Watch Trailer

Game of Thrones [S6E06 – Blood of My Blood] with Sinhala Subtitle (18+) | සටන අරඹනු පිණිස. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා හය වෙනි කොටස. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයට උතුරෙදී….(සිතියමේ අංක 1 ) හ්ම්ම් ඇඬෙනම වැඩෙ වුණේ එහෙදියි. එකක් තමා ධවල ඇවිදින්නන්ව හදල තියෙන්නේ අවුරුදු දස…

Game of Thrones S6P2

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා හය වෙනි කොටස. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.

GOT---EP6

ප්‍රාකාරයට උතුරෙදී….(සිතියමේ අංක 1 )

හ්ම්ම් ඇඬෙනම වැඩෙ වුණේ එහෙදියි. එකක් තමා ධවල ඇවිදින්නන්ව හදල තියෙන්නේ අවුරුදු දස දහස් ගාණකට කලින් තමුන්ට පළමු මිනිස්සුන්ගේ ආක්‍රමණයට ලක්වෙනකොට (පහළ තියෙන සැබැඳි වලින් ඉතිහාස කතාව කියවන) එයින් බේරෙන්න children of forest වරු විසින් කරපු නිර්මාණයක් කියලා. කොටින්ම මේ කතා මාලාවේ පළමු අදියරේ පළමු කොටසෙදීත් අර ශරීර කොටස් වැතිරිලා තිබ්බේ children of forest වරුන්ගේ ස්පිලාකාර රටාවට අනුවයි. කොහොමහරි ටිකක් කම්මැලි හිතුණු වෙලාවක බ්‍රෑන් කරන්න යන වැඩේ හින්දා නිශාචර රජුගේ අවධානයට බ්‍රෑන් අහුවෙනවා. ඊට පස්සෙ හිතුවට වඩා ඉක්මනට ඔවුන් බ්‍රෑන්ව හොයාගෙන එනවා. එතනින් අන්තිමේ බේරෙන්නේ බ්‍රෑන් හා මීරා පමණයි. හරියට ටවර් ඔෆ් ජෝයි ගමනෙන් ඔවුන් දෙදෙනාගෙම පියවරු දෙන්නා විතරක් ඉතුරු වුණා වගේ. දෝණ කාකයා, සමර්, children of forest වරු කිහිපදෙනා හා අසරණ හෝඩෝර් පවා මිය යනවා.

ඒ වගේම හෝඩෝර් ගොතගැහුණ හැටිත්, ඔහුට වෙච්ච දේත් ප්‍රේක්ෂකයින් කළඹන්න සමත් වුණා.

ප්‍රාකාරයේදී…(සිතියමේ අංක 2 )

සන්සට ලිට්ල්ෆින්ගර්ව හම්බවෙනවා. හැබැයි සන්සා මෙදාපාර නම් බැනල තමා එලවගන්නේ. ඒ වුණාට යන්න කලින් පොඩි සැකයේ බීජයක් සන්සට දානවා. තියෙන්නෙ ජොන්ගේ හමුදාවක් මිසක් සන්සගෙ හමුදාවක් නොවෙන බවත්, ජොන් කියනෙ සන්සගේම අයිය කෙනෙක් නෙවෙයි අඩ සොහොයුරෙක් කියලා කියනවා. කොහොමහරි පස්සෙන් පහු සන්සා ලිට්ල්ෆින්ගර්ව හම්බවෙච්ච එක හංගනවා. දැන් උතුරේ අනික් නිවාස එකතු කරගෙන යුද්දෙට සේනා සංවිධානය කරන්න ජොන්ලා කාසල් බ්ලැක් වලින් පිටවෙනවා.

අයන් දූපත් වලදී….(සිතියමේ අංක 3 )

යාරාට කිරුළ අහිමි වෙනවා. ඒ වෙනුවට ඔවුන්ට වෙනවා යූරොන්ගෙන් බේරිලා, හොඳම නැව් ටිකත් අරගෙන පැනගන්න. ඔවුන් කොහාට යයිද? මෙරීන් යයිද නැත්තම් ජොන්ට එකතු වෙයිද එහෙම?

