කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස්…


කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස් දෙකේදී ඔයාල දැක්කා එයාව ඩික් ග්‍රේසන් ටයිටන් ටවර් එකට එක්කගෙන එනවා. ඒ වගේම ඩික් සමඟ සටන් පුහුණු වීමකුත් කරනවා. ස්ලේඩ් විල්සන් වගේ හතුරෙකුගේ දුවෙක් කොහොමද ටයිටන්ලා එක්ක එකතු වෙන්නේ කියන එකට හේතුව කලින් කොටසේදී රෝස් රේචල්ට කියනවා ඔයාල දකින්න ඇති.ඊට හේතුව වෙන්නේ ඩෙත්ස්ට්‍රෝක් විසින් ඔහුගේම පුතා සහ රෝස්ගේ සහෝදරයා වන ජෙරිකෝව මරා දැමීම. මීට හේතුව සහ ඩෙත්ස්ට්‍රෝක් ඇයි තමන්ගේ දරුවන් පස්සෙන් එලවන්නේ කියන එකට කිසිම හේතුවක් දැනට ලැබිලා නැහැ. ඊළඟ කොටස වෙන් වෙලා තියෙන්නේ ඩෙත්ස්ට්‍රෝක් වෙනුවෙන් නිසා මේ පැටලුම අපිට ලිහා ගන්න පුළුවන් වේවි.

රෝස් විල්සන් AKA Ravager

මේ චරිතය අපය මුලින්ම හඳුනාගන්න ලැබුනේ 1992 ඔක්තෝබර් මස පළවූ Deathstroke#15 කියන කොමික් කලාපය හරහා වන අතර ඒ චරිතය නිර්මාණය කරනු ලැබුවේ Marv Wolfman විසින්.මේ චරිතය මුලින් හඳුන්වා දෙන්නේ මෙහෙමයි ස්ලෙඩ් විල්සන්ට එක්තරා මෙහෙයුමක් ලැබෙනවා කාන්තාවක් මුදවා ගන්න. ඇය නමින් ලිලියන් වොර්ත් වන අතර ඇය චීන සම්භවයක් ඇති Hmong කාන්තාවක්. මේ මෙහෙයුම යුධ වාතාවරණයක් සහිත කාම්බෝජය තුල සිද්ධ වෙන එකක් අතර මේ කාන්තාව සමඟ ස්ලෙඩ් විල්සන් පෙමින් බැඳෙන අතර එහි ප්‍රතිපලයක් විදිහට තමයි රෝස් විල්සන් ලිලියන්ට සහ ස්ලෙඩ් බිහිවන්නේ. හැබැයි මේ දරුවාගේ යහපත වෙනුවෙන් ලිලියන් මේ බව ස්ලෙඩ් විල්සන්ගෙන් රහසක් ලෙසින් තබා ගන්නවා.පසුකාලීනව ඩෙත්ස්ට්‍රෝක්ගේ උදවුකරුවා වන “විලියම් රැඩොල්ෆ් වින්ටර්ෆීල්ඩ්” විසින් දැනගනු ලබනවා රෝස් කියන්නේ ඩෙත්ස්ට්‍රෝක්ගේ දියණිය බව.

කොමික් පොත පතට අනූව ස්ලෙඩ් රෝස්ව ප්‍රතික්ෂේප කරනවා ඇයගේ ආරක්‍ෂාවවෙනුවෙන්. ඒ වගේම පසුකාලීනව ඩික් ග්‍රේසන් නයිට්වින්ග් බවට පත් උනාට පස්සේ රෝස්ට සටන් පුහුණුව ලබා ලබා දෙන්න ඩෙත්ස්ට්‍රෝක් රෝස්ව ටයිටන්ලට බාර කරනවා. එහිදී නයිට්වින්ග් සමඟ පෙමින් බැඳෙන බවත් පසුව රෝස්ගේ අහිමි වූ ඇස වෙනුවට ක්‍රිප්ටනයිට් වලින් ඇසක් ඩෙත්ස්ට්‍රෝක් විසින් ලබා දෙනවා. එය සුපර්මෑන් සමඟ එදිරිවාදී කමක් ඇති කරන්නත් හේතුවක් වෙන බව කොමික් වල සඳහන් වෙනවා. කොමික් එහෙම උනාට මේ කතාව තුල මේ දේවල් බොහෝදුරට වෙනස් වෙලා ඇති. එහෙනම් අපි ඊලඟ චරිතයට කවුද බලමු.

