Watch Trailer

The Walking Dead [S02 : E03] | ෂේන්ගේ හොර මාට්ටු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියම 2කොටසත් බලලා ඇති කියලා හිතනවා. එහෙම නේද? ඉතින් දැන් ඔයගොල්ලන්ට ලොකුම ලොකු චකිතයක් ඇති වෙයි මොනවද මේකේ වෙන්නේ කියලා. කාල් මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නේ. ඒ අස්සේ ලෝරියි රික්නුයි හොදටම බය වෙලා. තව ෂේන්නුයි ඕටිස්නුයි කාල්ගේ සැත්කමට ඕන බඩු ගේන්න ගියා ගියාමයි ආවෙත් නෑ. ඒ දෙන්නට මොනව වෙයිද?…

walking dead

ඔන්න කට්ටියම 2කොටසත් බලලා ඇති කියලා හිතනවා. එහෙම නේද? ඉතින් දැන් ඔයගොල්ලන්ට ලොකුම ලොකු චකිතයක් ඇති වෙයි මොනවද මේකේ වෙන්නේ කියලා. කාල් මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නේ. ඒ අස්සේ ලෝරියි රික්නුයි හොදටම බය වෙලා. තව ෂේන්නුයි ඕටිස්නුයි කාල්ගේ සැත්කමට ඕන බඩු ගේන්න ගියා ගියාමයි ආවෙත් නෑ. ඒ දෙන්නට මොනව වෙයිද? කාල්ට මොනවා වෙයිද? ඉතින් ඔය කුතුහලය අස්සේ පටන්ගන්නවා 3වෙනි කොටස. හරි දැන් ඒ ගැන ටිකක් කියමු.

ෂේන්නුයි ඕටිස්නුයි කොච්චර වෙලා ගියත් එන පාටක්නම් නෑ. ඇත්තටම මොනවා වෙලාද? ඉතින් කාල්ගේ ජීවිතෙත් අනතුරේ නිසා හර්ෂල් (ඩොකා) කියනවා රික්ටයි ලෝරිටයි මේ සැත්කම අවශ්‍ය උපකරණ නැතුව කරමු කියලා.

ඇන්ඩ්‍රියානුයි ඩැරිල් ඩික්සන්නුයි ඉතින් සොෆියාව හොයනවා. ඉතින් කැරල්, ඒ කියන්නේ සොෆියාගේ අම්මා බොහෝම කණගාටුවෙන් තමා ඉන්නේ සොෆියා නැති නිසා. කථාවේ තියෙන ඒකාකරී බව නැති කරන්න ඩැරිල් තමන්ගේ පොඩි කාලේ ගැන ඇන්ඩ්‍රියාට කියනවා. සොෆියාව හොයන්න පුලුවන් කියලා මේ දෙන්නා තදින්ම විශ්වාස කරනවා. ඉතින් මේ දෙන්න යන අතරේ පරණ අතහැරලා දාපු කදවුරක් අතරින් යනවා. මේ අස්සේ බෙල්ලේ වැල දාගත්ත ඇවිදිණ මළමිණියක් මේ දෙන්නා දකිනවා. (ෆේස්බුක් නිසා සිදුවූ මරණයක් නොවන බව සලකන්න) මේ ලෙඩේ නිසා ජීවත් වෙන්න බැරි කෙනෙක් බෙල්ලේ වැල දාගෙන පසුව ඇවිදින මළමිණියක් බවට පත්වෙලා කියලා මේ ගොල්ලෝ අවබෝධ කරගන්නවා. ඊට පස්සේ ඩැරිල් මේ ඇවිදින මළමිණියගේ ඔළුවට ඊතලයකින් විදලා ඇන්ඩ්‍රියා එක්ක ඩේල්ගේ ලොරියට යනවා. මේ කථාව බලපු අය දන්නවා ඇති ඩේල් ඇන්ඩ්‍රියා ගැන ගොඩක් අවධානෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ ඩේල් ඇන්ඩ්‍රියාගේ තුවක්කුව ආයිත් ඇන්ඩ්‍රියා අතට දෙනවා.

