මෙන්න අද කොටසත් අරගෙන ආවා. මේ හතරවෙනි කොටස. ඒ වගේම තව තියෙන්නෙ කොටස් තුනක් විතරයි. එපා වෙනවා නේ? අදනම් ඔන්න තරිඳු අයියගෙ ලිපිය තියෙනවා. හැබැයි ඒ කොටන යුනිකෝඩ් වලටත් පාඩුයි කමෙන්ට් දාල තරිඳු අයියට ටිකක් උනන්දු කරවල ගන්නෙ නැත්තම්. එපා වෙනවා ඇති අනිවා. එහෙනම් මුලින්ම මගෙන් ලැබෙන සිතියම එක්ක විස්තරේ. ඊ…

මෙන්න අද කොටසත් අරගෙන ආවා. මේ හතරවෙනි කොටස. ඒ වගේම තව තියෙන්නෙ කොටස් තුනක් විතරයි. එපා වෙනවා නේ? අදනම් ඔන්න තරිඳු අයියගෙ ලිපිය තියෙනවා. හැබැයි ඒ කොටන යුනිකෝඩ් වලටත් පාඩුයි කමෙන්ට් දාල තරිඳු අයියට ටිකක් උනන්දු කරවල ගන්නෙ නැත්තම්. එපා වෙනවා ඇති අනිවා. එහෙනම් මුලින්ම මගෙන් ලැබෙන සිතියම එක්ක විස්තරේ. ඊට පස්සේ තරිඳූ අයියගෙ ලිපිය.
ඒ වගේම කියන්නම ඕනා මම ලීක් වෙච්ච කොපියට උපසිරැසිය අසා ලිවීමක් විදියට කළා. ඒත් දුන්නෙ නැත්තෙ ඒකට දීලා වැඩක් නැති හින්දයි. අද උපසිරැසිය ඉක්මනින් දෙන්න ලැබුනේ ලීක් කොපියෙ කරපු සබ් එකේ වෙලාව විතරක් වෙනස් කරන්න තිබ්බ හින්දයි. හරි එහෙනම් අපි මේ සිතියම ඇසුරෙන් පහුගිය කොටස මතක් කරගම්මු.
වින්ටෆෙල් හිඳී… ( සිතියමේ අංක 01 )
සන්සා නායකත්වයේ බර කරට අරගෙන ප්‍රශංසනීය සේවයක් කරනවා. සුපුරුදු පරිදි ලිට්ල්ෆින්ගර් ගේම අදින්න තමා හදන්නේ. හැබැයි මිනිහා මොනා කිව්වත්, ගිය සතියෙ දුන්න කතාවනම් සුපිරිම සුපිරියි. හැම යුද්ධයක්ම හිතෙන් කරලා හැම අවස්ථාවකදිම ගන්න පුළුවන් තීරණ ගැන කලින් හිතාගන්න එතකොට මොන විදියට වැසේ වෙනස් වුණත් පිළිතුර තමන් සතුයි. කොහොමහරි ඔන්න ඊලඟ ස්ටාක් හමුවීම සිදුවුණා. බ්‍රෑන් වින්ටර්ෆෙල් ආවා. හැබැයි බ්‍රෑන් දන්නවා වගේ සන්සට වඩා ජොන් එක්ක තමා ඉදිරි යුද්දෙට මුහුණ දෙන්න වෙන්නෙ කියන එක. සන්ස කතාවට එනකොට මඟුල් දා වෙච්ච දේවල් මතක් කරලා සන්සව යවන තැනට පත්කරනවා.
