Watch Trailer

Sathriyan (2017) with Sinhala Subtitles | රක්ත වර්ණ රුධිරයෙන් සිත්තම් කළ ආදර අන්දරය! [සිංහල උපසිරැසි සමඟ]

තිචී. මලකොට්ටයි වල සුන්දර කඳු යායක් අතර තමයි පිහිටා තියෙන්නෙ. මේ කන්ද මුදුනේ වැඩ වසන්නා වූ මහානුභාවසම්පන්න ගණ දෙවිඳුන් තමයි මේ ත්‍රිචී ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ. හැම ආගමකම වගේ මිනිස්සු මේ නගරයේ ජීවත් වුණා. නමුත්, මෙම ප්‍රදේශය පුරාවටම නිරන්තරයෙන් භක්තිය සහ විනය රඳා පැවතුණා. හැම ආගමකම මිනිස්සු කිසිම…

තිචී. මලකොට්ටයි වල සුන්දර කඳු යායක් අතර තමයි පිහිටා තියෙන්නෙ. මේ කන්ද මුදුනේ වැඩ වසන්නා වූ මහානුභාවසම්පන්න ගණ දෙවිඳුන් තමයි මේ ත්‍රිචී ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ. හැම ආගමකම වගේ මිනිස්සු මේ නගරයේ ජීවත් වුණා. නමුත්, මෙම ප්‍රදේශය පුරාවටම නිරන්තරයෙන් භක්තිය සහ විනය රඳා පැවතුණා. හැම ආගමකම මිනිස්සු කිසිම රණ්ඩු සරුවලක් නැතුව සමාදානයෙන් ජීවත් වුණා. ඒ වගේම, ත්‍රිචි කියන්නෙ බුද්ධිමතුන් සහ දර්ශනවාදීන් රාශියක් භාරත මාතාවට දායාද කරපු භූමියක්. හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහත්මයා අධ්‍යාපනය ලැබුවෙත් මේ ත්‍රිචි නගරයෙන් තමයි. බොහොම ලස්සනට සහ සංසුන් විදියට පේන්න තියෙන මේ ත්‍රිචි පුරවරය බොහොම උෂ්ණාධික ප්‍රදේශයක්. ඒ නිසාමද, නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියලා නම් කියන්න දන්නේ නැහැ, මැරයන්ගේ ප්‍රශ්න බොහොම දරුණු විදියට මේ ප්‍රදේශය පුරාවට මුල් බැසගෙන තිබුණා. මූලිකවම මේක මැර කල්ලි දෙකක් අතර යුද්ධයක් කියලා කිව්වොත් හරි. මේ නිසාම ත්‍රිචි මිනිස්සුන්ට රුධිරය කියන දේ කොච්චර සාමාන්‍ය දෙයක් වෙලාද කියනවා නම්, මැරයින්ගේ තියුණු ආයුධ වලින් ගලා යන්නා වූ රුධිරය තවදුරටත් මිනිසුන්ගේ ඇස් වලට වේදනාවක් ගෙනදුන්නේ නැහැ. නමුත්, මේ රුධිරය නිසාවෙන් හැම තැනකම නොමැකෙන පැල්ලම් ඇති වුණා. මේ කියන්න හදන්නෙත් කෝලාහලයක් දක්වාම දුර දිග ගියපු, රුධිර පැල්ලම් වලින් සිත්තම් වූ ආදර අන්දරයක් පිළිබඳවයි.

