Watch Trailer

Dil Chahta Hai (2001) | මිතුදමක් වෙන් කල සෙනෙහසක්… [සිංහල උපසිරසි සමඟ]

[box]එහෙමනම් ඉතින් යාළුවනේ අද දවස අපි හැමෝගෙම රසවින්දනයේ සොදුරු නවාතැන්පලවන baiscope.lk අඩවියට ඉතාම සුවිශේෂී දවසක්. 2009 වසරේ මාර්තු මාසෙ 10 වනදා රොයිලි ප්‍රනාන්දු සහෝදරයා විසින් බිංදුවයි එකෙන් පටන් අරගත්තු මෙම පරහිතකාමී ව්‍යාපාරයට අද දවස වෙනකොට එකයි බිංදු තුනක් දක්වා දුෂ්කර-දීර්ඝ ගමනක් ඇවිත් අද දව…

Dil Chahta Hai (2001)එහෙමනම් ඉතින් යාළුවනේ අද දවස අපි හැමෝගෙම රසවින්දනයේ සොදුරු නවාතැන්පලවන baiscope.lk අඩවියට ඉතාම සුවිශේෂී දවසක්. 2009 වසරේ මාර්තු මාසෙ 10 වනදා රොයිලි ප්‍රනාන්දු සහෝදරයා විසින් බිංදුවයි එකෙන් පටන් අරගත්තු මෙම පරහිතකාමී ව්‍යාපාරයට අද දවස වෙනකොට එකයි බිංදු තුනක් දක්වා දුෂ්කර-දීර්ඝ ගමනක් ඇවිත් අද දවස වන විටදී රන් සලකුනක් තබන්නට සමත්වෙලා. අද දවසෙදි සම්පූර්ණ වෙච්ච සිංහල උපසිරසි දහස අතරට “හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත” කියන නම දහ අට වතාවකම සලකුනු කරන්නට හැකිවීම ගැන මහාණර්ඝ, නමුත් නිහතමානී සතුටක් ලබන අතර බයිස්කෝප් අඩවිය තව චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනගමන් දහ නවවන වතාවටත් මම තවත් ලස්සන හින්දි බයිස්කෝප් පටයක් අරගෙන ආව. ඕං එහෙනම් පඳුර තලන්නයි මේ සූදානම…. 😉

බොලිවුඩය තමන්ගේ යටතට පත්කරගෙන අණසක පතුරවාලන සුප්‍රසිද්ධ ඛාන් වරුන්ගෙන් දෙදෙනෙක් වන “Aamir Khan” සහ “Saif Ali Khan” සමගින් “Akshaye Khanna” ප්‍රධාන චරිත සදහා පනපොවන, සුරූපී “Preity Zinta” ගේ රංගනයෙන් හැඩවූ සොදුරු සිනමා සිත්තමක් වන මෙය Rock On!! (2008), Zindagi Na Milegi Dobara (2011) හි දෙබස් රචකයා සේම Don 2 (2011) වැනි ඉහලම ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගත් සිනමාපටයක අධ්‍යක්ෂකවරයා වන “Farhan Akhtar” නම් අපි කොයි කවුරුත් හොදින් හදුනන රංගන ශිල්පියාගේ අතින් අධ්‍යක්ෂනයට ලක්වූ කුළුදුල්ම සිනමා සිත්තම වන අතර “National Film Award ” වෙතින් 2002 වසරේ හොදම වෘත්තාන්ත චිත්‍රපටයට හිමි සම්මානය සමගින් විවිධ සම්මාන උළෙලවල් වලදී සම්මාන 6ක් හිමිකරගෙන අන්තර්ජාතික බයිස්කෝප්පට දර්ශකයේ ක‍ටුව “8.2”ක් වැනි ඉහලතම අගයක රදවන්නට සමර්තකම් දක්වා තිබේ.ඒ වගේම Farhan Akhtar ගැන තව ටිකක් කියනවනම් මොහු Rock On, සහ Zindagi Na Milegi Dobara හි එන ගීත සදහා ගායනයෙන්ද දායක වෙලා තියනව ඒ වගේම තවත් බයිස්කෝප්පට හය හතක නිශ්පාදන කටයුතු කරලත් තියනව, ඒ කියන්නෙ ඉතින් මෙයා ඉසව් කීපයකම හැකියා පරිපූර්ණත්වයෙන් යුත් කළා කරුවෙක් කියන එක තමා 😉