කාස්ට්ලි රොක් වල… ( සිතියමේ අංක 02 )
මුල්ම දවසේ නැති කරගත්ත නැව් ටිකෙන් පස්සෙ නිකැළැල් හමුදාව කාස්ට්ලි රොක් වලට නැව් වලින් ගොඩ බහිනවා. ට්රියන් පෙන්නපු රහස් උමඟ පාවිච්චි කරලා ඇතුල්වෙන්න බැරි බලකොටුව අල්ල ගත්තට පස්සේ තේරෙනවා සර්සිලා අඩියක් ඉස්සරහින් ඉන්නෙ කියලා. ඔවුන් ආව නැව් ටිකට ග්‍රේජෝයි වරු පහර දෙනවා. අටු කොටුත් හිස් කරවලා. දැන් ඔවුන්ට වැඩි කල් මෙතන අල්ලගෙන ඉන්න බැරිවෙනවා. දැන් ආපහු පහුබහින්න වෙන්නෙ ගොඩබිමෙන්. ඒ කියන්නෙ සිතියමේ බලද්දි හොඳටම තේරෙනවා ඔවුන්ට වෙස්ටරොස් වල මේ කොනෙ ඉඳල අනික් කොනට යන්න වෙනවා ආපහු ඩ්‍රැගන්ස්ටෝන් (අංක 3) යන්න නම්. ඒ කියන්නෙ කලින් පරාජයට පස්සෙ මේකත් එක්තරා ආකාරයක පරාජයක් කියලා.
ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 03 )
ඔන්න සීසන් හයකට පස්සෙ ජොන් හා ඩැනී හමුවෙනවා. හැබැයි මුලින් හිතන විදියට වෙන්නෙ නෑ. ඩැනීට ඕනා ජොන්ව දණගස්සන්න. ජොන් ඒකට කැමති නෑ. එයාට ඩැනීගේ උදව් ඕනා මකරවීදුරු ගන්න. ජොන්ල හරියට හිරකාරයෙක් වගේ. කොහොමහරි අන්තිමේ ඩැනී අවසර දෙනවා මකරවීදුරු තියෙනවද කියල බලන්න. මට තියෙන අවුල තමා වේරිස්ගේ පොඩි කුරුල්ලන්ගෙන් දැන් ඔත්තු ලැබෙන් නැද්ද කියන එක. එහෙම ලැබුනනම් ඔය හැම ආරංචියක්ම කලින් දැනගන්න එපැයි.
කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 04 )
යූරෝන් තම හිරකාරයෝ එක්ක කිංග්ස්ලෑන්ඩින් එනවා ජනතා උපහාර මැද. සර්සිත් පොරොන්දු වෙනවා ඔහුව කසාද බඳීන්න. හැබැයි යුද්ධයෙන් පස්සේ. කොහොමහරි එලාරියාගෙන් සර්සි පළිගන්නවා. තම දුවට දුන්න විෂම ඉතුරු සෑන්ඩ් ස්නේක්ට දීලා, ඒ මැරෙන හැටි හා ඊට පස්සෙ මිනිය කුණුවෙන හැටි බලන් ඉන්න එලාරියාට සිද්ධ වෙනවා. ඒ වගේම ණය අය කරගන්න එන අයන් බැංකු නියෝජිතයාට සති දෙකක් ඇතුලත් රත්‍රං ගෙවන්න සර්සි පොරොන්දු වෙනවා.
පටු මුහුදේදී… ( සිතියමේ අංක 05 )
යූරෝන්ගේ ප්‍රහාරයෙන් දිවි ගලව ගන්න තියොන්ව ඔවුන්ගේ ඉතුරු නැවකින් බේරගන්නවා. ඔහු පැනල ආව කියලා තේරුම්ගන්න නාවිකයන් ඔහුව ගණන් ගන්නෙවත් නෑ.
හයිගාඩ්න් වලදී… ( සිතියමේ අංක 06 )
සර්සි හා ජේමිගේ ඊළඟ ප්‍රහාරයත් සාර්ථකයි. කාස්ට්ලි රොක් වලින් තම හමුදාව ගන්න ජේමි, බ්‍රොන් හා රැන්ඩ්ල් ටාලි ඇතුළු පිරිස හයිගාඩ්න් වෙත පහර දෙනවා. ඔලෙන්නා හට විෂ පොවා මරණ දණ්ඩනය දෙනවා. හැබැයි මැරෙන්න කලින් ඇය පිළිගන්නවා, ජොෆ්‍රිව මැරුවේ තමුන්ගේ සැලැස්මක් අනුව කියලා.
ඕල්ඩ් ටවුන් හිදී… ( සිතියමේ අංක 07 )
සෑම්ගේ ප්‍රතිකාරය සාර්ථක වෙනවා. ජෝරාට යන්න අවසර ලැබෙනවා. ඒ වගේම සෑම්ව සිටඩෙල් එකෙන් පිටමන් නොකර ඔහුට පැරණි පත් ඉරු වගයක් නැවත පිටපත් කරන්න බාර දෙනවා.