සමුද්‍රම්! වෙනත් විදියකින් කියනවා නම් “ත්‍රිචි නගරයේ මැර රජා” විදියට තමයි සමුද්‍රම්ව හඳුන්වන්නෙ. කිසිම කෙනෙකුගේ අණසකට අවනත නොවෙන, මරණයට වූවත් නොබියව පා තබන්නා වූ මේ සමුද්‍රම් පිළිබඳව මිනිසුන් තුල පැවතියේ අති මහත් භීතියක්. නමුත්, කිසිම පොත පතක හෝ, පුවත් පතක ජායාරූපයක් හෝ සමුද්‍රම් මෙන්න මේ වගේ කෙනෙක් යැයි හරියාකාරව කිවහැකි පුද්ගලයෙක් හිටියෙ නැහැ. ලොවෙන් වසන්වී, සමස්ත ත්‍රිචි නගරය පුරාවටම සිය අණසක පැතිරවූ අදෘෂ්‍යමාන රජෙකු ලෙස තමයි මේ සමුද්‍රම් සැලකුවේ. නමුත්, සමුද්‍රම්ගේ දියණියට කළහකාරී තරුණයින් පිරිසකගෙන් සිදුවන්නා වූ කරදර හිංසාවන් නිසාවෙන් ඇයගේ මව විසින් තම දියණියගේ ආරක්ෂාව පිණිස පෞද්ගලික ආරක්ෂකයෙකු යොදවනවා.

ගුණා! කිසිම හිතක් පපුවක් නැති දරුණු අපරාධකාරයෙක්. මිනිහෙක්ගේ ජීවිතය නැති කරලා දාන එක බොහොම සුළු දෙයක් වෙච්ච පුද්ගලයෙක්. වෙනත් වචන වලින් කියනවා නම්, හදවත ගලක් බඳු වූ, අතිශය දරුණු ඝනයේ මිනීමරු අපරාධකාරයෙක්. නමුත්, කතාවක් තියෙනවා ගින්දර සහ පුළුන් කවදාවත් එක ලඟින් තියන්න එපා කියලා. මොකද, ලං වෙච්ච ගමන්ම ගිණි ගන්නවා. සමුද්‍රම්ගේ දියණිය ගින්දර නම්, මේ ගුණා තමයි පුළුන්. නිකන්ම නිකන් පුළුන් නෙමෙයි. “තෙත පුළුන්”. තෙත පුළුන්  වලට කොච්චර ගින්දර ලං වුනත් ගිණි ගන්නේ නැහැ. නමුත්, සමුද්‍රම්ගේ දියණියගේ ආදරය හමුවේ ගුණාගේ යකඩ හදවත මෙලෙක් වුණා. මෙතෙක් කාලයක් පුරාවට හදවතේ ලැගුම් ගෙන සිටි දරුණු යක්ෂයා පිටව ගියා. වෙනත් වචන වලින් කියනවා නම්, “තෙත පුළුන් වේලුනා”. මොකද වුනේ? ගිණිගත්තා!

ත්‍රිචි නගරයම හොල්ලගෙන හිටපු සමුද්‍රම්ට තමන්ගේ දියණිය වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂකයෙකු යෙදවීමට තරම් සිදුවූ විනාශය කුමක්ද? සමුද්‍රම්ගේ දියණියට සහ ගුණාට ඔවුන්ගේ ආදරය කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකියාව ලැබේද? අවසානයේ කුමක් වේවිද?

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. 2017 වර්ෂයේ ජුනි මස 9 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම Action, Romance යන කාණ්ඩ සඳහා අයත් වෙනවා. ඒ වගේම, Imdb දර්ශකය තුල 5.0 ක අගයකින් සමන්විත වෙනවා. චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ, Kumki (2012) චිත්‍රපටය තුලින් දමිල සිනමා ක්ෂේත්‍රය වෙත පා තබමින්, Ivan Veramaathiri (2013), Arima Nambi (2014), Vellaikaara Durai (2014), Idhu Enna Maayam (2015), Wagah (2016), Veera Sivaji (2016) ආදී චිත්‍රපට තුලින් අති සාර්ථක ගමනක් පැමිණි, මේ වන විට දමිල සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන තාරකාවක් වන, Vikram Prabhu විසිනි. ප්‍රධාන නිළිය ලෙස, Aaradhu Sinam (2016), Paayum Puli (2015) සහ Press 1 for Tamil (2015) යනාදී චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ Aishwarya Dutta රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ මියුරු ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය සපයනු ලබන්නේ Yuvan Shankar Raja විසිනි.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. රේටින්ග් යකාට ගියාවේ කියලා චිත්‍රපටිය නරඹන අයට, පළවෙනි විනාඩියේ ඉඳලා කිසිම කම්මැලිකමක් නැතුව නරඹන්න පුළුවන් චිත්‍රපටයක් නරඹන්න හැකියාව ලැබේවි. ඒ වගේම කියන්න ඕනේ, මේක මීට කලින් වෙන කෙනෙක් උපසිරසි ගන්වන්න බාරගෙන තිබුනේ. ඒත්, සෑහෙන කාලයක් ගතවෙලත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා තමයි මං බාර අරගෙන උපසිරැසි ගන්වලා ගෙනාවේ.

