන්චි දරුවන් යොදන් නීති විරෝධී සටන් කරන ස්ථානවල පවා ඔහුව සොයනවා. මේ තැන් හැම එකක්ම වගේ පුරුද්දක් වශයෙන් එගෝන් ගැවසුණු ඒවා. ඔහුගේ ආශාවන් කොච්චර අධමද සහ අසාමාන්‍යයද කියලා මේ තැන් ගැන දැක්කම හිතාගන්න පුලුවන්නේ. තවත් මතක් කළ යුතුම කාරණාවක් තමා, අර සටන් කරන තැන අපිට ටාගේරියන්වවරුන්ට සමාන සුදු හිස කෙස් තියෙන පොඩි ළමයෙක්ව බලාගන්න ලැබෙන්නේ. ඒ ළමයා එගෝන්ගේ අවජාතයක දරුවෙක් බවයි කියන්නේ. මේ ඉන්නේ බොහෝ දුරට Gaemon Palehair වෙන්නත් පුලුවන්.
එගෝන්ව සොයන මෙහෙයුම සිද්ද වෙන අතරේ ඔටෝ දැනටමත් ඔහුගේ රාජාභිශේකය වෙනුවෙන් සහය රැස් කරන ගමනුයි ඉන්නේ. වසර විස්සකට කලින් රෙණෙයිරාට සහය පල කළ වංශවතුන්ගෙ සහය තමන්ගෙ ඇත්තට ගන්න ඔටෝ උත්සහ කරනවා. ග්‍රීන්වරුන් ඉදිරියේ දණ නොනමන අයව බලහත්කාරයෙන් ඒ දේට යොමු කරන්න ඔටෝ පසු බට වෙන්නෙ නෑ. තමන්ගෙ ජීවිත ගැන තියෙන බයටම වංශවතුන් බහුතරයක්ම ඔහු ඉදිරි පිට නම්බුවත් පැත්තකින් තියලා දන නවනවා. ඔටෝගෙ ඇස් වහලා රෙණෙයිරාට උදවු කරන හදපු Allun උතුමාණන්ටත් අන්තිමේදි මැරෙන්නයි වෙන්නේ
ඇලිසන්ට් රේනිස්ව මුනගැහෙනවා. ඇය රේනිස්ට රෙණෙයිරා නිසා විඳින්න වුනු දුක් ගැහැට මතක් කරල දීලා, ඇයව තමන්ගෙ පැත්තට එකතු කරගන්න උත්සහ දරනවා. ඒත් හැම තිස්සෙම එකම මතේක ඉන්න රේනිස් ඇලිසන්ට්ගේ පක්ෂයට එක් වීම ප්‍රතික්ෂේප කරනවා.
තව දුරටත් එගෝන්ව සොයන එරික්- ඇරික් නිවුන්නුන්ට එගෝන් ගැන හෝඩුවාවක් ලැබෙනවා. ඒ හරහා තමා ඔටෝ වයිට් වෝම්ව මුනගැහෙන්නේ. කිංස් ලෑන්ඩින්වල ළමයින් යොදාගෙන සිදු කරන නීති විරෝදී සටන් වැලැක්වීමත්, මුදල් ගෙවීමක් වගේම තමන් කළ උපකාරය මතක තියාගැනීමක් කියන එකඟතා එක්ක එගෝන්ව ලබාදෙන්න වයිට් වෝම් කැමති වෙනවා. මේ දේ බලන් උන්නු ඒමන්ඩ් සහ ක්‍රිස්ටන් කෝලුත් එරික් සහ ඇරික් පසු පස යනවා. පන බයේ සැඟවිලා ඉන්න එගෝන්ව සොයාගන්න එරික් ඔහුට මෙහෙම කියනවා.
“අනිත් පිරිමි ජීවිත කැප කරලා ගන්න හදන දෙයින් ඔහේ පැනලා යනවා, එගෝන්…”
මුල ඉඳන්ම එගෝන්ට කිරුළ ගැන කිසිම ආශාවක් තිබුණෙ නෑ. සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන එගෝන්ට පාලනය කරන්න උවමනාවක්වත්, ඒ වෙනුවෙන් සුදුසු කම්වත් නැති බව පස්වෙනි කොටසෙ ඉඳන්ම දකින්න ලැබුණු දෙයක්. ඒත් රජකමක් කියන්නේ මිනිස්සු දහස් ගණනක් ජීවිත කැප කරලා හෝ ගන්න උත්සහ දරන දෙයක්. ඒත් එගෝන් ඒ දෙයින් පලා යනවා. කිරුළ ගන්න බයක් දක්වනවා. එරික් කියන වචනවලින් පැහැදිලි කරන්නේ එගෝන්ගේ මේ තියෙන දුර්වල පෞර්ශවය ගැනයි.
