Watch Trailer

Tom Clancy’s Jack Ryan [S01: E01] Sinhala Subtitles | ව්‍යසනයක පෙරලකුණු…. [සිංහල උපසිරැසි සමඟ]

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක තුනකට කලින් සිද්ධ උනා. ඉතින් මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි Tom Clancy කියල කියන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද “Ryanverse” නමැති මනංකල්…

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක තුනකට කලින් සිද්ධ උනා. ඉතින් මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි Tom Clancy කියල කියන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද  “Ryanverse” නමැති මනංකල්පිත  විශ්වය තුල ඔහු විසින් රචිත කෘති  රාශියක් අපට හමුවෙනවා. ඔහුගේ පළමු කෘතිය උනේ The Hunt for Red October නමින්න් 1984 වසරේ ඔක්තෝබර් 1 වැනිදා පොත් පරිශීලකයන්ගේ අතට පත් වූ කෘතියයි. ඉන්පසු 2003 දක්වා ඔහු විසින් කෘති රාශියක් එළිදක්වනු ලැබුවා. පසුව ඔහු  Grant Blackwood, Mark Greaney, Mike Maden සහ Marc Cameron යන රචකයන් සමඟින් එක්වී පොත් එලි දැක්වුවා. ඒවා තමයි එකින් එක පහලින් පහලට දකින්න ලැබෙන්නේ.

  • Hunt for Red October (1984)
  • Patriot Games (1987)
  • The Cardinal of the Kremlin (1988)
  • Clear and Present Danger (1989)
  • The Sum of All Fears (1991)
  • Without Remorse (1993)
  • Debt of Honor (1994)
  • Executive Orders (1996)
  • Rainbow Six (1998)
  • The Bear and the Dragon (2000)
  • Red Rabbit (2002)
  • The Teeth of the Tiger (2003)
  • Dead or Alive (2010, with Grant Blackwood)
  • Locked On (2011, with Mark Greaney)
  • Threat Vector (2012, with Mark Greaney)
  • Command Authority (2013, with Mark Greaney)

Post-Clancy Ryanverse novels

  • Full Force and Effect (2014, by Mark Greaney)
  • Commander in Chief (2015, by Mark Greaney)
  • True Faith and Allegiance (2016, by Mark Greaney)
  • Point of Contact (2017, by Mike Maden)
  • Power and Empire (2017, by Marc Cameron)
  • Line of Sight (2018, by Mike Maden)
  • Oath of Office (November 2018, by Marc Cameron)

අද අපි මෙසේ රූපවාහිනී කතා මාලාවක් ලෙසින් දකින්න යන මේ කතාව මීට පෙර චිත්‍රපට වශයෙන් පස් වතාවක් ඔබ අප අතට පත් උනා. ඉන් චිත්‍රපට දෙකකට අප විසින් ඔබට සිංහල උපසිරසි මේවනවිට ලබා දී අවසන්. ඒ චිත්‍රපට ගැන කිව්වොත්,

  1. The Hunt for Red October (1990)
  2. Patriot Games (1992)
  3. Clear and Present Danger (1994)
  4. The Sum of All Fears (2002)
  5. Jack Ryan: Shadow Recruit (2014)

ඉහත කි චිත්‍රපට වල ජැක් රයන්ගේ චරිතයට අනුපිළිවෙලින්  පණ පෙව්වේ ඉතාමත් ජනප්‍රිය නළුවන් වන Alec Baldwin, Harrison Ford, Ben Affleck සහ Chris Pine යන නළුවන් පිරිස විසින්.  විවිධ කොමික් විශ්වයන් ගැන කතා කරන අද කාලයේ මේ රයන් වර්ස් එක තවත් එවැනිම විශ්වයක්. ඉතින් මේ ජැක් රයන් නමැති CIA නිලධාරියා ප්‍රධාන කරගෙන නිර්මාණය වූ කතාව විශාල පරාසයක් දක්වා දිවෙනවා. ඊට අමතරව මේ චරිත අනුසාරයෙන් වීඩියෝ ක්‍රීඩා පවා නිර්මාණය වී තිබෙනවා. සමහර ගේම් ඔබ මේවනවිට අවසන් කරලත් ඇති. මුලින්ම Red Storm Entertainment සමගම විසින් ආරම්භ වූ මේ පරිගණක ක්‍රීඩා අයිතිය පසුව ඔබ අප කවුරුත් දන්න Ubisoft ආයතනයට හිමි උනා. මෙතෙක් නිර්මාණය වූ වීඩියෝ ක්‍රීඩා වල නම් මෙසේ පෙළගස්වන්න පුළුවන්. 