ඒ වගේම විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. ලිපිය ටිකක් දිග වැඩි වුනත් මේ දේ කියන්නම ඕනේ. පහුගිය දවස් කීපයේදී, ලංකාවේ ඉන්න, තමන් ජාත්‍යන්තර මට්ටමේ සිනමා විචාරකයෝ කියලා තමන්ම හිතාගෙන, බොහොම උද්දච්ච මනසකින් ඉන්න පුද්ගලයෝ වගයක් උපසිරසිකරුවන්ට බොහොම දරුණු විදියට චෝදනා කරලා තිබුණා. එක චෝදනාවක් තමයි, උපසිරැසිය තුල උපසිරසිකරුවාගේ නම යෙදීම මේ උගත් කියලා හිතාගෙන ඉන්න උදවියට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. අපි ගොඩක් දෙනෙක් උපසිරැසිය ආරම්භයේ සහ අවසානයේ විතරයි නම දාන්නේ. ඒකත්, දෙබස් වලට කිසිම බලපෑමක් වෙන විදියට නෙමෙයි දාන්නේ. මං හිතන්නේ, මේ උදවියට තියෙන්නේ උපසිරසිකරුන්වගේ නම දකින්න හිරිකිතකමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිකරුනේ මේ වගේ දෙයක් සම්බන්ධයෙන් මේ වගේ පහත් විදියට චෝදනා කරන්නේ නැහැ. අනිත් චෝදනාව තමයි, උපසිරසි වල එක එක වචන අල්ලාගෙන, මේක අරහෙම පරිවර්තනය කරන්න තිබ්බේ, මෙහෙම පරිවර්තනය කරන්න තිබ්බේ කිය කියා බොහොම ලොකුවට වීරකම් පෙන්නලා තිබුණා. හැබැයි මේ බණ කියන උදවිය ජීවිතේටවත් එකම එක උපසිරසියක් වත් කරලා නැහැ. මේ උදවිය හිතාගෙන ඇත්තේ උපසිරසියක් කරන එක බොහොම ලේසි පහසුවට කරන්න පුළුවන් දෙයක් කියලා වෙන්න ඇති. කකුළුවා ඇදේට යනගමන් අනිත් උන්ට කෙලින් යන්න කියනව වගේ වැඩක් මේක. මේ වගේ උදවියට කියන්න තියෙන්නේ මෙච්චරයි. දෙයියන්ගේ නාමෙට ඉංග්‍රීසි උපසිරසියක් දාගෙන බලන එකක් බලන්න. මෙතන ඇවිල්ලා අපිට පව් පුරවන්න හදන්න එපා. මොකද, නිකං දෙන අශ්වයාගේ දත් ගණන් කරන මේ වගේ දෙකයි පනහේ අය නැතුවට, මේ කරන සේවය හදවතින්ම අගය කරන බොහොම විශාල පිරිසක් ඉන්නවා කියලා හොඳටම දන්නවා. ඒ නිසා මේ වගේ උදවිය මේ පැත්තේ නාවයි කියලා අපි කාගේවත් තරහක් නම් නැහැ. අදාළ අය මේක කියවනවා නම් දැනගනීවි මේක කියන්නේ තමන්ටයි කියලා. අනිත් කිසිම කෙනෙක්ට නෙමෙයි මේක කිව්වේ.

ජයවේවා!