එගෝන් එක්ක එලියට එන නිවුන්නුන්ට ක්‍රිස්ටන් සහ ඒමන්ඩ් පහර දෙනවා. මෙතනදිත් එගෝන් උත්සහ කරන්නේ ඒමන්ඩ්ට කරුණු කියලා පැනගන්නයි. මම දැක්ක තවත් දෙයක් තමා ඒමන්ඩ්ටත් එගෝන්ට වඩා අයන් ත්‍රෝන් එක ගැන ආශාවක් තියෙන බව. එගෝන් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරද්දී තමන් ඉතිහාසය සහ සටන් ඉඟෙන ගෙන, රාජධානියේ විශාලම මකරාවත් පදිනවා කීමෙන් ඒමන්ඩ් තමන් තමයි සිහසුණට වඩාත්ම සුදුසු කෙනා කියලා විස්වාස කරන බව පේනවා. කොහොම වුනත් ඒමන්ඩ්ට තියෙන අකමැත්ත නිසා ඇරික්ගේ උදවු එරික්ට නොලැබීමෙන් ක්‍රිස්ටන්ගෙ ඇත්තට එගෝන්ව ලැබෙනවා. ඒ නිසා ඔටෝට කලින් ඇලිසන්ට්ට එගෝන්ව දිනාගන්න පුලුවන් වෙනවා.
මේ දෙයින් ඔටෝ නම් ඉන්නේ සතුටින් නෙවෙයි. දැන් එගෝන් ඉන්නේ ඇලිසන්ට් යටතේ නිසා ඔටෝට ඇය කියන විදිහට දේවල් කරන්න සිද්ද වෙනවා. ඒ වගේම ඇලිසන්ට් තුළ තාමත් රෙණෙයිරා වෙනුවෙන් තියෙන ආදරයත් ඔටෝ ප්‍රශ්න කරනවා.
ඊළඟ දර්ශනයෙන් අපිට බලාගන්න පුලුවන් ඇලිසන්ට් සහ ලැරිස් ස්ට්‍රෝං අතර හමුවීමකුත්. මෙච්චර කල් ඇලිසන්ට්ට උදවු කිරීමෙන් ලැරිස් මිලක් විදිහට බලාපොරොත්තු වුනේ අමුතුම ලිංගික තෘප්තියක් කියලා ඔප්පු වුනානේ. මේ වතාවෙත් ඒ මිල එක්ක වයිට් වෝම්ගේ ඔත්තුකාරයින්ගේ පැතිර යාම විනාශ කරන්න ලැරිස් කටයුතු කරනවා. පස්සෙ සීන් එකකින් ගින ගන්න ගෙදරෙන් පෙන්නුවේ ලැරිස් වයිට් වෝම්ගේ නිවස ගිණි තියපු බවයි.
එගෝන්ගේ මෞලි මංගල්‍යය සිදුවෙන දවස උදාවෙනවා. හැමදේම සැලසුම් කළ විදිහටම සිද්ද වෙනවා. ඇරික්ගේ උදවු එක්ක රේනිසුත් පැනලා යනවා. කිරුළු පැලඳීම් වෙනුවෙන් ඩ්‍රැගන්පිට් එකට යන අතර මග එගෝන් සහ ඇලිසන්ට් අතර යන කතා බහත් වැදගත්. මේ ගමනෙදි ඇලිසන්ට් එගෝන්ට තරයේ උපදෙස් දෙනවා කිසිම හේතුවක් නිසා රෙණෙයිරාට කරදරයක් කරන්න එපා කියලා. තාමත් ඈ තුළ රෙණෙයිරා වෙනුවෙන් තැනක් තියෙනවාදෝ කියල ඔටෝ කරපු ප්‍රශ්නය මෙතනින්ම ඔප්පු වෙනවා.
