Watch Trailer

Khauf [S01: E01] Sinhala Subtitles | භූත නේවාසිකාගාරය [සිංහල උපසිරසි] 18+

Khauf Sinhala Subtitles ඉන්දියන් සිනමා හෝ ටෙලිවිෂන්/වෙබ් කතා මාලා නිර්මාණවලින් Horror ඝනයට වැඩියම සිද්ධ වුණේ අසාධාරණකම්. අදටත් අපිට ඉන්දියන් Horror නිර්මාණයක් රස විඳින්න මහ ලොකු ඕනෑකමක් නොදැනෙන්නේ ඒ ක්ෂේත්‍රය විසින් හොඳයි කියලා කියන්න පුළුවන් Horror ඝණයේ නිර්මාණ බිහි කරලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණකට ප…

Khauf Sinhala Subtitles

ඉන්දියන් සිනමා හෝ ටෙලිවිෂන්/වෙබ් කතා මාලා නිර්මාණවලින් Horror ඝනයට වැඩියම සිද්ධ වුණේ අසාධාරණකම්. අදටත් අපිට ඉන්දියන් Horror නිර්මාණයක් රස විඳින්න මහ ලොකු ඕනෑකමක් නොදැනෙන්නේ ඒ ක්ෂේත්‍රය විසින් හොඳයි කියලා කියන්න පුළුවන් Horror ඝණයේ නිර්මාණ බිහි කරලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණකට පමණක් නිසාමයි කියලා කියන්න පුළුවන්. Tumbbad (2018), Raaz (2002), 13B : Fear has a New Address (2009) ආදී සීමිත නිර්මාණ කිහිපයක් විතරක් හොඳම ඉන්දියන් Horror ලැයිස්තුවට ඇතුළු වෙන්න වරම් ලබාගෙන තියෙනවා. අනිත් බහුතරයක් නිර්මාණ එකම තලයේ එකම විදිහට දුවන බය හිතෙන්නෙත් නැති තරමේ නිර්මාණ.

ඉතින් Khauf කියන්නේ ඔය උඩ කියපු සම්ප්‍රදායික ඉන්දියන් Horror මාවතෙන් චුට්ටක් විතර පිට පැනපු නිර්මාණයක්. සමහරවිට අර මතක් කරපු හොඳම ඉන්දියන් Horror ලැයිස්තුවට පවා ඇතුළත් කරන්න පුළුවන් විදිහේ එකක්. වැඩි සද්ද බද්දයක් නැතුවම ඔහේ එක පාරම ආපු, පුද්ගලිකව මාව නම් ටිකක් විතර පුදුමයට පත් කරපු හොඳ මට්ටමේ Horror වෙබ් කතා මාලාවක්. IMDb අගය 7.6ක් Rotten Tomatoes අගය 83%ක්.කොටස් 8කින් යුක්තව Prime Videos වෙතින් කළ නිෂ්පාදනයක්. රංගනයෙන් Monika Panwar, Rajat Kapoor, Geetanjali Kulkarni ආදී නළු නිලියෝ රැසක් එකතු වෙනවා. රචනය Sacred Games (2018) | Raat Akeli Hai (2020) ආදී නිර්මාණද රචනය කරපු Smita Singh විසින්.

එහෙනම් බලන්න ගන්න. එක හුස්මට කොටස් 8ම බලලා ඉවරයක් කරන්න පුළුවන් තරමේ කතාමාලාවක්. පොඩ්ඩක්වත් කම්මැලි නම් නැහැ. කතාවේ බොහොම පොඩ්ඩක් පල්ලෙහා ඇති. දෙවැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජයම වේවා.

“ජීවිතේ නිදහසේ ඉගිල්ලෙන්න හිතාගෙන මධූ එනවා දිල්ලි. එයාගේ පෙම්වතා ඉන්නෙත් එහෙ. ජීවිතේ වෙච්ච අඳුරු දේවල් අයින්ම කරලා දාලා අලුතින් ජීවිතේ පටන් ගන්නයි මේ දෙන්නගෙම බලාපොරොත්තුව වුණේ. දිල්ලි ආවට විසඳගන්න මූලික ප්‍රශ්න වගයක් මධූට ඉතුරු වුණා. එකක් තමා නවාතැන් පහසුකම්. ඉන්න තැනක් හොයන අතරෙදි තමා එයාට ප්‍රගති හොස්ටල් එක ගැන දැනගන්න ලැබෙන්නේ. සමහරවිට ඒ මධූගේ අතීතය වගේම අනාගතයත් අඳුරුයි කියලා එයාගේ ඉරණමේ ලියවිලා තිබ්බ නිසා වෙන්නැති”

Khauf Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.

850 downloadsDownload Khauf-S01E01-2025-baiscopelk-sinhala-subtitle.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

 

 

Khauf Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

850 downloadsDownload Subtitles21 KB

5 comments

  1. අචින්ත

    බෝත් බෝත් ශුක්‍රියා..පාදිලිස්..
    (නිවාඩුවෙ වැඩ අල්ලමි❤)

  2. Buddhika laKMal

    ස්තූතියි මචං මේකට සබ් දුන්නට

    1. Anonymous

      meka download krgnne khmda

  3. Sandaru Nimsara

    Thanks❤️

  4. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.