Sathriyan (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.nu – Sathriyan (2017)

ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

14,102 downloadsDownload Sathriyan-2017.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Sisila-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,102 downloadsDownload Subtitles60 KB

44 comments

  1. Rakitha

    Ela & jaya wewa

  2. Helili Hemamali

    ලිපිය සුපිරියටම ලියලා තියනවා. උපසිරැසියට ස්තූතියි! ඔහොම යං!

  3. randy

    elama kathawa bro. digatama sub demu. jaya wewa....

  4. banda...

    ballo burana ewa ganan gann epa.. baiscope team eka apata watinawa.. jayawewa...

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    කතා කරන්න එපා බන් ඔය උගත්තු කියලා ලේබල් ගහන් ඉන්න හැත්ත ගැන. ඔකුන් තමයි හැම පැත්තෙන්ම මේ රට කන්නේ.. හිතන් ඉන්නේ උන් මහා යුග පුරුෂයෝ කියලා.. **ගෙ රෙද්ද තමයි! ඔවා සත 5ට ගනන් ගන්න එපා බන්. උබලා මේ කරන දේ වටිනාකම්පි හොදටම දන්නවා. සබ් නොකෙරුවත් මේ දේවල් කොච්චර අමරුද කියලත් දන්නවා..හරි හමන් සිනමාවක්වත් අපේ රටේ තියෙද බන්! උබලා තමන්ගේ කාලය කැප කරගෙන මේ වගේ ෆිල්ම්,ටීවී සිරිස් ටිකට සබ් දුන්නේ නැත්තම් අපිට දෙයියන්ගෙ පිහිටයි. ඉංග්‍රීසි දන්නවා උනත්,දන්නේ නැති උනත් සබ් එකත් එක්ක බලද්දි තමයි ෆිල්ම් එක තේරෙන්නේ.. එක නිසාම තමයි ඉංග්‍රීසි ෆිල්ම් වලට ඉංග්‍රීසි සබ් එක එන්නේ.. එක එක ගෝතයෝ කියන එවා වැඩක් නෑ සහෝ. අපි හැමදාම බයිස්කෝප් එකත් එක්ක ඉන්නවා.. සහෝලා එක්ක ඉන්නවා.. ඒක නිසා දිගටම මේ දේ කරගෙන යමු!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. Lahiru

    Mcn sub ekata thanks, mcn sub eka download wenen nane file not found

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  8. rangika Kariyawasam

    සිසිල සහෝ පොඩි නිහැඩියාවකින් පස්සෙ ආයෙම අපි හමුවට ඇව්ත් .බොහෝමයක්ම ස්තුතීයි ඔබට මේ සබ් එක දුන්නට.මම පෞද්ගලිකව කැමැත්තක් දක්වන්නේ නැති නලුවෙක් මෙි.නමුත් සිසිල සහෝ සබි එක කරපු නිසා අනිවා බලනවා.

    අපිත් දැක්කා ඉතාමත්ම කුජීත ව්දියට උපසිරැසි දායකයින්ට චෝදනා කරලා තිබුනා.මෙවැනි වටිනා දෙයක්වත් අගයන්න බැරි මිනිස්සු අප අතර ඉන්න එක සමිබන්දයෙන් ඉතාම කණගාටු වෙනවා. ඔවුන්ට නිසි පිලිතුරු ලැබුනා කියලා මට හිතුනා.

    සිසිල සහෝ අපේ මලයාලමි සිනමා තීරයට නැතිවම බැරි සලරෑ කිහිපයක් නිකුත්වෙලා තියෙනවා .මෙි ෆිලුමි එකකට හරි සබි දෙන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලනවා සහෝ .පුලුවන් ඉක්මනට මේ ඉල්ලීම ඉටු කරන්න සහෝ.