බ්‍රාවෝස් වලදී….(සිතියමේ අංක 4 )

ආර්යයට ආපහු වැඩක් පැවරෙනවා. හැබැයි තවත් පරීක්ෂණයක්ද මන්දා ඇයට වෙනවා තම පියාට අපහාස වෙන නාට්‍යක් දකින්න. කොටින්ම ගේම් ඔෆ් ත්‍රෝන් වෙන විදියකින් ආපහු පෙන්වනවා. බලමුකො මේ පරීක්ෂණය කොහොම ආර්යා සමත්වෙයිද කියලා.

වේස් ඩොත්‍රාක් වලදී….(සිතියමේ අංක 5)

ජෝරාගෙ අසනීපය ගැන දැනගන්න ඩැනේරියස් ඔහුව මෙවල පිටුවහල් නොකර බේතක් හොයාගෙන ආපහු එන්න අණ කරලා, ඊට පස්සේ ආපහු මෙරීන් යන්න පිටත් වෙනවා දැන් අලුත් ඩොත්‍රාකී ජනතාවත් එක්කම.

මෙරීන් වලදී….(සිතියමේ අංක 6 )

පටන් ගත්ත සාමය තවත් ස්ථීර එකක් කරගන්න හින්දා කොට ආදිපාද තැන තීරණය කරනවා, වොලන්ටිස් වල මහා දෙවොලේ ප්‍රධාන පූජකවරිය වෙන කින්වාරාගෙන් උදව් ඉල්ලන්න. හිතුවට වඩා හොඳ ප්‍රතිචාරයක් වගේම, සැකෙන් උන්න වාරිස්ගේ රහසුත් ඇය දන්නා බව පෙන්නල ඔහුවත් අන්ද මන්ද කරවන්න කින්වාරා සමත් වෙනවා.

එහෙනම් එතන ඉඳන් ඉතුරු ටික අද බලමු.

හොඳයි මෙන්න එහෙනම් GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපිය. (මා ගැන අමතක කළත් කමක් නෑ. තියෙන වැඩත් අතපසු කරගෙන මේ ලියල දෙන වටිනා ලිපි වෙනුවෙන්, අමතක නොකර තරිඳු අයියට ස්තුති කරන්න. පහල ලින්ක් වල තියෙන තරිඳු අයියගෙ වීඩියෝ ටික බැලුවනම් තවත් මේවා පැහැදිලි වෙයි.)

Whitewalkers

6 වෙනි කතා මාලාවේ 5වැන්න Game of Thrones කතා මාලාවේ ඉතා සුවිශේෂ කොටසක් වුණා. මීට අවුරුදු 8000කට කලින් ඉතිහාසයේ whitewalkersල වෙස්ටරෝස් ඇතුළු Game of Thrones විශ්වයේ ප්‍රදේශ ආක්‍රමණය කරමින් විශාල විනාශයක් වුණා කියන දේ කතාවට අදාල ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ නිසා දීර්ඝ සීත කාලයක් ඇවිත්, මුළු කලාපයම අන්ධකාරය විතරක් තිබිල තියෙනවා. මේක දුගු රාත්‍රිය, එහෙම නැත්නම් long night විදිහටයි හැඳින්වෙන්නෙ. එක වීරයෙක් whitewalkersලට විරුද්ධව සටන් මෙහෙයවල, ඔවුන්ව වෙස්ටරෝස් උතුරු කලාපයෙන් එහාට පලවා හැරියා. මේ සටන හඳුන්වන්නෙ “Battle for the Dawn” (අළුයම සඳහා සටන) කියල. මේ වීරයා එක එක විදිහට හඳුන්වනවා. Lord of Light විශ්වාස කරන අය මේ වීරයාව හඳුන්වන්නෙ අසෝර් අහායි විදිහට. මේ වීරයා නැවත ඉපදෙනවා කියල ඔවුන් අතර අනාවැකියක් තියෙනවා. මේ වීරයා ජෝන් ස්නෝ කියලයි මැලිසැන්ඩ්රා විශ්වාස කරන්නෙ. ඒත් වෙස්ටරෝස් වලට නැගෙනහිරින් තියෙන එසෝස් මහාද්වීපයේ ඉන්න රතු පූජකයන් විශ්වාස කරන්නෙ මේ වීරයා ඩැනේරිස් ටාගේරියන් කියල.

