ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, තවත් සුවිශේශ දවසකින් තමයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ඔයාලා දැනටමත් උඩින් දකින්න ඇති මගේ උපසිරැසිකරණ ගමනේ දෙවෙනි කඩයිම එහෙමත් නැත්තම් මගේ 100* වෙනි උපසිරැසිය තමයි අද ඔයාලා එක්ක බෙදාගන්නේ. වැඩි වැල්වටාරම් ගැන කියවන්න ඕනේ නෑ. බයිස්කෝප් අඩවියෙන් වෙන සේවය ගැන මේ වෙද්දි ඔය…

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, තවත් සුවිශේශ දවසකින් තමයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ඔයාලා දැනටමත් උඩින් දකින්න ඇති මගේ උපසිරැසිකරණ ගමනේ දෙවෙනි කඩයිම එහෙමත් නැත්තම් මගේ 100* වෙනි උපසිරැසිය තමයි අද ඔයාලා එක්ක බෙදාගන්නේ. වැඩි වැල්වටාරම් ගැන කියවන්න ඕනේ නෑ. බයිස්කෝප් අඩවියෙන් වෙන සේවය ගැන මේ වෙද්දි ඔයාලා හැමෝම දන්නවනේ. දන්න සිංහලෙන් ඕන භාෂාවක චිත්‍රපටයක් බලන්න ඕන කෙනෙක් ගොඩ වදින්නේ අපේ වෙබ් අඩවියට කියලා අපි හොදාකාරවම දන්නවා. උසස් තත්වයේ උපසිරැසි ලබා දෙනවට මුලින්ම අපේ උපසිරැසි නිර්මාණකරුවන්ට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඒ නිසා තමයි මමත් අද ආසාවෙන් උපසිරසිකරණයට යොමුවෙලා ඉන්නේ. මම මුළින්ම බයිස්කෝප් පවුලට සම්බන්ධ උන විදිය මගේ 50* වෙනි උපසිරසි ලිපියේ සඳහන් කරලා තියෙන නිසා ආපහු ඒ ගැන කියන්නේ නෑ. මේ වැඩේ අවුරුදු තුනක් තිස්සේ කරද්දි ගොඩක් අයගේ අදහස්/ගුරුහරුකම් ලැබුනා ඒ වගේම හොඳ යාළුවෝ පිරිසකුත් මුණගැහුනා. ඒ හැමෝටම මේ වෙලාවේ මම ස්තූතිපූර්වක වෙනවා ලබා දුන්න සහයෝගයට. ඉසිර අයියට සහ රොයිලි අයියවනම් අමතක නොකර බෑ. අනිත් යාළුවෝ හැමෝම නම් වශයෙන් සඳහන් කරන්න බෑ එක්කෙනෙක් හරි මඟ හැරෙන්න පුළුවන් නිසා. බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලේ හැමෝමවම ආදරෙන් මතක් කරනවා. එයාලා හැමදාමත් අපේ අඩු පාඩු පෙන්වලා දෙමින් අළුතින් එන නිර්මාණ ගැනත් නිරතුරුවම දැනුවත් කරනවා. අපේ Mini/ Cancelled අදින සංගමේ සෙට් එකේ හැමෝමත්, බයිස්කෝප් අඩවියට එක උපසිරසියකින් හෝ දායක උන සියළුම උපසිරැසිකරුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි හැමදාම උපසිරැසි ගන්න, හැමදාම කොමෙන්ට් කරන අපේ වෙබ් අඩවිය ලංකාවේ අංක 1 විනෝදාත්මක වෙබ් අඩවිය බවට පත් කරන්න දායක උන බයිස්කෝප් රසික ඔබ සියලු දෙනාවත් හදවතින්ම ස්තූතීවන්ත වෙනවා.