මෙන්න තියනව කතාව…. 😀

බොලාලට තියනවද මිත්තර සමාගමක්, හරියටම කියනවනම් ගජ මිත්තර සමාගමක් ? එක බඩවැල කඩාගෙන ආවෙ නැතිවුනාට ඕනම වෙලාවකදි තමන්ගෙ හෙවනැල්ල වගේ තමන්ගෙ පිටිපස්සෙන් ඉදන් තමන්ගෙ හිතට හයියක් වෙන නමුත් හද්ද ගොබ්බ වැඩ කරල ඔයාලව පට්ට පජාත කරන, කන කෑම එක පවා උදුරන් කන තමන්ගෙම කියල හිතට දැනෙන එවුන් ටිකක්? අන්න ඒ වගේ සරසවියෙදි මුනගැහිල ආරම්භකරපු ගජ මිත්තර සමාගමක් ගැන කතාවක් තමා මේක.මේ සමාගමේ ඉන්නෙ මිත්තරයන් තුන් දෙනයි මෙන්න මෙහෙමයි මුන් තුන්දෙනා ගැන වර්නණාව.

“ආකාශ්” (Aamir Khan)

ධනවත් ව්‍යාපාරිකයෙක්ගෙ පුතෙක්, මූ තමා තුන්දෙනාගෙන් සරලම බුවා, අනිත් උන් දෙන්නට කරන තරමක් පජාත වැඩටික කරන්නෙ මූ තමා. හැබැයි ගොයියෝ පොර කෙල්ලෙක්ව සෙට්කරගත්තොත් වැඩිම උනොත් සතිදෙකක් ඉදීවි ඒ කෙල්ල එක්ක, පොර ආදරේ ගැන දකින්නෙ මෙන්න මේ විදියටයි, “මේ ආදර කතා වලටනම් ගොඩක් මොලේ ඕනේ.අරයා අරහේ ඉදන් කදුළු සලනවා, මෙයා මෙහේ ඉදන් හූල්ලනවා. ආදරේ කියන්නේ මොන විගඩමක්ද!” අනේ ඉතින් දැන් මෙහෙම පොරටෝක් දුන්නට වෙන්න යන දේ බුවාගෙ ඇගේ තියන මයිලක්වත් දන්නෙ නෑ 😛

“සමීර්” (Saif Ali Khan)

මෙයා සෑහෙන සීරියස් බුවෙක්, ආදරේ කරන්න ගියාම බොක්කෙන්ම ආදරේ කරනව, කෙල්ල පොඩ්ඩක් හරි අවුලක් දැම්ම ගමන් පොර මූඩ් ගහනව, කෙල්ල නිසා අඩාකන එක තමා මෙයාගෙ විනෝදාංශෙ, මොනා උනත් ඒ කෙල්ලම්ගෙන් බූට් පාරනම් වරදින්නෙම නෑ මෙයාට, ඒ බූට් පාරට ඉලක්කෙ අල්ලන්න මෙයාගෙ අනිත් යාළුවො දෙන්නත් මදි නොකියන්න දායක වෙනව 😉 ඔය අතරෙ සමීර්ගෙ අම්මල මෙයාට යෝජනාවක් අරන් එනව, (ඔව් ඔව් ප්‍රපෝසල් එකක් තමයි). මූ ඒකට තදින් විරුද්දයි. අනේ අප්පේ ඒ එන කෙල්ලව දැක්කම අපේ බූට් කොලුවගෙ හද සලිත වෙලා ඇබරිලා පැනි බේරෙන්න ගන්නව, මූ ඉතින් කෙල්ලව උගෙ කාමරේට එක්කන් ගිහින් මෙන්න මෙහෙම කියපි “අම්ම මට මේ යෝජනාව ගැන කිව්වම මම පොඩ්ඩක් වත් කැමති උනේ නැහැ…ඒත්… දැන්… මම..” මූට මේක කියන්න කට ගන්න හම්බවෙන්නෙ නෑ කෙල්ලත් ඉබ්බ දියේ දානකොට ඇන්නෑවෙ කියන්නහේ “මට හරි සතුටුයි, ඔයත් මේ යෝජිත විවාහ වලට විරුද්ධ එකට. this arranged marriage bullshit…!” කියල කියනවනෙ ඉතින් ඊට පස්සෙ…….