මෙන්න එහෙනම් තරිඳු අයියගේ ලිපිය….
Game of Thrones 7වෙනි කතා මාලාවෙ 3වෙනි කොටස, වෙස්ටරෝස් ඉතිහාසය ගැන ආවර්ජනය කරපු එකක් වුණා. History is repeating, එහෙමත් නැත්නම් “ඉතිහාසය නැවත සිදු වෙනවා” කියන දේ ගැන ඉඟියක් මේ කතා මාලාවෙන් අපිට දක්නට ලැබෙනවා. අද ලිපියෙන් කතා කරන්න යන්නෙ ඒ සඳහා උදාහරණ කිහිපයක් ගැන. ඇත්තටම මේ ලිපිය කියෙව්වොත් වෙස්ටරෝස් ඉතිහාසය ගැනත් සංෂිප්ත දැනුමක් ලබා ගන්න ඔයාලට පුළුවන්.
Whitewalkersලාගෙ නැවත පැමිණීම.
Game of Thrones කතා මාලාව ආරම්භ වුණේ, වෙස්ටරෝස් ලෝකෙන් තුරන් වී ගියා කියල බොහෝ දෙනා හිතපු whitewalkersලාගෙ නැවත පැමිණීම එක්ක. මීට ශතවර්ෂ ගණනාවකට පෙර නොනවතින රාත්‍රිය ගෙන ආ දිගු ශීත කාලයේදි මේ වගේම whitewalkersලා ඇවිත්, උන් එක්ක සටන් කරන්න මිනිස්සු සහ chidren of the forest කියන කණ්ඩායම් දෙකම එකට සටන් කරා. Children of the Forest කියල කියන්නෙ වෙස්ටරෝස්වල මුලින්ම අයිතිය තිබුණු කණ්ඩායම. ඒත් වෙස්ටරෝස්වලට පිටතින් First men, එහෙමත් නැත්නම් මිනිස්සු ආවම බොහෝ කාලයක් මේ දෙපිරිස අතර සටන් ඇති වුණා. Weirwood ගස් ආශ්‍රිතව chidren of the forest සතු මායා බලයන් නිසා, මිනිස්සු මේ ගස් බොහොමයක් කපා විනාශ කරා.
Whitewalker නිර්මාණය සිදු වෙන්නෙත් Children of the Forest කණ්ඩායම අතින්මයි. මිනිස්සුන්ට විරුද්ධව ආයුධයක් විදිහට මිනිසුන්ම යොදාගන්න, ඔවුන් whitewalkersල හැදුවේ dragonglass කියන ද්‍රව්‍ය පාවිච්චි කරලා. පසු කාලීනව Children of the Forest සහ මිනිසුන් සාමයකට ළඟා වුණත්, තමන් හැදූ ආයුධය තමන්ටම එරෙහි වෙන්නාක් සේ whitewalkers තර්ජනය මේ දෙපිරිසටම බලපෑමක් වුණා.

Azor Ahai සහ War for the Dawn
Azor Ahai කියල කියන්නෙ whitewalkersල එක්ක තිබුණු යුද්ධයේ මිනිසුන්ගෙ වීරයා. මොහු Lord of Light විසින් තෝරාගත් ශූරයා ලෙසයි හඳුන්වන්නෙ. whitewalkersල එක්ක තිබුණු යුද්ධය හැඳින්වෙන්නෙ war for the Dawn, එහෙමත් නැත්නම් අඳුර නිම කිරීම සඳහා වුණ යුද්ධය කියලයි. Lord of Light ලෝකයට ආලෝකය උදා කරන්න මිනිසුන් බලගන්වන වගේම whitewalkersල අදහන, එහෙම නැත්නම් ඔවුන්ව මෙහෙයවන්නෙ The Great Other කියන බලවේගයක් කියලයි විශ්වාස වෙන්නෙ. එහෙම බැලුවම Lord of Light සහ The Great Other කියන්නෙ හරියට දෙවියන් සහ සාතන් වගේ.