මේ වසරේ නිකුත් උන වෙනස්ම ආකාරයේ සුපිරිම ෆිලුමක් වෙන Army of the Dead (2021) බැලුවා නේද ? බලලා නැත්තම් දැන්මම බලන්නකෝ. මේ Army of the Dead චිත්‍රපටයේ ප්‍රීක්වල් සිනමාපටයක් විදියට තමයි මේ Army of Thieves චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Army of the Dead සිනමාපටයේ සිදුවීමට වසර 6කට පෙර සිදුවීමක් තමයි මේ නිර්මාණට පාදක වෙලා තියෙන්නේ. කලින් ෆිල්ම් එකේ සේප්පුව බිඳින පිස්සු හාදයා “ලුඩ්විග් ඩීටර්” මතකද? මේ චිත්‍රපටයේ තියෙන්නේ මෙන්න මෙයාගේ කතාව. ඩීටර් කොහොමද අතිදක්ෂ සේප්පු බිඳින්නෙක් බවට පත් උනේ, ඊටකලින් එයාගේ රස්සාව මොකක්ද ? ඩීටර්ට සේප්පු එක්ක තියෙන බැඳීම මොකක්ද ? මේ ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ලුඩ්විග් ඩීටර් කියන්නේ මෙයාගේ ඇත්ත නම නෙමෙයි. මෙයාගේ ඇත්ත නම තමයි සෙබස්තියන්. එතකොට මෙයාට ඩීටර් කියන නම ලැබුනේ කොහොමද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේ සොම්බි ව්‍යසනයේ ආරම්භයත්, Army of the Dead චිත්‍රපටයේ දකින්න ලැබෙන විශාල සේප්පුව වෙන “ගොටර්ඩැමරන්ග්” සේප්පුව නිර්මාණය වෙන විදියත් ඒ සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයකුත් බලාගන්නත් පුළුවන්. මේ ෆිලුමේ කතාව ලියන්නෙත් පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Zack Snyder විසින්මයි. මෙය අධ්‍යක්ෂනය කරන්නේ Matthias Schweighöfer විසින්. 2021 ඔක්තෝම්බර් මස 29 දා තිරගත කිරීම අරඹා මේ වන විට 6.4ක IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලකයන් අතර 93% මනාපයකුත් කුණු තක්කාලි අගය 71%කුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන Matthias Schweighöfer විසින්මයි. ඊට අමතරව Game of Thrones, Fast & Furious චිත්‍රපට මාලාවේ රැම්සි ලෙස එක්වූ Nathalie Emmanuel “ග්වෙන්” ලෙසත්. Ruby O. Fee “කොරීනා” ලෙසත් Stuart Martin “බ්‍රැඩ් කේජ්” ලෙසත් Guz Khan “රොල්ප්” ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
වැඩි විස්තර සහිත ලිපියක් ලියන්නේ නෑ දැනටමත් පරක්කු වෙලා තියෙන නිසා. අන්තර්ජාලයට හොඳ කොපියක් නිකුත් උනත් දවසක් පරක්කු වෙනකන්ම, ඒකට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් තිබුනේ නෑ. ඒ නිසා පරක්කු උනාට සමාව අයදිනවා. ඒ වගේම මගේ දෙවන කඩයිම මතක් කරලා ඒ වෙනුවෙන් මට මේ චිත්‍රපටිය වෙන කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. උපසිරැසිය අරගෙන කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා හැමෝටම ආදරයෙන් මතක් කරනවා. කිසිම මූල්‍යම හෝ වෙනත් වාසියක් නැති මේ වැඩේට ඔයාලගේ අදහස් තමයි වටින්නේ. ඒ නිසා තමයි මේ දක්වා උපසිරසි කටයුතුවල යෙදෙන්න ශක්තියක් ලැබෙන්නෙත්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.. ජය වේවා !!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි සියලුම WEB පිටපත් සඳහා අදාළ වේ.
41,729 downloadsDownload Army.of_.Thieves.2021.INTERNAL.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
92 comments
Bimsara Yashan(ඔලිව)
ArunaSK
සුබ පැතුම් broo 100 වෙනි උපසිරැසියට.
Gihan
සබට තුති සහෝ
100 වෙනි කඩයිමට සුබ පතනවා.
ජය වේවාsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයRavi
Thanku ❤️
Anonymous
100 වෙනි උපසිරැසියට සුබපැතුම්..
Nishan S Ariyarathna
꧁ⓞⓖⓐⓤⓐⓘⓝ꧂
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
බුදු සරණයි!Anonymous
thanks for sub
Anonymous
tnx bn sub ekata
මයිකි
100 වෙනි උපසිරසයට ජයවෙවා මචො. තව ෆිල්ම් 1000 ට සබ් ගහන්න හැකිවෙවා කියලා සුබපතනවා.
naara
jaya wewa!❤️
kevin D...
Thanks...
Chämàrá Sâmpáth
100'වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් යුරාන්.
පුද්ගලික වැඩ කටයුතු කරගෙන යන අතරේ, මෙතැනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!!!P_mihir
Denakan balan idiye thanx for the sub
මධුකප්‍රිය පෙරේරා
100වැනි උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්!
මෙතනින් නොනැවතී ඉක්මනටම අනික් කඩයිම්වලටත්
යන්න ලැබේවා කියා පතනවා. උපසිරසියට තුති. ඔබට ජය!MTR Tharindu Rukshan Perera
මුලින්ම සියවෙනි සිංහල උපසිරැසි නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එකතුකරනවා.බයිස්කෝප් සිංහලෙන් පවුලේ දැන හඳුනාගන්නට ලැබුණු තවත් දක්ෂ උපසිරැසිකරුවෙක් වගේම බාල සහෝදරයෙක් විදියට යුරාන් මල්ලිව අඳුන්වන්න පුළුවන්,ගොඩාක් වෙලාවට චිත්‍රපටියක සිංහල උපසිරැසි බාගත කරගන්න ගියාම යුරාන් මල්ලිගේ සිංහල උපසිරැසි නිර්මාණයක් නම් කිසිම සැකයක් නැතුව බාගත කරගත්තාට පාඩුවක් නම් වෙලා නෑ, ඒතරමටම සිංහල උපසිරැසි නිර්මාණය කරන්නට තෝරාගන්නා සිනමාපට උසස් රසවින්ඳනයක් පෞද්ගලිකව මට නම් ලැබෙනවා. ඒබව විශේෂයෙන්ම සඳහන් කරන්නම ඕන දෙයක්,ඒ වගේම ඕනම වෙලාවක උපසිරැසි නිර්මාණයකදි යම් උදව්වක් ඉල්ලුවාම කිසිම පැකිලීමක් නැතුව බෑ නොකියා ඉක්මණින්ම උදව්වට එන කෙනෙක් විදියටත් මල්ලිව අඳුන්නලා දෙන්න පුළුවන්, අවසාන වශයෙන් තවත් කෙනෙකුගේ සිනමා රසවින්ඳනය උදේසා තමන්ගේ වටිනා කාලය කැපකර වෙහෙස මහන්සි වී ඔබ විසින් කරන්නාවූ මේ සේවාව වෙනුවෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු ඉඳිරි අනාගත සැලසුම් සියල්ල සාර්ථකම වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
100ට සුභ පැතුම්!!!ප්‍රශාත් මදුෂංක
Thank you...!