“සීඩ්” (Akshaye Khanna)

මේ ගොයියගෙ කතාව මේන් මෙහෙමයි, සුදුපාට හිස් කොලයක තමන්ගෙ හිතට ගලාගෙන එන සිතුවිලි නිදහස් රේඛාවකින් සටහන් කරන කෙනාට කියන්නෙ කවුරු කියලද, සිත්තරා කියල නේද? මෙයාගෙ විනෝදාංශය තමයි අන්න ඒක, යාළුවොත් එක්ක සාදයකට ගියත් එයාගෙ වැඩේ කොලකෑල්ලක් අරගෙන ඉරි ගොඩක් මාර්ගයෙන් එයාගෙ හිතේ ඇතිවෙලාතියන සිතුවිලි එයාගෙම ක්‍රමේකට සටහන් කරන එක තමයි මෙයාගෙ ආතල් එක. කොහොම වුනත් එයා තාම එයාගෙ හොදම සිතුවමනම් ඇදල නෑ කියල තමයි එයා කියන්නෙ. , ඉතින් ඔහොම ඉන්නකොට මෙයාට හොදම සිතුවම අදින්න අවස්ථාවක් ලැබෙනව, ඒක ලැබෙන්නැ “තාරා” හින්දයි එයා ළමෙක් ඉන්න අම්ම කෙනෙක් එයාගෙ සැමිය එයාව දික්කසාද කරල තියෙන්නෙ එයාගෙ උපන්දිනේ දවසෙමයි, එයාගෙ උපන්දින තෑග්ග මොනතරම්ද කියනවනම් එයාගෙ කුසින් ඉපදුනු ළමයව බලන්නත් නීතියෙන් තහනම් කරල. හැබැයි සීඩ් මේ වෙනකම් ආදරේ හොයාගෙනෙ ගිහින් නෑ තනිකඩ නිදහස් ජීවිතයක් තමා මෙයා මේ වෙනකම්ම ගත කරල තියෙන්නෙ ඒත් එයා ආදරේ ගැන කියන්නෙ මෙන්න මෙහෙමයි………!

කෝ මෙතන එයාගෙ කෝණෙන් එයා දකින ආදරේ ගැන කියල නෑනෙ? නෑ තමා ඒකනෙ පැය ගානක් මහන්සිවෙලා සිංහල උපසිරසියත් එක්කම මිත්‍රකමයි ආදරයයි අතරෙ දෝලනය වෙන මේ ලස්සන බයිස්කෝප් පටය අද ඔයාලට අරන් ආවෙ, බාගෙනම බලන්ටකෝ… ආහ්! තව දෙයක් තියන්ව කියන්ට “Old is Gold” හොඳේ. පරණයි කියල අතාරින්ට එහම එපා ගොයියනේ… 😀 එහෙමනම් ඉතින් තවත් මේ වගේම ලස්සන බයිස්කෝප් පටයක් එක්කම මම ආයෙත් ඔයාලව මුනගැහෙන්න එන්නම්.

එහෙනම්, චිරං ජයතු බයිස්කෝප්! 😀

Dil Chahta Hai (2001) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

c2c15a95747828c2ff557d50772b6ae7e41fe670 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,075 downloadsDownload Dil.Chahta.Hai_.2001.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,075 downloadsDownload Subtitles55 KB

60 comments

  1. hh

    Thankss machan

  2. amila

    Ela ela bohoma pin

  3. chamara

    Thnxxxxxxxx hewa

  4. dilan

    Jaya wewa..........