මිනිසුන්ව දිනවන්න මූලික වුණ ශූරයා ළඟ “Lightbringer” කියල අසිපතක් තිබිලා තියෙනවා. මේ අසිපත හදන්න මුල් වතාවෙ Azor Ahai දවස් තිහක් පුරා ශ්‍රමය යොදවලා තියෙනවා. එයට පන්නරය ලබා දෙන්න කඩුව වතුරට දැම්මම, එය කැඩී ගියා. මෙවැනි සටනකට පාවිච්චි කරන්න නම් එය වීරයකුගේ ආයුධයක් විය යුතු නිසා ඔහු දෙවෙනි වතාවෙ අසිපත සඳහා දවස් 50ක් මහන්සි වුණා. ඒ වතාවෙ අසිපතට පන්නරය ලබා දෙන්න ඔහු සිංහයෙක් අල්ලලා, උගේ පපුවට අසිපතෙන් ඇන්නා. ඒ වතාවෙත් අසිපත කැඩිලා ගියා. තුන්වෙනි වතාවෙ ඔහු දවස් 100ක් පුරාවට අසිපත හැදුවා. අසිපතට පන්නරය ලබා දෙන්න තමන් මේ වතාවෙ කුමක් කළ යුතුදැයි ඔහු දැන සිටියා. ඔහු තමන්ගෙ ආදරණීය බිරිඳ වුණ “නීසා නීසා”ට කතා කරලා, අසිපතින් ඇයගේ පපුව හරහා හදවත සිදුරු කරා. ඇයගේ හදවත සහ ආත්මය, අසිපතේ ලෝහ සමග මුසු වෙලයි අවසානයේ Lightbringer කඩුව හැදුණේ. Azor Ahai යුද්ධයෙදි මේ අසිපතයි පාවිච්චි කරේ whitewalkersලව පරාජය කරන්න.

Children of the Forest මායා බලය
whitewalkersල පරාජය කරාට පස්සෙ වෙස්ටරෝස් උතුරු කලාපය ප්‍රධාන රාජධානියෙන් වෙන් කරන්න මිනිසුන්ට උවමනා වුණා. ඒ සඳහා Bran the Builder, children of the Forest මායා බලය පාවිච්චි කරලා wall එක නිර්මාණය කරා. ඒ මායාව නිසා මැරුණු අයට wall එක පහු කරලා දකුණට එන්න බෑ. “ස්ටාක්” නිවාසය ආරම්භ කරෙත් ඔහු විසින්මයි. ඒ නිසාම ස්ටාක් පරපුරේ බොහෝ විට Brandon කියන නම ආයෙ ආයෙත් යොදාගෙන තියෙනවා.
අතීතය අනාගතය ගැන බලන එකත් Children of the Forest සතුව තිබුණු තවත් එක මායා බලයක්. ඒ වගේම සතුන් සහ Weirwood ගස් හරහා ලෝකය දකින්නත් ඔවුන්ට හැකියාව තිබුණා. වර්තමානයේ “බ්‍රැන්”ට ලැබිල තියෙන්නෙත් මේ බලයමයි.
ඒගෝන් ටාගේරියන් වෙස්ටරෝස් ආක්‍රමණය කිරීම.