Pasindu Madumal
100* වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම් යූරාන් අයියා!
ඉදිරියටම යමු ඔහොම තව කඩයිම් පහු කරන ගමන්.
සබට තුති අහ්, බලාගෙන හිටියේ එනකම්..!✌
නියමයි❤Gathsara Umesh
100 කඩයිමට හදවතින්ම සුබපතනවා..
ඊලග උපසිරැසියෙන් හමුවෙමු..❤️❤️rumesh dissanayaka
Name tag eka vinadiyak withara thibila ain wenna danna barida? Ekath ekka mulu film ekama baladdi film eke sub ekath ekka awul
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ 100වෙනි සබ් එකට සුබ පැතුම්
Kantha_DLA
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ravindu Rukshan
100 වෙනි උපසිරැසයට සුබ පතනවා. මෙතැනින් නොනැවතී ඉදිරියටම කරගෙන යන්න ලැබෙනවා කියා පාර්ථනා කරනවා.
kavi
100 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම්
ස්තූතියි සහෝAnonymous
Thanks Brother, Congratulation on your acheivement, Keep it up.
Sameera
Congratulations sago issarahatath ohoma krgena yn
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
ශාමල් මනෝජන්
100 වෙනි උපසිරැසියට සුභපැතුම්.
150 වෙනකම් වැඩිපුර අලුත් - පරණ Thriller Horror ෆිල්ම් දෙනවා නේද?
LaHIRU
100වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!ඉදිරි කඩඉම් වලටත් ඉක්මනින්ම යන්න ලැබේවා..උපසිරැසිය බොහොම ස්තූතියි..
රොෂාන් ශමීර ජයසිංහ
100 වෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්...
තවත් උපසිරසි නිර්මාණය කරන්න අවැසි කාලය වේලාව ශක්තිය සහ ඉක්මණින්ම ඉදිරි කඩඉම්වලටත් යන්න ලැබේවා...
~ ජය වේවා ~සචින්ත කල්හාර බෙනට්
100 උපසිරැසියට සුබ පැතුම් සහෝ ❤️❤️❤️
Anonymous
thnx sago.
මයුර
100ට උණුසුම් සුබ පැතුම් මචන්.
Sahan Gayantha
thanks a lot saho sub ekata
Kushan
Sub akta thanks
Chathuranga Buddhika
මේකේ කලින් එක බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ නෑ... ආයේ දාන්ට පුලුවන්ද???
Hasitha
දෙවන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..!!
සහෝ උපසිරසි ලබාදුන් ත්‍රිලර් , හොරර් වර්ගයේ ෆිල්ම් බොහෝමයක් බලලා තියෙනවා
ඉදිරියටත් එවැනිම ෆිල්ම් ලබාදෙන්න කියලා ඉල්ලන ගමන් සහෝගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..!!Hashan
Good Luck Bro... Keep it up......!!!
lakshan
thanks 100 sub
Naveen
2වන කඩයිමට සුබපැතුම්
Kolitha4
Thanx
Roshan
Tnx Bro...Good Luck...Stay Safe...
Arawinda Sunimal
ස්තුතියි උපසිරැසියට (යුරාන් ධනුක) Baiscopelk ....
ශසිත් සඳරුවන්
100 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මචෝ...
බයිස්කෝප් නිසා සෙට් වුන තවත් එල කොල්ලෙක් තමයි ඉතින්...
සබ්වල ගුණාත්මකභාවය ගැනත් කියන්න දෙයක් නෑ. නියමයි...
බයිස්කෝප් පවුලත් එක්ක එකතුවෙලා දිගටම සබ් දෙමු ආ....
ජය!නදීක ගුරුගේ
ෂුබපැතුම් ෂහෝදරයා
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා....❤️❤️❤️
Redrux
Congrats bro
Idunil weerasinghe
Congratulation brother
Advertisement
සුබ පැතුම් යුරාන් ධනුක සහෝ 100 වෙනි උපසිරැසියට. ඉදිරියේදී තව තවත් කඩයිම් වලට යෑමට හැකිවේවා කියා පාර්ථනා කරනවා. ජය වේවා!