  5. isuru

    Elakiri saho pattama hindi film akak meyka

  6. pubudu

    Niyama paharak

  7. සමීර කරුණාරත්න

    මේකේ තියනවා මම හැමදාම ආසා කරපු ලස්සන සින්දුවක්....
    අර රෝස මලේ නටුව ප්‍රීති අක්කට දෙන තැන කියන එක....
    පොඩි කාලේ මේක සිරසේ යනකොට බලන්න දුන්නෙ නැහැ ආදර කතා....
    පොඩි ළමයින්ට හොඳ නැහැ කියලා....
    හේවට පිං සිද්ධවෙන්න දැන්වත් බලාගන්න ඕනෙ....
    එහෙනම් වෙනදා වගේම ස්තුතියි හොදේ....
    2000 දක්වා යන ගමනේ අඩුම උපසිරැස 50ක් බලාපොරොත්තු වෙනවා....

  8. in

    Ela macho

  9. දිනිඳු සම්පත්

    මේක මම දෙතුන්පාරක්ම බලපු පට්ට ෆිල්ම් එකක්. කවදාවත් බැලුවට එපා වෙන්නෙ නැහැ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  10. lasidu

    Ela machna

  11. Menu1024

    me film eka man thun parakata wada balala thiyenwa...eth ithin බයිස්කෝප් eken dunnama nobalath be....

    onna ithin download wenna damma...

    Thank you very much bro!

    maath බයිස්කෝප් site eken films 120 witara download karala thiyenawa...

    බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුභ පැතුම් :)

  12. Menu1024

    aiya oya hindi films walata sub dena nisai mehema request karanne...

    puluwannam "Aankhen"(2002) movie ekata sub dennako.. :)

    http://en.wikipedia.org/wiki/Aankhen_(2002_film)

    man eka balla thiyenwa..aaith balanna asai...

    :)

  13. කැලුම් ගුණසේකර

    ස්තුතියි ලුණුවිල සහෝ. බලලා නම් නෑ මේක. ඔන්න මාත් ගත්තා.

  14. නීනු

    නියමයි... අපි බලමු

  15. කැලුම් ගුණසේකර

    @Menu1024, ඔයා මේ කියන සිනමා පටය රූපවාහිනියේ පෙන්නුවා වගේ මතකයක් තියනවා. බලමු. ඉදිරියේදි පුලුවන් වුනොත් උපසිරැසියක් දෙන්නම්. ස්තුතියි අදහසට.

  16. mudiya / මුදියා

    කොච්චර ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්ද.ඉස්සර මේක සිරසෙ යනකොට අපිට හරියට සිරස අහුවුනෙත් නෑ.(දැන්නම් පොඩ්ඩක්වක් අහුවෙන්නෙ නෑ).ඩොට් ගොඩාක් එක්ක පොඩි කෑල්ලක් තමයි බැලුවෙ.හිතේ තිබුන කවද හරි බලනව කියල.ඒත් ඉතිං සිංහල නැතුව බලල වැඩක් නෑනෙ.අපේ හේවා සහෝ කරල තියෙන්නෙ නම් වචනෙන් කියල නිම කරන්න බැරි තරම් සුපිරි වැඩක්.දෙපාරත් හිතන්නෙ නැතුව බාන්න දැම්ම.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  17. කැලුම් රණවක

    එල එල නියම ෆිල්ම් එකක්.මාත් බලන්නමයි හිටියෙ..අනිවා බානවා..
    ස්තුතියි හේවා සහෝ...

  18. uda

    හේවාත් ගේන ඒවා............
    දැන්නම් ඉතින් නොබල බැරුව යනවා.
    කටුවත් හොදටම නැගල තියෙනව කීව්වා.
    එහෙනම් ඉතින් හොද එකක් අනිවා.
    බලනවා බලනවා.