ග්ලෙන්නුයි ටී-ඩෝග් නුයි හර්ෂල්ගේ ගෙදරට යනවා. ටී-ඩෝග්ගේ අත හොදටම තුවාල වෙච්ච නිසා ඒකටත් ගෙදර අය බෙහෙත් දානවා. ඉතින් ඔය අතරේ ග්ලෙන් තමන්ගේ අනිත් කණ්ඩායමේ යාළුවන් පරිස්සම් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. ඔය අස්සේ කාල්ට සිහිය එනවා. ඉතින් කාල්, ඔහුට වෙඩි වැදෙන්න කලින් දැක්ක මුවා ගැන දොඩවනවා. හැබැයි එකපාරටම කාල්ගේ ලෙඩේ වැඩි වෙනවා. ඔයා අතරේ ලෝරී(කාල්ගේ අම්මා) කියනවා කාල් ජීවත් වෙලා වැඩක් නෑ කියලා. හැබැයි රික් කියනවා ඔහුව ජීවත් කරන්න ඕන කියලා.

ෂේන්නුයි ඕටිස්නුයි දැන් උහතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ මෙතනින් පැනගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දෙන්නා වෙන්වෙන්න තීරණය කරනවා. ෂේන්ගේ කකුල කැඩෙනවා ජනේලකින් පනින්න ගිහින්. හැබැයි ඉතින් ආයිත් මේ දෙන්නා එකතු වෙනවා. ෂේන්ටයි ඕටිස්ටයි බේරෙන්න විදිහක් නැති වුණත් ඔවුන් උණ්ඩ නැතුව කොහොමහරි තමන්ගේ ගමන යන්න හදනවා.

මම කලින් කිව්වා වගේ හර්ෂල් කියපු උපකරණ නැති සැත්කමට ලෝරියි රික්නුයි එකග වෙනවා. මේක අවධානම් සහිත වැඩක් කියලත් මතක තියාගන්න. ඉතින් ඔවුන් මේ සැත්කමට ලෑස්ති වෙද්දී ෂේන් බඩුත් අරගෙනම එනවා. හැබැයි ඕටිස් එන්නේ නෑ. ඕටිස්ට මොකද වුණේ?

ඉතින් 3වෙනි කොටසත් ඉවරයි. දැන් කට්ටිය ලෑස්ති වෙන්න 4වෙනි කොටසට. එහෙනම් මම ගියා. සුභ දවසක්. ජය වේවා!

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,969 downloadsDownload The.Walking.Dead-S02.E03.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

6,969 downloadsDownload Subtitles58 KB

33 comments

  1. shani

    thanks

  2. Sam

    niyamai..sub ikmnata denawaneee..thnks sahoo

  3. sadisa

    next episode 1th ikmnta onee

  4. a

    thank you

  5. Keshan Wasala

    Thanks මචං අනිත් එකත් ඕනේ ඉක්මනටම පට්ටම කතාව :D

  6. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  7. aruna

    thanks malli,

  8. Ranjith

    නියමයි, එළ කිරි වගේ නේ, ඊළඟ එක හෙට නේ ද?

  9. dinidu madushanka

    ela ela macho jaya wewa

  10. sanjaya thisara

    bohoma sthuthiy sahodaraa. lassana TV series ekak... oya hodata wade karala thiyenawa.. suba pathum JAYA WEWA.... (y)

  11. නලින්

    ස්තුතියි බුද්ධිල ස‍හෝ

    ජය වේවා!

  12. neranjana

    සමහර sub වැඩ නැනේ .ඒ නිසා මේ ලින්ක් ඒවටත් හදන්නකෝ .plzzzz

  13. indika

    thanks

  14. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  15. subash

    please kawru hari ape yaluwek THE VAMPIRE DIARIES SEASON 2 SUBTITLES dandako.................

  16. Hansa

    Thanks Bro

  17. Sanjaya

    Thanks Saho....

  18. Darshana

    Fattai aaa
    Thanks...

  19. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  20. Tharaka Dilshan

    Thankz bro

  21. ajantha

    ane anik tikath ikmanata one mcooooooooooooo.....tkz very very tkz

  22. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sadisa

    ikmanata ithuru tika danna yalu

  24. neranjana

    ane,saho, ai late? ithuru tikath daannako ikmnta.

  25. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  26. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  27. SHASITH SANDARUWAN

    niyamai mcn... digatama demu.

  28. Udara Damith B\K

    ........................................
    .
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි............
    .
    .

  29. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  30. shady

    sub ekata thanks

  31. wajira

    thanks for sub

  32. Pramukmili

    Thanxxxxx bro.............

  33. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.