මේ whitewalkersල හැදුවේ children of the forest කියන වෙස්ටරෝස් වල මුලින්ම හිටිය පිරිස. First Men කියන පිරිසක් වෙස්ටරෝස් ආක්‍රමණය කරාම, ඔවුන් එක්ක සටන් කරන්න children of the forest මේ පළමු whitewalkerව හදල තියෙන්නෙ. ඒ හදපු whitewalkersල ඔවුන්ටත් පාලනය කරන්න බැරි භයානක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දිගු රාත්‍රියේ අවසානයේ පලවාහරින ලද මේ භයානක whitewalker පිරිස නැවත වෙස්ටරෝස්වලට තර්ජනයක් වෙන්න හදන්නෙ. ඔවුන් නිර්මාණය කරද්දී dragon glass පාවිච්චි කර නිසා ඔවුන් විනාශ කරන්නත් dragon glass ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණය පැහැදිලියි. ඉතා ශක්තිමත් ලෝහයක් වන ව’ලීරයා ලෝහයත් ඔවුන් විනාශ කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියන එක දකින්න ලැබුණා ජෝන් ස්නෝ “හාඩ්හෝම්”වල සටනෙදි තම longclaw කඩුවෙන් whitewalker කෙනෙක් විනාශ කර නිසා. dragon glass තමන්ට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් වුණත්, ව’ලීරියා ලෝහය පිළිබඳව whitewalkers නායකයා night kingවත් දැනගෙන හිටියෙ නෑ කියන එක පැහැදිලියි. මොකද ඔවුන් මිනිස්සු එක්ක සටන් කරපු අවුරුදු 8000කට කලින් ඈත කාලයේ ව’ලීරියා කියන කලාපය හෝ ඒ කලාපයෙන් එන ලෝහය ප්‍රසිද්ධත්වයට පත් වෙලා තිබුණේ නෑ. ජෝන් ස්නෝ තම කඩුවෙන් whitewalker කෙනෙක් මරද්දි night kingගෙ මූණේ තියෙන පුදුම වුණ ආකාරය, එම කාරණය තහවුරු කරනවා.

night king

බ්‍රැන් ස්ටාක්

whitewalkersල විරුද්ධ සටනෙදි බ්‍රැන් ස්ටාක් විශේෂ කෙනෙක් වෙනවා. whitewalkersල හදන්න children of the forest පාවිච්චි කළ greenseer මායා බලය බ්‍රැන්ට තියෙනවා. මේ මායා බලයේ අපි දැනට දැකපු දේවල් තමයි බ්‍රැන්ට අතීතයේ සිදුවුණ සිදුවීම දකින්න පුළුවන් වෙන එක. three-eyed raven ඒ අනුව බ්‍රැන් දැනගත යුතු අතීතය සහ බලය ඔහුට උගන්වනවා. whitewalkersල හැදුණේ කොහොමද, ඔවුන්ව විනාශ කරන්න පුළුවන් කොහොමද කියන දේ වගේම වෙස්ටරෝස් මෑත කාලීන අතීතය පිළිබඳවත් three-eyed raven බ්‍රැන්ට උගන්නනවා. ඒත් ඒ බලය තනිවම පාවිච්චි කරන්න ගිහින්, night king බ්‍රැන්ගෙ අතේ සටහනක් කරනවා. three-eyed ravenට අනුව ඒ සටහන, මාක් එක නිසා night kingට බ්‍රැන්ව හොයාගෙන එන්න පුළුවන් වෙනවා. children of the forest අයගෙ බලය නිසා මීට කලින් එන්න බැරුව තිබුණු මේ ස්ථානයට, whitewalkersල ඇවිත් three-eyed ravenව මරා දමනවා. ඔවුන් උත්සහ කරන්නෙ බ්‍රැන්වත් මරල දාන්න. ඒ මොකද බ්‍රැන් ඔවුන්ට ඉස්සරහදි තර්ජනයක් වෙන්න පුළුවන් නිසා.