    අනගිවල නැතත් අනගි එකක් ගෙනා එක කොච්චර දෙයක්ද? නිකමට හිතුවොත් අනගි වුණාටම ඇගයීම් ලැබෙන්නෙ නෑ හැමදේටම. නැද්ද? එහෙම අනගි වුණත් අනගි අහිමි එකක් ගෙනාපු එකනම් මල් හතයි!

    අද දවසෙම මෙතෙක් දීපුවානම් ඒ ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ජීවිතයේ සුවිශේෂ කඩඉමක් සටහන් කළ ඒවා වීම මම දුටුව ලොකුම විශේෂත්වයක්. මේකත් එහෙමමයි නේද? මේකනම් සුපිරි තේරීමක්. මොකද අපිත් අපේ කඩඉමක් සනිටුහන් කරන වෙලාවක ලොව හොල්ලපු සිනමාකරුවන්ගේ කඩඉම් නිර්මාණ කිහිපයක් සිංහලෙන්ම බලන්නට සලස්වන එක. ඒ මදිවාට ඒ එක එකක් තියෙන්නෙ වෙන වෙනම පැතිවල.

    නාටකීය/ මායාවී/ යුධ/ ආදර විදිහට එකකට එකක් නිතැතින්ම වෙනස් ඒවා තමයි තෝරාගෙන තිබෙන්නේ. ස්තුතියි හේවා සහෝ මේක වෙනුවෙන්! මෙවන් වැඩක් සංවිධානය කර සාර්ථකව ක්‍රියාත්මක කළ සැමටමත් ස්තුතියි. ජය!

  19. නලින්

    ජය වේවා හේවා සහෝ..

    ඔක්කොමත් හරි..!

    මේ ටෙලිකොම් කාරයෝ අපිවත් ලිමිට් නොකරනම්

    අද නෙට් එක අනිවා ෂට් ඩව්න් වෙන්න තිබ්බා..

    අපරාදේ දැන් බාන්න ගියාම අපිට තමයි ඇඩෙන්නේ.. :( :(/

  20. ශාන් විමුක්ති [වීමා] 〠

    එල එල බලපු නැති සේරමල මේක බලන්නනෝ...
    මම එකෙන්ම බැලුව ;)
    හින්දිනම් හේවා,
    උපසිරසියට තුති වේවා,
    උබට ජය වේවා :D

  21. ns

    thanx...

  22. D.Chamara

    niyama wadak thankss

  23. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

  24. ප්‍රශන්න

    අප්පටබොල මේකත් බලන්න එපෑය… ඒකත් බානවා

  25. නවීන් ලක්ෂිත

    මම ආසාවෙන් දෙතුන් පාරක්ම බලපු මැක්සා ෆිල්ම් එකක් මේක පැය 3ක් විතර දිග වුනත් වෙලාව යනවා දැනුනේ නෑ අනිවා ආපහු සැරයක් බලනවා එහෙනම් හේවාගේ සබ් එකත් එක්කම

  26. Menu1024

    @කැලුම් ගුණසේකර:

    ඔව්. ඒ movie එක ගොඩක් ඉස්සර දවසක ITN එකේ ගියා. මට ආයිත් බලන්න ආස හිතුනා.

    Thank you very much bro :)

  27. BuLa

    ජ....ය...වේ.....වා.....

  28. prashani

    good luck....

  29. wismi

    niyamai..... parana unath lassnama lassna film ekak....
    balala thiye .....
    eth ayema mathak wenna balanawa .....
    wisesayen oya sub damapu nisa.....
    anith eka meke yana sindu okkotamath man godak kamathi.........thanx

  30. pradeep

    hewa kaloth ithi aye eke ahanna deyakne..patta film eka.thanx machoo..