මිනිස්සුන්ගේ ජය ඝෝෂා මැද එගෝන් කුමාරයා විජයග්‍රාහී පළමු එගෝන්ගේ කිරුළ සහ අසිපත සමගින් රජකම ලබනවා. මිනිස්සු තමන් වෙනුවෙන් ජය පතද්දී, ඔවුන් ආදරයෙන් ඔල්වරසන් දෙද්දී මෙච්චර කල් කිරුළට කිසිම ආශාවක් නොදැකපු එගෝන්ට ඒකෙ රහ දැනෙන්න ගන්නවා. එගෝන් ඇත්තටම ඕනේ ආදරේ. තමන්ගෙ අම්මගෙනුත් “මට ආදරෙයිද?” කියලා අහද්දි වගේම මෙතනදි ඔහුට මිනිස්සුන්ට කිරුළ ගැන තියෙන ආදරය එගෝන්ට දැනුන බව අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.
හැමදේම හයිටවර්ලා සැලසුම් කරපු විදිහටම වුණත් බ්ලැක් කෙනෙක් ඇවිත් අවස්තාව උදුරා ගන්නවා. මේලිස් පිට නැඟුණු රේනිස් මතුවෙන්නේ උත්සවයම කලබලයකට හරවමින්. මෙතනදි රේනිස්ට ග්‍රීන්ලව එක වචනයකින් අළු කර දමන්න පුලුවන් කම තිබුණත්, ඇය ඉස්සරහා තවත් අම්මෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් ජීවිතය පරදුවට තබනවා දැකලා ඇය පිටවෙලා යනවා.
දහවෙනි සහ අවසන් කොටසත් සුවිශේෂී එකක්. මෙච්චර කාලයක් ගිණි ඇවිලෙමින් තිබුණ ග්‍රීන්- බ්ලැක් ගැටුම අග්නියේ උපරිම අවස්තාවට ළඟා වෙන්නේ අදයි. අද තමයි මෙච්චර කාලයක් පුන පුනා බලාගෙන හිටිය සීරීස් එකේ පළමු මකරුන්ගේ සටන සිද්ද වෙන්නෙ.
අදින් පස්සේ මකරුන්ගේ නර්ථනය ඇරඹේවි… රාජධානියම ගින්නෙන් අලුවෙන්නට ගනිවි… සමහරු ඒ අග්නියෙන් මියයද්දී, තවත් සමහරු හිටියාටත් වඩා බලවත්ම යලි වතාවක් උපත ලබාවි. මේ ඒ ටාගේරියන් ඉතිහාසයේ සිදුවෙන අඳුරුතම සටනක ඇරණුමයි!
George R. R. Martin මහතා තමන්ගෙ ප්‍රධානම පොත් මාලාව වෙන “A Song Of Ice And Fire” හි ටාගේරියන් වංශයේ ඉතිහාස කතාව විදිහට “Fire And Blood” රචනා කරන්නේ. ඒ පොතේ දෙවෙනි භාගය තමා House Of The Dragon සීරීස් එකට පාදක වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 200 ක දැවැන්ත වියදමක් දරමින් නිර්මාණය වුණු ඒ කතා මාලාව 2022 නිකුත් වුණු කතා මාලා අතරින් කිරුළු පැලදූ බවට කිසිම සැකයක් නෑ. IMDB දර්ශකයේ 8.6 ඉහළ රේටින් එකක් දිනාගනිමින් Top 250 ලැයිස්තුවේ 196 වෙනි ස්ථානය දිනාගන්න HotD සමත් වෙනවා. ඒ ඉහළ සාර්ථකත්වය නිසාම HBO නාලිකාව දෙවෙනි අදියරකටත් දීර්ඝ කරන්න දැනටමත් තීරණය කරලා අවසන්. දෙවෙනි සීසන් එකේ රූගත කිරීම් පටන් ගන්නේ ලබන වසරේ මුල නිසා අපිට ආයෙත් HotD බලන්න 2024 වෙනකන්වත් බලන් ඉන්න සිද්ද වෙනවා. ජෝර්ජ් මාටින්ට අනුව කතා මාලාව කොටස් දහය ගාණෙ තව සීසන් තුනකටවත් දිගහැරේවි.
