කොහොමද හැමෝටම ඉතින්, අද ඔන්න මම Drama/Indie වර්ගීකරණයට අයත් ෆිල්ම් එකක් අරගෙන ආවා. 2017 වර්ෂයේ අගෝස්තු 24 වෙනිදා නිකුත් වුන මේ ෆිල්ම් එකේ නම තමයි Tulip Fever කියල කියන්නෙ. නම නම් ටිකක් අමුතු වගේ තමයි. ඇත්තමටම මේ ෆිල්ම් එකට මේ නම වැටෙන්න හේතුව තමයි මේකට පාදක වෙන්නෙ 17 වෙනි ශතවර්ෂයේ ටියුලිප් මල් යුද්…

කොහොමද හැමෝටම ඉතින්, අද ඔන්න මම Drama/Indie වර්ගීකරණයට අයත් ෆිල්ම් එකක් අරගෙන ආවා. 2017 වර්ෂයේ අගෝස්තු 24 වෙනිදා නිකුත් වුන මේ ෆිල්ම් එකේ නම තමයි Tulip Fever කියල කියන්නෙ. නම නම් ටිකක් අමුතු වගේ තමයි. ඇත්තමටම මේ ෆිල්ම් එකට මේ නම වැටෙන්න හේතුව තමයි මේකට පාදක වෙන්නෙ 17 වෙනි ශතවර්ෂයේ ටියුලිප් මල් යුද්ධයයි. මේ කාලයේදී ලන්දේසීන් ලන්දේසී ටියුලිප් මල් ව්‍යාපාරය නිසා සාර්ථකත්වයට පත් වුන කාලයක්. තැබැරූම් පිටුපස කාමරවල රහස් වෙන්දේසීවල විකිණෙන මේ ටියුලිප් මල්වල මිළ දිනෙන් දින වැඩි වෙන නිසාම ඉතා විශාල ලබමින් එක රැයෙන් මිනිසුන් මේ ව්‍යාපාරයේ යෙදීමෙන් පොහොසත්තු වුනා. වෙන්දේසීයෙන් මිළදී ගන්නා ටියුලිප් මල් පසුව නැවත දිනක විකුණා ඉහළ ලාභ ලැබූ කාලයක් වුණා. නමුත් කිසිම දෙයකට කවදාවත් අසීමිත වටිනාකමක් ලැබෙන්නෙ නෑ. ඉතින් ඒවගේම මේ ව්‍යාපරයත් අධික ලෙස මිළ වැඩී වීම් හේතුවෙන් ඒකාලයේ අභාවයට පත් වුණා.
ඉතින් ෆිල්ම් එක එන කතා කරනව නම්, Justin Chadwick අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපට IMDb දර්ශකයේ 6.2/10 ක අගයක් ලබාගන්න හැකි වෙනවා. ඒවගේම ෆිල්ම් එකේ හොඳ දක්ෂ සහ ප්‍රසිද්ධ රංගන ශිල්පීන් පිරිසකගෙන් සමන්විත වෙනවා. ප්‍රධාන චරිතය සෝෆියාට 2018 වර්ෂයේ Tomb Raider චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය දැක් වූ Alicia Vikander රංගන ශිල්පියායි. ඒවගේම Cornelis Sandvoort ලෙස වෙළඳ ව්‍යාපාරිකයා ලෙස රඟ දක්වන්නෙ මේ වර්ෂයේ නිකුත් වූ Alita: Battle Angel චිත්‍රපයේ Dr.Dyson Ido ලෙස රඟ දැක්වූ Christoph Waltz රංගන ශිල්පියායි.තවද තරුණ චිත්‍ර ශිල්පියාද ලෙස රඟ දක්වන්නේ Amazing Spider-Man 2 චිත්‍රපටයේ Harry Osborn ලෙස රඟ දැක්වූ Dane DeHaan රංගන ශිල්පියායි. මීට අමතරව Suicide Squad චිත්‍රපටයේ Enchantress ලෙස රඟ දැක්වූ Cara Delevingne රංගන ශිල්පිනිය ඇතුළ අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