  31. duminda

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  32. Eranga

    nice filme wish your all the best

  33. Chami.S

    Thanks

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහ්හ්හ්..හැමෝටම කොමන්ට් දැම්මා බොලව්..මගේ එකට නොදා කෝමද..වැඩි දෙයක් නැහැ කියන්න...කියන්න තියෙන්නේ සහශ්‍ර සැමරුමට මගේ සබ් එකක් ඉදිරිපත් කිරීමට අවස්තාව දුන් විකියා ඇතුලේ අපේ ඇඩ්මින් ල සෙට් එකටයි අපේ විමා සහෝට ස්තුතිය පුද කිරීමයි විතරයි... මොකද විමාට තමයි මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හිමි වෙන්න ඕනේ..දැන් විමා මේ කොමන්ට් එක දැක්කොත් මට අනිවා බනිනවා..කාරියක් නැහැ...එහෙනම් විමා මචෝ..බොහොම පින් කල උදව්වට...ජය වේවා!!!!

  35. ශාන් විමුක්ති [වීමා] 〠

    ඈ බන් ලිපියට මේ වගන්ති පහ හයක් ගැලපුවම ලිපියෙ අයිතිය මට දෙනවද බන්
    උබටනම් පිස්සු බොල 3:)

  36. කල්හාර ප්‍රසාද්

    jodha akbar ෆිලම් එකේ සබ් නැද්ද?

  37. Kavinda

    Matchan man meka bannai yanne balala thiyenawa eth ai bagena balanna tharam lassana kathawa."thawa podi illimak thiyenawa,Puluwannam man kiyanawata "DAMAL" kiyana film eka balanna.balala mekata sub ekka danna balanna.Mannam me wenakal balala thiyena film walin kadulu painakan hina wewi balapu No 1 ma Comedy film eka.All tha best matchan.!!!!and thak u !

  38. හසන්ත වික්‍රමරත්න

    දැනුයි වෙලාවක් ලැබුනේ හප්පේ මටත් ආරංචි ලැබුනා හේවා 1000 ට කාටත් කලින්ම ලැස්ති උනා කියලා. වැඩේ කියන්නේ මේකා දැන් ගණන් උස්සනවා. අලුත් ඒවා කරපන් කිව්වට අහන එකක් යෑ.එකෙන් කමක් නැහැ අර සින්දු වලට සිංහල කරලා ඉවරයිනේ. දැන් ෆිල්ම් එකම දෙන්න පුළුවන් ඇති.එකත් ඉක්මනටම ලැබුනා නම් තමා වටින්නේ. මේක නම් බැලුවා කලින්. අලුත් එකක් දුන්නොත් නම් අනිවා බලනවා. උපසිරසට තැන්කු එහෙනම්.

  39. “චූටී මල්ලි”

    පට්ටනෙ සහෝ
    මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
    මාගෙ ප්‍රණාමය...
    ඔබට සදා ජය...

  40. Namika

    නියමයිනේ! මේක මම කවදාවත් බලලා නැති උනාට, පට්ට ආසාවෙන් හිටියේ.
    ගොඩාක් ස්තුතියි. 19වන උපසිරසියට උනුසුම් සුබ පැතුම්!
    20 වන එකත් ඉක්මනටම එයි මගෙ හිතේ, ජය වේවා!

  41. Lakshan Mendis

    supirima supiri film ekak..thnx a lot bro..

  42. රොයිලි

    බොහොම ස්තූතියි හේවා සහෝ බයිස්කෝප් උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. මට මතකයි ලංකාවේ ඡන්දය දවසක යද්දි රූපවාහිනියෙන් බැලුවා. ඒත් උපසිරැසි එක්ක ආපහු බලනවමයි. :P :P

  43. Naween

    ela ela maxxa film ekak ne hewaaa.... uba mewwada wada karanawa kiyala karanne ofisiye idan....idapan mama paminili karanna uba gana bosaata.... anka upasirasi 1000 t subha pathum...

  44. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  45. pathum

    meke sub file 1 extract karanna bane.

  46. see

    Thanks :)

  47. කේ.යු.ජී.උදාර

    නියමයි හේවා..........
    සිංහලත් තියෙන එකේ මේක අනිවා බලනවා.
    බොහොම ස්තූතියි.

  48. Uvindu sathsara

    thanks ehenam

  49. රාම් රාජ්

    ලස්සන ෆිලම් එකක්.ස්තූතියි සබ් වලට.

  50. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.