කතාව දැනට පවතින කාලයට වසර 300කට ඉස්සර වෙස්ටරෝස් මහාද්වීපය රාජධානි හතකට බෙදිලා තිබුණා. ඒ ඒ රාජධානි තම ස්වාධීන පාලනයක් සහ වෙන වෙනම රජවරු සිටියා. ටාගේරියන් කියන්නෙ වෙස්ටරෝස්වල ඉතිහාසයේ ඉදං හිටපු පිරිසක් නෙවෙයි. ඔවුන් හිටියෙ “එසෝස්”වල පොහොසත්ව තිබුණු වැලීරියා කලාපයේ. ඒ කලාපයේ හිටපු dragon lords පවුල්වලින්, Doom of Valyria එහෙමත් නැත්නම් වැලීරියා විනාශයෙන් බේරුණු එකම පවුල ටාගේරියන් පවුල විතරයි. විනාශය වෙන්න වසර 12කට කළින් ඒ ගැන පෙරනිමිති දැකපු ඩේනිස් ටාගේරියන් ඇයගේ පියාට කරපු ඇවටිලි කිරීම් නිසා ටාගේරියන් පවුලත්, ඔවුන්ගෙ මකරුන් පස් දෙනෙකුත් වෙස්ටරෝස් මහද්වීපයට අයත් Dragonstone කලාපයට පැමිණියා. (දැන් ඩැනේරිස් ටාගේරියන් ඇවිත් ඉන්නෙත් මේ කලාපයට)
ඊට අවුරුදු 100කට විතර පස්සෙ ඒගෝන් ටාගේරියන් වෙස්ටරෝස් අනිත් රාජධානිත් තමන්ගෙ යටතට පත්කර ගත්තා. ඒගෝන් රාජධානි යටත් කරමින් සිටිද්දි වෙස්ටර්ලෑන්ඩ්ස් රජතුමා (Loren I Lannister) සහ හයි ගාඩ්න් රජතුමා (Mern IX Gardener) තම බලය එකට එකතු කරලා ඒගෝන්ට මුහුණ දෙන්න සූදානම් වුණා. (TV series එකේ කාලය වෙන විට හයි ගාඩ්න් කලාපයේ බලය තිබුණේ Gardner පවුලෙන් පසුව බලයට පැමිණි ටයිරෙල්ස් සතුවයි) ටාගේරියන් හමුදාව, මේ රජවරු දෙදෙනාගෙ සේනාව ඉදිරියේ පරාජය අභිමුව සිටියදී ඒගෝන් සහ ඔහුගේ සහෝදරියන් දෙදෙනා මකරුන් තුන් දෙනා පිට ඇවිල්ලා සතුරු සේනාව ගිණි දූලි කර දැමුවා. මෙය ඒගෝන් ආක්‍රමණයේදි සිදු වුණ විශාලතම යුද්ධය වගේම, විශාලම පිරිසක් මිය ගිය අවස්ථාවත් වෙනවා. ඒ යුද්ධය ඇති වුණ ස්ථානය හඳුන්වන්නෙ Filed of Fire ලෙසයි.

ඒගෝන් ප්‍රමුඛ ටාගේරියන් හමුදාව සමග සටන් කරන්න පැමිණි උතුරේ රජ (King in the North) ටොරෙන් ස්ටාක් පවා මකරුන් සමග එන සේනාව දැකලා දණ නමා උතුරේ බලය ටාගේරියන් පාලනයට ලබා දුන්නා. ඒ උතුරේ ජනතාව සමූල විදිහට මිය යන එක වළක්වාගන්න. ඩෝන් කලාපය හැරෙන්න අනිකුත් සියලු කලාප යටත් කරගත් ඒගෝන් ටාගේරියන් Kingslanding වල සිට රජු ලෙස වෙස්ටරෝස් පාලනය කරා. ඔවුන් ඩෝන් කලාපයේ සහයෝගය තියාගත්තෙ ටාගේරියන් සහ මාටෙල් පවුල් අතර විවාහවලින්.
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Works with – AMZN WEB-DL and HDTV Releases. / BR – PSA
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
82,907 downloadsDownload GOT.S07.E04.Sinhala.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
162 comments
rishzay
deshan
wow....... patta pata pata ai yako kathawa iwarawela payak giye na menna sub avith thankz aiya jaywn jayama wewa
Sachin
Patta
achintha
නියමයි සහෝ.මාර ඉක්මන් නෙ ඔයා.....සබ් එකට ස්තූතියි
guardians of the Galaxy Vol. 2 (2017) හෙට නැත්තම් අනිද්ද ඒවි හොඳ කොපිය..බලාපොරොත්තු වෙනව රොයිලි අයිය ඒකටත් සබ් කරයි කියල.Gavesh Bandara
Thnk u wewaaaa...elama
නවින් නිසල්
උපසිරසියට තුති...
Vima
වේරිස්ගෙ පොඩි කුරුල්ලො සර්සිගෙ මේස්ටර් ගාව නේ බන් ?
සබට තුති ආ දවල් වෙලා බලන්ඩෝනා මුන් ස්පොයිල් කලානෙ කතාව :-(රොයිලි
සෙට් එකම පොර ගාව වෙන්න බෑනේ බන්. අනික එහෙම නම් වේරිස්ගෙන් ඇති වැඩකුත් නෑනේ දැන් ඩැනේරිස්ට.