එතනින් ෆිල්ම් එකේ කතාවට පොඩ්ඩක් බහිනව නම්, කතාවේ මූලිකව තියෙන්නෙ 17 වන ශතවර්ෂයේ ටියුලිප් ව්‍යාපාරය අසාර්ථක වීමට ඉතා ආසාන්න කාලයකයි. නමුත් කියන්න ඕන මේ ටියුලිප් යුද්ධය සත්‍ය වුවත් මේ කතාව නම් පාදක වෙන්නෙ නම් Deborah Moggach කියන කතුවරියගේ Tulip fever පොතට අනුවයි. ඉතින් කතාවේ කාලවකවානුව ලන්දේසීන් කුළුබඩු වෙළදාමෙන් ලෝක බලවතා වූ සමයේ කතාව සිදු වන්නෙ. කතාවේ ආරම්භය ගැන ටිකක් කියනවා නම් මෙකල නෙදර්ලන්තයේ, ඈම්ස්ටර්ඩෑම්වල ධනවත් ව්‍යාපරිකයෙක් වන සැන්ඩ්වුඩ් ගම්මිරිස් ඇතුළු කුළුබඩු ව්‍යාපාරයේ ඉතාමත් සාර්ථක වයසක වියේ පසුවන ව්‍යාපරිකයෙකි. ඔහුට තම ජීවිතය අවසන් වූ පසුව තම දේපළ උරුමය ලබා දීමට උරුමක්කරුවෙකු අවශ්‍ය වෙනවා. ඉතින් මොහු නගරයේ පල්ලියේ ඇති අනාථ නිවසේ සිටින තරුණ රූමත් සෝෆියා නැමති කාන්තාව විවාහ කරගන්නවා. විවාහක සෝෆියා නගරයේ තරුණ චිත්‍ර ශිල්පියෙකු සමඟ අනියම් පෙමක් ඇති කරගන්නවා. මෙයින් පසු ඇයට සැන්ඩ්වුට්ගෙන් වෙන් වී මේ තරුණයා සමඟජීවත් වීමට අවශ්‍ය වෙනවා. මෙසේ කිරීමට නම් දෙදෙනා සැන්වුඩ්ට සොයා ගත නොහැකි දුර බැහැර ප්‍රදේශයක ජීවත් වෙන්නට වෙනවා. ඉතින් මේ තරුණ චිත්‍ර ශිල්පියා ඒ සඳහා ටියුලිප් ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරයට සම්බන්ධ වී බොහෝ ගැටළු මැද්දේ තමන්ගේ අරමුණ ඉටුකරගැනීටම දරන වෑයමක් අපිට මේ චිත්‍රපටයන් බලාගන්න හැකි වෙනවා.ඉතින් ඔවුන්ගේ ඉරණම මොන වගේ එකක් වේවිද? ඒක බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඊළඟ උපසිරැසියෙන් හමුවන් තුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
5,212 downloadsDownload Tulip.Fever_.2017.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසිඳු කවීශ ගමපතිරණ
Subtitles
26 comments
Hashan M. Priyadarshana
sampath n perera
thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lalani Maduwanthi
Thank you malli,,,,,,God Bless you
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
CSJAYAS
Thanks Brother
namika
honda kathawak wage. thanks machan
sub ekata!ricadodamien
Thank U Sasidu Brother & Baiscope team for the sub. It was beautiful
Pavani_perera
Idhu namma aalu film eke sub eka dennako plzzz
Rukshan37
Ela ela
arawindasunimal
thanks sub ekata obata jaya
jagath55
Thanks
Hashan M. Priyadarshana
පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
suranuwan
thanks...
gayanmagee
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි! ලිපිය කියවපුවාම බලන්නම හිතුනා.
ලිස්ට් එකට දාගත්තා එහෙනම්Dewadithya
Thanks for Sub!
Athula
Thanks ...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suchroxx
Thanks Bro
AsithaDilruwan
ela saho thanks
Okashu
Thnx bro
Waruna Kamalawansha
බොහෛා්ම ස්තූතියි උපසිරැසියට
Advertisement

බොහොම ස්තුතියි බ්‍රෝ සිංහල උපසිරසියට.. :)
ජය වේවා.!