  • Rainbow Six
  • Rainbow Six Mission Pack: Eagle Watch
  • Rainbow Six: Rogue Spear
  • Rainbow Six: Rogue Spear Mission Pack Urban Operations
  • Rainbow Six: Rogue Spear Covert Ops Essentials
  • Rainbow Six: Take-Down – Missions in Korea
  • Rainbow Six: Rogue Spear Black Thorn
  • Rainbow Six: Lone Wolf
  • Rainbow Six 3: Raven Shield
  • Rainbow Six 3: Athena Sword
  • Rainbow Six 3: Black Arrow
  • Rainbow Six 3: Iron Wrath
  • Rainbow Six: Lockdown
    Rainbow Six: Critical Hour
  • Rainbow Six: Vegas Rainbow Six: Vegas 2
  • Rainbow Six: Shadow Vanguard
  • Rainbow 6: Patriots
  • Rainbow Six Siege

එහෙනම් වටපිටාව ගැන කියවල මහන්සි නොකර කෙලින්ම මාතෘකාවට බහිමු. මේ කතාව අපට ලැබෙන්නේ Amazon Video ආයතනය යටතේයි. පළමුව කොයස් 8 කින් සමන්විත මේ කතා මාලාවේ මීළඟ කොටස්  8 හෙවත් දෙවන කතා සමය  අපට 2019 වසර අග බාගයේදී ලැබෙනවා ඇති. මුලින්ම මම කියන්නම් කවුද මේ ජැක් රයන් කියන්නේ කියල. ඔහු CIA නිලධාරියෙක්. දැනට තොරතුරු විශ්ලේෂණ නිලධාරියෙක් ලෙසින් CIA ප්‍රධාන කාර්යාලයේ රාජ කාරී කරන ඔහුට ලැබී තිබෙන්නේ යේමනය සම්බන්ධ සිදුවන මුදල් ගනුදෙනු ගැන පරීක්ෂාවෙන් ඉඳල සැක කටයුතු යමක් වේ නම් ඒ ගැන ඉහල අංශ දැනුවත් කරන්න. දැනට විශ්ලේෂකයෙක් විදිහට ක්‍රියාත්මක උනත් ඔහු මීට කලින් මැරීන් සෙබලෙක් ලෙසින් සේවය කල අයෙක්. ඉතින් යේමනයේ සිද්ධ වෙන ගනුදෙනු ගැන සැලකිල්ලෙන් ඉන්න රයන්ට විශේෂ ගනුදෙනු කීපයක් ගැන ඇස ගැටෙනවා. ජැක් ප්‍රමුඛ කණ්ඩායම CIA එක තුල ක්‍රියාත්මක වෙන්නේ T-FAD නම් අනුවර්ත නාමයක් සහිත කණ්ඩායමක් ලෙසින්. ඒ තුල ලෝකයේ විවිධ කලාප ආවරණය වන ලෙසින් මෙසේ තොරතුරු විශ්ලේෂණය කරන පිරිසක් රාජකාරි වල නියැලෙනවා. ඒ වගේම ප්‍රධානියෙක් නොමැතිව දැනට රාජකාරි කෙරෙන මේ කණ්ඩායමට අලුත් ප්‍රධානියෙක් අද කොටසේදී ලැබෙනවා. රයන් කියන්නේ දක්ෂ නිලධාරියෙක් නමුත් නවක ප්‍රධානියාට රයන්ව මුලින්ම මුණ ගැහෙන්නේ යහපත් පසුබිමකදී නෙමෙයි. එහෙනම් මේ සියල්ලම සමඟින් මේ කොටස් 8 බලන්න ඔයාලට ආරාධනා කරනවා. ඉතාමත් ඉක්මනින් මේ උපසිරසි 8 ඔබට ලැබෙනවා ඇති. දැනටමත් මාත් ඇතුළුව අශාන්, චාමර, ලහිරු යන පිරිස මීට සහබාගි වෙනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය!!!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,130 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S01E01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

13,130 downloadsDownload Subtitles27 KB

85 comments

  1. lucifer

    niyama wadak,, enakan hitiye oka digatama denna saho good luck

  2. losaka

    Thank u bro ikmanata sub dunna aka gena sathutui jaya wava !!!

  3. Ravindu Rukshan

    තැන්ක්ස්

  4. wickrama98

    sub akt tnx.....puluwnnm mewatath sub denna

    ghosted , future man , puss in boots , Alcatraz , Trollhunters , Mindhunter , Ballers

  5. Achi

    Thanks bokka

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Kanchaka

    Thanks bro..........

  8. baiscope_chandima

    ela ela jayawewa...

  9. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  10. Milindapriyalal

    නියමයි

  11. Thilina Jayarathna

    thx macan .