Nchamara
Thanks...
Geethma Dilpahan
Thankzz machooo
නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Ruchira
sub 1 ට ස්තුතියි......
dasun
Aye kiyala wadak ne, fatta
Hasindu
Thanx sub ekatai tharindu aiyage vistharayatai
himesh
ෆට්ටබන් ඉක්මනටම දීල..තරිදු සහෝ ලිපියත් මරු!
Shanaka Chathuranga
තෑන්ක්ස් මචං... සබ් දානකම් බලාගෙන හිටියෙ උදේ ඉදන්.. සබ් එක නැතුව ඊයෙ බැලුව... ඒත් උබේ සබ් එකත් එක්ක ආයෙ බලනව... නැත්තම් ගැම්මක් නෑ....
Sachindu Vihanga
Thnx සහෝ
Saman Ranasinghe
බොහෝම ස්තූතියි රොයිලි සහෝ......
NAVIN
THANKS
Kasun
බොහොම ස්තූතියි සහෝ......
shehan de silva
Thanks saho!!
Navod Dilshan
Ubala sub denakota ubalage name eka film eka purama display wenna danna epa bn.4n walin balana unta karadarai.ubalage nama witarai penne.film eka penne na.patan gaddi iwara weddi witarak dapalla.
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ……
vinod
link ekak nadda download karaganna
Geethika Dasanayaka
Thanks roylie saho sub 1ta a wagema tharindu ayiyatath thanks lipi tika maru ✌️✌️
...jj...
ගොduck තූති දෙන්නටම...!
☺ජය වේවා!☺Umali Hansika
me tharam ikmanata subtitle eka hadala denvata thanks ayye
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Sameeralk
elzzzzzzzzzzzzz
nirmal
sub ekata bohama sthuthiyu.....
480p ekata hariyana sub ekath denawada yalu......kavindu
thnk you bro
sub ek denakam blgn hitiyeeeprabath
elama, thankyou sub ekatai, tharindu aiyatai 2tm
Gaga
Thnx bro...
charith eranga
Elama thanks
ආසිරි ප්‍රියන්ත (හේවා)
බුදු අම්මෝ ජේමි අය්යා, තව ඩින්ගෙන්...
මම හිතුවෙම හැබැයි මකරට ගේම දෙයි කියලා, මට ඕන උනෙත් ඒක.
දැන් දැන් මම ජේමිගේ පැත්තේ.
ජේමි තමා ඩයල් එක.
ඔය ගෙරි මකරා මැරෙන්නම ඕනේ.
බුදු අම්මෝ එපි 5 ප්‍රොමෝ එක.
පිසූ හැදෙයි...
ජය වේවා රොයිලි අයියේ...
පට්ට.sajiya
thanks bro..
charith eranga
විස්තර කරලා දෙන එකට thanks...
අර විඩියෝ ටිකත් හොදයි තරිදු අයියේ...Krishan Jayaratna
thanks sahodaraya, obata jaya!
nuwan
thankyou sub ekat
thankyou tharindu aiyatakavindu mihiranga
Thank you roily n tharindu bro....
Suchithra fernando
Who r u
C. R. ජයලත්
Niayamai Saho Jaya Wewa!!!!!
Rocks
Thanks
Oshadha Sudaraka
thankuiiiiiiii
Pradeep M Gamlath
බොහොම ස්තුතියි සහෝ ජයෙන් ජය..
Hemal
Thank you ayye
Viraj
sub ekata thanks royly aiye.... supiri lipiyatath thanks tharindu aiye.. jaya wewa!!
shehan
thanks machan
Udesh Tharaka
බොහොම ස්තූතියි රොයිලි සහෝටත් තරිඳු සහෝටත්
Nandun
thanks bro
GihanC
අපේ " king of the baiscope " roily fernando (මම දැක්ක කොහේ හරි හැබයි රොයිලි අයියට ගැලපෙනම නම ) මේ තරම් ඉක්මනට sub එක දෙන බව දැනුන නිසාම කලින්ම down කරා ...thankyou ඔබ දෙපලටම ...ජයින් ජයිම විවා ....
Advertisement



Thnx සහෝ දානකල් බලන් හිටියේ