    Avarude Raavukal (2017)
    Role Models (2017)

  9. Kulanjana Maduranga

    niayamai…patta lipiyak ne...wadinna ona than walata wadinna ona vidiyatama kylala thiyanawa...deyak krala balanna ona eke amaruwa danenna..ehema amaruwak , kattak kapu nathi aya thama e dewal kranna ona vidiya kiyla denne...ewage kuhaka, hoda deyak agaya krnna dan nathi minissu gana katha krana ekath wadak na...sahola krana de watinakama danna hamada oyala ekka inna, oyalawa dirimath karana aya innakam oyalawa wattanna katawath ba....oya dewal walata salennath epa..keep it up...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. SPD

    සෑහෙන කාලෙකින් තමයි සයිට් එක පැත්තේ එන්න ලැබුනේ.
    ගොඩ කාලෙකින් හොඳ ෆිලුමක් බලන්නත් බැරිවුණා.
    අනික සිසිල සහෝ කරපු එකක් නිසා අනිවා බලනවා.
    බොහොම ස්තුතියි සහෝ...
    ජයම වේවා....!!!

  11. prabodha

    Thank u Very much bro sub ekata..

  12. Krishan Madusanka

    ඔය ඔය එකේ දෙකේ ගොන් ප....යෝ කියන ඒවා ගණන් ගන්න ගියොත් අපේ ලේ පිච්චෙනවා බන්.

  13. Salinda

    ලිපිය එලටම තියෙනවා .. ඔය දෙකයි පනහේ උන් කියන ඒවා ගණන් ගන්න එපා ..

    Dulha Mil Gaya (2010) Sharukh Khan ගේ ෆිල්ම් එකක්

    Role Models (2017) මලයාලම්

    Meesaya Murukku (2017) Hip Hop Thamiza ගොඩක් දෙමල ෆිල්ම් වල රැප් සින්දු කරන තරුවකගේ ආගමනය .. පළමු සිනමාපටය

    Avarude Raavukal (2017) මලයාලම්

    ෆිල්ම් වලට පුළුවන් නම් සබ් දෙන්න ... පුළුවන් නම් අනිත් සබ් කරන අයට පොඩ්ඩක් කියන්න .. ජය

  14. Nirodhauthpala

    Yakuu sisilaya ge subak miss karagena na me venakan obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro thx for sub

  15. ramesh

    jayawewa bro,meke watinakama danna ona minissu dannawa,thnkz for sub & keep going!!!!

  16. ut

    supiri answer eka oya siyalla danno koheda natte eka satteka ganag ganda epa bro jaya wewa

  17. තරිඳු රසාංග

    සබට ස්තුතියි මචං,
    ලිපියේ කියපු කතාව ඇත්ත,
    කොහොමවුනත් මම නම් හිතන්නේ උපසිරැසිය ගැන වටිනාකමක් තියෙන බහුතරය ගැන හිතලා වැඩ කලා නම් ඇති,ඔය කියන සුළුතරය කොහෙත් ඉන්නවා.ඒක ගණන් ගන්න දෙයක් නෙවෙයි!

  18. kumara

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ලිපියත් මරු. වදින උන්ට වදියි. වැදුන ගමන් රිදෙයි. කාලකණ්නි සක්කිලින්ට මේවගෙ අගේ තේරෙන්නේ නෑ. අපි කලිං බලලා තියෙන පිලුමක් උනත් සබ් ආපුවම ඒවත් එක්ක ආයෙක් බලනවා එතකොට තමයි අපිට පිලුම තේරෙන්නේ. මුන්ට කරන්න පුළුවං ලබ්බක් නෑ. උං දන්නෙ කවුරුත් කරපු දෙයක් අල්ලං ඒකෙ වැරදි හොයන එක විතරයි. පර බල්ලො.

  19. Gayan

    sub ekata thank's saho. jayawewaa!

  20. shashika

    godaaak thanks sahoo thawa thawath sub denna ela wadak

  21. Indrajith

    thanks for the sub ..brother

  22. Dinu

    ගොඩක් ස්තූතියි සබ් එකට සෙහෝ.. ජය වේවා.

  23. Lahiru

    Ambo menna meya baby driver deela dawasakawath giye ne..thawa akak deela..ele ele..ohomama munna michael akatath sub demu hode...

  24. Chami.S

    Thanks..
    Good Luck..