කොහොම හරි පොරොන්දු වුණා වගේම ඔන්න මගේ කොටස මම ඉෂ්ට කළා. ඇත්තටම මම මේ සීරීස් එක භාරගද්දී රොයිලි අයියා ඇතුලු අපේ සහෝදර උපසිරැසිකරුවන් කාර්‍යබහුල වෙලා හිටිය නිසා කවුරුත්ම සිරිස් එක කරන්න ඉදිරිපත් වෙලා හිටියෙ නෑ. ඉතිං ඉස්සර ඉඳන්ම GoT වෙනුවෙන් තිබ්බ ආදරය නිසා කොහොම හරි කරනව කියන අදහස එක්ක මේක මං භාරගත්තේ. කොච්චර කාර්‍යබහුල වුණත් සඳුදා දවසම මේ වෙනුවෙන් වෙන් කරලා මුලු සීරීස් එකම ඉවර කරගන්න මහන්සි වෙන්න වුනා. හෙට විභාගයක් තියන් අද සබ් එක කරපු දවසුත් තිබ්බා. එච්චර කට්ටක් කාලා වුණු මහන්සියට ගිය සතියේ වුණු දෝශයක් නිසා පැය කිහිපයක් වුනු පමාවට මදි නොකියන්න අගය කිරීම් ගොඩක් මට ලැබිලා තිබ්බා. ඒ දේවල්වලට උත්තර දෙන්න මම මහන්සි වෙන්නෑ. ඒ වගේ ගුණමකුවො සෙට් එකකට උත්තර දෙන්න ගිහින් මගේ වටින කාලය කැප කරන් මේ ලිපියත් කැත කරගන්නෙ මොකටද නේද?
එහෙනම් අවසන් වශයෙන් මුල ඉඳන්ම මාත් එක්ක හිටිය ප්‍රේක්ෂක ඔයාලට ස්තූති කරන්න ඕනේ. ඔයාලගෙ ඩවුන්ලෝඩ් වගේම අදහසුත් මේ වැඩේ ගොඩදාගන්න මට ලොකු උදවුවක් වුණා. ඒ එක්කම පළවෙනි කොටසෙ ඉඳන් නොදන්න දේවල් කියලා දෙන ගමන්, ෆුල් සපෝට් එක දුන්න අශාන් විමුක්ති අයියවත්, 2 වෙනි කොටසෙ ඉඳන් 5 වෙනි කොටස් වෙනකන් ලිපි දුන්න නෙරංජි අක්කවත් මතක් කරන්නම ඕනේ. ඉතිං ඔයාලා හැමෝටම ස්තූතියි ඒ දුන්නු සහයෝගය වෙනුවෙන් ❤️
එහෙනම් මෙතනින් මගේ කොටස මම අවසන් කරනවා. ආයෙත් ළඟදිම දවසක හමුවෙමු මේ වගේම ලස්සන වැඩකින්. HotD එකේ වැදගත්ම වචන කිහිපයක් සටහන් කරලම මම සමුගන්නම්.
“අපව රජවරුන් කළේ මකරුන් මිසක් සිහින නෙවෙයි.”
S01E10: “The Black Queen”
Director: Greg Yaitanes
Writer: Ryan Condal
Runtime: 1h 3m
Released Date: Oct 23, 2022
IMDb Rating: N/A
Age Rating: TV-MA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Leaked සහ Original,
WEB පිටපත සඳහා ගැලපේ වේ.
31,374 downloadsDownload House-of-the-Dragon-S01-E10-Updated.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #MaxxA
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
92 comments
Anonymous
Nuwan
Sub ekata thanks Malli parakku Nowi Hama ekkma ikmanata dunna eka loku deyak sub tika hadata tibuna kisi awlk na lipiyath e wagemai supiriyatama tibuna
surapappa
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...
ඊලග කතාමාලාව ආවොත් ඒකටත් සබ් දෙන්න සහෝ වැඩේ අතහරින්න එපා...
අපි හැමදාමත් බයිස්කෝප් එකත් එක්ක ඉන්නවා..
ජයAnonymous
Thank you soo much ❤
සංජන චමෝද්
නියමයි මල්ලි. එපිය ආපු දවසෙම හවස දාල තිබ්බ.ඒ තරම් quick එකේ සබ් ටික කරල තිබ්බ. එක්සෑම් එක හොදට කරගනින්.❤️
Anonymous
Thank you , malli
Bimsara Yashan(ඔලිව)
නියමයි සචින්ත මල්ලි, ඔයා කියල තිබ්බ විදිහටම ලස්සනට වැඩේ ඉවර කළා. දැං තමා සීරිස් එක බලන්න පටන් ගත්තෙ, සබ් ටිකට බොහොම ස්තූතියි. ජයවේවා!