2. whitewalkers

අවුරුදු 8000කට කලින් whitewalkersල එක්ක තිබුණු සටනෙන් පස්සෙ හදපු දෙයක් තමයි wall එක. wall එක හදන්නත් ඒ කාලෙ හිටපු බ්‍රැන්ඩන් ස්ටාක්, children of the forest අයගේ බලය පාවිච්චි කළා. ඒ බලය නිසා whitewalkersලට wall එක පහු කරල එන්න පුළුවන් කමක් නෑ. බ්‍රැන් wall එකෙන් මෙහා පැත්තට ආවොත්, ඔහුගේ අතේ තියෙන මාක් එක නිසා whitewalkersලටත් wall එකෙන් මෙහා පැත්තට එන්න පුළුවන් වෙයිද කියන සැකය තියෙනවා. ඒක එහෙම වේවිද කියල අපිට ඉස්සරහදි බලාගන්න පුළුවන්.

ඒ වගේම බ්‍රැන්ගෙ ඉගෙනීම අසම්පූර්ණ වුණාට, ඔහුගෙ බලය ඉතා ප්‍රබල එකක්. සාමාන්‍යයෙන් ඉතා කලාතුරකින් පිහිටන බලයක් ඔහුට ලැබිල තියෙන්නෙ. අතීතය දකින්න විතරක් නෙවෙයි, එහි යම් බලපෑම් ඇති කරන්නත් ඔහුට හැකියාව තියෙනවා. ඒ ඇති කරපු බලපෑම් දැනටම වෙලා ඉවරයි. ඔහුගෙ කාලය අනුව ඔහු ඒවා අත් දකින්නෙ දැන්. බ්‍රැන්ව ආරක්ෂා කරපු ඕෂා, හෝඩෝ, සහ සමර් (summer) වෘකයා දැන් මිය ගිහින්. මීරාගෙ සොයුරා වුණ ජෝජෙන් පවා මිය ගිහින්. දැන් බ්‍රැන්ගෙ ආරක්ෂාවට ඉන්නෙ මීරා විතරයි.

හෝඩෝ

Game of thrones කතාවෙ තිබුණු ලොකු ප්‍රහේලිකාවක් වුණා හෝඩෝ හැමතිස්සෙම “හෝඩෝ” කියල කියන එක. ඒකට හේතුව වුණේ අතීත කාලයට ගිය බ්‍රැන්, අතීත කාලෙ හෝඩෝ හරහා වර්තමාන හෝඩෝට warg කිරීම නිසා ඇති වුණ කම්පනය. මෙය කාලයේ වක්‍රයක් (loop) ඇති කළ සිදුවීමක් වුණා.

3. hodor timeloop

වින්ටර්ෆෙල් යුද්ධය

ක්‍රමක්‍රමයෙන් වින්ටර්ෆෙල් යුද්ධය සඳහා වපසරිය ගොඩනැගෙමින් තියෙනවා. රම්සේ බෝල්ටන් එක්ක උතුරේ ප්‍රධාන නිවාස දෙකක් වන කාස්ටාක් සහ අම්බර් එකතු වෙලා තියෙනවා. කාස්ටාක්, ස්ටාක්වරුන්ට ඟාති අය වුණත්, ඔවුන්ගෙ නිවාස ප්‍රධානියා වුණ රිකාඩ් කාස්ටාක්, රොබ් ස්ටාක් විසින් හිස ගසා දැමුණු නිසා දැන් ඔවුන් ස්ටාක්වරුන්ට විරුද්ධ වුණා. රොබ් ස්ටාක් ගෙන ගිය සටන අඩාල වුණෙත් මේ හිස ගසා දැමීම නිසා. ඒ එක්ක කාස්ටාක් හමුදාව රොබ් ස්ටාක් අතහැර ආයෙ උතුරට ආව.