රෝස් විල්සන් සහ ඩෙත්ස්ට්‍රෝක්

ජෝසප් විලියම් විල්සන් Aka ජෙරිකෝ 

විල්සන් පෙළපත් නම තියෙන නිසා මෙයත් ස්ලෙඩ් විල්සන්ගේ පුතෙක් නමුත් අපි කලින් කියපු රෝස් කියන්නේ ජෙරිකෝගේ එකකුස උපන් සහෝදරියක් නෙමෙයි. කලින් කිව්වනේ රෝස්ගේ අම්මා චීන සම්භවයක් තියන කෙනෙක් කියල. එත් ස්ලෙඩ්ට ලිලියන් මුණ ගැහෙනකොට ස්ලෙඩ් විවාහ වෙලා දික්කසාද වෙලා හිටියේ. ඒ විවාහයේ දරුවෙක් තමයි ජෝසප් විලියම් විල්සන් කියන්නේ. ඔහුගේ මව ඇඩලින් කේන් විල්සන්. ජෙරිකෝ කුඩා කාලයේ ඉඳන් සංගීතයට ආස කෙනෙක් වගේම හොඳ ගායන හැකියාවක් තියෙන කෙනෙක්.  ජෙරිකෝ කුඩා කාලයේදී ඔහුව එක්තරා ත්‍රස්තවාදියෙක් පැහැරගෙන යනවා. ඒ යම් තොරතුරු වගයක් ඩෙත්ස්ට්‍රෝක් හරහා ලබා ගැනීමට. එත්  ඩෙත්ස්ට්‍රෝක් ඒ කොන්දේසි වල අකමැති වෙනවා. ඔහු තනිවම තම පුතාව බේරාගන්නවා. එත් ඒ අවස්ථාවේදී මේ ත්‍රස්තවාදියා විසින් ජෙරිකෝගේ ගෙල කපාදමනවා. ඒ නිසා ජෙරිකෝට කතා කරන්න බැරිවෙනවා සදාකාලිකවම. මේ හේතුව නිසා තමයි ජෙරිකෝගේ මාව ඩෙත්ස්ට්‍රෝක්ගෙන් දික්කසාද වෙන්නේ. එත් ඊට කලින් ඩෙත්ස්ට්‍රෝක් මරන්න පවා ඔහුගේ මව උත්සහ කරනවා ඒ අවස්ථාවේදී තමයි ඩෙත්ස්ට්‍රෝක්ට තමන්ගේ එක ඇසක් අහිමි වෙන්නේ. එත් එක්ක තමයි ජෙරිකෝ සහ ඔහුගේ සහෝදරයා වන ග්‍රාන්ට් සමඟ ස්ලේඩ්ගෙන් මේ අය වෙන් වෙලා යන්නේ.

හැමෝම දන්නවා ස්ලෙඩ් කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණ වලට යොදාගත් සෙබළු බොහෝ දෙනෙකුගෙන්  ජිවතුන් අතර ඉන්න එකම කෙනා කියල. ඉතින් ඒ පරීක්ෂණ හරහා ස්ලෙඩ් විල්සන්ට විවිධාකාර හැකියාවන් ලැබිල තියෙනවා. ඉතින් ඒ හැකියාවන් ඔහුගේ දරුවන්ටත් ජාන හරහා ලැබිලා තියෙනවා. ඒ වගේම ජෙරිකෝ කියන්නෙත් ටයිටන් සාමාජිකයෙක් කියල කියන්න ඕන. ඒ වගේම ජෙරිකොට අනික් ඇයගේ හිත කියවන්න පුළුවන් හැකියාව තියන නිසා ඔහු සහ රේචල් දෙදෙනාගේ සම්බන්ධයක් තිබිල තියෙනවා කොමික් වලට අනූව. ඒ වගේම පසුකාලීනව ජෙරිකෝ රේචල්ගේ පියා නිසා නරක කෙනෙක් බවට හැරෙනවා. ඒ ඔහු නිසා නිර්මාණය උන ආසරත් ආත්ම ඔහුගේ සිරුරේ පාලනය ලබා ගැනීම නිසා. පසුව ඔහුගේ ආත්මය නිද්‍රාශීලිව පවතින අතර ඔහුගේ ආත්මය සමඟින් මේ ආත්ම විවිධාකාර සිරුරු සොයා යන්න පෙළඹෙනවා. මේ හරහා ඔහුට නැවත කතා කරන්න පුළුවන් වෙන අතර පසුකාලීනව ඔහුගේ හොඳම මිතුරියක් වන ඩොනා ට්‍රෝයි මියගිය පසු ඔහුගේ ආත්මය නැවත බලවත් වී ඒ වෙනුවෙන් පලිගැනීමට නැවත පැමිණෙනවා. මේ තමයි කොමික් පොත පතේ කරුණු එත් මේ කතාව තුල ජෙරිකෝ කොයි වගේ කෙනෙක්ද කියන එක ඉදිරියේදී බලාගමු. 