Anonymous
සුපිරි බ්‍රෝ.සුපිරි
ආසාවෙන් බලන සීරිස් එකක්
සබ් එකට ස්තූතීයි❤️❤️❤️❤️Anonymous
thank you brother highly appreciate your work
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Anonymous
thank you
Gamage
Thanks for the Sub.....
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Danushka
කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවකින් තොරව කරන මේ උපසැරසිකරනයට බොහොම ස්තුතියි. සියලු අනාගත බලාපොරොත්තු ඉටුවන්න කියා ප්‍රර්ථනා කරනවා. ජයවේවා
Kpkv
Thanka bro
Demon
Thanks cuddh
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ ❤
Anonymous
thank you machan
Anonymous
thank you so much for all of you
Haritha
thanks
ArunaSK
thanks brother
Anonymous
Thank you macho sub 1kta. Next season 1k oyama sub karanna. Good luck
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
DMT SANJEEWA
Thanks brother sub akkata anith un kiyana awa ahanna appa oyata pluwanwelawaka sub akka karalla denna ...
H.Anishka Ishan
බොහොම ස්තූති..
Anonymous
Very good....
Anonymous
thanks machan...ela
Logan
Sub ekata Thanks Brother. PSA Original Rip ekata Meka Match wenna hadala denna puluwamda Original Rip eka awahama?
Roy
Thank You Brother
JonDoe297
තැන්ක්ස් සහෝදරයා. කුණු කතා අහගෙන හරි මේක ඉවර වෙනකල්ම සබ් දුන්නට.
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Prasad
Thanx saho
tharidu16
siyaluma epi walata thanks bokka
viraj
thanks.........
නලින් පෙරේරා
ස්තුතියි, සචින්ත මල්ලි, මේ HOTD සීසන් එකට අපි වෙනුවෙන් ලස්සනට කැපවීමෙන් සබ් කරපු එකට. අපේ බයිස්කෝප් එල්කේ ටීම් එකට ලැබුණ තවත් අගනා මැණිකක් තමයි මල්ලි ඔයා. ඔයාගේ ඉදිරි කටයුතුත් සර්වප්‍රකරයෙනම් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
ජය වේවා! :)
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Shaminda
Thank you brother
hemal
මකරුන් මියයන්නේ නැත.... ඉතිහාසයේ කොටසක් වේ. ලස්සන කතාවක් ලස්සන උපසිරසක් තැන්ක්‍යූ කොල්ලෝ
Demon
Orginal print ekt sub set wenn na bn
Sathya Jayasinghe Karunarathna
thank you brother
Anonymous
thaks sahodaraya...oyata jaya..
Anonymous
Original episode එකට සබ් එක upload කරනවඩෝ.. මේකෙන් ඒක බලන්න බැහ්..
Prof x
Bro HOTR Season 1 ekata karapu Sub walata Thanks. Ada Release una Original Episode ekata Sub eka Update karala denna puluwanda? Ada episode eka Leak una ekata wada run-time eka tikak wadi.
Anonymous
Thanks ❤️
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
සචින්ත බෙනට්
අද රිලීස් වුණු ඔරිජිනල් කොපි එකටත් ගැලපෙන්න සබ් එක හදලා පුලුවන් වුණු ඉක්මණින් දෙන්නම්
Anonymous
දැම්මද යාලූ
Unknown
දැම්මද
No Name
අනේ ඉක්මනට දාපන්කො මචන් අද රෑට බලන්න ඕනේ
Anonymous
Update klda bm
nikan bass
orignal ekata sub one raththaaraneeee
Anonymous
Dpmko bn
lakshan
thank you bro
Gihan
sub ekta thanks saho.
jaya wewa.Ruchira
බොහොම ස්තුතියි මල්ලී. ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.
Saja
Thanks brooooo
Umbala mara up ekak denne.
Kiyala wedak neee supiri
Advertisement
![House of the Dragon [S01 : E10] Sinhala Subtitles | බ්ලැක්වරුන්ගේ රැජිණ [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/House-of-the-Dragon-1.0.jpg)


superb brother