  25. Roshan

    උපසිරැසියට බොහොම ස්තුතියි.......!
    ඔබ සියලු දෙනා කරන සේවය ගැන මා පුද්ගලිකව ප්‍රශංසා කිරීමට කැමතියි, සිංහල උපසිරැසි නැතුව Films බලපු කාලේ Films බැලුවා විතරයි, නමුත් ඔබ විසින් ඔබගේ වටිනා කාලය කැපකර අපවෙත දෙන මේ උපසිරැස සමග Films බලන විට තමයි සත්‍ය වශයෙන්ම නිසි අවබෝදයකින් Film 1ක බැලුවේ... කව්රු මොනවා කිව්වත් ඔබලාගේ වටිනාකම අප දන්නවා, හුදෙක් මානසික තෘප්තිය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරණ උපසිරැස අපට වටිනවා සත්තකින්ම..... ඔබලා කරන මේ වටිනා සේවයට ඔබට සියලු බාධක ඉදිරියේ නොසැලී ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය නිරන්තරයෙන් ලැබෙන්න කියල ම්ම් ප්‍රර්ථනා කරනවා ස්තුතියි..!

  26. shasith sandaruwan

    බොහාම ස්තූතියි සිසිල උපසිරැසියට... :P
    ඔය සමහර උන් ගැන නම් කියලා වැඩක් නෑ බං.
    උපසිරැසියක තියන ලයින් දහස් ගානක් අතරින් එක ලයින් එකක තියන වචනෙක ‍හෝ අකුරක වැරැද්දක් අල්ලගෙන තමා උන් කෑ ගහන්නේ. ඕවා ගැන කතා කරලා ලේ පුච්ච ගන්න ඕන නෑ බං. කමෙන්ට් එකක් හරි දාන අය වෙනුවෙන් සබ් අරන් එමු.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  27. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.

  28. එල්.සී . දමැල්

    මම උපසිරසක් කරලා අවුරුද්දක් ගිහින් ඒක දකිද්දි ඒකේ වැරදි, වැරදිම නැතත් නොගැලපීම් ඕන තරම් දකිනව.හේතුව අපි උපසිරස කරන ප්‍රමාණය අනුවයි අපේ උපසිරස කිරීමේ හැකියාව ⁣දියුණු වෙන්නේ. අපි ඒ මහා සිනමාකරුවන් වගේ මහදැනමුත්තන් නෙමෙයිනේ. අපි සමහරුන් උපසිරස කරන වැඩේ පටන්ගත්තේ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් එක්ක. අන්න ඒ නිසා අපෙ උපසිරසකරුවොන්ට කියන්නේ වැඩි වැඩියෙන් උපසිරස කරන්න කියලයි. ඒ අතින් අපි හැම උපසිරසකරුවෙක්ටම හොඳ ආදර්ශයක් සිසිල තියනවා.

  29. sachin gimhan

    ela sahodaraya. sub ekata thanx..

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Nilesh

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.

  32. Eranda

    මෙවැනි තවත් රසවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා....!
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  33. Ruwan Kasun Madhuranga

    Thank you Sub akta..
    Best of luck....

  34. Tash Kohomange

    jaya wewa

  35. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  36. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  37. Silent$

    Thnxxxxxxxx

  38. Lankawe baiscope fan kenek

    නම දැම්මම අවුලක් නෑ බන්.. ඔයාලා කරන වැඩේ වටිනවා ගොඩාක්.. ජය වේවා...

  39. චින්ත

    ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට..ජය වේවා!

  40. tharuka priyadarshana

    Bohoma sthuthi saho sub ekata...

  41. චාරුක ලක්ෂිත

    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  42. ravindu

    Ela bro
    Thanks

  43. Arunashan

    දිනෙන් දින දියුණු වෙිවා බයිස්කෝප් ...

  44. Nidi

    සිසිල,
    ඔයා හරි.
    රේටින්ග්ස් ගණන් ගන්නේ නැතිව ෆිල්ම් එක ගත්තා.
    කම්මැලි නැතිව වෙනස්ම ආදර කතාවක් දැක ගත්හා.
    ගොඩක් ස්තුතියි!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.