  12. Thilina Jayarathna

    BBC Robin Hood menna mekta kauru hari sub denako tv eke giya

  13. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  14. kodagoda

    woo supiyak natuwa hitiye me tike balanan parana ewama balala tnx bro

  15. ChamalKanishka

    තැන්ස් සබ් එකට...ජය වේවා.

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  17. darshana100

    niyamai brother thanks

  18. upps

    Thanks bro

  19. Aupsub

    Niyamai.. Digatama sub eka denna saho.. Thanks!

  20. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  21. dsdkavishka

    Thenks bro, meka denakam idiye

  22. Prabodha Madhusankha Hettiarachchi

    Thawath supirima tv series ekak. Pattama movie ekak...

  23. tharindux265

    niyamai. menna me wage hoda series tikak balala sub karana ekanam supiri. thanks

  24. tharindux265

    niyamai. menna me wage hoda series tikak balala sub karana ekanam supiri. thanks machan

  25. New day

    සුපිරි machan

  26. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    හසන්ත අයියා වැඩකට අතගැහුවා කියන්නේ ඉතිම් අයේ කතා දෙකක් නෑ අනිවා බැලිල්ලක් තමයි බොහොම ස්තුතියි අයියේ සබ් එකට..!

  27. chiro

    ela ela supiri wadak දිගටම සබ් දෙන්න මේ විදිහට.පුලුවන් නම් කවුරු හරි Outlander ටීවී සීරීස් එකට සබ් දෙන්න ඒකෙ පලවෙනි සීසන් එකට නම් සබ් දීල තියෙන්නෙ ඒත් 2නි 3වෙනි සීසන් වලට තාම සබ් නෑ පුලුවන් නම් එවටත් දෙන්න බලන්න.එකත් සුපිරියටම ගිය සීරීස් එකක්.ස්තූතියි සියලුම සබ් වලට

  28. ShehanMM

    supiri bro... Tom Clancy nm aye katha epa supirima tama....

  29. rangika Kariyawasam

    නියමයි හසා. ජයවෙිවා

  30. harshahjk

    බොහෝම ස්තූතියි හසන්ත සහෝදරයා. සබ අරගත්තා. ඉතුරු කොටස් වලත් සබ දෙන්නේ web පිටපත් වලට නේද? එහෙම උනොත් එකවර ඔක්කොම බාගන්න පුලුවන්. ජයවේවා

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..PSA එකේ මේක දාලා තියෙනව දැක්කට ගන්න් ගත්තෙත් නෑ. මොකද මේ ලිපියේ තිබ්බ එකක්වත් දැනන් හිටියේ නෑ නොවැ. ලබද්දී හසා අයියගෙ සබක්..ආයේ ඉතිං මොනවා හොය හොය ඉන්නවද. බෑවා බැලුවා.. ජය වේවා!

  32. Riosagaarox96

    House of card akata sub dnnko

    American horror story ekata ahma

    Ewage ptta ewata sub nani

  33. tharindu gunarathna

    thanks

  34. Bobby

    Thank you very much

  35. Ranga Prasanna

    මේ කරගත්තා වූ පින් මහිමයෙන් මුලු සීරිස් එකම කරන්න සත්තිය ධයිරිය ලැ‍බේවා

  36. suchroxx

    Thanks Bro. Waited for this.

  37. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  38. Kulanjana Maduranga

    sub 1ta thanks saho..keep it up....

  39. ආසිරි ප්‍රියන්ත

    කාලෙකින් ටි වී සීරිස් එකක් බලන්න හදන්නේ?
    බලමුකෝ සෙට් වෙයිද කියලා.
    සබට තැන්ක්ස් බ්‍රෝ/

  40. Ayesh Prashan

    Thank You..Supiri

  41. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේකට අනිවා සබ් දෙයි කියලා බල බල හිටියේ...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  42. wikz

    thanx bro sub ekata

  43. dsdkavishka

    Next eka denakam balan innawa saho

  44. Jana

    නියමයි! සබ් සේරම ආවට පස්සේ බලන්න පටන් ගන්න ඕනේ :D

  45. 4devinda

    බොහොම ස්තූතියි.. .

  46. Suranjan

    Thanks bro......jayawewa......!

  47. kodagoda

    tnx sahoo supiriyak wage

  48. kelum2000

    බොහෝම ස්තුතියි සහෝදරයා, ලස්සන ටීවී සිරියස් එකක් පටන් ගත්තට. ජය වේවා...!

  49. Ishara Janith

    බොහොම ස්තූතියි සහෝදරයා සබ් එක එනකම් මග බලන් හිටියේ ඉතිරි ටිකත් ඉක්මනට දෙනවා නම් බොහොම ස්තූතියි..ජය වේවා

  50. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.