                                      ජෝසප් විලියම් විල්සන් හෙවත් ජෙරිකෝ

කලින් කොටසේදී ඔයාල දකින්න ඇතිනේ ඩොක්ටර් ලයිට් සහ ඩෙත්ස්ට්‍රෝක් දෙන්නා එකතු වෙලා ගහපු සැලැස්මට කෙනෙක් අහු උනා. ඒ වෙන කවුරුත් නෙමේ නාහෙට අහන්නේ නැති එකම චරිතේ තමයි ජේසන් ටොඩ්. එයා තනියම වැඩ පෙන්නන්න ගිහින් ඩෙත්ස්ට්‍රෝක් සහ ඩොක්ටර් ලයිට්ගේ උගුලට අහු උනා. ඒ වගේම ඔයාල දකින්න ඇති ඩොනා, හෑන්ක් ඩෝව් දෙන්නා ටයිටන් ටවර් එකට ඇතුල් වෙනකොට දැකපු මතකයන්. කලින් ටයිටන්ලා ටිකක් දරුණු කණ්ඩායමක් වෙලා ඉඳල තියෙනවා. ඒ ගැන දැනගන්න ලැබුනේ මුලින් ඩොක්ටර් ලයිට්ව අල්ලගන්න ගිහින් එයාව අල්ල ගන්නේ නැතුව හිටියා කියල හෑන්ක් ඩික්ට කියපු දෙයින්. එයා කිව්වා මම කලින් දන්න ඩික් නෙමේ මේ ඉන්නේ කියල. ඒ වගේම ඇක්වාලෑඩ් අද කොටසේ මාතෘකාව. ඩොනා සහ ඇක්වාලෑඩ් දෙන්නගෙත් යම් කිසි හුටපටයක් කලින් තිබිලා තියෙනවා. ඩොනාට ඒ මතකයක් සිහි වෙනවත් කලින් කොටසේදී අපි දැක්කා. එහෙනම් අද කොටස ඔයාලට භාර කරන්නම්. ඊළඟ කොටස හරහා ලහිරු ප්‍රසාද් සහෝ මුණ ගැසේවි. එහෙනම් හැමෝටම ජය!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,372 downloadsDownload Titans.2018.S02E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,372 downloadsDownload Subtitles23 KB

28 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    පුළුවන් නම් අතරමඟ සබ් දෙන එක නවත්තපු ටීවී සීරීස්වලට සබ් දෙන්න කියල බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලෙන් ඉල්ලනවා :) :)
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Mohomed_Ismath

    ස්තූතියි..!

  4. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතිය

  5. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ
    fear of the walking dead season 3,4,5 සබ් දෙනවනම් නියමයි
    ජය වේවා!

  7. madhawa_max

    Thank you brother

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  9. igp max

    Sub ekata thanks brother

  10. LakmalST

    උපසිරසියට ගොඩක් ස්තූතී සහෝ......මේ ගැන විස්තරයක් එකතු කිරීම නිසා නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

  11. sacheee35

    උපසිරැසි වලටයි,විස්තරයටයි ගොඩක් ස්තූතියි

  12. sasala

    බොහොම ස්තූතියි

  13. Madhusanka25

    Jaya wewa digatama sub dendo

  14. Udara Damith Dissanayaka

    ela

  15. Ayesh Prashan

    Thank You

  16. Chanu mikhail

    Thanks

  17. Stranger

    thanks for sub

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  19. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  20. madawaththa

    බොහොම ස්තූතියි සහෝ..

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  23. Gayan_madushanka_

    Thanks bro

  24. Shehan putha

    Thanks hasaaa...

  25. rockz2020

    බොහොම ස්තූතියි සහෝ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  26. Sajithlakshan

    thanks .....................

  27. MAALnath

    Thanks Thanks ....................

  28. melinda

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.