4. rickard

ඒ නිසයි නැවත වොල්ඩර් ෆ්‍රේගෙ සහය ලබාගන්න රෝබගෙ මාමා වන එඩ්මුව ටලී, වොල්ඩර් ෆ්‍රේගෙ දියණියක් එක්ක විවාහය සූදානම් කරේ. විවාහය ඒ ආකාරයෙන් සිදු වුණා. ඒත් ඒ වෙනකොටත් රූස් බෝල්ටන් සහ වොල්ඩර් ෆ්‍රේ, ටයිවින් ලැනිස්ටර් එක්ක එකතු වෙලා රොබ් ස්ටාක්ව සහ ඔහුගේ හමුදාව විනාශ කරන්න සැළසුම් කරල තිබුණේ. රූස් බෝල්ටන් (රම්සේගෙ තාත්තා) ඒ අවස්ථාව වෙනකම්ම රොබ් ස්ටාක් කඳවුරේ හිටිය කෙනෙක්. උතුරේ පාලනය ඔහුට ලබාගන්න ඔහු මේ ආකාරයෙන් රොබ්ව පාවා දුන්නා. තියොන් ග්‍රේජෝයි විසින් අත්පත් කරගත් වින්ටර්ෆෙල්, මේ කාලෙ වෙනකොට රම්සේ ලබාගෙන තිබුණේ. රොබ් ස්ටාක් මරා දැමීමෙන් රූස් සහ රමේසේ, වින්ටර්ෆෙල් පාලනය ඔවුන් සතු කරගත්ත. වොල්ඩර් ෆ්‍රේ රොබ්ට විරුද්ධ වීමට කටයුතු කරේ, යුද්ධය මුල් කාලෙ ඔහුගේ සහයෝගය ලබා ගන්න රොබ් ස්ටාක් ඔහුගේ දියණියක් විවාහ කරගන්න පොරොන්දු වෙලා තිබුණත්, එම පොරොන්දුව කඩකරල රොබ් වෙනත් කෙනෙක් විවාහ කර ගැනීම.

5. rob stark

Red wedding ලෙස හැඳින්වෙන මේ සිදුවීමේදී රොබ් ස්ටාක්, ඔහුගේ බිරිඳ, සහ කැටලීන් මිය ගියා. Great Jon Umber අත් අඩංගුවට ගැනුණා. ඔහුගේ පුතා Small Jon Umber හෙළි කරන විදිහට දැන් ඔහුත් මියගිහින්. wildlings පිරිසට wall එකෙන් මෙහා පැත්තට එන්න ජෝන් ස්නෝ ඉඩ දීමෙන් තම නිවසට සහ කලාපයට ඇති වී තියෙන කරදර නිසා Small Jon Umber තම සහය රම්සේට ලබා දෙන්න තීරණය කරා. එහි සලකුණක් ලෙස තම ආරක්ෂාවේ හිටි රිකෝන් ස්ටාක් සහ ඕෂාව රම්සේගෙ භාරයට ලබා දෙනවා.

Red wedding එකට පස්සෙ වොල්ඩර් ෆ්‍රේ සතුව තිබුණු රිවරන් නැවත ටලී භාරයට ලබාගන්න කැටලීන්ගෙ මාමා වන බ්‍රන්ඩන් ටලී (black fish) සමත් වුණා කියල පීටර් බේලිෂ් සන්සාට හෙළිකරනවා. ඒ නිසා වින්ටර්ෆෙල් තමන්ට ලබාගන්න උදව් ගන්න, සන්සා බ්‍රියෙන්ව රිවරන් යවනවා. ඒ වගේම ඇය සහ ජෝන් ස්නෝ සැලසුම් කරනවා, උතුරේ අනෙකුත් ස්ටාක්වරුන්ට පක්ෂපාත නිවාස තම සහයට ලබාගන්න.

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

Works with – HDTV KILLERS, AVS, BATV, x265.yourserie / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

68,248 downloadsDownload GOT.S06.E06.Sinhala.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

68,248 downloadsDownload Subtitles104 KB

101 comments

  1. රොයිලි

    155 - 12D42B816E7E321AD7F2DC83D8438C7125D1A41B

    319 - 2592AF680EBEF9C9A3C378AFDF9C81F4D7F2D507

    1. kavi

      hash tag ekath dila.. thanks a lot

    2. sanjaya jayasinghe

      thnx bro enakan bala bala hitiye refresh karalama epa una

    3. chamara

      thanks for sub ..
      balagana hitiye ..

      lol thanks for other thing also :D

    4. මලින්ද

      elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. Sanjeewa77

    enakan bala bala hitiye ...adama balanna puluwan...thank royili ayye

  3. දසුන්

    එලම බ්‍රෝ. එනකන් බලන් හිටියේ...

  4. Lahiru

    patta. thanks

  5. Heshan

    Ela saho thanx..

  6. Inusha Ambagahawaththa

    ela thanxxxx broooooooo

  7. @@*Aruna*@@

    elama bro... sub akata godak Thankz wewa...

  8. Kasun Upeksha

    උපසිරැසියට තුති රොයිලි සහෝ...

  9. kasun

    අැයි පරක්කු උනේ, එනකන් බලන් හිටියේ...

  10. La Hiru

    අම්මො දෙනකන් බලන් ඉදියෙ. ස්තූතිය් සහෝ

  11. White Walker

    එනකන් බලන් හිටියේ…උපසිරැසියට තුති රොයිලි සහෝ…

  12. hashan

    onna bawa... thnx broo

  13. supun nirmal

    Dan dei dan dei kiyala balan hitiye... thanx bro..

  14. Chameen Vimukthi Hendahewa

    Thanks brothers........

  15. me

    Thanks

  16. Ashan

    ammoo bohoma sthuti sahodaraya :) :) :D

  17. eranga

    thanx

  18. ruchira sineth

    thank u verry much

  19. lahiru

    elakiri ,patta post eka :-)

  20. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  21. yasas

    Thanks For Sub Bro!!!

  22. Dilum

    Sub ekt thnkz broooo

  23. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ...තරිදු අයියටත් බොහොම ස්තුතියි ලිපියට.. ජය වේවා !!

  24. kavinda

    thnQ brdh

  25. pramuk

    ela ela bro thanx.........

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති රොයිලි අයියේ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. Vimukthi Jayasanka

    elama elama aiya.

  28. Sajeevi

    Thanks

  29. panagama

    thank

  30. Rajitha

    Thank you saho......jayawewa.......!

  31. Senal

    Thanks Brola Okkomatama...!!
    Ara Gendryta mokada une ???

  32. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි රොයිලි අයිය‍ේ
    උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    පරණ චරිතයක් නැවත ආවා නේ
    බලමු තව මොකක් වෙයිද කියලා
    තව කොටස් 4යි නේ තියෙන්නෙත්
    ඒ ටික එළටම ඇති කියලා සිතමි
    තරිඳු අයියාගෙ ලිපි වලටත් ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා !

  33. danu

    Log wenawa. Balanawa, Naha, keeparak mehema beluwada danneth nahe. Etharamata meka elama ela kathawak. Jaya wewa

  34. Jagath

    thanks.

  35. Ishan

    THanx ayye...

  36. lahiru

    thanx bro...

  37. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  38. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  39. Roshan

    Thx a lot for the sub and the hard work

  40. Lahiru Madushanka

    thanks dennatama.

  41. Sachintha Pradeep

    thnkx saho...

  42. buddhika

    thank u so much

  43. DESHAN

    thankz royliyo..tharindu aiye oyatath..

  44. Hologram

    බොහොම ස්තූතියි සහෝ

  45. Manoj

    Thanks a lot
    jaya!

  46. Shan

    හැමදාම සබ් එක දෙන්න කලින් බලනව ඒ මදිවට ස්පොයිල් කරල දානව, කියල මා එක්කල අවුලෙන් උන්නු නිසා ඔන්න අදනම් සබ් දෙනකම් බලන් ඉදල පස්සෙන්දටම බලන්න ගත්තෙ
    බලල ඇවිත් ප්‍රශ්න ටික යොමු කරන්ඩම් ඒනන්

  47. නිෂූ

    ඔන්න ජයවේවා දෙන්නටම කියලා බාන්න දැම්මා !

  48. ප්‍රණීත් චින්තක

    අද කතාව නම් ගති හොඳේ.
    දැන් සෑම්ටත් වැලේරියන් කඩුවක් තියෙන එකේ ඉස්සරහට
    එයාටත් වයිට් වෝකර්ලා ගැන බයවෙන්න දෙයක් නෑ.
    ඒ වගේම ආර්යාව මරන්න අර කෙල්ල යද්දී ලබන සතියේදී ආර්යාගේ අතින් මැරුම් කාවි.

    උපසිරැසියට පිං කිව්වා.
    ආයු බෝ වේවා !!!

  49. Gayan

    Please don't kill edmure or the blackfish.Thanks brothers'.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.